වාමාවෘත්ත වාලම්පුරියක් කෝටි 10කට විකුණන්නට ගිය හත් දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අඟල් 14ක් දිග මෙම වාලම්පුරියේ බර ග්රෑම් 704ක් පමණ වන බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
වාමාවෘත්ත වාලම්පුරියක් කෝටි 10කට විකුණන්නට ගිය හත් දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අඟල් 14ක් දිග මෙම වාලම්පුරියේ බර ග්රෑම් 704ක් පමණ වන බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් අහලා නම් තියෙන්නේ දක්ෂිණාවෘත්ත වාලම්පුරු දුර්ලභයි. ඒ නිසා ඒවා වටිනාකම වැඩියි. මෙතැන මොකක් හරි වැරද්දක් වෙලා. අනික හොරකම් නොකළා නම් විකුණුවාම මොකෝ (බ)
අබේ, නීතිය අනුව නම් වනසත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත 31 වගන්තිය අනුව විශ්වකීර්ති මහාචාර්යවරයෙක් යයි කියන අයෙක් රූපවාහිනි දැන්වීම් දමාගෙන මේවා විකුණන්නේ කොහොමද? (බ)
මොනවා වුණත් හරිම ලස්සන වස්තුවක්. (නි)
කෝටි 10ක් මේ වගේ දේකට වියදම් කරන්න පුලුවන් කාටද? (නි)
නීතිය නොදන්න අය වනසත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත 31 වගන්තිය බලන්න. මේ ඉන්නේ ඒ ඉන්න කොඳු ඇට පෙළ රහිත ආරක්ෂිත සතෙක් (බ)
වෛරය, කුහකකම, මිත්යාව කඳු ගැසුණු සමාජයක වාලම්පුරියකින් කුමක් කරන්නද? (නි)
අපි දන්නා තරමට දක්ෂිණාවර්ත හක්ගෙඩි ගණන්ලු. විකිණීමට නොහැකි බවක් අසා නැත්තෙමු. අර විශ්වකීර්ති මහාචාර්යවරයෙක් රූපවාහිනි දැන්වීම් දමාගෙන මේවා විකුණන්නේ කොහොමද? මේක තියාගත්තා නම් ප්රකොටිපතියෙක් නේද? මේවා පොලිස්පතිගේ අවධානයට යොමුවන්නේ නැද්ද? (නි)
කෝටි 10 අාවනම් ලංකාවටනේ පිටරට සල්ලි එන එක මොනතරම් හොඳද (බ)
කරපු වරද මොකක්ද ලැබුනදේ විකුණනෙක වරදක්ද ඇයි මිනිස්සු මේ තරම් මෝඩ (බ)
ඔය අහිංසකයෝ අල්ලාගෙන දඟලන්නේ නැතුව පුලුවන්නම් ඔතනින්ම තව ටිකක් එහාට මෙහාට වෙලා විල්පත්තු ආශ්රිත වනාන්තර විනාශ කරනවුන් අල්ලලා නිතිය ක්රියාත්මක කරනවානම් වටිනවා (බ)
නොදන්න මගුලකට පොලිසියෙන් අතදාලා වගේ (බ)
සිල්වාගේ කතාවට මාත් ඒකගයි ,මට තියන ප්රශ්නෙත් වාලම්පුරි ලංකාවේ තහනම් ද කියන එකයි (බ)
අනික තමන්ගේ ඉඩමේ හරි ගේ පිටිපස්සේ හරි නිධානයක් තියෙනවනම් හාරලා ගන්න බැරි ඇයි ? (බ)
ලක්ෂී ඔබේ අදහස හරියටම හරි. මමත් අදයි දන්නේ වාලම්පුරි විකුනන්න බැහැ කියලා.(හේ)
වෛරය, කුහකකම, මිත්යාව කඳු ගැසුණු සමාජයක වාලම්පුරියක් කුමක් කරන්නද ?(බ)
මහා බැංකුව හොරා කෑව වගේද වාලම්පුරි (බ)
වාලම්පුරි විකිණීම තහනම් කියල මම අදනේ දන්නේ.... එතකොට අර ටීවී එකේ නිතරම වාලම්පුරි විකුණන එකා කොහොමද නිදැල්ලේ ඉන්නේ? (බ)
රෝහාන් වාලම්පූරි තියෙන්නේ නිධාන්වල විතරද? එහෙම නම් නිධන්වල රත්තරන් මුතු මැණික් අාදියත් තියෙනවා කියලා අපි අහලා තියෙනවා.(හේ)
රටේ ජනාධිපතිවරයවත් තුට්ටුවකට මායිම් නොකර අක්කර දහස් ගණන් රක්ෂිත කැලෑ එලිකරමින් රටේඅනාගතයට විශාල හානියක් කරන දේශපාලුවන්ට නීතිය ක්රියාත්මක නොකර, රටට, කිසිම අාගමකට,ජනවර්ගයකට හෝ සත්වයෙකුට හානියක් නොවන වාලම්පූරියකට නීතිය ක්රියාත්මක කරන්නෙ මුන් ඔක්කොම මුරුගසන් වර්ෂාවට අහුවෙලාද? (බ)
මොකක්ද වෙන්නේ වාලම්පුරියක් විකුණුවම ...මොලේ හොල්මන් පොලිසියට .අල්ලන්න ජරාව කන රට විකුණන අයව (බ)
දක්ෂිණාවෘත්ත වාලම්පුරි හෝ මොන වාලම්පුරි යනු බෙල්ලෙකුගේ කටුවකි. මෙවැනි බොරු මත ලංකාවට ආවේනික දෙයකි. (බ)
මේ මොන පිස්සුවක්ද ? විකුණන අයව නෙමේ අත්අඩංගුවට ගන්න ඕනේ මේවා ගන්න උදවිය . අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක්. කැල්සියම් ගොඩකට ලැබෙන වටිනාකම රත්රන් වලටත් වඩා වැඩි. (බ)
රත්න මොකක්ද වරද මේකේ ? කෙනෙකුට මැණික් ලැබුනොත් විකුණනවා නේද. ඒ වගේ වාලම්පුරිය විකුණන්න හදන්න ඇති. මේක යම් අයෙකුගෙන් හෝ තැනකින් හොරකම් කරපු එකක් නම් ඇරෙස්ට් කරන එක හරි (බ)
මං අහල තියෙන්නේ දක්ෂිණාවෘත්ත වාලම්පුරි තමයි වටින්නේ කියල. මොනව වුනත් මටත් තේරෙන්නේ නැහැ කැඩුව නීතිය මොකක්ද කියල නම්. (බ)
මෙන්න මේකයි අපේ රටට වෙලා තියෙන්නේ. අහිංසක මිනිහෙක් හම්බ කරන් කන්න හැදුවම නඩු. දේශපාලුවෝ රටම විකුනම් කාපුවම ජාතික වීරයෝ. (බ)
වාලම්පුරියක් විකුණන එක විරෝධී වෙන්නේ එ්ක ලබන්නේ නිධානයක් ගොඩ ගැනීමෙන් නිසා අන්න එ්කතමා වරද. (බ)
හැමෝටම වගේ මටත් තේරුම් බැහැ කරපු වරද මොකද්ද කියල. (බ)
මොකක්ද වරද මේකේ ? කෙනෙකුට මැණික් ලැබුනොත් විකුණනවා නේද. ඒ වගේ වාලම්පුරිය විකුණන්න හදන්න ඇති. මේක යම් අයෙකුගෙන් හෝ තැනකින් හොරකම් කරපු එකක් නම් ඇරෙස්ට් කරන එක හරි (බ)
වාලම්පුරියක් කෝටි 10කට විකුණන්නට ගිය හත් දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගන්න, ඒ අය කරලා තියෙන නීති විරෝධී වැඩේ කුමක්ද ? (බ)
අැය් ? තහනම් දෙයක් ද ? (බ)
කරුණාකර දන්නා කෙනෙකු මෙහි නීතිමය වරද පෙන්වා දෙන්න (බ)
ඇයි මේක මිලදී ගන්න ගිය මිනිහා අත්අඩංගුවට ගත්තේ නැත්තේ. (බ)