ඇමෙරිකා ඩොලර් කෝටි තුන හමාරක් වටිනා කේක් ගෙඩියක් නිර්මාණය කිරීමට අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ජගත් සුපවේදී දිමුතු කුමාරසිංහ සමත්වෙයි. නිල්මැණික් දහයක්, රන් අබරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය නැවක හැඩ ගනී. මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් කැර ඇති මේ නිර්මාණය කාලතුවක්කුවක් මත තබා ඇත.
මේ කේක් ගෙඩිය අලෙවි කරන බව දිමුතු කියයි.
ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මේ කේක් ගෙඩිය බැලීමට ආ පිරිස අතර වෙයි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු
වැඩේනම් නියමයි. ඒත් ඉතින් අපිටනමන් ඕවා දිරවාවිද දන්නේ නැහැ.
මේවා පිස්සු වැඩ
මේ මේකේ ඇත්ත වටිනාකම දාන්න....... ඩොලර් කෝටි තුනහමාරක්. රුපියල් කෝටි 45 ක් කියන්නේ අපි මෝඩයොද ? හරි ගාන දාන්න මල්ලි. ඔයාලා අටේ පන්තියටවත් ගිහිල්ලා නැද්ද.
වෙන කරන්න දෙයක් නැද්ද දන්නේ නැහැ මුන්ට
කන්න බැරි කේක් මොකට ද ? මෝඩ වැඩ
ඔහු ලෝකයේ සිටින විශිෂ්ඨයෙක්. ඔහුගේ වැඩිමහල් සොහොයුරා විශිෂ්ඨ කැටයම් ශිල්පියෙක්. මේක හොද කාර්යයක්.
සුබ පැතුම්. කවුද මේ කේක් මිලදී ගන්නේ. කාලය හා මුදල් නාස්තිවෙනවා.
මෙම කේක් එක රෝහිත බෝගොල්ලාගමට දෙන්න හොදයි. එයත් මේ වගේ කේක් බලයට එනකොට කැපුවා.
ගන්න දෙයක් නෑ මුන්ටනම් මෝල්
මෙහෙමත් මී හරක්
මේ දවස්වල හැමතැනම හොරු. ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. සුබ පැතුම්.
ආශ්චර්යවත්, ඇදහිය නොහැකියි, උත්කෘෂ්ඨයි.
නියමයි, ඒත් ඇයි මේ වගේ නිකම්ම වැඩ
මේක කන්න හදපු කේක් එකක් නෙවෙයි වගේ.
කේක්?නිල්මැණික්, රන් අබරණ කන්නද?
ලස්සනයි. නියමයි. සුභ පැතුම්.
මුන්ට වෙන වැඩ නැද්ද. කරපන්කෝ ප්‍රයෝජනවත් දෙයක්.
ඇත්තටම අලුත් සංකල්පයක්. මාත් ගොඩ නගපු අපූරුම නිර්මාණයක් තමංගේ හැකියාවත අලුත් ආකල්ප මත ගොඩ නැගීම ලාංකිකයන් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන්, මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
මේකා පිස්සෙක්නේ.
සර්, ඔබ හැමදාමත් විස්මිත නිර්මාණ කළා. හෙටත් කරාවි. එම නිර්මාණ ශක්තිය තවත් සියදහස් ගුණයකින් වර්ධනය වෙන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මක් නිසාද ඔබ කොතරම් ඉහළ තැනක සිටියත් ඔබ මහ පොළොවේ පහ තියළා ජීවත් වෙන නිසා. ඔබෙන් යම් උදව්වක් ඉල්ලුවොත් තරාතිරම නොබලා උදව් කරන නිසා. මම සීෂෙල්ස් වල ඉන්න ක්‍රිෂාන්.
පරෙස්සම් කරගන්න. පොලිටික්කෝ ඒකත් හොරා ගනියි. ඔබට ජය.
ඔය කේක් ගෙඩියේ වැඩිපුර තියෙන්නේ කේක් නෙවෙයිනේ. එහෙම බලාපුවාම ඕකේ කේක් නැති ගෙඩියක්.
මෙන්න ලංකාවේ වැඩ කාරයෝ. ලොකුම සල්ලිකාරයන්ව දැනුම්වත් කරන්න. දිමුතු මම ඔයාගේ යාළුවෙක්. මම ඉන්නේ ඕමාන් වල.
බන්දුල ගුණවර්ධනට තෑගි දෙමුද ? 7500 න් ජීවත් වෙන හැටි කියලා දුන්නට.
ලංකාවේ දැන් පාන් ගන්න නිසා කේක් කන්න පුළුවන්.
නියම වැඩක්. හොටෙල් ක්ෂේත්‍රෙය් අපේ අය තමයි ගොඩක් ඉහලින් ඉන්නේ. ඕක වෙන්දේසියේ දැම්මනම් ඉන්ටර්නේට් එක හරහා ගන්න ඕන තරම් අය ඒවි. ලෝකේ වටිනාම අතුරුපස නිර්මාණ්‍ය කළෙත් ලංකාවේ හෝටලයක. ඒකත් එහෙම වෙන්දේසි කළා.
ලංකාවෙත් දෙයක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා කියලා ලෝකෙටම කියන්න පුළුවන්. හොදයි. හොදයි.
බල බල ඉන්න නම් හොඳයි... එත් කේක් තියෙන්නේ කන්න නෙමෙයි ද?
අප්පේ හරිම ලස්සනයි. තව මේ වගේ දේවල් කරන්න කියා සුබ පතනවා.
මම දිමුතුට සුබ පතනවා.
මෙයාගේ අයියත් මෙයා වගේ වැඩ කාරයෙක්. ලංකාවේ නම රකිනවට ඔබට අපගේ උඵහාරය.
කෝටි හතලිස්පහක චෙක් එක හෙට පියුම් මහත්තයා ගෙනත් දේවි. අත්සන් කරලා ගන්න හොදේ. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු.
නියමයි. සියලු දේ සාර්ථක වේවා. !!!!
මොනා හරි විස්කිරිඤ්ඤයක් හදලා ඒකට අධික වටින නිල්මැණික් ගල් ටිකක් හයි කෙරාත් වටිනාම විස්කිරිඤ්ඤය වෙනවා ද ? මේක මහ වංචාවක්
පාන් පිටි මිලත් එකතු වුනානම් ගාන තව බර ගාණකින් වැඩි වෙයි මගේ හිතේ.
තොපිම ගිලගන් ඕක. තෝ ලංකාවෙද ? තොට සංවේදී හිතක් නැද්ද ? තොපි කෝටි ගණන් කේක් හදලා විකුණන්න හදනවද ? යකෝ ලංකාවේ සාමාන්‍ය පවුලක් විදින දුක බලපන්. තොපිට ඕනෙනම් එංගලන්තෙට ගිහින් කේක් හදාගනින්.
පිස්සු නැත්නම් ශෝක්
හොදයි, ඒ උනාට අපිටනම් පාන් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඉතින් කේකුත් කාපල්ලකෝ.
නියමයි, ලංකාවේ අපේ වැඩක් එළ.
බොරු වැඩ. මේවා හොදයි වැඩ නැති උන්ට. මොකක්ද මේකෙන් ඇති ප්‍රයෝජනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් කෙක් හදන්න දන්නා සල්ලි තියෙනවනම්. මල සමයන්.
ඕක සෝමාලියාවේ කන්න නැති ළමයින්ට දෙන්න වෙන්න ඇති යන්නේ.
දිමුතු කුමාරසිංහ
අනේ මෙහෙමත් අපරාධ . මේ සල්ලි ටිකෙන් අසරණ මිනිස්සු කී දෙනෙක්ට උදව් කරන්න පුළුවන් ද ?
තමුසෙලනම් මොන හරක්ද මන්දා, කොහොමද මේ වගේ ගණන් හදන්නේ අන්තර්ජාලයට දාන්න කලින් මේවා අනුමත කරගන්නේ හරක්ගෙන්ද ? මම දැන් කමෙන්ට් දාන්නේ නැහැ කියලා දානවා. ඒ වුනාට වගේ විකාර දාන්න එපා මිනිස්සුන්ව විහිළුවකට ගන්න එපා.
මේක අරගෙන කාල පිටරට යන්න ගියොත් එයාපෝර්ට් එකේදී බඩු තමයි.
ඩොලර් කෝටි 3.5 * 130 = රුපියල් කෝටි 455
මේක මැණික් වෙන්දේසියක් ද ? කේක් ගෙඩියක් ද ?
රජ ගොන් පාට්..
මට නම් වටිනාකමක් පෙන්නෙ නෑ
කේක් නැතිනම් පාන් කාපන් ! අපිට දුක කේක් විතරයි.
පාන් නැතිනම් කේක් කාපල්ලා කිව්වේ මෙයාගේ බිරිදද දන්නේ නෑ
කේක් කියන්නේ කන්න පුළුවන් කෑමක් කියලා තමයි අපි නම් අහල තියෙන්නේ. මැණික් රත්තරන් තිබ්බට මේකේ කන්න පුළුවන් කොටසේ වටිනාකම රුපියල් සීයක්වත් වටින්නේ නෑ
අම්මෝ යන්තම් ඇති අපිට මේ වගේ දෙයක් විතරයි අඩු වෙලා තිබ්බේ . ........
නිකන් ගොන් වැඩ කරන්න එපා.
මොකක්ද අර ගෝනුස්සෙක් වගේ එකෙක් ඉන්නේ.
කෑවොත් බඩ කපලා ආපහු ගනීවි.
දිමුතු. නියමයි. හොද වැඩක්
මැණික් තියෙන්නේ කේක් වල ඔබ්බන්නද ? උනන්දුව හොදයි. මේක නොකලනම් ඒත් වඩා හොදයි.
කොල් නිර්මාණයක්, කේක් එකකට මැණික් රත්තරන් දමන එක අරමුණක් තියෙණවද ? එංගලන්ත කණ්ඩායමනම් කටින් කොහොම වෙතත් අනිත් පැත්තෙන් හිනා වෙන්න ඇති.
දිමුතු ඔබ අපට ආඩම්බරයක්
විශේෂිත කාර්යයක්. ඉතාමත්ම ආඩම්බරයි. ඔබේ සාර්ථකත්වයට අපේ සුබපැතුම්.
බොරු වැඩ . මැණික් ගල් ඇල්ලුවා කියල කන්න පුළුවන්ද ?
අපරාදේ
හොද නිර්මාණයක්. හැබැයි කන්න නැතුව ඉද්දි මේ වගේ ඒවට නිකරුණේ වියදම් කරන එක අපරාදේ.
ගීතාංජන මෙන්ඩිස් මහත්තයාට කිව්වනම් ගිනස් පොතට දාන්න තිබ්බා.
මුන්ට පිස්සු