වැලිමඩ නැදුන්ගමුවේ කිකිළියක සිය කුළුඳුල් පැටවා බිහි කළාය. පැටවා ජීවත්වන නමුත් මව මියගියාය.බඩේදිම බිත්තරය තුළ සිටි පැටියා ඉපදි
බිත්තරය අතරමග රැඳී පැළීගොස් පැටවා එළියට වැටෙන්නට ඇතැයි වැලිමඩ පශු වෛද්‍ය පී.ආර්. යාපා මහතා කියයි.
සත්ත්ව විද්‍යා පර්යේෂක දීපාල් වරකගොඩ මහතා පවසන්නේ කිකිළිය බිත්තර දමනවා හැර පැටවුන් බිහිනොකරන බවයි. කිකිළියකගේ බිත්තර සංසේචනය වූ වහාම එය බාහිරයට පැමිණෙන බවත් බිත්තර පිටවන අවස්ථාවේ ඒවා මොළොක් ස්වභායක් ගන්නා බවත් ඔහු පවසයි. බාහිර වායුගෝලය සමග එක්වීමෙන් පසු බිත්තරයේ කටුව ඝන වන අතර ඉන් අනතුරුව කිකිළිය තම ශරීරයේ උෂ්ණත්වය ලබාදෙමින් බිත්තර දින 21 ක් පමණ රැකීමෙන් පසු පැටවා බිහිවන බවද වරකාගොඩ මහතා කියයි. ඔහු පවසන්නේ කිකිළියගේ ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික බැවින් බිත්තරයෙන් ශරීරය ඇතුලේදී පැටවකු බිහිවීම විශ්වාස කළ නොහැකි දෙයක් බවයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටේ පශු වයිද්‍යවරුන්ට ග්ලවුස් ජෝඩුවක්වත් නෑනේ.
වෙනසක් කරන්න උත්සාහ කරපු කිකිළියෙක්. ඔහොම තමා ස්වභාවය. වෙනස් අළුත් පරපුරක් වෙනුවෙන් ජීවිතය පුදන්න වෙනවා.
විරල සිදුවීමක්
අබුද්දස්ස කාලේ.... එහෙන් පාද හයක ළමයෙක්. මෙහෙන් කිකිළි පැටව් දානවා. අරහෙන් සුදු සහ කළු නිවුන්නු. අනේ මන්දා...........
තව ඉදිරියට ෙමවැනි ෙද්වලට වඩා පුදුම උපදවන ෙද් සිදුවන බව අාගමික ගූන්ථවල සදහන්ව තිබෙනවා.
අබුද්දස්ස කාලේ ඔය වගේ දේවල් වෙනවා
මාරවැඩේ...........!!!!!!!!!!!
බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්..
මාද සත්ත්ව ගොවිපලක් කලකට ඉහත පවත්වා ගෙන ගිය කෙනෙක් වශයෙන්,අත්දැකීම් මතින් දීපාල් වරකාගොඩ මහතාගේ නිගමනය අනුමත කරමි.නමුත් මේ කාලයේ හුගක් දේ කනපිට ගිහින්නේ තියෙන්නේ.
අයියෝ මෙහෙම ගියොත් බිත්තර කාලත් ඉවරයි...
ඔය වගේ වෙන්නේ අපේ ලංකාවේ තමයි
අනේ මන්දා මේවා කොහෙන් පටන් ගත්තද... කොහෙන් නතර වෙයිද කියලා...
මේක කුකුළන්ගේ ආත්ම ප්ලෑන් එකක්...