(මුදිතා දයානන්ද)
රුපියල් ලක්ෂ 28,700 ක් වැය කර පසුගිය රජය කාලයේ ගෙන්වන ලද වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
පසුගිය ආණ්ඩු කාලයේ ඇමතිවරු මිලදී ගත් වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ වාහන සම්බන්ධයෙන් 2017 මැයි මාසයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඒ වාහන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලුවා. ඒත් වාර 5 ක් සති දෙක ගානෙත් තවත් වාරයක් මාසයක් ලෙසත් කල් ගනිමින් උත්තර දීම මග හැරියා. අන්තිමට 2019 අගෝස්තු මාසයේදී මාස 6 ක් කල් ගත්තා. එහෙමයි ඔහු මේක මගහැරියේ.
ආණ්ඩුව මාරු වුණාට පස්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා. ඒ වාර්තාව අනුව වාහන 78 ක් රුපියල් ලක්ෂ 28,700 කට මිලදී ගෙන තිබෙනවා.
දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වාහන තිබෙන්නේ කොහෙද කියන එක. සමහරු අපි ගත්තේ නැහැයිලු. සමහරු කියනවා මම දන්නේ නැහැ කියලා. දැන් මේ වාහන තියෙන්නේ කොහෙද? කවුද භාවිතා කරන්නේ කියලා පරීක්ෂණයක් කරන ලෙස අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට නීතිඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 287 කට ගෙනා වාහන 78 සොයා ජවිපෙ මන්ත්‍රී සී.අයි.ඩීයට යයි
Mahesh Thursday, 13 February 2020 03:33 PM
ඉතින් ඔයාලගේ ආණ්ඩුවක්නේ තිබුනේ. හාමු ඔයාලාට නොදී තනියෙන් වාහන පාවිච්චි කරලද..?
saradiyelFriday, 14 February 2020 03:09 PM
මේ ඡන්දෙ ළඟයිනේ. මොනවාහරි කියන්න එපෑයෑ...!! මෙයාලගේ සෙල්ලම මේක අනෙක් අයගේ සෙල්ලම නාටක පෙන්නන එක..
සෙනෙවිරත්න Saturday, 15 February 2020 12:26 PM
මේ වාහන සම්බන්ධයෙන් 2017 මැයි මාසයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.* මේ ගැන ඔබගෙ පොහොට්ටු මහත්වරුන් මොකද කළේ?
saradiyelSunday, 16 February 2020 01:28 PM
පොහොට්ටුකාරයේ අපි සුද්ද කරන්නේ නෑ. හැබැයි සහෝදරයා නම් මේ ගැන දැනගත්තේ ජොන්ස්ටන් කීවට පස්සේ
සෙනෙවිරත්න Saturday, 15 February 2020 12:30 PM
හාමු එක්ක මහිනදගෙ ඩීල් ,කෝ බැඳුම්කර හොරු ,මොනවත් වෙන්නෙ නැහැ මේ ගොල්ලන්ට තියෙන උනන්දුව ගෝඨාගෙ ගොල්ලන්ට තියෙනවද?
Hafeel Thursday, 13 February 2020 03:59 PM
රනිල් තමාගේ බල තන්නාවට, අසාර්ථක නායකත්වය සහ කිසිම වටිනාකමක් නැති අගමැති දූරය රැකගන්න ඕනෙම වැරදි වැඩක් කරාවි.
Senevirathne Thursday, 13 February 2020 04:09 PM
දැන් හඳ පෙන්නපු අයගෙ ඇඟිල්ල එහෙම නැතිනම් 3% ගැන කතා කරාවි
Pradeep Thursday, 13 February 2020 04:39 PM
ඉතාමත් හොද වැඩක්. බලමුකෝ මේවා කොහෙද, කා ලගද තියෙන්නේ කියලා. දැනටමත් හොර පාරෙන් විකුණලා ඇති.
Kumar Thursday, 13 February 2020 04:55 PM
මොන ආණ්ඩුව තිබුනත් තමන් ළඟ තිබෙන මුදල්වලින් තමන්ට ලැබුන පර්මිට් එකකින් වාහනයක් ගෙනාවොත් ඔබලාට තිබෙන කැක්කුම මොකක්ද කියල වහගන්න අමාරුයි. මම දන්නා වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මේ පිළිවෙත අනුගමනයය කළා. මේ ගමන වෙනසකට තිබුනේ වාහනේ මුලුවටිනකම එක ගමන්ම ගෙවන්න සිදු වුන එකයි.
Bamunuarachchi Thursday, 13 February 2020 05:23 PM
මේ කට්ටියත් මොනවා හරි අනුන්ගේ දෙයක් හොයලා මාධ්‍යට කියලා ලොකු ප්‍රසිද්දීයකුත් අරගෙන කොහොම හරි දවස ගැට ගහ ගන්නවා.
Nishan Thursday, 13 February 2020 10:27 PM
ඒවටත් චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් පනහට වෙච්ච දේම වෙලා ඇති. හැබැයි අපරාදේ කියන්න බැහැ ඒ ආණ්ඩුවෙන් විපක්ෂ නායක තුමාටත් වෙඩි නොවදින බෙන්ස් කාර් එකක් ගෙනත් දුන්නා.
Asanga Friday, 14 February 2020 12:42 AM
එතකොට දැන්ද මේගොල්ල ඇහැරුණේ.
cw Friday, 14 February 2020 02:07 AM
ඇයි දැන්? ඒ කාලේ කළේ නැත්තෙ මොකද?
abaran Friday, 14 February 2020 03:03 AM
cw වෙත, පුවත හරියට කියවන්න..
Jaya Friday, 14 February 2020 03:22 AM
ඒ කාලෙ නොකල එක ප්‍රශ්නයක් තමයි. ඒත් දැන්වත් මේගැන හොයන්න ඕන. කෝටි 287 ක් කියන්නෙ සුලුපටු ගානක් නෙවෙයි. ඇරත් විදේශ විනිමය. මේ කන්නයේ රටේ මුලු වී අස්වැන්නම මිලදී ගන්න උනත් වැයවන්නෙ මේ මුදලින් ඉතා සුලු කොටසයි. ගනුදෙනුව හෙලිකොට නිකන් සිටින එක නෙවෙයි රජයේ වගකීම.
shan Friday, 14 February 2020 03:35 AM
cw , අසංග දේශපාලන කන්නාඩි දාගෙන අදහස් දමන්න එපා. පුවත හරියට කියවන්න.
sharm warn Friday, 14 February 2020 04:00 AM
අපෝ මෙව්වා ඉතින් අපිට පෙන්වන නාටක තමයි. 2015 දී මොන තරම් ෆයිල් හැදුවද ?? අද වෙනකල් එක ෆයිල් එකක් හරියට විසදලා තීන්දුවක් දුන්නද ?? බොරු ගමන් යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න. ඔයාල නිකන් රස්තියාදු වෙන එක විතරයි.
සෙනෙවිරත්න Saturday, 15 February 2020 12:31 PM
ඇත්ත රනිල් මහින්ද ඩීල්වලට සේරම යටයි,
denin Saturday, 15 February 2020 11:50 AM
පුලුවන්නම් යෝජනාවක් ගෙනෙන්න මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන දීම නතරකරන්න කියා.ඒ වගේම යෝජනාවක් ගෙනෙන්න ඇමතිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා හයිඑස් හෝ නිසාන් වැනි වෑන් රථ පමණක් ගෙනෙන්න කියා.එහෙම කලාම එකම වෑන් රථයේ ආරක්ෂකයින් හා තව නිලධාරී කීපදෙනෙකුට එකම වාහනයේ යන්න පුළුවන් ඇමතිවරයා සමග.විශාල මුදල් ඉතිරියක්.