ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත කඳවුරුවල සිටින සරණාගතයන්ට ඕස්ටේ‍්‍රලියාවේ ජීවත්වීමට සලස්වන ලෙසත්, එසේ නොකරන්නේ නම් ඔවුන් ඕස්ටේ‍්‍රලියා භූමියෙන් පිටත පිහිටා ඇති පැපුවා නිව් ගිනියාව හෝ නාඋරු සරණාගත කඳවුරුවලට නොයවන ලෙසත් ඕස්ටේ‍්‍රලියාවේ සිටින දෙමළ ජනයාද ඔවුන් සම්බන්ධ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝද වික්ටෝරියාවේ මේරි බිනොන් සරණාගත කඳවුරු ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ. කොටි සාමාජිකයෝ කොටි කොඩිය නැතිව ඊට එක් වූහ.
ඕස්ටේ‍්‍රලියා රජය සහ එරට විපක්‍ෂයේද සහයෝගයෙන්, මෙම වසරේ අගෝස්තු මැද භාගයේදී සරණාගතයන් සම්බන්ධයෙන් ගෙන තිබෙන නව නීති රීති ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ක‍්‍රිස් බෝවෙන් මහතා විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කරනු ලැබීමෙන් පසුව මේ විරෝධය පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ රත්තරන් රටේ ඉන්න දන්නේ නැතිව පිටරටවල පුරවැසිබව හිගාකනවා. (ස)
අපේ රටේ දැන් යුද්දේ නැහැ. බොරුවට මේ සුන්දර ශ්‍රී ලංකාව පාවා නොදී අපේ රටේ ඉන්නෙ නැහැ කියාගෙන ඕස්ට්‍රේලියාවෙ නෙවෙයි දැන මුළු ලෝකයෙම සිටියත් වැඩක් නැහැ. අපේ සුන්දරත්වය දකිනකොට ඇතිවන සුවය අපිට කියලා නිම කරන්න බැහැ. (නි)
කට්ටියට බෙහෙත හම්බවෙලා තියෙන්නේ.
තමන් ඉපදුනු බිමට නිගා කරමින් ඉසුරු සොයා ගිය වුන්ට හොඳ වැඩේ වුනේ. (ස)
රට රත්තරංද කියලා තව පොඩ්ඩක් හිතන්න වෙනවා මේ වෙන දේවල් දිහා බැලුවහම. (නි)
අන්න ඊලම කියන පුස්ස පිහිටුවන්න නියම තෑන. ඔය සුද්දො ටිකත් එක්කම ඒක හදාගන්න පුලුවන්. මොකද එහේ මේ රටට වඩා හෙන ලොකුයිනේ...ඕන තරම් ඉඩත් තියෙනවා.... (ස)
රට නම් රත්තරන් ඒත් පාලකයෝ.? (ස)
කොහොමද වැඩේ
අයියෝ සල්ලි
පිටරටවල් වලට ආවඩන අයට අපේ රටේ අගය දැනෙන්නේ නෑ.. (ස)
මම අද තමයි සුදු කොටින්ව දැක්කේ. (නි)
මෙයාලා සුද්දෝ නෙවෙයි (ස)
අයියෝ සල්ලි