IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ඕස්ට්‍රේලියාව වහා පැහැදිළි කිරිමක් ඉල්ලයි

  ශ්‍රී ලංකාවේදී පැහැරගත් බව කියන ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ (42) ඉරණම ගැන ‘වහා පැහැදිලි කිරීමක් කරන ලෙස ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීමක් පැවැත්වීමට තිබියදී ඔහු කිරිබත්ගොඩදී ගිය සිකුරාදා අතුරුදන්වී යැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝද, පක්ෂ ක්‍රියාකාරීහුද කියති. ගුණරත්නම් ද, නව පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගලද ආරක්ෂක බලධරයන් විසින් පැහැරගන්නා ලදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. ගුණරත්නම් පැහැරගන්නට ඇතැයි කියන තොරතුරු ලැබී ඇතැයි ඕස්ට්‍රේලියා විදේශ කාර්යාලයය පවසයි. මේ තත්ත්වය වහා පැහැදිලි කරන්නැයි අප ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා‘ යැයි ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාවක ප්‍රංශ  පුවත් සේයට කීවාය. දෙමළ ජාතිකයකු වන තම සැමියා කොටි සංවිධානය හා ඇයි හොඳයි කමක් නොතිබූ බව ගුණරත්නම්ගේ බිරිය චම්පා සෝමරත්න පැවසුවාය. ‘ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ උදේ රැයින්. සන්නද්ධ වූ 25 දෙනකු පමණ ඔහුගේ ගෙට ඇතුළු වී තිබෙනවා. විදුලි පහන් නිවා දොර ජෙනෙල් වසා ගන්නැයි ඔවුන් අසල්වැසියනට තර්ජනය කැර ඇතැයි ඇය ඕස්ටේලියාවේ ඒ.බී.සී ගුවන් විදුලියට කීවාය. ‘ශ්‍රී ලංකාවේ නීති විරෝධී පැහැර ගැනීම් හා මානව හිමිකම් කඩ කිම් පවතින තත්ත්වයක තම සැමියා නව පක්ෂය පිහිටුවන බවද ඇය කියා ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ කියා ඇත්තේ ‘රජය පුද්ගලයන් පැහැර නොගන්නා බවයි. ඒහෙම නමක් ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැතැයිද ඔහු කීවේය. ඕස්ට්‍රේලියා ගමන් බලපතක් ඇති ගුණරත්නම් නම් පුද්ගලයකු මෑතකදී අත්අඩංගුවට ගෙන නැතැයි කියන මහා කොමසාරිස් ඔහු හොරෙන් ශ්‍රී ලංකාවට ඇතුඵ වන්නට ඇත්දැයි ප්‍රශ්න කරයි. පවුලේ සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරු විශ්වාසදැයි සොයන බව මහ කොමසාරිස් කියයි. හොංකොං නුවර ආසියා මානව කොමිසම කනස්සල්ල පළ කරමින් පැවසුවේ ගුණරත්නම්ගේ පක්ෂයේ කටයුතු ගැන රජය හා ආරක්ෂක අමාත්‍යංශය සැලකිලිමත් වූ බව රහසක් නොවන බවයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියාව වහා පැහැදිළි කිරිමක් ඉල්ලයි

සීඑම්ඩී Monday, 09 April 2012 04:24 PM

ඇයි ඕස්ට්‍රේලියා පුරවැසියො ලංකාවේ දේශපාලනේ කරන්නේ?

:       0       0

අසේල Monday, 09 April 2012 04:52 PM

දේශපාලනේ රස්සාවක්ද?.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 566 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1402 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1045 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1739 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1516 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1732 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 413 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site