IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කැකිරාවේ අනතුරකින් දරුවන් තිදෙනෙකු මරුට

(කාංචන කුමාර ආරියදාස)
කැකිරාව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල්ල හන්දියෙදී අද (08) උදේ සිදුවූ රිය අනතුරකින් පාසල් දරුවන් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තවත් සිසුවියන් දෙදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගෙන  ඇතැයි කැකිරාව පොලීසිය කියයි.

කැකිරාව ප්‍රදේශයේ උපකාරක පංති යෑම සඳහා පිරිමි දරුවන් සිව්දෙනකු මාර්ගයේ අයිනේ රැඳී සිටි තිබෙන බවත් තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකු ඊට මඳක් දුරින් බස් රථය එනතුරු මාර්ගය අයිනේ රැඳී සිටියදී එකවරම දඹුල්ල දෙසින් කැකිරාව දෙසට වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මෙම පිරිමි දරුවන් හතරදෙනා යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන  පලායාමත්  සමඟ මාර්ග අයිනේ රැඳී සිටි දියණියන් දෙදෙනාද මාර්ගයෙන් ඉවතට පැන සිය ජීවිත බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවෙකු සහ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

මෙමගින් එක් සිසුවෙකු කැකිරාව රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබෙන අතර අනෙක් දෙදෙනා අනතුර සිදු වූ ස්ථානයේම මියගොස් තිබේ. අනතුරට පත් අනිත් තුවාල ලැබූ සිසුවා දඹුල්ල මූලික රෝහල වෙත එවා තිබේ.
අනතුර සිදුකළ ලොරි රථය නොනවත්වා වේගයෙන් කැකිරාව පොලිසියද පසු කර ධාවනය කර තිබෙන අතර පසුව කැකිරාව පොලිසිය අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් පසු කැකිරාව තලාව ප්‍රධාන මාර්ගයේ ලොරි රථය ධාවනය වෙමින් තිබියදී ඉපලෝගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියත් සමග කැකිරාව කොරසගල්ල තිබ්බටුවැව ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝපකාරී වී ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා කරමින් ටයර් පුළුස්සා විරෝධතාවයක නිරත වූහ.

ප්‍රදේශවාසීහු පොලිසියට දොස් නඟමින් මෙම වාහනය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළ බවට චෝදනා කරන්නට වූහ. එමෙන්ම එම ලොරි රථයේ රියදුරු සහ රථය එම ස්ථානයට ගෙනැවිත් දෙන ලෙසද ඔවුහු පොලිසියෙන් ඉල්ලීම් කරමින් කෑකෝ ගසන්නට වූහ. කෙසේවෙතත් පොලීසිය මෙම ස්ථානයට පැමිණ පිරිස සන්සුන් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අසල සිටි ප්‍රදේශවාසීන් කියා සිටියේ එකවරම මෙම ලොරිය  වේගයෙන් ධාවනය වූ බවත් එම අසල තිබූ ලොතරැයි පත් අලෙවි සැලක්ද යට කරගෙන එම ලොරිය පලාගිය බවය.

 එමෙන් ම සිද්ධිය ඇසින් දුටු ජීවිත බේරාගත් පාසල් සිසුවියක් කියා සිටියේ ඒ අසල සිටි පිරිමි ළමුන් සිව්දෙනා ලෝරියට යටවී ලොරිය තමන් ප්‍රදේශයට ධාවනය වෙනවාත් සමඟ තමන් සහ තවත් මිතුරියක් එම ස්ථානයෙන් වෙනතකට  පැන  ජීවිත බේරාගත් බව ය.

 මහනුවර යාපනය ප්‍රධාන ඒ 9 මාර්ගයේ වාහන ගමනාගමනයට මේ ආකාරයෙන් බාධා එල්ලවී තිබිණි. කැකිරාව පොලිසිය කියා සිටියේ රියදුරු සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සඳහා සිදුකරන බවත්ය.

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස



අදහස් (23)

කැකිරාවේ අනතුරකින් දරුවන් තිදෙනෙකු මරුට

Bamunuarachchi Saturday, 08 June 2019 05:13 AM

විස්තර දන්නා නිසා මෙය අපිට අනතුර පමණයි.

:       12       0

dhamneth Saturday, 08 June 2019 05:51 AM

දැන්වත් තේරුම්ගන්න මාර්ග නීති කඩන වැරදි කරන රියදුරන්ට දෙන දඬුවම් දැඩි කළයුතු බව...

:       38       575

ERMISaturday, 08 June 2019 07:13 AM

පොලිසිය වැරදි කරන රියදුරන්ගෙන් සල්ලි ගෙන නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීමේ විපාක. දඩය නොව අදිකරණ ක්‍රියාව ශක්තිමත් කලයුතුයි

:       0       116

ranjith Saturday, 08 June 2019 05:54 AM

මේ වගේ තිරිසනුන්ට මරණ දඬුවම දෙන්නේ නැත්තේ මොකද?

:       0       231

kule Saturday, 08 June 2019 06:31 AM

අධික වේගයෙන් ධාවනය කරන වාහන දැනුම්දීම සදහා හදිසි ඇමතුම් අංකයක් ඉදිරිපත්කරන්න

:       0       11

Ranjan Saturday, 08 June 2019 07:52 AM

මාර්ග නීති තදකර ඒවා පගාව නොගෙන හරියාකාරව ක්‍රියාකිරීම සහ මෙවැනි වරදවල් වලට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත් තහනම් කිරීම කළවිට අඩුම වශයෙන් ටිකක් හරි අනතුරු අඩුවෙන්න පුළුවන්... අනික වැඩිපුර රියැදුරන් පරීක්ෂා කිරීම දවසේ පැය 24 පුරාම මුළු ලංකාවේම කරන්න ඕනේ... නොකඩවා මේ මගින් රජයට හොඳ ආදායමක් ලබා ගන්නත් පුළුවන්..

:       0       127

රසික සූරියආරච්චි Saturday, 08 June 2019 07:58 AM

එහෙම කියලා මේ නූගත් ගැමියන් මහාමාර්ග වහගෙන ඉඳලා හරියනවද? මෙහෙම නීතිවිරෝධීව හැසිරෙන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ...

:       514       251

ලාල්Saturday, 08 June 2019 01:06 PM

අමතන විදිහටම පේනවා උගත් කම. ඔබෙත් දරුවෙක් ඔතන හිටියා නම් තේරෙයි උගත් කමේ සීමාව ..

:       31       45

තිලකසිරි Saturday, 08 June 2019 02:52 PM

ගැමියෝ නම් නූගත්. පාර හරස් කළානම් නූගත්. ...... ගමෙන් බිහිවුනු උගතුන්, පාර හරස් කරගෙන උද්ඝෝෂණය කරන උගතුන් දැකලම නැද්ද රසික...?

:       22       37

RaveendraSaturday, 08 June 2019 03:55 PM

රසික සූරියආරච්චි මයා වෙත, ගැමියන් නුගතුන් ලෙස සදහන් කිරීමට ඔබට ඇති සාධක දැනගැනීමට කැමැත්තෙමු.

:       16       27

susanthaSaturday, 08 June 2019 04:14 PM

තමන්ට හෝ ගෙදර කෙනෙකුට යමක් සිදුවෙනකල් අපේ උත්තර හරිම දාර්ශනිකයි. අහිංසක පැටව් 4 දෙනෙක් බිලි අරගෙන තියෙන්නේ. පාර පැයකින් දෙකකින් අරියි. අර ළමයි ආයෙත් ගෙදර එන්නේ නැහැ. ඒ අම්මලා තාත්තලා තමයි ඒ දුක දන්නේ.

:       6       20

Nimal Saturday, 08 June 2019 08:05 AM

ලොරි, ටිපර් හා බස්රථ පාරේ යන්නේ ඉතාම අපරික්ෂාකාරී ලෙසයි. වෙනත් වාහන ඔවුන්ට ඉඩ දිය යුතුයි වගේ ඒ රියදුරන් හිතාගෙන ඉන්නේ.... මේවාට නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       352

Raveendra Saturday, 08 June 2019 08:23 AM

පේනවා නේද අපගේ අදහස් වලට වැඩි දෙනෙකු උරණ උවත් අපරාදේ ජිවිත හානි. මේ සියල්ලම නොහික්මුණු විනයක් නැති අය රියදුරු බලපත්‍ර ලබා ගැනීම නොවේද ?සදාකල් මෙවන් තිරිසන් රියදුරන්ට රියදුරු අසුනේ වාඩිවීම ඉඩ නොදිය යුතුය. නිතිය නිසිලෙස ක්‍රියාත්මක වේවා!!!!

:       0       6

lalithm Saturday, 08 June 2019 08:40 AM

පොලීසිය හැංගිලා ඉඳලා අල්ලන්නේ ඉතාම සුළු වැරදි කරන අය. ලේන් එක කැපුවා, පාර අයිනේ නැවැත්වුවා වගේ ඒවා තමා වැඩිපුරම අල්ලන්නේ... සුදුඉර හරහා පනින කොට, ඉස්කෝල ළඟ ඉන්නකොට ලයිට් ගහගෙන වෙට්ටු දමාගෙන යන මදාවි මහත්වරු වගේ කාලකන්නි අල්ලන්න නම් ඉඳහිට තැනකවත් කැමරා තියෙන්න ඕනේ. මේ වගේ වැරදි කරන අය අපරාධ නීතිය අනුව කටයුතු කරලා දිගු කාලීන හිර දඬුවම් දීමට කඩිනමින් නඩු අහලා (අඩු තරමින් මාස 6ක් ඇතුළත) ඉවර කරන්න අපේ නීතියට අධිපති අයට බැරිද? නීතිඥයන් නම් කැමති නැහැ තමයි.

:       0       143

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 08 June 2019 08:42 AM

හැමදාම මේ වාගේ පින්තුර දානවා, ලියනවා... ඒ වුනාට ඉදිරියටත් මේ දේම වෙනවා... හරි විසඳුමක් නැද්ද මේවට?

:       0       9

RaveendraSaturday, 08 June 2019 02:29 PM

උද්දච්චකම, පණ්ඩිතකම, නැහැදිච්චකම, විනයක් නැතිකම, වංකකම සහ ඉදිරියට යාමට ඇති අකමැත්ත.

:       0       12

raviSunday, 09 June 2019 08:30 AM

වගකිය යුත්තන්ට කිසිම දැනීමක්.. වගකීමක් නැහැ.. " රටක හැදිච්චකම කියන්නේ පාරේ තොටේ අවිහිංසාවාදී හැසිරෙන විදිහට නේද..? " අපරාදේ මේ ළමයි ටික.. කණගාටුයි.

:       0       0

තුෂා Saturday, 08 June 2019 08:57 AM

දරුවන් ඉන්නා මවක් වශයෙන්, මෙය දුටු මගේ සිතට දැනෙන වේදනාව වචනයෙන් කියා ගන්න බැහැ.. පව් දෙයියනේ අසරණ දරුවන්. දෙමව්පියන් කෙසේ නම් මේ දුක දරා ගන්නද? දරුවනේ කිසිම භවයක නුඹලාට මෙවන් විපතක් නොවේවා! දෙමව්පියන්ට මේ දුක දරාගැනීමට සම්මා සම්බුදු පියාණන්ගේ සරණ ලැබේවා.!

:       0       2

ravi Saturday, 08 June 2019 09:58 AM

සුරා සුදුවෙන් තොර, හොඳ මානසික තත්වයක පසුවෙන, පිරිසිදු චරිත සහතිකයක් හිමි අයට පමණක් රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට සුදුසුකම් විය යුතුයි !

:       0       1

sunil perera Saturday, 08 June 2019 12:50 PM

රියදුරු බලපත්‍රය නිකුත්කළ නිලධාරියට, පුහුණුකර බලපත්‍රය දුන් ආයතනයට, බිමතින් රිය පැදවූවාද, වේග සීමාව කොපමණ ඉක්මවා ධාවනය කලාද ආදී වශයෙනුත්, ජිවිත හානියක් සිදු වු විට එම වාහනය විකුණා එම සියලු මුදල් අගතියට පත් අයට පිරි නැමීම.. නඩුව දින දාහතරකින් නිම කොට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් නියම කලොත් සහ අයිතිකරුටද සිර දඩුවමින් අඩක් ගෙවීමට සැලැස්වීම කියන බරපතල දඩුවම් නොදුන්නොත් ..මේ අයගෙන් අපේ මල් කැකුළු බේරා ගැනීමට නොහැකිවනු ඇති.

:       0       108

Kriss Saturday, 08 June 2019 02:56 PM

මෙවන් බර වාහන වල වේගසීමාව එන්ජිමෙන් පාලනය කිරීමේ ක්‍රමයක් සෑදිය යුතුයි. එවිට අසීමිත වෙගයකින් ධාවනය කල නොහැකි බැවින් අනතුරු අවම වනු ඇත.

:       0       40

Raveendra Saturday, 08 June 2019 04:01 PM

නුගත් ගැමියන් පාරේ උද්ගෝෂණ කරන්නේ..// උගත් විශ්ව විද්‍යාල සිසුන් හදේ එය කරන්නේ..// උගතා, නුගතා, බුද්ධිමතා වෙනසත් ඔබ දන්නේද..// දන්නා දෙය ගැන කතාව නුසුදුසු නොවන්නේද ..//

:       0       3

Latha Tuesday, 11 June 2019 09:13 AM

ලංකාවේ බස්, ටිපර් පාරේ දුවන්නේ ඒවාට ගැලපෙන වේගයකින්ද? වේගය ඊට වඩා දෙගුණයකටත් වඩා වැඩියි. ඒවාට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? වෙන රටවල නම් රියදුරු බලපත් අහෝසි කරලා හිරේ දානවා. ලංකාව හින්දම හොඳයි. මිනිස් ජීවිතයක වටිනාකම මායිම් කරන රටක් නෙවෙයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 279 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1450 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1180 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 632 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 397 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 496 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site