ඉතාලියේ සිසිලියේ කටානියා බෞද්ධ විහාරස්ථානය මගින් මෙම මස 28 වැනිදා පෑවෑත්වීමට නියමිතව තිබු බක්මහා උළෙල අවලංගු කළ බව විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියෝ පවසති.
ශ්‍රි ලාංකික යුවළගේ හදිසි අභාවය එයට හෙතු වශයෙන් උන්වහන්සේ කියති.
බක්මහා උළෙල වෙනුවෙන් නිකුත් කළ ලොතරෑයි පතේ දිනුම් ඈදීම මෑයි මස 26වැනිදා පෑවෑත්වීමට නියමිතය.
මියගිය සාගරිකා මදුරි වර්ණකුල මහත්මියගේ හා සරත් ප්‍රේමලාල් මහතාගේ මෘත ශරිර කටානියා ශ්‍රි ලාංකික දේවස්ථානයේ කතෝලික හා බෞද්ධ ආගමික වතාවත් ඉටු කරමින් අවසන් කටයුතු සිදුකිරිමට සුදානම් කොට ඈතෑයි සිලානන්ද හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල් ජාතීන් අතර සමඟිය එන්න කලින් ජාතිය තුල සමඟිය ඇති විය යුතයි.(ස)
මියගිය දෙපලට කරපු ගෞරවයක්. (නි)
පන්සලේ මොන ප්‍රශ්න තිබුණත් කෙනෙක්ගේ අවමගුලක් වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කළ පන්සලේ හාමුදුරුවන්ට නමස්කාරපූර්වක ස්තුතිය! (නි)
මෙහේ කට්ටිය නම් ආගම බේදයක් නැතුව පන්සල් යනවා.නමුත් සමහරු නිලතල වලට මරා ගන්නවා... (නි)
මෙවැනි අවස්ථාවක ශ්‍රි ලාංකිකයන් විදියට කළ ක්‍රියාව බොහොම උතුම්. එවන් මොහොතක මෙවන් වැරදී අදහස් පළකිරීම තුලින් ඔවුන්ගේ පහත් බුද්ධිමය ගති ලක්ෂණ පෙනේවි. (නි)
උත්සව නොපැවැත්වීමට ගත් තීරණය අගය කරමි..!(නු)
මල්වතු පාර්ශ්වය කියන එක එහෙමම කළ යුතුද? ඒ ඇයි? නොදන්නාකමටයි අහන්නේ. (නි)
පෙර පින් ඇතිව ඉතාලියට සුදනුන් ආවත්... පෙර කල සිරිත් අත් නොහරිත් මුන් කවදත්.... පන්සල් ගොස් පව් කරමින් බී වෙරිවෙත්... මෝඩ සිහලයෝ ඉතාලියේ ඇත තවමත්....(ස)
මෙසේ අවාසනාවන්ත සිදුවීමකට මුහුනපාවේ ආගම දෙකක අබු සැමි යුවලකි . ඔවුන්ගේ කුඩා දරුවාද මහත් අසරණ භාවයට පත්වී සිටින මෙවන් මොහොතක කතානිය ශ්‍රී ලාංකිකයන් සියලු උත්සව නතරකොට දුක බෙදා හදා ගනීමට එකතුවීම උදාර ශ්‍රී ලාංකික මනුස්‍ය ගතියක් පෙන්වන්නකි.එබැවින් ඉහත සදහන් ආකාරයේ අදහස පළකිරීම තමාගේ පහත් ගති ලක්ෂණ පෙන්වන්නකි . (නු)
මේක අවලංගු කලේ මේ හදිසි අභාවය නිසා නොව පන්සලේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නයටයි, පනසලත් දෙකට බෙදිලා. ක්‍රිස්තියානි කට්ටියගේ මරණයට බුද්දාගමේ උත්සව අවලංගු කරලා.(ස)
අපේ අයගේ අසමගිය කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැ. (ස)
ජාතින් අතර සමගිය (ස)
ඉතාම උතුම් ක්‍රියාවක්.. එහෙම තමයි වෙන්න ඕන මේ මලගේ අස්සේ උත්සව පැවැත්වන්නද කියන්නේ..!(නු)
මලගයෙක් වෙනුවෙන් උත්සවයක් නැවැත්තුවාට ගොඩක් අය අකමැතියි වගේ පේන්නෙ..!(නු)
මලගේ පිටින්දාලා පන්සලේ ප්‍රශ්නේ යට ගහ ගන්නයි හදන්නෙ..(ස)
දෙයියෝ සාක්කි! (නි)
පන්සලේ බෙදීමකුත් ඇති වෙලා තියෙනවලු නේද? (නි)