කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළ ඉපැරැණි භාණ්ඩ උණු කළැයි කියන රන් ග්‍රෑම් 630ක (කෑලි 7ක්) සමග අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. කඩවත ඉහළ බියන්විල තේනුවර ආචාරිගේ කැළුම් එම පුද්ගලයාය. උණු කළැයි කියන රන් කැබලි වලින් තුනක් විකුණා ඇතැයි කොළඹ අපරාධ විමර්ශන අංශය උසාවියට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. හූ...........
රටේ මෙතුවක් කල් සිදුවුන පොලිස් හපන්කම් වල හැටියට මෙය ජනතාවගේ කටවල් තාවකාලිකව වසා දැමීමට ගෙන යන ප්‍රෝඩාවක් බව නිසැකයි. ඔය කියන හොරා තනි පුද්ගලයෙක් නම්, කටුගෙයි කැමරා පද්ධතිය නිවා දමා, අධි ආරක්‍ෂිත පෙදෙසක් හරහා මෙවැනි ත්‍රාසජනක වික්‍රමයක් සිදුකොට පලාගිය මිනිහා රන් ගුලි කීපයක් සමග අහුවෙන තරම් බබෙකු නොවේ. මෙහි සැබෑ හොරුන් කවදාවත් අසු නොවනු ඇත. මේ කියවෙන කතාව හරිනම් මොහු පොලිස් / හමුදා ඒකකයක පුහුණුකරු තනතුරට බඳවාගත යුතුයි. උම්මග්ග ජාතකයේ බෝසතුන් පවා 'ශූර චෞරයින් හිරෙන් නිදහස් කර ප්‍රසාද දෙවා ..' හමුදාවේ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත.
ඕක ලොකු කෙප්පයක්
මේක උපායක්
ඇයි මහජනතාවට ඇත්ත නොකියන්නේ?
මේක වෙන්න බැරි දෙයක්
අපරාදෙ ඔය වගේ දේවල් පත්තරවල දාන්නෙ. මොකද අපේ මෝඩ මිනිස්සුන්ට ලොකු චාරවත් මාධ්‍යයට වඩා කටකතාව නෙ. හෙට අනිද්දා කියයි මේකත් මොකක් හරි ජිල්මාට් එකක්ය කියල,,,
දැන් මේ රටේ නීතියක් නෑ කිය කියා උඩ පැන්න අයට හරි දුක ඇති. අඩන්න එපා, ඔය ඊයෙ පෙරේදා වෙච්ච මරණයක් හොයන් තව තව රස කතා ගොඩක් ගොතන්න පුලුවන් නෙ? නේද?
මරේ මරු
කාවද මේ රවට්ටන්න යන්නෙ.. ??
රජ කාලේ නම් මෙලහකටත් බඩු උණු කරලා ඉක්මනට බැංකුවටත් දාන්න තිබුණා..බඩු උණුකර රන් වලින් උලක් හදල. කඩු රත්තරන් නොවෙයි යකඩ. යකඩඋණුකර රන් වලින් උලක් හදල...? මේවා අහල පණ පලයන්.!!!!! රජ කාලේ නම් මෙලහකටත් සම්මානයක් දෙන්න තියලා...රන් වලින් උලක් හදල ,රජ අභියස දී, දන්ගෙඩිය මත තබා උල ගසා දැමිය යුතුය. මේවා මේ අපි කියන කතන්දර. හතර හිනා....!!! බඩුම තමා..රත්තරන්..බඩුම තමා..!!!!
අපට මේ ගැන විස්තර මදි ,බය නැතුව කියන්න කොහොමද මෙහෙම කරේ, කවුද මේක සම්බන්ධ, මේක මුළු රටම බලාගන්න ඕන වැඩක්...
මෙයාවත් උනුකරන්න අනිත් කට්ටියට උන ගැනෙන්න ...
මම නම් මුල ඉඳම්ම හිතන් හිටිය අන්තිමේදී ඔය වගේ දෙයකින් මේ ප්‍රශ්නය ඉවර වෙයි කියල ... අන්තිමේදී කඩු ටික වෙනුවට උනුකරපු රත්තරන් ටිකක් තමයි කටුගෙට ගෙනියන්න වෙන්නේ .... කඩු ටික කොහේ හරි තිබිල තව අවුරුදු 500 කින් විතර ආය හම්බුවෙයි .... මොකද ඔය කඩු තියාගත්තා කියල අවුරුදු 200 ක් ආයුෂ වලදන්න ලැබෙන එකක්යැ.......
හානේ ඇත්තමද..එහෙනම් අපි රැවටෙනවා හොදේ...
මේ කතා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට.යකඩ කඩුත් රත්තරන් වෙන ආසියාවේ ආශ්චර්ය!!!!
මේවා අධිරාජ්‍යවාදී කුමනිත්‍රණ නෙමෙයි දේශප්‍රේමී කුමන්ත්‍රණ මේව දැකකල පණ යනවා ලබන පෙරේදා.......
මොන මෝඩයද මිල කල නොහැකි වස්තුවක් මිල කර හැකි රත්තරන් වලට උණු කරේ....
ඉතාම සතුටුදායක ආරන්චියක්. මෙපමණ කලක් ඒ ගැන වෙහෙස මහන්සි වී සෙවූ නිලදරයින්ට ජාතියේ ප්‍රණාමය...!
මටත් උනු උනු බඩු ගන්න බැරිද අනේ...
කෞතුක බඩු හොරක්ම කරන්නෙ රත්තරං බරට විකුණන්න නම් ඒක විහිළු කතාවක්.. මොකද ඒව මිල කළ නොහැකි වස්තු නිසා.. අනේ කාවද මේ රවට්ටන්නෙ.. මේව ජාතික අපරාධ
කටුගෙයි දේවල් හොරකම් කර්නනේ කොහොමද? කටුගෙයි ආරක්ෂාවට ආරක්ෂක භටයෝ නැද්ද?
මේ තියෙන්නෙ ඒ බඩු උණුකරපුවාමද?
බය වෙන්න එපා හලෝ, මේ ගැන තවත් රසබර ජවනිකාවක් හදන්න අද අපේ ළිඳ ළඟ සන්ගමේ උන්ඳැලා රැස්වෙනවෝ........
දැන් මේකට එක එකාට ඇඟිලි දික් කරකර මඩ ගහපු අපේ ගොයියොන්ට තව මිනියක්වත් හොයාගන්න වෙයි මෙදා ඡන්දෙට විකුනන් කන්න. අපිට හරි දුක්යි ඒ ගැන.
දිට්ඨ දම්ම වේදනිය කර්මය!
නියමයි මේක රටට කරපු ලොකු සේවයක්.
ඔය කර වැඩේට සම්මානයක් දෙන්න වටිනවනේ...
ඕක තමයි කියන්නෙ වැරැද්දක් කෙරුවොත් හැමදාම බේරිල ඉන්න බෑ කියලා. කොච්චර හරි කල් ගිහිල්ල අහුවෙනවාමයි.
නියමයි නියමයි . ඔත්තුව දුන්න කෙනාටත් තෑගි දෙන්න අමතක කරන්න එපා .
අර දිගටම බලයේ ඉන්න වරම තියෙන කඩුවත් උණු කෙරැවද ? අයියෝ එහෙනම් ඔක්කොම ඉවරයි..
කඩු ටික ලොක්කෝ විදිනවා.අහිංසකයෙක් දඩුවම් විදිනවා.අනේ මෙහෙමත් රටක්.
"හොරු ටික රජසැප විදිනවා . අහිංසකයෙක් දඩුවන් විදිනවා ". අනේ මෙහෙම රටක් .
**** කව්ද මේ කතාව පිළිගන්නේ ???? කියන්න බලන්ඩ ඔයාලගේ අදහස් ???
මේක බොරැවක්ද මන්දා අහිංසකයෙක් අහුවෙලා වගේ...
හනුමා: මම හිතන් හිටියේ අපි දැන් ඉන්නෙත් රජ කාලෙක කියලා
මෙයාවත් උණු කරොත් තමයි වටින්නේ.
අප්පුහාමි මාම හරි. ඒක තමයි මගෙත් මතය .කටුගෙයි කැමරා ඕෆ් කරෙත් මෙයාද ??
දැන් ඔය උණු කර රන් කටුගෙයි ඒවමයි කියලා කියන්නේ කොහොමද ?
මේක සම්පුර්ණ ප්‍රෝඩාවක්. කඩු රත්තරන් නොවෙයි යකඩ. නියම හොරා වසන් කරන්න බොරු බයිලයක් ගහනවා....
ගොරක දඩමස් කරලද දන්නෙත් නැහැ,,,
රජ කාලේ තිබුණ දඩුවමක් දෙන්න ඕන....උල තියනවා වගේ..
රජකාලේ, අපේ උරුමයන් විකුණා ගෙන කැ මෙම සොරදෙටුවන් ගේ සහ මේවා කෞතුක වස්තුන් බව දැන දැන උනුකල මොහුගේ හිස, මංසලක් අභියස දී, දන්ගෙඩිය මත තබා හිස ගසා දැමිය යුතුය. මේ බව අඩබෙරයක් ගසා රටවැසියාට දැනුම් දිය යුතුය. මේ මාගේ හද තුලින් එලියට ආ හැගීම් බර අදහසක් මිස, සම්ප්‍රප්ප්‍රලාපයක් නොවන බවද කීමට කැමැත්තෙමි.
හනුමගේ කතාවනම් ඇත්ත...ඒත් තව ටික දවසකින් මෙයා නිදහස් වේවි.....
ඉක්මනට බැංකුවටත් දාන්න තිබුණා...
අනිත් බඩු කෝ?
කටුගෙට කට්ට ගහලා උස්සපු බඩු උණු කරලා කියලා දොඩනවා අහලා මගේ හිතඋණු උනා ඒ ඈයෝ එල්ලලා උළ තියලා රජකාලයේ දඩුවම් දිලා කෙෘතුකාගාරයේම තියන්න තමා වටින්නේ. හොද හොද කුක්කන් රජගෙට දක්කන් තෙමිච්චි කුක්කන් කටුගෙට දක්කන් කියලා අපේ මද්දුම කොල්ලා හෑන් පොන් එකෙන් තවත් කොල්ලෙකුට දෙඩනව මම අහගෙන ලංකා දීපේ වෙබ්එකේ නිවුස් එක දැකලා
මොනවා කියන්නද?
මෙයාට දෙන්න ඕන ආයේ රත්තරන් දිහා නොබලන්න දඩුවමක්...
අනේ මෙහෙමත් ජාතියක් .තමන්ගේ ඉතිහාසයේ අනන්‍යතාව හොරකම් කරන අය.....ලැජ්ජාවෙන්න ඕන..
අපට මේ ගැන විස්තර මදි ,බය නැතුව කොහොමද මෙහෙම කරේ, කවුද මේක සම්බන්ධ, මේක මුළු රටම බලාගන්න ඕන වැඩක්...
රජ කාලේ නම් මෙලහකටත් උල තියලා...
හෙට අනිද්ද දිහාට හොරාව ගෙදර යවයි..
එයා කරපු වැඩේට සම්මානයක් දෙන්න වටිනවා .
මේවා මේ අපිට කියන කතන්දර .. ඇත්ත දන්නේ කව්ද !
කලින්නම් කිවුවේ ඔක්කොම රත්තරන් නෙමෙයි කියල, මේවා වටින්නේ පුරාණ ඒව නිසා කියල, දැන් කියනවා ඒවා උනුකරලාලු, දැන් වැඩේ හරි, හොරකම කරපු ලොකු එවුන් බේරෙයි, කුලියට එකෙක් ඇතුලට යනවා, උනුකරපු බඩු ආයෙත් හොයන්න දෙයක් නැහැනේ, කට්ටියටම හතර හිනා,,,,
අජිත් ඔයාගේ කතාව හරි කරපු අය කොහෙවත් ලෝකේ රවටන්න හැදුවට මහා ජනතාව අවදියෙන්
අජිත් ඔයාගේ කතාව හරි. මහජනතාව රවට්ටන්න හැදුවට ජනතාව අවදියෙන්....
ඔය ඔක්කොම බොරු . හොරකන් කරපු ලොකු අය හැංගිලා මහජනතාව රවට්ටන්න කොහෙවත් නැති අහිංසකයෙක් අල්ලගෙන නඞු දමල රිමාන්ඩ් කරනවා.
උණුකර රන් වලින් උලක් හදල උල තියන්න තියෙන්නේ....
බඩුමතමා....මේවා අහල පණ පලයන් ලබන පෙරේදා ......
බඩු උණු කරලා ,,,,,,,,,,,,,,,,
මෙයාට දෙන්න ඕන විදේස තානාපතිකමක්
ජනතාවගෙ විරෝධය ලැව් ගින්නක් වගේ ඇදිල යනවා. ඒක වහන්න තමයි මේ දේ කරල තියෙන්නෙ. මම දන්න තරමින් මේ ඉදිරිපත් වුන තැනැත්තගෙ පවුලේ උදවියට ලක්ෂ ගනනින් ගෙවලා. ඇත්ත පස්සෙ දැනගන්න පුලුවන් වේවි. කවදාවත් බොරුව හංගන්න බෑ. බුදුදහමෙ හැටියට නම් සාප දේවි.
ජාතික විනාස
ඔය ඔක්කොම බොරු, බඩු වලට උණේ වෙන දෙයක්...
නියම හොරා වසන් කරන්න බොරු බයිලා කියන්නේ.
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...
පරණ දේවල් උනුකරල ගත්තාම මොකද .