IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඕස්ටේ‍්‍රලියාව ලෝක විනාශයට බයලූ.

2012 දෙසැම්බර් මාසයේදී විවිධවූත් ස්වභාවික විපත්වලට මිහිතලය ගොදුරුවනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියානුවෝ තදින්ම විශ්වාසය පළකරති. මෙම හේතුමත ඔවුහු මෙවර නත්තලද සැමරීමට තීරණය කර ඇත්තේ නිර්මාංශවයි. අපි‍්‍රකා මහද්වීපය ලිබියා කාන්තාරය හරහා උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිර දෙසටත්, පැලීයන බවත්, එමෙන්ම  ඕස්ටේ‍්‍රලියා මහද්වීපය දෙකඩ වී යන බවත් දැනට විවිධවූත් ස්වභාවික විපත්වලට ගොදුරුවන ක්වින්සිලන්ත ප‍්‍රාන්තයේ ත‍්‍රිකෝණාකාර බිමක් ඉතිරිවෙන බවත් (2012 ඉකුවේෂන් සොල්විඞ් අන්තර්ජාල වෙබ් අඩවිය) පසුගිය කාලය තුළ සිදුවූ දෑ සහ විද්‍යාත්මක කරුණුද ගෙනහැර දක්වමින් කියා සිටියි. ක‍්‍රිස්තියානින් පවසන්නේ බයිබලයේ කිසිදු තැනක නියත වශයෙන්ම ලෝක විනාශය සිදුවන දිනයක් හෝ වේලාවක් සඳහන්ව නොමැති බවයි. කෙසේ වෙතත් ක‍්‍රිස්තියානින්ගේ අරමුණ වන්නේ එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන්  ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවයි. මෙම මතයේම මුස්ලිම්, හින්දු සහ බෞද්ධයෝද සිටිති. ඕස්ටේ‍්‍රලියානුවන් 20%ක් කිසිදු ආගමකට නොමැතිව සිටිති. ස්වභාවික විපත් ගැන බියජනක මානසිකත්වයක් ඇතිකර මිනිසුන් අතර විවිධ බලපෑම් ඇති කිරීමට ආගම් නාමයෙන් ඇතැමුන් සැරැසෙතියි තව පිරිසක් කියති. පොළොව රත්වීමේ වේගය වැඩිවීමත් සමග බලවත් රටවල් වල පවතින සිය රසායනික අවි පිපිරීමෙන් විනාශයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිබව තවත් සමහරුන්ගේ මතය වේ. ඇමරිකාවේ විවිධ ආර්ථික හා සමාජ ප‍්‍රශ්නවලින් හෙම්බත්ව සිටින එහි ජනතාවගේ ජනතා නැගිටීම් වළක්වා ගැනීමට ක‍්‍රිස්තියානි ආගමෙන් කැඞී ගිය පිරිසක් ඇමරිකන් රජයේ මුදලින් මෙවැනි ප‍්‍රචාරයන් ගෙන යන බව තවත් සමහරු පවසති. කෙසේ වුවද, චීන, කාම්බෝජ සහ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් පවසා සිටින්නේ ගෞතම බුද්ධශාසනය වසර 5000ක් පවතින බවත්, ඉන් තව වසර 2420ක් ඉතිරිව ඇති බවත්, එම කාලයේ ලෝක විනාශයක් නොවනු ඇති බවත්ය.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ලෝක විනාශයට බයලූ.

මාලක Tuesday, 27 November 2012 02:14 PM

මොන ලෝක විනාසද අනේ (දී)

:       0       0

ජෝසප් Tuesday, 27 November 2012 02:23 PM

ඔච්චර වීරයෝ ඉන්න රටේ (දී)

:       0       0

රවිඳු Tuesday, 27 November 2012 02:19 PM

ලෝක විනාසය වෙන්නම ඕනි (ස)

:       0       0

ශානි Tuesday, 27 November 2012 02:28 PM

බොරු කතාවක්,එහේ මිනිස්සු ඔය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ (ස)

:       0       0

ඩබ්ලිව්.ලාල් Tuesday, 27 November 2012 02:42 PM

ලෝකයත් ලෝකයාත් යාකරන සාධාරණ මාවත් අබිබවා නොයමු. එවිට ලෝකය රැකෙනූ ඇත. (නි)

:       0       0

නදී Tuesday, 27 November 2012 03:01 AM

2500දී ලෝක විනාශය සිද්ධවෙයි. එතකල් සුලු සුලු විනාශ සිද්ධවෙනවා. (නි)

:       0       0

රංගන Tuesday, 27 November 2012 04:22 AM

ඕස්ටේ‍්‍රලියාවේ ඕස්ටේ‍්‍රලියානුවෝ නත්තල සමරන්නේ නිර්මාංශවයි කියා මම නම් පිළිගන්නේ නැත. (නි)

:       0       0

මංජු Tuesday, 27 November 2012 03:04 PM

ඔව් මමත් හිතනවා බෞද්ධයෝ නම් කවදාවත් යාඥා කරන්නේ නැහැ. ඒත් මොකද ලංකාවේ වෙන අපරාධ ගැනවත් නිකමටවත් කතා කරන්නේ නැහැනේ. (නි)

:       0       0

දිසා Tuesday, 27 November 2012 04:46 AM

මෙන්න සත්‍යය. අපි එකමුතු වෙමු. (නි)

:       0       0

ඩබ්‍ලිව්.ලාල් Tuesday, 27 November 2012 04:46 AM

ලෝක විනාශය කවදා,කෙසේ සිදුවේද කියා ලත නොවී අසල්වැසියා සමග සාමයෙන් සහයෝගයෙන් ජීවත් වීම කාලෝචිත වේ. (නි)

:       0       0

තිස්ස Tuesday, 27 November 2012 05:13 AM

මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තමයි. (නි)

:       0       0

අසේල Tuesday, 27 November 2012 05:20 AM

මොන ලෝක විනාසද අනේ (දී)

:       0       0

අබේරත්න නවසීලන්තය Tuesday, 27 November 2012 06:24 AM

එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවට අශෝක කර ඇති ප්‍රකාශය කරුණාකර ඉල්ලා අස්කර ගන්න. ක්‍රිස්තියානි මුස්ලිම් කවුරු පිළිගත්තත් සිංහල බෞද්ධයන් දෙවියන් ඉදිරියේ කන්නලව් කර ලෝක විනාශයන් වළක්වාගන්න කටයුතු කරන ජාතියක් නොවෙයි. හිතට එන දේවල් වචන වලට පෙරළන විට මීට වඩා විචාරශීලි වන්න. (නි)

:       0       0

ලලිත් Monday, 26 November 2012 06:53 PM

ඔන්න වීරයින්ගේ වැඩ

:       0       0

තරින්ද Tuesday, 27 November 2012 06:42 AM

මොනවාද මේ විකාර

:       0       0

උපුල් Tuesday, 27 November 2012 07:16 AM

අබේරත්න මෝඩයිද (ස)

:       0       0

අමල් Tuesday, 27 November 2012 07:27 AM

මටනම් හිනා යනවා මේ කියන කතා අහලා (දී)

:       0       0

තාරක Monday, 26 November 2012 07:05 PM

ලෝකය විනාශ වෙන්න තව ගොඩ කාලයක් යනවා, බය වෙන්න එපා (දී)

:       0       0

පුෂ්ප Tuesday, 27 November 2012 08:00 AM

ඔස්ට්‍රලියාව කියන්නේ තාක්ෂනය අතින් හොද රටක් නේද (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 27 November 2012 08:04 AM

ඕස්ටේ‍්‍රලියාවේ මෙහෙම කතාවක් ගැන මම නම් කවදාවත් පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

ක්‍රිෂ් Tuesday, 27 November 2012 08:04 AM

ලෝක විනාසය කියන්නේ මොකද්ද (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 27 November 2012 08:05 AM

මම නම් හිතන්න ලෝක විනාසය දැම්ම වෙන්න් නැහැ (දී)

:       0       0

ලංකා Tuesday, 27 November 2012 04:25 PM

අයියෝ ඕක වෙන්නේ නැහැ (දී)

:       0       0

මිහිරංග Monday, 26 November 2012 07:19 PM

මේක විශ්වාස කරන්නත් බැරි පුවතක් (දී)

:       0       0

උපුල් Tuesday, 27 November 2012 08:26 AM

බුදු දහමට අනුව ලෝක විනාශය දැම්ම වෙන්නේ නැහැ (දී)

:       0       0

කුමාර Monday, 26 November 2012 07:21 PM

වරදක් නෑනේ ආගමානුකූලව ඉන්නවානම් (ස)

:       0       0

තුසිත Tuesday, 27 November 2012 08:37 AM

දැන් හදිස්සියේ ලෝක විනාශය නොවුණොත් මිනිස්සු කියයි එයාලා දෙවියන්ට යාඥා කළ නිසයි ඒක එහෙම නොවුණේ කියලා. (නි)

:       0       0

ජෝස් Monday, 26 November 2012 07:34 PM

මගේ ණය වගයක් තියෙනවා. දෙසැම්බර් පහු වෙනකල් බලලම ගෙවලා දානවා. (නි)

:       0       0

නිලංග Tuesday, 27 November 2012 08:57 AM

මම ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. මම මෙහෙම කතාවක් ඇහුවමයි. සෑම්,සහන් ,අබේරත්නගේ සටහන් මමද අනුමත කරමි. (ස)

:       0       0

අමන්දා Monday, 26 November 2012 07:38 PM

මම ඉන්නෙ කුවීන්ස්ලන්ත ප්‍රන්තයේ, බ්‍රිස්බන් සිටි එකේමයි. මෙහෙ මිනිස්සු එහෙම කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

සමීර Tuesday, 27 November 2012 08:58 AM

ලෝකය විනාශ වෙන්න තව ගොඩාක් කල් යනවා

:       0       0

සෑම් Monday, 26 November 2012 07:40 PM

පවු කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? කොහොම හරි නිර්මාංශ වීම නම් බොහොම හොදයි. (නි)

:       0       0

රුවන් Tuesday, 27 November 2012 09:16 AM

ක‍්‍රිස්තියානින්ගේ අරමුණ වන්නේ එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවයි. මෙම මතයේම මුස්ලිම්, හින්දු සිටිති......" බෞද්ධයෝ එසේ නැත. (නි)

:       0       0

ගයාන් Monday, 26 November 2012 07:49 PM

මේ දිනවල ලෝකයේ සිදුවෙමින් යන පැහැදිලි වෙනස ලෝක විනාශය නොවේවා කියා පතමු. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 26 November 2012 08:10 PM

2000 හේදීත් මේ කතාවම කිවුවා නේද? (නි)

:       0       0

දයාරත්න Tuesday, 27 November 2012 09:49 AM

බය වෙන්නේ මොකටද මැරෙන්න තියෙනවානම් මැරෙනවා (දී)

:       0       0

සෑම් Monday, 26 November 2012 08:43 PM

"ක‍්‍රිස්තියානින්ගේ අරමුණ වන්නේ එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවයි. මෙම මතයේම මුස්ලිම්, හින්දු සහ බෞද්ධයෝද සිටිති......" බෞද්ධ දර්ශනයට අනුව ඔහොම මතයක් බෞද්ධ අපට නැත. බෞද්ධ දර්ශනය විකෘති නොකර දන්නා දෙයක් ගැන පමණක් කතාකළොත් හොඳයි. (නි)

:       0       0

හේමන්ත Monday, 26 November 2012 08:46 PM

බයට නිර්මාංශ වුණා කියලා ඒවා වළක්වන්න බැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 26 November 2012 09:02 PM

නිර්මාංශ වුණත් සුරාපානයනම් අතහරින එකක් නෑ (ස)

:       0       0

හේරත් Tuesday, 27 November 2012 11:24 AM

බය වෙන්න දෙයක් නැහැ

:       0       0

පාලින්ද Monday, 26 November 2012 09:14 PM

අයියෝ මනුෂ්‍ය ජීවිතයක හැටි (දී)

:       0       0

ලංකා Monday, 26 November 2012 09:14 PM

මිනිස්සු මැරෙන්න මොන තරම් බයද (දී)

:       0       0

ප්‍රසන්න Monday, 26 November 2012 09:18 PM

අපි හිතුවේ ඕස්‍‍ට්‍රේලියාව බය මුරලිගේ දග පන්දු වලට විතරයි කියලා. (නි)

:       0       0

සහන් Monday, 26 November 2012 09:43 PM

මොන බෞද්ධයාද හිතන්නේ එකට එක් වී සර්වබලධාරී දෙවියෙකු යැදීමෙන් ලෝක විනාශය නවත්වාගත හැකියි කියලා? (නි)

:       0       0

සෝමේ Monday, 26 November 2012 09:47 PM

මමත් මේ ගැන ඉන්ටෙර්නෙට් එකේ තොරතුරු සෙවුවා. මේ ලින්ක් එකේ හැටියට ලෝක විනාශය පිළිගන්න බැහැ. http://www.youtube.com/watch?v=QL3hBX27-7o (නි)

:       0       0

සිදත් Wednesday, 28 November 2012 03:13 PM

බිය නොවන්න අපි කවුරුත් මැරෙනවා (දී)

:       0       0

සමන්ත Monday, 26 November 2012 10:15 PM

ඔන්න වැඩකාරයෝ බය වෙලා (දී)

:       0       0

ජීවන්ත Tuesday, 27 November 2012 12:32 PM

මේ තරම්තාක්ෂණයක් තියෙන මිනිස්සු මොකද බය වෙලා (දී)

:       0       0

ඉරේෂ් Monday, 26 November 2012 11:25 PM

මාර බයක්නේ තියෙන්නේ මැරෙන්න (ස)

:       0       0

මාලක Tuesday, 27 November 2012 12:52 PM

බුදු බන ඇත්ත බව තේරෙනවාද දැන් .(දී)

:       0       0

සමන් Tuesday, 27 November 2012 12:59 PM

බෞද්ධයෝ එසේ නැත. බෞද්ධයන්ට දෙවිකෙනෙක් නැත. (නි)

:       0       0

සුරේනි Tuesday, 27 November 2012 01:07 PM

පව් අසරණ මිනිස්සු (දී)

:       0       0

දේවප්‍රිය කුවේට් Tuesday, 27 November 2012 01:12 PM

ඇයි මේ ලෝක විනාශය ගැන කතා නොකර බෞද්ධයොයි ක්‍රිස්තියානි දෙගොල්ල පැටලෙන්න හදන්නේ? අපේ එකම වරද ගැටලුවට උත්තර නොසොයා අළුත් ප්‍රශ්ණයක් හදා ගන්න එකයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 364 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 941 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1419 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 191 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 786 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 903 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site