IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොටුව ටිකට් කවුළු පමා වී ඇරේ

අද අලුයම 3.00 ට කොළඹ  කොටුවේ සිට  වේයන්ගොඩ බලා පිටත්වීමට නියමිතව තිබූ  දුම්රියට නැගීම සදහා කොළඹ වෙසක් බැලීමට පැමිණි 3000 කට අධික පිරිසක්  කොටුව දුම්රිය ස්ථානයේ කවුළු ඉදිරිපිට පැය ගණනක් පොලීමේ රැදී සිටියද දුම්රිය ස්ථානයේ  බලධාරීන් ප්‍රවේශපත් ලබා දීම සදහා කවුළු විවෘත කිරීම පමා වූයෙන් මගීහු රැසකට එම දුම්රිය මග හැරිණි.

දුම්රිය අලුයම තුනට ධාවනය වීමට නියමිතය තිබූ අතර ප්‍රවේශ පත් කවුලු විවර කළේ ඊට මිනිත්තු 15කට පෙරය. එනම් පෙරවරු 2.45ට ය. එලෙස විවෘත කළේ ද එක් කවුළුවක් පමණි. මිනිත්තු පහළවක් ඇතුළත එයින් ප්‍රවේශපත් ලබා ගත හැකි වුණේ සුළු පරිසකට පමණි. 

 අදාල දුම්රිය නියමිත වෙලාවට පිටත්වූ අතර  දුම්රිය පිටත්වීමට පෙර ප්‍රවේශපත් ලබාගැනීමට නොහැකිවූ බැවින් මගීහු රැසක් අපහසුතාවයට පත්වූහ.

මගීන් ඒ ගැන පැමිණිලි කිරීමට දුම්රිය බලධරයකු සොයා ගිය අතර ඒ වන විට ඔවුහු නිද්දේ පසුවූහ.

 

 



අදහස් (0)

කොටුව ටිකට් කවුළු පමා වී ඇරේ

චන්ද්‍රා Sunday, 26 May 2013 07:26 PM

ලංකාවේ රාජ්‍ය සේවයේ රාත්‍රී සේවය කියන්නේ වැඩි දෙනෙක් වැඩි තැනක හොදට කාලා ,බීලා ජොලියේ උදේට ගෙදර යාමයි. ඉතින් වෙසක් බලන්න ආපු අය එලි වෙනතුරු වෙසක් නොබලා මෙම අවංක සේවකයන්ගේ නින්ද කඩන්න ආපු එක තමයි වරද (නි)

:       0       0

ජෙෆ් Sunday, 26 May 2013 01:06 PM

අපොන්සු, වැඩකට නැති කතා කියන්න එපා.රටේ හැම තැනකටම අධිවේගී මාර්ග නැහැ. ලෝකයේ කොහෙත් ඇත්තේත් නැහැ. ඔයා ඉන්නෙත් වේයන්ගොඩද ? යන්නේ අධිවේගී මාර්ගයේද ? (නි)

:       0       0

අනුර Sunday, 26 May 2013 07:34 PM

අපොන්සු අදි වේගය තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නොවෙයි කියලා ඔය දන්නේ නැද්ද? ලගදීම ජනාධිපතිතුමා ඒ පැත්තෙත් අදිවේගයක් විවෘත කරාව් රටේ දියුණුවට.(නදී)

:       0       0

අශෝක Sunday, 26 May 2013 01:22 PM

ඔබගේ පැමිනිලි නිර්නාමික නම් වලින් නොව ඔබගේ නියම නමින් දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත යොමු කරන්න. එවිට ඔබට ඉතා ඉක්මනින්ම සුභ ගමනක් යා හැකිය (නි)

:       0       0

මිණිපේ Sunday, 26 May 2013 07:52 PM

ලංකාවේ සේවකන්ගේ මහජන සේවය නම් අන්තිමයි. රජයේ කාර්යාලයකට වැඩකට ගිහාම, අපි ඒ අයට වදින්න ඕනෑ.මුනේ කිසිම මද සිනාවක් නැහැ.මේකට හේතුව බොස්ලා හරිම ගොරකයෝ.ඔක්කොටම ඉස්සෙල්ලා කාර්යාල ප්‍රධානින්ට හොද පුහුණුවක් දිය යුතුය. (නි)

:       0       0

අපොන්සු Sunday, 26 May 2013 01:45 PM

ජෙෆ්, මොකටද වේයන්ගොඩ ඉන්නේ? යන්න හම්බන්තොටට. අධිවේගය, ගුවන්තොටුපොළ, වරාය ඔක්කොම තියෙනවනේ. වේයන්ගොඩ දැන් වේයෙක්වත් නැහැ. (නි)

:       0       0

බාලසුරිය Sunday, 26 May 2013 01:51 PM

මේ සුලුදේ ගැන කට්ටිය කලබල කරන්නේ අපේ ආණ්ඩුව අස්ථිර කරලා අධිරාජ්‍යවාදීන්ට රටේ ස්වෛරීභාවයට හානි කරන්න අවස්ථාවක් ලබාදෙන්නයි. (නි)

:       0       0

වරුණ Sunday, 26 May 2013 04:05 AM

සිරි ලංකා ! සිරි ලංකා !(නදී)

:       0       0

පිලීෂියන් ප්‍රනාන්දු Sunday, 26 May 2013 04:10 AM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු, කියන්නේ නිකන් නෙමේ.(නදී)

:       0       0

වරුණ Sunday, 26 May 2013 04:12 AM

දැනට අවරුදු 10 පමණ පෙර මම දුම්රිය සේවකයකුගෙන් ඊලග දුම්රිය තියෙන්නේ කීයටද අහල මට කුණුහරපෙන් බැනල එලෙව්ව.( පිටකොටුව දුම්රිය පොලේ ).(නදී)

:       0       0

උපාලි Sunday, 26 May 2013 04:36 AM

කියන්න කටට එන දේවල් නොකියා ඉන්න එක හොඳයි. කොහොම උනත් ඔය නිදාගැනීම අලුයම 3 ට පටන්ගත් එකක් නම් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ පැවතෙන නින්දක් ඒක. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 26 May 2013 04:54 AM

ජෝන් කොතලාවල අගමැති තුමා ඔහොම කෙනෙකුට කියල තියෙනවා කලිසම් ඔලුවෙන් ගලවනවා කියලා. ඔහුගේ චරිතාපදානය කියවන්න.(නදී)

:       0       0

නිමල් Sunday, 26 May 2013 09:42 PM

ටිකට් මොකටද ? 3000ක් කියන්නේ ලොකු හයියක්. ඔක්කොම නගින්නනේ තිබුනේ දුම්රියට. (නි)

:       0       0

අපොන්සු Sunday, 26 May 2013 06:02 AM

අයි ඔය දුම්රිය වල කාලේ නාස්ති කරගන්නේ. යස අගේට යන්න අධිවේගයක් හදලාදීලා තියෙනවා නේද? (නි)

:       0       0

යොහාන් Sunday, 26 May 2013 02:14 PM

කෝ බල සේනාව? තමන්ගේ ජනතාව වෙසක් බලන්න ඇවිත්. යන්න වාහන නැත්නම් පාරට බහින්න ඕනෑ දුම්රිය සේවකයන්ට විරුද්ධව (නි)

:       0       0

හේරත් Sunday, 26 May 2013 07:26 AM

තවත් කොච්චි නැතුව වගෙයි. ඊ ළඟ එකේ යන්නකෝ. තව තොරණක් බලලා, දන්සැලකින් කෝපි කෝප්පයක් බීලා,.... ඔය කවුන්ටර් වල ඉන්නෙත් අපේම අයියලනේ. ඉවසන්න පුරුදු වෙන්න. ශාන්තිය වඩන්න. අදයි වෙසක් පෝය දවස. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 26 May 2013 07:34 AM

ඇටි ටිකට් ගන්න මහන්‍සි වුණේ? ටික්කොත් රෑට නිදිනේ (නි)

:       0       0

ප්‍රිමේශිකා Sunday, 26 May 2013 07:35 AM

ඔබගේ පැමිනිලි නිර්නාමික නම් වලින් නොව ඔබගේ නියම නමින් දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත යොමු කරන්න. (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 26 May 2013 07:42 AM

දුම්රිය සාමාන්‍යාධිකාරීතුමනි, මෙම සිද්ධිය පිලිබඳව ඔබතුමා ගන්නා පියවර පිළිබඳව මහජනයා ලෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඇමතිතුමනි, ඔබතුමා අදාළ බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇතැයි සිතමු.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 26 May 2013 07:40 AM

මේ රටේ දුම්රිය සේවය ඔහොම තමා. ඒකේ ගොඩක් යන්නේ දුම්රිය සේවයේ වැඩ කරන අය. (නි)

:       0       0

ගිරිගෝරිස් Sunday, 26 May 2013 08:08 AM

ආනන්ද ආර්, ඔයාගෙ විමසිල්ල හොඳයි. ඒත් අද ලංකාවට ගැලපෙන්නෙ නැහැ. අපොන්සු ගැන නම් කතා කරල වැඩක් නැහැ (නි)

:       0       0

අනුර Sunday, 26 May 2013 08:09 AM

ඇමැතිතුමා කෝ? (නි)

:       0       0

කෙවින් Sunday, 26 May 2013 08:52 AM

ඕකට එකම විසදුම රටට හරියන පාලකයෙක් ගෙනෙන එකයි. සිංගප්පූරුව දියුණු උන විදිය කියවලා බලන්න. වැරදි කරපු මන්ත්‍රීලා ඇමතිලා හිරේට දැම්මා අලුත් අගමැති තුමා. සමහරු ඔහුගේ යාළුවො. අපේ රටේ මේ වගේ දෙයක් කිසිම දවසක බලාපොරොත්තු වෙන්න අමරුයිනේ.(නදී)

:       0       0

මොහමඩ් Sunday, 26 May 2013 03:05 PM

ටිකට් කවුන්ටරයේ අයත් වෙසක් බලන්න ගිහින් එන්න පරක්කු වෙන්න ඇති. වෙසක් සමයේ නිසා සමාවක් දෙන්න ඒ අයට.(නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 26 May 2013 09:18 AM

ඇමති තුමා ඔන්න ඔබගේ අවස්ථාව නිදසට කරුණු අහලා දඩුවම් කරන්න.(නදී)

:       0       0

සත්‍යා Monday, 27 May 2013 01:01 AM

ඕක තමා රටේ තත්වය. රාජ්‍ය පරිපාලනයේ දුර්වල කම්. පැය 24ම ඇරලා ගමන් පහසුකම් දිය යූතු දවසක්.(නදී)

:       0       0

අපොන්සු Sunday, 26 May 2013 09:47 AM

ගිරිගෝරිස් උන්නැහේ, දැන් අධි වේගී හදලා දීලා. ගුවන්තොටුපොළවල් හදලා දීලා, පාරවල් කාර්පෙට් කරලා දීලා රට සංවර්ධනය කරලා දීල තියෙනවා නේද?(නදී)

:       0       0

ප්‍රේමා Sunday, 26 May 2013 09:50 AM

අයියෝ සල්ලි

:       0       0

ඇන්ඩෝ Sunday, 26 May 2013 03:42 PM

එයාලට කියලා තියෙන්නේ විනාඩි 15 කට කලින් කවුලුව අරින්න කියලා නේද? (නි)

:       0       0

අනුර Sunday, 26 May 2013 10:25 AM

කෝ බලදරයෝ.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 26 May 2013 10:24 AM

ගිරිගොරිස්, අද අපේ රටේ මහජනයාට තිබෙන ප්‍රධාන මහජන ප්‍රවාහන සේවාවන් ගැනවත් නොදන්නා අය කියන දේවල් ගණන් ගන්න එපා. (නදී)

:       0       0

නීල් Monday, 27 May 2013 06:33 AM

දුෂිත දෙපාර්තමේන්තු වන්නේ ක්‍රිකට්, දුම්රිය, ලංගම. පුහුමානය දුම්රිය සේවකයන්ගේ තියෙන්නේ.(නදී)

:       0       0

අපොන්සු Sunday, 26 May 2013 11:01 AM

ලංකාවේ අපි නවීන තාක්ෂණය සමග පෙරට යන්න ඉගෙනගන්න ඕනෑ. දුම්රිය නැත්නම් අධිවේගයෙන් යන්න පුරුදු වෙන්න ඕනෑ. අධිවෙගයෙන් යන්න බැරිනම් ගුවනින් යන්න ඉගෙනගන්න ඕනෑ, ඒ යන ගමන් පාන් නැතිනම් කේක් කන්නත් පුරුදු වෙන්න ඕනෑ. නැත්නම් කොහොමද මේ ආහ්චර්යය අත් විදින්නේ. (නි)

:       0       0

සම්පත් Sunday, 26 May 2013 11:36 AM

ප්‍රමාද වෙලා ටිකට් කවුළු ඇරිය කියා නෙමෙයි අනේ, ඕක වෙලාවට ඇරියා නම් ඔන්න විශේෂ පුවතක්. (නි)

:       0       0

හේරත් Sunday, 26 May 2013 05:50 PM

සමහර සර්ලා මැඩම්ලා 134 බස් එකට නැග්ග ගමන්මයි. කරන්නෙම පිස්සුනේ. (නි)

:       0       0

වරුණ Monday, 27 May 2013 07:59 AM

ටිකට් දෙන කට්ටියත් වෙසක් බලලා දන්සැල් වැදලා ඇවිත් මහන්සියට ටිකක් නින්ද යන්න ඇති. ඕවා කා අතිනුත් වෙන වැරදි. පානදුරේ ස්ටේසන් එකේ මහත්තුරු නම් මේ ලගකදී පඩි දවසේ බූරු ගහලා අහු උනේ. අපි කව්රුත් පෘතග්ජන මිනිස්සුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 332 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 168 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 396 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1368 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 366 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site