IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කොට්ටාව කඩුවෙල සුපරි මගත් ලෑස්තියි

කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව-කඩුවෙල දක්වා කිලෝමීටර් 11ක මාර්ගයේ ඉදිකිරීම් ලහි ලහියේ සිදුවෙයි.
ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ රුපියල් කෝටි 2500ක ආධාර මත ඉදිවෙන මෙම කොටසේ පිවිසුම් මාර්ග තුනකි. කොට්ටාව, අතුරුගිරිය හා කඩුවෙල එම මාර්ග තුනය. මෙහි මං තීරු 4කි.
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ චයිනා හාබර් චීන කොන්ත‍්‍රාත් සමාගම ඉදිකිරීම් කරයි.
මෙම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 3.3ක් දිග පාලමක් ද වෙයි. එය ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම පාලම ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
2010 වර්ෂයේ මුල් භාගයේ වැඩ ඇරඹූ මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී නිම කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍යවේදීන් සමග නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වරාය හා මහා මාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය.
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දෙවැනි හා තෙවන අදියර ලෙස කඩුවෙල සිට කඩවත දක්වාත්, කඩවත සිට කෙරවලපිටිය දක්වාත් අධිවේගී මාර්ග ඉදිකිමට නියමිතය. වසර 2016 අවසානයේදී එහි වැඩ නිම කිරීමට යෝජිතය.



අදහස් (0)

කොට්ටාව කඩුවෙල සුපරි මගත් ලෑස්තියි

සිසිර Thursday, 28 February 2013 07:51 AM

යටිතල පහසුකම් දියුණු කරන එක රජයක යුතුකමක්. මෙය සාමාන්‍ය දෙයක්.(නදී)

:       0       0

ගාමිණි Sunday, 03 March 2013 04:27 PM

ලංකාව දැන් ලස්සන රටක් (දී)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 06:05 PM

ජය වේවා! වාසනා වේවා! ලංකා මාතා... (නි)

:       0       0

කමල් Thursday, 28 February 2013 07:57 AM

අනේ මන්දා. මොනවා කළත් මිනිස්සුන්ගෙ බඩ ගැන නොහිතුවොත් නම්... (නි)

:       0       0

ටිකිරා Wednesday, 27 February 2013 06:14 PM

සිංහලයිනි, මෙච්චර අධිවේගී මාර්ග,වරායවල්,ගුවන් තොටුපලවල් හදමින් සංවර්ධනය කරන රට සංවර්ධනය අවසානයේ මුස්ලිමුන්ට දෙන තැනට වැඩ කරන්න එපා. ජාතිය බේරගන්න පෙළ ගැසෙමු. (නි)

:       0       0

රංජිත් Thursday, 28 February 2013 08:02 AM

මේක ගොඩක් හොද වැඩක්. මේකේ නියම ප්‍රතිලාභය භුක්ති විදින්නේ ‍අපේ දරුවනුයි. (නි)

:       0       0

යොහාන් Wednesday, 27 February 2013 06:16 PM

හැකි ඉක්මණින් රට තවත් දියුණූ වේවා! (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 06:31 PM

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...... මාතෘ භූමියයි.... (නි)

:       0       0

ඉන්දික Thursday, 28 February 2013 08:23 AM

සිසිර නිවැරදියි. නමුත් මම කියන්නේ පසුගිය රජය අඩුම තරමින් මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ කළේ නැහැ කියන එකයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 27 February 2013 06:33 PM

ලංකාව දැන් දියුණුයි (දී)

:       0       0

නිමල් Thursday, 28 February 2013 08:44 AM

මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ ලංකාවේ කෝට්පතියා වුනේ ඇමති කෙනෙක්. එක ප්‍රභලයෙක් ලංඩන් වල ඇන්ඩ්‍රෘ කුමාරයගේ මාලිගාවක් ගත්තලු. මේකයි අද ප්‍රතිරූපය. ඒකයි ගනන් හිලව් ඉල්ලන්නේ. මේවා ගෙවන්නේ අපි. අපිට ඒක අයිතියක්.(නදී)

:       0       0

රුසිරු Wednesday, 27 February 2013 06:54 PM

ජයවේවා!(නදී)

:       0       0

අශෝකා Monday, 11 March 2013 04:09 PM

එක රැයෙන් ප්‍රසිද්ද උනේ (දී)

:       0       0

කෝලිත Wednesday, 27 February 2013 06:54 PM

අරගොල්ලෝ 2014 ආණ්ඩු බලය අතට ගත්තම මේ පාරවල් වල වැඩ ටික දිගටම කරගෙන යනවද කියලා අහලා බලනවද? නැත්නම් සල්ලි ටික අපරාදේ.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 06:59 PM

දිගම පාලම ඉදිවෙන්නේ මල්වාන-කොළඹ පාරත්, අවිස්සාවෙල්ල-කොළඹ පාරත්, අවිස්සාවෙල්ල-කොළඹ ලෝ ලෙවල් පාරත් උඩින් කැළණි ගග හරහා රග්ගහවත්ත - හේවාගම ගන් දෑලේ. හරිම ලස්සනට තියෙයි.(නදී)

:       0       0

චන්ද්‍ර Thursday, 28 February 2013 08:53 AM

අනේ හොඳයි... අනේ හොඳයි... ආස්චර්යක්ම වේවා අනේ හොඳයි..(ස)

:       0       0

සනත් Thursday, 28 February 2013 09:47 AM

ෆොටෝ එකේ ඇමතිතුමා විතරක් හෙල්මට් දාලා නැත්තේ මොකද? (ස)

:       0       0

රීටා Thursday, 28 February 2013 09:47 AM

නිමල් හරි, ඕක තමයි දේශපාලකයෝ මේ රටට දීලා තියෙන පින්තූරය. මේ නිසා කව්රුත් හොදක් කළත් විශ්වාස නැහැ. (නදී)

:       0       0

සූකිරි Thursday, 28 February 2013 09:56 AM

කෙනත් මහත්තයා කියන කතාව එක්තරා දුරකට හරි. නමුත් මේවා කරන්න නය වෙලානේ. එහෙමයි කියලා නතර කරලත් බැහැ. ඉස්සර ඉදන් මේ වගේ වැඩකරනකොට ගත්ත සල්ලි හොරකම් නොකලා නම් අපි මෙලහකටත් ගොඩ.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 27 February 2013 07:25 PM

විෂිශ්ඨයි. ලහිලහියේ නැතුව හරි ප්‍රමිතියට හෙමීට ඉදිකිරීම් කරගෙන යන්න. ගැටලුවක් නෑ.(නදී)

:       0       0

එරංග Monday, 04 March 2013 11:37 PM

මට යනකල් ඉවසීමක් නැහැ (දී)

:       0       0

ෂිහාඩ් Wednesday, 27 February 2013 07:50 PM

ටිකිරා කියන්නේ මහියංගණය පැත්තේ කෙනෙක්ද? (නි)

:       0       0

නන්දන Thursday, 28 February 2013 10:29 AM

කෝ සේනාව (ස)

:       0       0

ශානිකා Thursday, 28 February 2013 10:31 AM

කාටද ආඩම්බර

:       0       0

වසන්ත Monday, 18 March 2013 10:01 AM

අධිවේගී මාර්ග හොදයි. නමුත් ගාස්තු නම් ටිකක් අසාධාරණයි. (නි)

:       0       0

නිහාල් Thursday, 28 February 2013 10:48 AM

මේ පාලමට ගිය කම්බි වලට වඩා වැඩි ප්‍රමාණයක් හොරු අදින්න ඇති (ස)

:       0       0

රූපා Thursday, 28 February 2013 10:56 AM

විවෘත කිරීමේ සන්දර්ශනයට ඇස්තමේන්තුගත මුදලත් අපි දැනගන්න කැමතියි. (නි)

:       0       0

ලාල් Wednesday, 27 February 2013 09:32 PM

අකුල් හෙළන්න එපා. කකුලෙන් අදින්නත් එපා. ආශිර්වාද කරන්න. (නි)

:       0       0

ෂීලා Thursday, 28 February 2013 11:17 AM

බැරිද අපිට වෙළදාම දියුණු කිරීම තුළින් උපයන මුදලින් මේ සංවර්ධන වැඩ කරන්න? (නි)

:       0       0

සජීව Thursday, 28 February 2013 04:15 PM

ඇත්තටම රටේ දියුණුව ගැන ගොඩක් සතුටුයි. (නි)

:       0       0

ඉෂාන්ත Thursday, 28 February 2013 11:21 AM

සිල්වා, හයි වේ කියන්නේ කොහොමත් ගෙවලා යන පාරවල් තමයි. (නි)

:       0       0

දිසානායක Thursday, 28 February 2013 04:21 PM

ඔක්කොම හොදයි. අපිට ආඩම්බරයි. හැබැයි රටේ වෙන මිනීමැරුම් වැඩියි. මේ රටවල මිනිස්සු අහන දේවල්වලට ලැජ්ජාවේ බැහැ.(නදී)

:       0       0

අශෝක Wednesday, 27 February 2013 10:55 PM

දැන් නම් අපිට පෙට්‍රල් මිළ වැඩිවුණත් කමක් නැහැ. (නි)

:       0       0

දුෂාන් Thursday, 28 February 2013 11:52 AM

රජයෙන් කරන මේ වැඩ නියමයි...(ස)

:       0       0

Samanthushanta Manamperi Wednesday, 06 March 2013 12:51 PM

අපේ රටත් වැඩි කල් යන්න කලින් සංවර්දිත රටක් බවට පත්වෙයි නේද (දී)

:       0       0

රංග Wednesday, 27 February 2013 11:06 PM

ලංකාවේ මොන මොන ප්‍රශ්න තිබුණත් මේ සංවර්ධනය ගැන අපිට සතුටුයි. (නි)

:       0       0

කටුවාන Wednesday, 27 February 2013 11:20 PM

රට ගැන හිතන අය රට යනවා... (නි)

:       0       0

අපොන්සු Thursday, 28 February 2013 11:56 AM

මතු පරම්පරාවල් උගස් තබා සැප විදීම අපේ ජාතික ලක්ෂණයක්. අපි ඒක ගැන ආඩම්බරයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 27 February 2013 11:28 PM

මට නම් මේ පාරේ යනකල් සන්තෝෂය උහුලගන්න බැහැ. (නි)

:       0       0

ලියනාරච්චි Thursday, 28 February 2013 12:17 PM

නියමයි. මේ වගේ දේවල් පක්ෂ පාට වලින් තොරව අගය කරන්න ඕන. මේවායේ ප්‍රතිඵල රටටමයි.. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 28 February 2013 12:16 AM

මේ කොන්ත්‍රාත්තු වලින් ලාභයක් නැද්ද? ආසයි දැනගන්න​. (නි)

:       0       0

අනුරාධ Wednesday, 27 February 2013 04:23 PM

නියමයිනේ. (නි)

:       0       0

තිසල් Thursday, 28 February 2013 12:58 AM

ඉන්දියාවට, ඇමරිකාවට ලංකාව දියුණු වෙනවා පෙන්නන්න බැහැ. තරහා යනවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 04:24 PM

හරිම සුන්දරයි. මාර්ගය ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව ගාස්තුවක් අය කරනවාද? (නි)

:       0       0

කෙනත් (එක්සත් ජනපදය) Thursday, 28 February 2013 01:26 AM

පිරිසක් දහදිය මහන්සියෙන් කැපවී වැඩකරමින් රටේ සංවර්ධනයට උරදෙමින් මතු පරපුර වෙනුවෙන් උදාර කර්තව්‍යයක් කරයි. අනෙක් පිරිස එහි ඇද කුද හොයමින් වහසි බස් දොඩමින් දෑත් හකුලාගෙන කට මැත දොඩවමින් සිටියි. වැඩේ අවසාන කොට උසස් දායාදය රටට හිමි වනවිට, මේ කළ වැඩෙහි ගණන් හිලව් පෙන්වන ලෙස පාරම් බාන්නේ මේ දෙවන පිරිසයි. මේක ලෝක ධර්මතාවයකි. (නි)

:       0       0

ලසන්ත Wednesday, 27 February 2013 04:28 PM

ෂා, නියමයි. ගනන් හිලව් ටිකත් පේනවා නම් තවත් විශිෂ්ඨයි.(නදී)

:       0       0

සුනිල් Thursday, 28 February 2013 01:27 AM

ගණන් හිලවු ඕනෑ වෙන්නේ කුහකයින්ට. (නි)

:       0       0

නිමල් Wednesday, 27 February 2013 04:26 PM

වැඩේ නියමයි. ඡන්දේ ඉල්ලද්දී මේ වැඩ වගේම මුදල් ගනුදෙනු වෙච්ච විදිය පැහැදිලිව පෙන්නුවොත් තමයි හොද.(නදී)

:       0       0

අනුර Wednesday, 27 February 2013 04:26 PM

අපේ රට ආසියාවේ ලස්සනම රට වෙයි. හරිම ආඩම්බරයි අපේ රට ගැන. යුද්දෙන් පසුව අද අපි නිදහසේ ලස්සන ලංකාවක ජීවත් වෙනවා.(නදී)

:       0       0

මනෝජ් Thursday, 28 February 2013 02:33 AM

ඇත්තෙන්ම ඉතාම හොදයි. ටිකිරා කියන දේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් නේද හොද? (නි)

:       0       0

උදය- එංගලන්තය Sunday, 10 March 2013 04:28 PM

ලංකාව ගැන කියන්න මට වචන නැහැ.

:       0       0

නීල් Thursday, 28 February 2013 03:52 AM

අපේ ජනාධිපතිතුමා‍ තමයි අපේ එකම විශිෂ්ට රජු. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 04:40 PM

අනේ රත්තරන් මල්ලියේ, හොද වැඩ කොටසක් කරන්න ඇවිත් ඉන්න චීනුන්ට තොට ලගින් කන් කුන් මිටියක් දෙකක් දුන්නට කමක් නැහැ. ගල් ඉබ්බෝ, මල් ඉබ්බෝ, කිරි ඉබ්බෝ අදින්නේ නැතුව.(නදී)

:       0       0

අනුර Saturday, 02 March 2013 10:05 AM

අපි සුභවාදීව රටේ සංවර්ධනය දෙස බලමු. (නි)

:       0       0

පිටිගල Wednesday, 27 February 2013 05:01 PM

ඉහළ යන බඩු මිළ සහ ඉන්ධන මිළ අනුව නොකා නොබී පයින් තමයි මේ පාරේ යන්න වෙන්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 05 March 2013 08:38 PM

ගොඩක් හොදයි. නුවරටත් ඉක්මණින් හැදුවොත් හොදයි. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 27 February 2013 05:02 PM

අපිට ලංකාවේ දියුණුව දකිද්දී ආඩම්බරයි. (නි)

:       0       0

වීරසිංහ Thursday, 28 February 2013 06:54 AM

රට සංවර්ධන දැක්මට ඇත්තෙන්ම ස්තූතියි! (නි)

:       0       0

සුදේෂ් Wednesday, 27 February 2013 05:16 PM

නියමයි, නියමයි අපේ රටත් හැදෙනවා.(නදී)

:       0       0

විරාජ් Saturday, 02 March 2013 10:48 AM

ඒ පාරේ යන්න අපිත් ලැහැස්ති (දී)

:       0       0

ධනුක Wednesday, 27 February 2013 05:26 PM

මේ ව‍ගේ දේවල් දකින්නත් ආසයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 05:25 PM

කොහොම හරි මේ මාර්ගය මගින් ගාලු අධිවේගී මාර්ගයත් මීගමු පාරත් සම්බන්ධ කරගත්තොත් මාර්ගතදබදය අඩුකර ගන්න පුලුවන්. (නි)

:       0       0

රංග Wednesday, 27 February 2013 05:54 PM

කවුරු හරි ඇවිත් දැන් මේකටත් ඇදක් කියයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 18 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 37 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 940 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1378 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2060 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site