ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මක් දූපතේ කදවුරුවල තදබදය නිසා සරණාගතයන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වෙතියි මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
ඉන්දුනීසියාවේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවවක් සුන්ඩා සමූද්‍ර සංධියේදී ගිලී ඇති බවත්, එහි කොපමණ ප්‍රමාණයක් ගමන්ගත්තේදැයි අනාවරණය වී නැති බවත්, මළ සිරුරු පහක් හමුවී ඇති බවත් ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය නව වැනිදා ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුල වරායකට ඇතුළු වූ ශ්‍රී ලාංකික සරණාගතයන් 66ක් මේ වන විට ක්‍රිස්මස් සහ කොකෝස් දූපත්වලට පිටත් කැර ඇත.
ශ්‍රී ලංකා තානාපති තිසර සමරසිංහ මහතා කියනුයේ මේ හැට හය දෙනා ආර්ථික සරණාගතයන් බවයි. ශ්‍රී ලංකා රජය සියලු ජාතීන්ට සමව සලකන බව ද, ජීවිතාරක්ෂාව ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
තානාපතිවරයාගේ එම ප්‍රකාශය දෙමළ ජනතාවට කිසිසේත් සමාන නොවන බව ලාංකික දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම,ගම වෙනස් කර ගත්තු සිංහලයොත් ඔතන ඉන්නවද කියලයි මට සැක. (නි)
අන්න මුස්ලිම් අයත් අපට විරුද්දව ලන්ඩන් වල විරෝදතා පටන් අරන්. හෙට අනිද්දා මෙහෙ ඉන්න මුස්ලිම් අයත් බෝට්ටුවලින් යයි. අන්න එතකොට කියන්න ද්‍රෝහියෝ කියල. හැමතැනම හිත රිදෙන රැස්වීම්,ගල් ගැහිලි, එස් එම් එස් පැතිරෙද්දී මොකුත් නොකර බලන් ඉඳල දැන් කියනවා හැමෝටම එක හා සලකනවලු.(නදී)
මුස්ලිම් යට විරුද්දව එක එක සේනා කරන හිත රිදෙන ප්‍රකශ රැස්වීම් විවිද භාසාවලට පරිවර්තනේ කරලා ඒ ඒ ආණ්ඩුවලට යවන්නත්, සිංහලයන්ට රැකියා නොදෙන ලෙසත්, රජය මේ කිසි දෙයක් නොදැක්ක සේ සිටින බවත්, කහ ත්‍රස්තවදෙයක් ඇති බවත් මුස්ලිම් වෙබ් අඩවි කියනවා.(නදී)
බොරුවට ආසියාවේ අස්චර්යක් ගැන කතා කරන අයට මේවා පෙන්නේ නැද්ද? ලෝකටම පෙන්නනවා ලංකාවේ ආස්චර්ය....ඔහොම යමු එතින්.. (නදී)
කහ ත්‍රස්තවාදය නැතිකරන්න රජය වහාම ක්‍රියා කලයුතුයි.(නදී)
රූපා, ආපෝ ඉන්නවා ඉන්නවා. කොච්චර ඉන්නවාද? ඔයා නොදන්නවාට එය ලෝකෙම දන්නවා. (නි)
කවුරුහරි කියනවා නම් ලංකාවේ මුස්ලිම් අයට සලකනවා මදි කියආ ගණන් කරලා බලාන්න තියෙන පල්ලි ගණන. හැමෝම එකතුවෙලා දෙගොල්ලටම තියෙන ප්‍රශ්න බේරගන්න එක හොදයි. (නි)
සම්පුර්ණ ඇත්ත රුපා. ඔය හැර අනිත් අය සිංහලයෝ වෙන්න බැහැ.(නදී)
සෞදියේ රෝෂාන්ටයි මේ. කහ සිවුරු සිංහල කටිටිය ගැන කතාකලොත් ත්‍රස්තවාදය. මතක තියාගන්න කහ සිවුර ත්‍රස්තවාදී වෙන්නේ සිංහල රටේ සිංහල කම රැක ගන්න. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. කහ සිවුර නැත්නම් අද සිංහල රටක් නැහැ. ඔබට ඉස්සෙල්ලා මම සෞදියේ හිටියේ. (නදී)
නිහාල් රට රකින්න කහ සිවුරු ඕන නැහැ. මොකෝ මහන වෙද්දී කිවේ මහන වෙන්නේ සංසාරෙන් එතෙර වෙන්න කියලා. එක විස්වාස කරලයි කවුරුත් වදින්නේ පුදන්නේ. රට රකින්න ආරක්ෂක අංශ ඉන්නවනේ. හාමුදුරුවරු කරන්න ඕන බවුන් වඩවන එක. බුදු හාමුදුරුවෝ දේශනා කලේ නැහැනේ රට රකින්න.(නදී)
ගයස් පන්සල් පල්ලි ඕන ඕන විදියට අටවන්න දිය යුතු නැහැ ලෝකේ කොහේ වත් එහෙම දෙන්නේ නෑ. පල්ලි හදන්න දුන්නයි කියල සමානාත්වේ තහවුරු වෙන්නෙත් නෑ. සිංහල දෙමල මුස්ලිම් කියන තුන උප්පන්නෙන්, හැදුනුම් පතින් ඉවත් කර ලාංකික කියා ඇතුලත් කිරීම.(නදී)
ඕස්ට්‍රෙලියාවටත් මානව හිමිකම් බාල්දිය පෙරලේවිද දන්නේ නැහැ.(නදී)
රටේ නිතිය කාටත් එක සමානයි. අද දෙමල අයට වැඩි සැලකිල්ලක් රටේ තියන බව පිළිගත යුතුයි. කාර්යාලයකට ගියාම දෙමල අයගේ වැඩේ කර නොදුන්නොතින් එම නිලදාරියා ගස්. දැන් සිංහල අයට තමයි වැඩක් කර ගන්න බැරි.(නදී)
මිනිසුනේ, ඔලුවෙන් හිතාපල්ලා. පස්ස දොරෙන් කතා නොකර මුනේ තියෙන කටින් කතා කරපල්ලා. ආගම් තියෙන්නේ ඇන කොටා ගන්න නොවෙයි සමාජයේ ආරක්ෂාවට. පැවැත්මට. පූජකතුමන්ලා ඉන්නේ ඒ වෙනුවෙන්. (නි)
රුපා, මම දෙන්නම් උත්තර නියම වෙලාවට. අර ජීවන් කියන එක හරි. සිංහලයන්ට අනිකුත් රටවල රැකියා නොදිය යුතුයි කියලා පෙත්සම් ගහපු අයගෙන් මමත් එක්කෙනෙක්. (නි)