ජාතික චිත‍්‍රපට සංස්ථාව සංවිධානය කළ 2011 කෙටි චිත‍්‍රපට උළෙලේදී ”හොඳම චිත‍්‍රපටය” ”හොඳම අධ්‍යක්‍ෂණය” සහ ”හොඳම රංගනය” සඳහා හිමිවන සම්මාන ත‍්‍රිත්වයම චමිලා රුවන් කුමාරි අධ්‍යක්‍ෂණය කළ ”කට වහපං සිරියාවතී” චිත‍්‍රපටයට හිමිවිය. යොවුන් පුවත්පත් කලාවේදිනියක ලෙස ”නාඩන් බට්ටිච්චි” ආදී නවකතා සමගින් පාඨක හදවත් දිනූ චමිලා කලක් ගුවන් විදුලි වැඩසටහන් කළමනාකාරිනියක ලෙසද කටයුතු කළ අතර මේවන විට ට‍්‍රයඞ් දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ සහය නිර්මාණ අධ්‍යක්‍ෂිකාවක ලෙස සේවය කරන්නීය. ”කටවහපං සිරියාවතී” ඇගේ කුළුඳුල් කෙටි චිත‍්‍රපට නිර්මාණයයි. තම හඬට පවුල තුළ, පාසල තුළ මෙන්ම සමස්ත සමාජය තුළම ඉඩක් නොලැබීම හේතුවෙන් පීඩාවට පත් කාන්තාවකගේ අනුවේදනීය කතා පුවතක් රැගත් ”කට වහපං සිරියාවතී” පිළිබඳවත් ලැබූ සම්මානයන් පිළිබඳවත් අදහස් දක්වමින් චමිලා රුවන් කුමාරි මෙසේ සිය හඬ අවදි කළාය. ”මේ චිත‍්‍රපටයේ නිරූපණය වන අයුරින් අසහනයට පත්වන කාන්තාවන් අපේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙනවා. තම අයිතීන් ගැන තමන්ට ඇති ගැටලූ පිළිබඳ හඬක් නගන්නට යන බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ට සමාජයෙන් ලැබෙන්නේ ”කට වහපං” යන අණයි. ගැහැනියකට පිරිමියෙකුගෙන් පමණක් නොවෙයි තවත් ගැහැනියකගෙන් වුණත් ලැබෙන්නේ මේ ප‍්‍රතිචාරයමයි. කට වහපං කියා ඇගේ කට වැසුවත් හිතට එන ඒ සිතිවිලි මරන්න බැහැ. මේ නිසා කාන්තාව විශාල මානසික පීඩනයකට ලක් වෙනවා. තමන් කළ දේ වැරදියි කියා සමාජය තේරුම් ගන්නා විට බොහෝ සෙයින් ප‍්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. මේ ඛේදාන්තය ගැන සමාජය දැනුම්වත් කරන්නයි මම මේ කෙටි චිත‍්‍රපටය රචනා කර අධ්‍යක්‍ෂණය කළේ. මගේ අදහස කාන්තා පිරිමි අප කවුරුත් සමාජයේ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කාන්තාවන් පිරිමින් ලෙස අප වෙන්වී සිටිය යුතු නැහැ. කරන දේ පිළිබඳ නිසි අවබෝධයක් දැක්මක් ඇතිව කැපවීමෙන් ඒ කාර්ය කිරීමයි වැදගත් වෙන්නේ. සමාජ යථාර්ථයක් පටු ස්ත‍්‍රිවාදී අගතීන්ට යට නොවී ඉදිරිපත් කිරීමට මෙම චිත‍්‍රපටයේදී මා උත්සාහ කළා. ලැබුණු සම්මානවලින් සනාථ වන්නේ මගේ ඒ උත්සාහය සාර්ථක බවයි.” ගම්පහ මහාමායා විද්‍යාලය, කිරිල්ලවල මහා විද්‍යාලය, වදුරඹ මධ්‍ය මහා විද්‍යාලය සහ ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චමිලා පුවත්පත්වලට ලිපි ලිවීම අරඹන්නේ පාසල් වියේදීමය. පාසලට සමුදී සුවඳ යොවුන් පුවත්පත හා එක්වූ ඈ ලියූ නවකතා පාඨකයින් අතර බොහෝ ජනප‍්‍රිය විය. දැන්වීම් නිර්මාන ශිල්පිනියක ලෙස ඇගේ දායකත්වයෙන් නිමැවුණු ලිප්ටන් ලා ඕජී, නිපොලැක්, සන්සිල්ක්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආදී දැන්වීම් ඉතා ජනප‍්‍රිය වූ අතර ඒවාට ඇගැයීම් සම්මානද හිමිවිය. නමුත් ඒ සෑම සම්මානයකටම වඩා තමාට වටින්නේ තම පාඨකයින්ගෙන්, ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබෙන ඇගැයීම් බව චමිලා පවසන්නීය. සිරස ගුවන්විදුලිය සහ ඇය ලියූ ‘‘අරලියා මං ආදරෙයි’’ ගුවන් විදුලි නාටකය වැඩිම ශ‍්‍රාවක ප‍්‍රතිචාර ලැබූ දහවල් ගුවන් විදුලි නාටකය බවට පත්විය. ”මම එකම ක්‍ෂේත‍්‍රයකට කොටුවී ඉන්න කැමැති නැහැ. විවිධත්වයක් ඇති කටයුතුවල නියැළෙන්නට මම කැමැතියි. දැන්වීම් ක්‍ෂේත‍්‍රයට ආවත් මම නවකතා ලිවීම නවතා නැහැ. ඉකුත් සැප්තැම්බර් මාසයේත් සාහිත්‍ය උත්සවය නිමිති කරගනිමින් නාඬන් බට්ටිච්චී 1, 2 නුහුරු හසරැල් හා ඔබ දේදුන්න ආකාසයේ” යන කෘති හතර මා එළිදැක්වූවා. ”කටවහපං සිරියාවතී” ගැන යළිත් කතාකළොත් මෙහි රඟපෑ ඩිල්කි නෙත්මිණී දියණිය හොඳම රංගනයට හිමි සම්මානය ලැබුවා. ට‍්‍රයඞ් දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ සම කළමණාකාර අධ්‍යක්‍ෂ තනතුරු දරණ වරුණි ප‍්‍රනාන්දු අමුණුගම, දිලිත් ජයවීර, ප‍්‍රධාන විධායක නිලධාරී සර්ව අමරසේකර සහ රිල්ලා කාමිල්, චන්දන ගාමිණී යන හිතවතුන් ලබාදුන් සහයෝගය, ධෛර්යය නොවන්නට මට මේ තරම් සාර්ථක නිර්මාණයක් කරන්නට නොහැකි වෙන්න තිබුණා. එමෙන්ම මෙහි රංගනයෙන් දායක වූ ලියෝනි කොතලාවල, උදයංගනී සමන් කුමාරි, කලණ ගුණසේකර, කැමරා අධ්‍යක්‍ෂණය කළ රුවන් කොස්තා, සංගීතයෙන් දායකවූ රුවන් ශ්‍රී වල්පොල, කලා අධ්‍යක්‍ෂණයෙන් චරිත් වික‍්‍රමතිලක වගේම හොරණ තල්පාවිල ගම්වාසීන් මට විශාල සහයෝගයක් දුන්නා. දැන් ඉතින් චිත‍්‍රපටයකුත් කරන්නැයි මගෙන් බොහෝදෙනා ඉල්ලීම් කරනවා. චිත‍්‍රපටයක් කිරීම පහසු නැහැ. දුරදිග බලා එහි කටයුතු සැලසුම් කළ යුතුයි. හොඳ තේමාවක්, තේමාවට සාධාරණය ඉටුවන තිර පිටපතක්, හොඳ නළු නිළි පිරිසක්, සංගීත අධ්‍යක්‍ෂණය සහ අවශ්‍ය පරිදි මුදල් වියදම් කිරීමේ හැකියාව නැතිව චිත‍්‍රපටයක් සාර්ථක කරගන්න බැහැ. එම අංග පහ සපුරා ගන්නට ලැබුණු දිනෙක මාත් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරයි යනුවෙන්ද ඇය කීවාය.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කට වහපං සිරියාවතී