පෙබරවාරි 12 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුවූ රුපියල් කෝටියේ කොල්ලයෙන් පසු එම ප්‍රදේශයේ දුරකතන කුළුනු ඔස්සේ ගත් ඇමතුම්වල විස්තර පොලීසියට දෙන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එම සමාගම්වලට නියෝග කළේය.
පොලිස් වෙසින් ආ කොල්ලකරුවන් කනපතිපිල්ලේ දේවනාශන් නම් ව්‍යාපාරිකයා කොම්පඤ්ඤවීදියේ බැංකුවකින් රට සල්ලි මාරු කරගෙන නවම් මාවත ඔස්සේ යද්දී කොල්ලය සිදු කර ඇත.
පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයකු වාහනය නතර කළ පසු අසළ නවතා තිබූ ඩිෆෙන්ඩර් රියකින් තිදෙනකු බැස තමා එළියට ඇද මුදල් බෑගය ද පැහැරගෙන, ඔවුන්ගේ රියට දමා ගෙන ගොස් කෝට්ටේ ප්‍රදේශයේදී අත හැර ගිය බවයි.
කොල්ලකරුවන් අත පිස්තෝල තුබූ බවත් ඔහු කියා ඇත.
වැල්ලවත්තේ එම ව්‍යාපාරිකයාගේ වාහනයෙන් ඇඟිලි සළකුණු කිහිපයක් සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසිය දක්ෂයි. වැඩි කාලයක් යන්න ඉස්සැල්ලා නීතියට කොටුවෙනවා.(දී)
පොලිසිය දක්ෂයි. කොහොම හරි සොයාගනියි.(නදී)
අයියෝ එහෙම කියල බැහැ (දී)
දුමින්ද හරි. අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවාමයි. (නි)
සල්ලි මාරු කළ තැන ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවොත් නේද හොද (නි)
සොයන්න....සොයන්න....සොයන්න.... සොයන්නාට හම්බවෙයි (දී)
කෝටියෙන් එහා හොරකමක් වුණා නම් මතු සම්මතේදී හොයාගන්න ලැබෙන්නෙ නැහැ. (නි)
අපේ පොලිසිය අල්ලන හොරකම් දිහා බැලුවහම මේකත් හොරකමක්ද? (නි)
දේශපාලකයින් නොගෑවුණු ඕනෑම හොරකමක් පොලිසියට ඇල්ලිය හැකියි. (නි)
සල්ලිවලට පොලිසියත් යටයිද?(නදී)
පොලීසියෙ මහත්වරුනේ. බෑංකුවල අලුත් තැන්පතු චෙක් කරලා බලාන්න.(නදී)
අද අපේ රටට පොලිසියෙන් හොද සේවාවක් වෙනවා. (නි)
ඒ වුණාට අර යකඩ හොරාව තවම අල්ලගන්න බැරිවුණානේ පොලිසියට. (නි)
කොහොමද එහෙම වෙන්නේ (දී)
දේශපාලකයින් නොගෑවුණු ඕනෑම හොරකමක් පොලිසියට ඇල්ලිය හැකියි. මම 10000% එකගයි තිලක්ට. (දී)
හාරලක්ෂ මංකොල්ලය මතක් උනා (දී)