IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොටට අඳින එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි

2016-12-05-ent-65

නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් පියුම් සිරිනායක මේ දිනවල රංගන ශිල්පිනියක ලෙසද පුංචි තිරයේ දකින්නට ලැබේ. ඒ සිරස රූපවාහිනි නාළිකාවේ රාත්‍රී 7.30ට විකාශය වෙන සුසිල නිෂ්පාදනයක් වූ "අරුමවන්ති" ටෙලි නාට්‍යය තුළිනි. මෙහි ඇය "සරා" ලෙස චරිත මවන්නීය. සිය පළමු ටෙලි නාට්‍ය රංගනය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව පියුමි "සාරවිට" සමග මෙසේ දොඩමලු වූවා.

 

"සාරා" කියන්නද "පියුමි" කියන්නද?

2016-12-05-ent-67"පියුමි" කියන්න. හැබැයි දැන්නම් පියුමි කියන නමටත් වඩා "අරුමවන්ති" ටෙලි නාට්‍යයේ "සාරා" කියන නමින් තමා බොහෝදෙනෙක් මට කතා කරන්නේ. ඒ තරමට ඒ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර වැඩියි.

 

පියුමිට "සාරා" කියන චරිතේ ලැබුණේ කොහොමද?

"සුසිල" ආයතනයේ කර්තෘවරයෙක් තමයි සුධාර අයියා. එයා තමයි මට කිව්වේ %සුසිල^ ආයතනයේ සන්ධ්‍යා මිස් හම්බ වෙන්න කියලා. ඒ මිස් මුණ ගැහුණ ගමන් එයා කැමති වුණා මාව "අරුමවන්ති" ටෙලි නාට්‍යයට තෝර ගන්න. හැබැයි මාව ටෙලි නාට්‍යයට සම්බන්ධ කරගන්න කලින් මාස 4ක් 5ක් "වර්ක් ෂොප්" වලට සම්බන්ධ කරලා රංගනය ගැන ඉගැන්වුවා. දෙබස් හසුරවන විදිහ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වැඩ කරන්නේ කොහොමද කියන දේවල් මේ "වර්ක් ෂොප්" හරහා මට ඉගෙන ගන්න පුළුවන් වුණා. මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා සරත් සේනාරත්න සර්ව. ඒ වගේම "වර්ක් ෂොප්" වලදී මට නන් අයුරින් උදවු කළ සැමටත් ස්තුති කරන්න ඕනා.

 

"සාරා" කියන චරිතේ ගැන කිවුවොත්?

"සාරා" කියන්නේ හරිම ආඩම්බර, නපුරු ගතිපැවතුම් ඇති තරුණියක්. විශේෂයෙන්ම විලාසිතා වලට ගොඩක් ප්‍රියකරන තමන් ගැනම සිතන කෙනෙක්. ඒ වගේම පවුලේ නම්බුව ගැන ගොඩක් හිතන වෙලාවකට හිත උණුවෙන කෙනෙක්.

 

පියුමි කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

මම පොඩි කාලේ ඉඳලාම නිළියක් වෙන්න ආසාවක් තිබුණා. නමුත්, දෛවයේ කැමැත්ත අනුව මට මුලින්ම ජයගන්න පුළුවන් වුණේ නිරූපණ ක්ෂේත්‍රය. ඒත්, මම මගේ හීනය අත්හැරියේ නැහැ. අද මම නිළියක් විදිහට මේ ක්ෂේත්‍රයට පිවිසිලා තියෙනවා. නිළියක් වුණ පමණින් මම නිරූපණ ක්ෂේත්‍රය අත්හරින්න කැමති නැහැ. දෙකම සමබරව ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

 

"අරුමවන්ති" ටෙලි නාට්‍යයෙන් පස්සේ?

දැනට මගේ අවධානය මේ ටෙලි නාට්‍ය ගැන විතරයි. මේ ටෙලි නාට්‍ය අවසන් වුණදාට තමයි යළිත් ටෙලි නිර්මාණයකට හෝ සිනමා නිර්මාණයකට දායක වෙන්න තීරණය කරලා තියෙන්නේ. හැම වැඩක්ම භාර අරගෙන කාර්යබහුල වෙන්න කැමති නැහැ. මොකද මගේ නිරූපණ කටයුතුත් එක්ක වැඩ කරන කොට මට ලොකු කාලයක් නැහැ රංගනය පැත්තට යොමු වෙන්න.

 

"අරුමවන්ති" ටෙලිනාට්‍යයේ %සාරා^ ටිකක් කොටට අඳිනවා. එවැනි අඳුම් වලින් සැරසිලා රඟපාන එක ගැන ගැටලුවක් නැද්ද?

මම ටෙලි නාට්‍යයේ රූපගත කරන්න ගියාට පස්සේ තමයි දැනගත්තේ ටෙලි නාට්‍යයේ "සාරා" කියන චරිතේ හැටියට ටිකක් කොට ඇඳුම් අඳින්න ඕනා කියන එක. එවැනි කොට ඇඳුම් අඳින එක ලොකු ප්‍රශ්නයක් වුණා මට. නිරූපණ ක්ෂේත්‍රය තුළ නම් මට කොටට ඇඳුම් අඳින එක ප්‍රශ්නයක් නොවෙයි. නිරූපිකාවක් කියන්නේ කොහොමත් විවිධ විලාසිතා වලට යොමු වෙන්න ඕනා අය නේ. ඒ වගේම මම ජාත්‍යන්තර විලාසිතා අනුගමනය කරන කෙනෙක්. ඒ වගේම හොලිවුඩ් හා බොලිවුඩ් නිළියන්ගේ විලාසිතාත් අනුගමන කරනවා. ඒ නිසා කොටට අඳින එක මට ගැටලුවක් නෙවෙයි.

 

නිරූපණය හා රංගන පැත්තෙන් මොනවද තියෙන ඉලක්ක පියුමිට?

මාව කවුරු හරි නිරූපිකාවක් කියනා හඳුන්වලා දෙනවට මම කැමතියි. ඒ වගේම මම නිරූපණයෙන් වගේම රංගනය පැත්තෙන් ඉහළටම යන්න අපේක්ෂා කරන කෙනෙක්.

 

උදවු කරපු අය ගැන කතා කළොත්?

"අරුමවන්ති" ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරපු සුධාර අයියා, "වර්ක් ෂොප්ව"ලදී උදවු කළ සරත් සේනරත්න සර්ව. "සුසිල" ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මිස්ව. ඒ වගේම "අරුමවන්ති" ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න. ඔවුන්ට අමතරව "අරුමවන්ති" ටෙලි නාට්‍යයේ මා සමගින් රංගනයේ යෙදෙන සියලුම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සියලුදෙනා මට නන් අයුරින් උදවු උපකාර කළා. ඒ හැමදෙනාටත් ස්තුතිය පුදකරනවා.

 

2016-12-05-ent-66
2016-12-05-ent-64
2016-12-05-ent-63



අදහස් (0)

කොටට අඳින එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1511 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2022 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1517 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8577 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2472 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10511 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site