IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කුකුල් චමින්දට හොඳටම සලකලා

(බී.ජී. චතුරංග)

බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් "කුකුල් චමින්ද" යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.

මෙම සිද්ධියට සැකපිට දැරියගේ පියා වැලිඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචි සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිස මෙම පහර දීම සිදු කර තිබුණි.

නිවසේ බෝතලයක් තිබූ සීනි කෑවයි කියා අවුරුදු හතරහමාරැති දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පැන ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරියට පහර දෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (23)

කුකුල් චමින්දට හොඳටම සලකලා

පිටරටවැසියා Friday, 07 June 2024 06:47 PM

රටේ ජනතාව අමු අමුවේ මරපු, බාල බෙහෙත් ජනතාවට ගිල්ලවපු, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ හොරු රැලට බන්ධනාගාරයේ රැඳෙවියන් තාමත් පහර දීලා නැද්ද?

:       1       31

Bandula Friday, 07 June 2024 07:28 PM

නියමයි, නියමයි එහෙම තමයි වෙන්න ඕනෑ. ස්තූතියි, පහර දුන් සියළුම දෙනාට....

:       0       15

උකුස්සා Friday, 07 June 2024 07:39 PM

නීතිය තියෙද්දී මිනිස්සු නීතිය අතට ගන්න ඕන නෑ. පහුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළින් මේ මිනිහාට පහර දෙන්න පෙළඹුවා. මේ කියන එකෙක්වත් ඒ ළමයාට බත් කටක්වත් දීපු අය නෙමේ. දැන් පරිවාසෙට ගියාම ඒ ළමයාව බලන්න යන එකෙක්වත් මෙතැන නෑ. බන්ධනාගාරයේදී නීතිය අතට ගත්තු අයටයි, ඒකට පොළඹවපු අයටයි. ඒවා දිහා බලාගෙන ඉන්න නිලධාරින්ටයි නීතිය කරන්න ඕනෑ. නමගිය කුඩු කාරයෝ, පාතාල කාරයෝ, දේශපාලකයෝ හිරේ ගියාම ඔවුන්ට බැලමෙහෙ කරන අය පොඩි මින්හෙක් ගියාම වීරයින් වෙනවා.

:       8       18

nalin Friday, 07 June 2024 07:46 PM

මේ සිද්ධිය නිකන්ම නිකන් එක සිද්ධියක් නෙවෙයි. අපේ රටේ සමාජයේ පවතින තවත් එක් අදුරු පැතිකඩක්. නුගත්කම දරිද්‍රතාවය පිරුණු විෂම සමාජයක මේ වගේ එක සිදුවීමකට විසදුමක් දීලා මේ වගේ ප්‍රශ්න ඇති වෙන එක නවත්වන්න බෑ. සමහර විට ඒ ළමයා හොරෙන් කාපු සීනි, කිලෝ එකට සත විසිපහේ බද්ද ගෙවලා දේසපාලුවෝ කෝටිගණන් උපයපු සීනි වෙන්නැති. කවපු බත් කට ඩඩ්ලිගේ නිපුනගේ ගිනි කාපු හාල් වෙනනැති . ඒ ළමයා සීනි නිකන් කෑවම හවසට කසිප්පු බොන්න සල්ලි මදි වෙන්නැති. උපත් පාලන ක්‍රමයක් කරගන්න තරම් දැනුමක් උවමනාවක් නැතුව ඇති. සමහර විට ඔය ළමයට ගහපු එකත් ඔය වගේම පොඩි කාලේ ගුටිකාපු එකෙක් වෙන්න ඇති. මුට ගහපු උන් පෙරපු කසිප්පු සමහර විට මූම බීලත් ඇති .

:       5       20

kalakanni Monday, 10 June 2024 10:16 AM

රටේ ජනතාව අමු අමුවේ මරපු, බාල බෙහෙත් ජනතාවට ගිල්ලවපු, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ හොරු රැලට බන්ධනාගාරයේ රැඳෙවියන් තාමත් පහර දීලා නැ

:       0       10

Indhika Friday, 07 June 2024 08:03 PM

රැඳවියන් හිරේ ඉදල යුටියුබ් බලල තියෙනවා ඒ කියන්නේ.

:       3       12

Ruwan Friday, 07 June 2024 08:09 PM

අත්අඩංගුවේ පසුවන සැකකරුවකුගේ ආරක්ෂාව සැලසීමේ වගකීම පැහැර හැර ඇති පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන්ට විරුද්ධව ගරු අධිකරණය මගින්

:       2       5

Lalla Friday, 07 June 2024 08:18 PM

දැන් පුතාට ගහල මරයි.මේ වගේ තිරිසනුන් එක්ක එන ගෑනුන්ට සාප කරන්න ඕන.

:       0       11

උදාර Friday, 07 June 2024 09:30 PM

උදාරයි උදාරයි උදාරයි

:       0       3

Kalpa Friday, 07 June 2024 10:10 PM

හරි අපූරු නල්ල මලේ නීතිය ..

:       1       9

Dharmatileke Friday, 07 June 2024 10:39 PM

රැදවියන්ට මාගේ උපහාරය

:       3       17

Prabha Saturday, 08 June 2024 01:00 AM

දැන් දැනෙනවා ඇති ගුටි කනොට කොච්චර සැනිපද කියලා

:       5       16

Indhika Saturday, 08 June 2024 03:55 AM

රැඳවියන් හිරේ ඉදල යුටිබ් බලලා තියෙනවා ඒ කියන්නේ.

:       1       17

sunimal Saturday, 08 June 2024 04:30 AM

නියම ආරංචියක් නේ මේක . දැන් ඔය ගහපු උන් ඕක ඇතුලට ඇවිල්ල ඉන්නේ ගෙවල් වල ඉන්නකොට උන්ගේ සිල් බිඳෙන නිසා වෙන්න ඇති නේද? අපේ රටේ බන්ධනාගාර කියන්නේ අපරාධ විශ්ව විද්‍යාල නේ. බන්ධනාගාර ගතවෙන මිනිස්සුනව යහපත් පුරවැසියන් ලෙස පුනුරුත්ථාපනය කරලා සමාජ ගත කිරීම බන්ධනාගාරයේ වගකීමක් උනත් එකෙක් නැහැ ඒ ගැන බලන්න . මෙතනින් අපේ සමාජයට සිදුවන් හානිය අතිවිශාලයි . මේ මනුස්සයව යහපත් පුරවැසියෙක් විදිහට සමාජයට එවනව වෙනුවට වඩාත් ප්‍රබල අපරාධකාරයෙක් ලෙස සමජයට එනව දකින්න තමයි බොහෝ ය කැමති. එකනේ මෙහෙම වෙන්නේ .

:       4       17

කමල් Saturday, 08 June 2024 07:19 AM

දැන් මු පුතාටත් ගහයි. රෙකෝඩ් කෙරුවා කියලා

:       0       8

මැක්ස් Saturday, 08 June 2024 08:04 AM

පාස්කු ප්‍රහාර ත්‍රස්තයන්ටත් "අනේ ඒත් අපේ ළමයි" කියලා ලොවෙත් නැති ඊනියා මානව ප්‍රේමයක් තම දේශපාලන පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කළ දීපානි සිල්වා නමැති නිළි නෝනා කුකුල් චමින්ද වෙනුවෙන් ඉදිරිපත් වෙලා නැද්ද තවම?

:       4       8

රංබොඩ Saturday, 08 June 2024 09:28 AM

ඔච්චර තමයි මේ අමනුස්සයාට ලැබෙන දඬුවම

:       0       6

නිමල් Saturday, 08 June 2024 09:31 AM

මේ මනුස්සයට නමක් නැද්ද? මේ මනුස්සයා දේශපාලකයෙක් උනා නම් ඕගොල්ලො කුකුලා, මයිනා, නරිලා, රත්තරන්, බැංකු හොරා වගේ හෙඩින් පාවිච්චි කරනවද?

:       0       7

Prasanna Saturday, 08 June 2024 11:30 AM

ගහන්න නෙවෙයි තිබ්බේ... මරන්න.

:       8       8

Dharmatileke Saturday, 08 June 2024 11:36 AM

ආගන්තුක සත්කාරයේ වැරැද්දක්ද?

:       9       27

irfan Saturday, 08 June 2024 12:47 PM

මේ වගේ නිවුස් එකක් අහන්න සතුටුයි.

:       2       10

පුෂ්පා Saturday, 08 June 2024 01:56 PM

අපරාධ කරුවෙකු හෝ සැකකරුවෙකු රටක නීතියේ භාරයට පත්වූ විට ඔවුන් ආරක්ෂිත විය යුතුයි. රටක් බල්ලෝ කෑවාට බල්ලාව කන තත්වයකට පත් වනවා නම් තුන්වෙනි ලෝකයේ මෝඩ රටක් ලෙස පවතිනු ඇත. උගත්, නිර්භීත ගුණවත් මිනිසුන් පාලනය කරන රටවල මෙවැනි අවස්ථාවල පහරදුන් මැරයින්ට වාගේම ඊට අනුබල දුන් අයටද සමාවක් නොලැබේ. එසේම මෙම සිද්ධිය ගුටි ගසා ගැනීමෙන් යටපත් වීමට නොදී දැනට පවතින ක්‍රමයේ විශාල වෙනසක් කිරීමටද උපයෝගී කරගනු ඇත...

:       6       15

Saman Saturday, 08 June 2024 03:48 PM

ප්‍රහාරය අශිශ්ඨ නම් ප්‍රතිප්‍රහාරවල ශිශ්ටත්වය හොයන්න එපා..

:       2       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3610 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1298 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site