කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52 ), කාවින්ද්‍යා චතුරංගි (18) ඝාතනයේ සැකකරුවකු වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි සහ ත්‍රීරෝද රියදුරකු වූ ජයසේකර විතානලාගේ සරත් නන්දන ජයසේකර හෙවත් චූටි මල්ලී නීතිපති උපදෙස් අනුව කහවත්ත ප්‍රධාන මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය විසින් අද නිදහස් කරනු ලැබූහ.
2012 ජනවාරි 31 වැනිදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ධර්මසිරි වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේය.
දැනට මේ නඩුවේ සැකකරුවන් වනුයේ ධර්මසිරිගේ සොයුරු ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා රෂිකා චාන්දනී උදයකුමාරි හෙවත් අශෝකා යන දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසින් දුටු සාක්ෂි ඇතුව මිනීමරන්නෙ නැහැනේ. (නි)
වරද කරුවන්ට නිසි දඬුවම් පමුණුවන්න (දී)
අනේ නොදන්නා නිසා අහන්නේ මෙයලටත් අතුරුදහන් ලිස්ට් එකට ඇරයුම් ද දන්නේ නැහැ නේද ? එහෙනම් කොතරම් හොදද මෙයා.(නදී)
උසාවියෙන් ද තීන්දුව දුන්නේ? (ස)
හරි මේ දෙන්නටත් ලොකු තැනක් ලැබේවිද ? (ස)
ඔන්න චින්තනයේ තවත් වැඩක්. ලබන පාර ඡන්දෙට නොමිනේෂන් එකත් ලැබෙයිද?.(නදී)
මෙන්න තවත් ආශ්චර්යයේ ප්‍රතිඵලයක්. (නි)
පිස්සු හැදෙනවා දොරේ (නි)
කොහොමද ටිකිරි මොලේ? (නි)
ඇපය රුපිරල් 500යක් විතර ඇති නේද ආයුබෝවන්.(නදී)
සමාව දෙන්න එපා, මොකද ඒ අය කල වරද සුළු පටු නොවෙයි (දී)
නීතිය සාධාරණය ඉටුකරයි (දී)
කොහොමද වැඩේ(නු)
මේකේ ලොකු රගසක් තියෙනවා. මට හිතෙන්නේ මේක කුඩු ගේන ලොක්ක සල්ලි දීල එලියට අරගෙන වගේ. මතට තිත කුඩුවලට කොමාව දාලා වගෙයි.(නදී)
ඇයි මෙහෙම නිදහස් කෙරුවේ? (නි)
ආශ්චර්යයට යන ගමන! (නි)
පිස්සු හැදෙනවා මේවා ඇහුවහම. (නි)
මොකද අනිත් දෙන්න නිදහස් නොකලේ.(නදී)
මට තේරෙන්නේ නැහැ නීතිය කොහෙද තියෙන්නේ මේ රටේ කියලා.(නදී)
නඩුයි, බඩුයි දෙකම හාමුදුරුව්නගේ. මේයා ලගදීම පාර්ලිමේන්තුවටත් යන බව විස්වාසයි. මිනිස්සුන්ට අමතක වනතුරු විතරයි හිරේ යන්නේ. උනුසුම ඉවරවුන ගමන් නිදහස්.(නදී)
දේශපාලන තල්ලුවක් තියෙනවනම් කව්රු කව්රුත් ගොඩ (ස)
අනිත් දෙන්නවත් ළගදිම නිදහස් කරයිද? (නි)
මොන පිස්සු වැඩද මේවා. ඇයි මිනී මැරුමකට සම්බන්ධ වුන අයව නිදහස් කළේ. හොද වෙලාවට අර දෙන්නා තවම ඇතුලේ ඉන්නේ.(නදී)
අරුම පුදුම රටක් තියෙනවා.(නදී)
නීතිය හරියට ක්‍රියාත්මක නොවන තැන මිනිසුන් නීතිය අතට ගැනීම පුදුමයක් නොවේ.(නදී)
ඈප පිටද.. ? නිදොස්කොට නිදහස්ද..?(නදී)
මමනම් කියයන්නේ ඇප දෙන්න එපා කියලා, (දී)
අම්මයි දුවයි දෙන්නා ඒ දෙන්නට දෙන්නව මරාගත්තා කියලා අපේ කට්ටිය අන්තිමට කියයිද දන්නෙ නැහැ (නි)
මෙන්න තවත් ආශ්චර්යයක්. (නි)
නීතිපති උපදෙස් වලට කවුරුත් හිස නමන්න ඕනේ (දී)