IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කටපුංචා පවුලක් වනසයි

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (04) මෙලෙස ඝාතනයට ලක්වූහ. පොලිසිය පවසන්නේ වෙඩි තැබූ ස්ථානයේ ටී 56 හා හා මිලිමීටර 9 උණ්ඩ දක්නට ලැබෙන බවයි. මියගිය තිදෙනාගේ සිරුරු බලපිටිය මූළික රෝහලට ගෙනගොස් ඇත.

IMG_8685 IMG_8705

ඡායාරූප - දීපාල් සිල්වා



අදහස් (0)

කටපුංචා පවුලක් වනසයි

ලසිත් Tuesday, 06 December 2016 07:23 AM

මේ පෙන්නුම් කරන්නේ සමාජ පරිහානිය නොවේද? (නි)

:       0       0

ලක්මාල් Tuesday, 06 December 2016 07:23 AM

පොඩි ළමයා මොකද මැරුවේ? රටට මොකක්ද මේ වෙන්නේ...? (නි)

:       0       0

ශශික Tuesday, 06 December 2016 07:29 AM

මේක කළේ කාගේ සෙට් එකද දන්නෙ නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 06 December 2016 08:25 AM

ශ්‍රී ලංකාව දැන් ඉතිරිව තිබෙන අන්තිම පාලන තන්ත්‍රය ජනතා විමුක්ති පෙරමුණ බව නොසතුටෙන් වුවද කිවයුතුය. (නි)

:       0       0

අතුල Tuesday, 06 December 2016 06:58 PM

ආයුද රට පුරාම තියෙනවා අද මුලුරටේ කොපමණ අපරාද වෙනවද.? (ර)

:       0       0

සහන Tuesday, 06 December 2016 08:25 AM

අපේ ඥානසර හාමුදුරුවෝ මඩකළපුවේ වදිනවා දෙමළ අයට බුදු දහම උගන්වන්න. අපේ අය මෙහෙ මරා ගන්නවා. අනේ බුදු හාමුදුරුවනේ, අපේ රටට ගිය කලක්! (නි)

:       0       0

මාලනී Tuesday, 06 December 2016 07:26 PM

මිනිස්සු මෙහෙම කොහොම අපරාධ කරනවද මන්දා. (ර)

:       0       0

රත්නායක Tuesday, 06 December 2016 08:46 AM

ෂුවර් එකටම මේකත් පහුගිය අාණ්ඩුවේ වැඩක්. මේ අාණ්ඩුව අපහසුතාවයට පත්කරන්න හිතාගෙන 2015ටත් කලින් සැළසුම් කරපු අපරාධයක්. (මෙහෙම කියන අයත් ඉන්න පුලුවන්) (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Tuesday, 06 December 2016 08:58 AM

තමන්ගේ අන් අයගේ ජිවිත වටිනාකම සහා තම රටේ වැදගත් කම නොදත් නොසලකන බහුතරයක් අප උගතුන් යයි සිතන මෝඩයින් ජිවත්වන ශ්‍රී ලංකාවේ මොවුන්ට නිවන් සුව ලැබේවා . (ර)

:       0       0

විපුල Tuesday, 06 December 2016 09:00 AM

දඩ වැඩි කරලා මාර්ග අනතුරු වලක්වා ගත්ත වගේ මෙම අපරාධ වලට මොනවා හරි කරන්න වෙනවා. (බ)

:       0       0

එරංග Tuesday, 06 December 2016 09:09 PM

කුමන වැරැද්දකට වුනත් මිනිස්සු මරන්න කාටවත් අයිතියක් නැ. මේ අසරණ පුංචි පුතාට මොන තරම් බයක් දැනේන්න ඇතිද? අනේ අපේ ලංකාව දවසින් දවසම ධර්මයෙන් ඈත් වෙනවා නේද? හොර බොරු වංචා අඩු වෙලා ආයේ මේ රට ධර්මද්වීපයක් වෙන එකක් නැති වෙයි වගේ. හරිම දුකයි (ර)

:       0       0

අතුල Monday, 05 December 2016 05:23 PM

මොකද්ද මේ වෙන්නේ රාටේ අපලයක්ද මේ (ර)

:       0       0

නන්ද Monday, 05 December 2016 06:01 PM

කොහොමද..අපේ ධර්මද්වීපයේ වැඩ ? හැමතැනම...හැමදාම...බණ,පිරිත්...පින්කම්..දේශකයෝ එමටයි. (ර)

:       0       0

සොයිසා Tuesday, 06 December 2016 09:51 AM

මොනාද මේ කරන විපත්.(හේ)

:       0       0

ජනහිත Monday, 05 December 2016 07:21 PM

දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වෙනවා මෙවැනි දේවල් සිද්ධ වෙන්න වෙලා. වගකිවයුත්තෝ කරන්නේ මොනවද කියලා ජනතාව දන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 05 December 2016 07:44 PM

අවුරුදු 7ක දරුවෙකුට වෙඩි තියන්න තරම් කුරිරු මේ මිනිසුන්ව මහපාරේ ගල් ගහලා මරන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 December 2016 08:17 PM

ඔව් සර්... යර්ස් සර්... නැහැ සර්... එයාලව ඇරෙස්ට් කරන්නේ නැහැ සර්...! තැන්ක් යු...සර්...! (නි)

:       0       0

විජේතුංග Tuesday, 06 December 2016 10:12 AM

අද කාලේ මිනිස්සු නොමිනිසුන් වෙලා (නි)

:       0       0

සුගත් Monday, 05 December 2016 10:17 PM

පොලිසියේ ලොක්කොත් නීතිය නවනකොට ඔහොම වෙනවා. අද රටේ මිනිස්සු නීතියට බය නැහැ (නි)

:       0       0

සුනිල් Monday, 05 December 2016 11:02 PM

සමහර හාමුදුරුවරු වෛරය දේශනා කරනකොට අනෙක් අයත් ඒ බෙර පදයටම නටනකොට, එම පරිසරයේම තමයි මේ වර්ගයේ සාහසික ක්‍රියා සිදුවන්නේ. (නි)

:       0       0

චින්තක Tuesday, 06 December 2016 10:34 AM

අපේ රට දැන් චිකාගෝවත් පරද්දලා ඉවරයි. ළඟදීම ආපහු ටයර් උඩත් මිනිස්සු රෝස් වෙයි. දැන්වත් ගෝඨාව හොයාගෙන ගිහිල්ලා හරි රට බාරකරමු (නි)

:       0       0

විමලරත්න Monday, 05 December 2016 11:24 PM

මේවා අහස පොළොව උහුලන්නේ නැති අපරාධ (නි)

:       0       0

අමල් Wednesday, 07 December 2016 12:59 AM

මෑතක ඉදන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ මැර කල්ලි හිස ඔසවල නේද (ර)

:       0       0

සේනක Tuesday, 06 December 2016 11:08 AM

1971 - 88-89 දකුණෙනුත් 1975 දී ප්‍රභාකරන් උතුරෙනුත් ආරම්භ කළ අනුන්ගේ රක්ත වර්ණ රුධිරය උරා බීමේ කාලකණ්නි මෙහෙවරේ අතුරු ඵල අන්තර් ජාල වේගයට මදක් අඩුවෙන් සමස්ත සමාජ දේහයම වෙලා ගන්නා හැඩ රුව දකින්නට අසන්නට ලැබීම දේශයේ කවර නම් අවාසනාවක්ද?(හේ)

:       0       0

විජේ Monday, 05 December 2016 11:48 PM

පොලිසිය තවමත් නිදාගෙනද? මේවට එරෙහිව නැඟීසිටින්න සුභ නැකත කවදාද තියෙන්නේ? (නි)

:       0       0

වික්ටර් Monday, 05 December 2016 11:53 PM

රජයෙන් ආයුධ මිලයට ගැනීම සාර්ථකයි කියලා පුරසාරම් දෙඩුවා නේද? එහෙනම් කොහොමද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

වික්‍රම Monday, 05 December 2016 11:57 PM

දැන්මම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න එපා. තව මැරුනා මදි! (නි)

:       0       0

විකුම් Tuesday, 06 December 2016 12:10 AM

රජය අවි ආයුධ මිලදී ගැනීම සාර්ථකයි කිවුවට තවම ටී-56 ගිනිඅවි එළියේ (නි)

:       0       0

ලාල් Wednesday, 07 December 2016 01:46 AM

දහම් දීපයට ගිය කලක්. (ර)

:       0       0

කසුන් Tuesday, 06 December 2016 11:26 AM

නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිනවා (ර)

:       0       0

සරත් Tuesday, 06 December 2016 11:25 AM

මේ අවුරුදු 2 ඇතුලත අම්බලන්ගොඩ විතරක් කියක් මෙහෙම මැරුණද ? නීතිය වහාම ක්‍රියාත්මක කර දැඩි දඩුවම් දිය යුතුයි (ර)

:       0       0

සරොෂාන් Wednesday, 07 December 2016 02:05 AM

හන්දිය හන්දියක් ගණනේ මිනි කඳු ගැසීමට පාර කැපූ, මිනිස් ජීවිතයන්හි වටිනා කම නොදත් ම්ලේච්ඡ තිරිසන් කල්ලි දැන් අනන්තයි. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 06 December 2016 01:32 AM

බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදීපය. දහම් සඟුන් සෙවණේ දරුවෝ හැදුනු දේශය..... ඒ මිනීමරු දේශයේ යළි උපදින්නට හේතු වාසනා වේවා!!! (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 06 December 2016 11:46 AM

අපරාධ යනු සමාජවිරෝධී වුණත් සමාජගත උපසංස්කෘතියක්. පවතින දේශපාලන ප්‍රවාහය තුළ බලවතුන්ගේ ඕනෑ එපාකම් සපුරමින් විටෙක රාජ්‍ය අනුග්‍රහය ලබමින් ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වීමේ ප්‍රතිවිපාකය වන්නේ සමාජයේ පහළ ස්ථර වලටත් එය නිරායාසයෙන් කාන්දුවීමයි. එයින් ගොඩඒම දුෂ්කර වන්නේ සමස්ත සමාජය පුරාම පන්ති, වර්ග, ආගම් හා කුල භේදයකින් තොරව මේ අපරාධකාරී චර්යාවන් සමාජගතවීම නිසයි. සැබෑ වෙනසක් යනු ආණ්ඩු පෙරළියක් නොව සමාජය මේ ව්‍යාසනයෙන් මුදාගැනීමකි. (නි)

:       0       0

අන්වර් Tuesday, 06 December 2016 02:15 AM

අනේ දෙවියනේ, මොනතරම් ලොකු ඛේදවාචකයක්ද? (නි)

:       0       0

බිංදු Tuesday, 06 December 2016 02:15 AM

පොලිසිය මොනවද කරන්නේ? අනේ මන්දා රටට මොනවා වෙනවද කියලා (නි)

:       0       0

විදානේ Tuesday, 06 December 2016 02:27 AM

අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ මේ වගේ දේවල් සිද්ධවෙනවා වැඩියි වගේ (නි)

:       0       0

සමන් Tuesday, 06 December 2016 03:05 AM

ජිවිත තුනක් දැඩි දඩුවම් දිය යුතුයි (ර)

:       0       0

වනිග Tuesday, 06 December 2016 03:04 AM

අපේ කරුමෙට එළාර ලංකාවේ ඉපදුනේ .(ර)

:       0       0

දුෂාන් Tuesday, 06 December 2016 03:23 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕන. නැතුව මේ අය හදන්න බැහැ . (ර)

:       0       0

ධම්ම Tuesday, 06 December 2016 01:27 PM

මෙය සාමාන්‍යය මිනීමැරුමක් නොවේ. ටී 56, මිමි 9 උණ්ඩ මෙතැනින් හමු වුනා නම් මෙතැනත් එවැනි දේ ගැවසෙන ස්ථානයක් විය නොහැකිද. (හේ)

:       0       0

වජිර Tuesday, 06 December 2016 03:43 AM

කියුමට නම් සිංහල බෞද්ධයෝ 100% ඉන්නවා කියන පළාත.. (ර)

:       0       0

සරදියෙල් Wednesday, 07 December 2016 04:08 AM

අවුරුදු 4 පොඩි එකාට වෙඩි තියපු එවුන්ට දඩුවම් දෙන්න (ම)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Tuesday, 06 December 2016 03:58 AM

හැම තැනකම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ පළිගැනීම්. තව පැත්තකින් රටම බිලිගන්නා මත් උවදුර. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 December 2016 04:32 AM

සාරධර්ම පිරිහුණු සමාජයක මෙවැනි දේවල් අසන්න ලැබීම සාමාන්‍ය දෙයක්නේ.අද කොහෙන්ද ජිවිතයට වටිනාකමක්? (බ)

:       0       0

සෙනරත් Tuesday, 06 December 2016 04:47 AM

වජිර, ආගම් වල නම් සඳහන් කරන්නට පෙර සිවිල් ජනතාව අතට ආයුධ සැපයුවේ කවුරුන් විසින්ද කියන එක ගැන කල්පනා කරන්න.(බ)

:       0       0

විජේතුංග Tuesday, 06 December 2016 04:57 AM

එල්ලුම් ගස නැති එකේ වරද (නි)

:       0       0

තුසිත Tuesday, 06 December 2016 05:16 AM

සමහරක් හැමදේටම ආගම ගාවාගන්නවා. මේවා මිනිසුන්ගේ මෝඩකම. පුතා වැරදි කළාම ගුණවත් දෙමව්පියන්ට බනිනවා වගේ වැඩක් (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 06 December 2016 02:29 PM

යහපාලානේ දෝරේ ගලනවා..(හේ)

:       0       0

ජෝන් Tuesday, 06 December 2016 05:28 AM

කෝ මේ නීතිය නවන අය? මෙහෙම මරාගන්නේ අැයි? (නි)

:       0       0

අනුපමා Tuesday, 06 December 2016 02:44 PM

මේ අපරාධ කාරයෝ එල්ලුම් ගහට යවන්න ඕනේ.(හේ)

:       0       0

පාලිත Tuesday, 06 December 2016 05:45 AM

රට පාලනය කරන අයට එදත් අදත් කවදත් බැරිවුණා නොදරුවෝ අමු අමුවේ මරණ අය හොයලා නිසි දඬුවම් දෙන්න. මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා නම් යුද්ධය ඉවර කරන්න, ඇයි මෙයාලට බැරි මේ පාතාලේ කියන අයට දඬුවම් දෙන්න. (නි)

:       0       0

ශෂී Tuesday, 06 December 2016 03:18 PM

මේ පව් පල දෙනවා (ර)

:       0       0

රූපවතී Tuesday, 06 December 2016 06:59 AM

අැයි බැරි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ..? දේශපාලකයෝ ආරක්ෂා කරන්න ඕනෑ නිසාද? නීතිය ක්‍රියා නොකර මේ විදියට රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොසළකා සිටීමෙන් මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

අමිල Tuesday, 06 December 2016 07:00 AM

රට පාලනය කරන අයට එදත් අදත් කවදත් බැරිවුණා නොදරුවෝ අමු අමුවේ මරණ අය හොයලා නිසි දඬුවම් දෙන්න. මිනීමරුවන්ට රැකවරණය ,ආරක්ෂාව සපයන අය හොයලා නිසි දඬුවම් දෙන්න. කුඩා දරුවෝ මරණ අයට මරණ දඬුවම දෙන්න බැරිනම් අත් දෙක අප්‍රාණික කරන නීති ගෙනෙන්න. නොදරුවෝ අමු අමුවේ මරණ අය දුක් විඳවලා මැරෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1541 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2052 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1523 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8621 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2481 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10533 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40126 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site