ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී අද (26) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී 150 ක් රැස්කර සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 156 කට සීමාකිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156 (තිලකරත්න ඩිල්ෂාන් 11, කුමාර් සංගක්කාර 58, තිලාන් සමරවීර 10, ඇන්ජලෝ මැතිව්ස් 15, ප‍්‍රසන්න ජයවර්ධන 24, රංගන හේරත් 14, මිචෙල් ජොන්සන් 63/4, ජැක්සක් බර්ඞ් 32/2, පීටර් සිඞ්ල් 30/2, නේතන් ලියොන් 23/2)
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 39 කදී කඩුලූ 3 ට 150 (එඞ් කවන් 36, ඬේවිඞ් වෝනර් 62, පිලිප් හියුස් 10, ෂේන් වොට්සන් නොදැවී 13, මයිකල් ක්ලාක් නොදැවී 20)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් දක්ෂයා කවදත් දක්ෂයි. අපේ කණ්ඩායමට තවමත් ඕස්ට්‍රේලියාව එක්ක හැප්පෙන්න බැහැ. (නි)
අපේ අයට අමතක වෙලා මේ සෙල්ලම් කරන්නේ ටෙස්‍ට් තරඟයක් කියලා (ස)
එක් දින තරඟයක්ද ? මම දන්නේ නැති නිසා අහන්නේ (ස)
ක්රිකට් යනු සෑම වෙලාවකදීම දිනුමෙන් පමණක් අවසන් වන ක්‍රීඩාවක් නොවේ. අපි ප්‍රේක්ෂකයන් වශයෙන් එය තේරුම්ගත යුතුයි. (නි)
අරගොල්ලන්ට පාඩමක් උගන්වන්න කරපු කොල්ලන්ගේ සැළසුමක්වද්ද? (නි)
අනේ අපේ පාඨකයින්ට වෙලා තියෙන දෙයක්? කුරුවිට මහත්තයා ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැහැ වගෙයි. (නි)
අයි.පී.එල් ලගයිනෙ එකයි ඉක්මනට ඉවර කර ගෙන එන්න හදන්නේ (දී)
අයියෝ රොෂාන්..! ඔයාගෙ සාමාන්‍ය දැනිමක්වත් ගන අපට දුකයි. කුරුවිට මහත්මයා කියල තියනදේ ඔයාට තේරෙන්නෙ නෑති හැටි. එහෙම අහල තියෙන්නෙ කුරුවිට ක්‍රිකට් දන්නෙ නැති නිසා නොවෙ. අපේ අය ගහන්නෙ ටෙස්ට් මැච් එකක් ලෙස නොවෙ, එක්දින තරගයක් කියල හිතා ගෙන එකයි තේරුම (දී)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියා වල. මෙහෙම පරදින්න හේතුව මම නම් දන්නවා. (නි)
පිට ඉන්නෙන් ඉවතට දෝලනය වන පන්දුවලට අනවශ්‍ය ආකාරයට පිත්ත යොමු කිරීම නිසා තමා මේ විදිහට දැවී යන්නෙ. ඒ වරද හදාගත්තොත් තව ලකුණු 200 ක් ලේසියෙන් ගන්න පුලුවන්. (නි)
රසික, ස්තූතියි තේරුම් කරලා දුන්නට. තේරුණේ දැන් තමයි. (නි)