අද අලුයම 3.00 ට කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රියට නැගීම සදහා කොළඹ වෙසක් බැලීමට පැමිණි 3000 කට අධික පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ කවුළු ඉදිරිපිට පැය ගණනක් පොලීමේ රැදී සිටියද දුම්රිය ස්ථානයේ බලධාරීන් ප්‍රවේශපත් ලබා දීම සදහා කවුළු විවෘත කිරීම පමා වූයෙන් මගීහු රැසකට එම දුම්රිය මග හැරිණි.
දුම්රිය අලුයම තුනට ධාවනය වීමට නියමිතය තිබූ අතර ප්‍රවේශ පත් කවුලු විවර කළේ ඊට මිනිත්තු 15කට පෙරය. එනම් පෙරවරු 2.45ට ය. එලෙස විවෘත කළේ ද එක් කවුළුවක් පමණි. මිනිත්තු පහළවක් ඇතුළත එයින් ප්‍රවේශපත් ලබා ගත හැකි වුණේ සුළු පරිසකට පමණි.
අදාල දුම්රිය නියමිත වෙලාවට පිටත්වූ අතර දුම්රිය පිටත්වීමට පෙර ප්‍රවේශපත් ලබාගැනීමට නොහැකිවූ බැවින් මගීහු රැසක් අපහසුතාවයට පත්වූහ.
මගීන් ඒ ගැන පැමිණිලි කිරීමට දුම්රිය බලධරයකු සොයා ගිය අතර ඒ වන විට ඔවුහු නිද්දේ පසුවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට කියලා තියෙන්නේ විනාඩි 15 කට කලින් කවුලුව අරින්න කියලා නේද? (නි)
ලංකාවේ අපි නවීන තාක්ෂණය සමග පෙරට යන්න ඉගෙනගන්න ඕනෑ. දුම්රිය නැත්නම් අධිවේගයෙන් යන්න පුරුදු වෙන්න ඕනෑ. අධිවෙගයෙන් යන්න බැරිනම් ගුවනින් යන්න ඉගෙනගන්න ඕනෑ, ඒ යන ගමන් පාන් නැතිනම් කේක් කන්නත් පුරුදු වෙන්න ඕනෑ. නැත්නම් කොහොමද මේ ආහ්චර්යය අත් විදින්නේ. (නි)
ප්‍රමාද වෙලා ටිකට් කවුළු ඇරිය කියා නෙමෙයි අනේ, ඕක වෙලාවට ඇරියා නම් ඔන්න විශේෂ පුවතක්. (නි)
අපොන්සු, වැඩකට නැති කතා කියන්න එපා.රටේ හැම තැනකටම අධිවේගී මාර්ග නැහැ. ලෝකයේ කොහෙත් ඇත්තේත් නැහැ. ඔයා ඉන්නෙත් වේයන්ගොඩද ? යන්නේ අධිවේගී මාර්ගයේද ? (නි)
ඔබගේ පැමිනිලි නිර්නාමික නම් වලින් නොව ඔබගේ නියම නමින් දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත යොමු කරන්න. එවිට ඔබට ඉතා ඉක්මනින්ම සුභ ගමනක් යා හැකිය (නි)
ජෙෆ්, මොකටද වේයන්ගොඩ ඉන්නේ? යන්න හම්බන්තොටට. අධිවේගය, ගුවන්තොටුපොළ, වරාය ඔක්කොම තියෙනවනේ. වේයන්ගොඩ දැන් වේයෙක්වත් නැහැ. (නි)
මේ සුලුදේ ගැන කට්ටිය කලබල කරන්නේ අපේ ආණ්ඩුව අස්ථිර කරලා අධිරාජ්‍යවාදීන්ට රටේ ස්වෛරීභාවයට හානි කරන්න අවස්ථාවක් ලබාදෙන්නයි. (නි)
කෝ බල සේනාව? තමන්ගේ ජනතාව වෙසක් බලන්න ඇවිත්. යන්න වාහන නැත්නම් පාරට බහින්න ඕනෑ දුම්රිය සේවකයන්ට විරුද්ධව (නි)
ටිකට් කවුන්ටරයේ අයත් වෙසක් බලන්න ගිහින් එන්න පරක්කු වෙන්න ඇති. වෙසක් සමයේ නිසා සමාවක් දෙන්න ඒ අයට.(නදී)
ගිරිගොරිස්, අද අපේ රටේ මහජනයාට තිබෙන ප්‍රධාන මහජන ප්‍රවාහන සේවාවන් ගැනවත් නොදන්නා අය කියන දේවල් ගණන් ගන්න එපා. (නදී)
සමහර සර්ලා මැඩම්ලා 134 බස් එකට නැග්ග ගමන්මයි. කරන්නෙම පිස්සුනේ. (නි)
ලංකාවේ රාජ්‍ය සේවයේ රාත්‍රී සේවය කියන්නේ වැඩි දෙනෙක් වැඩි තැනක හොදට කාලා ,බීලා ජොලියේ උදේට ගෙදර යාමයි. ඉතින් වෙසක් බලන්න ආපු අය එලි වෙනතුරු වෙසක් නොබලා මෙම අවංක සේවකයන්ගේ නින්ද කඩන්න ආපු එක තමයි වරද (නි)
අපොන්සු අදි වේගය තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නොවෙයි කියලා ඔය දන්නේ නැද්ද? ලගදීම ජනාධිපතිතුමා ඒ පැත්තෙත් අදිවේගයක් විවෘත කරාව් රටේ දියුණුවට.(නදී)
ලංකාවේ සේවකන්ගේ මහජන සේවය නම් අන්තිමයි. රජයේ කාර්යාලයකට වැඩකට ගිහාම, අපි ඒ අයට වදින්න ඕනෑ.මුනේ කිසිම මද සිනාවක් නැහැ.මේකට හේතුව බොස්ලා හරිම ගොරකයෝ.ඔක්කොටම ඉස්සෙල්ලා කාර්යාල ප්‍රධානින්ට හොද පුහුණුවක් දිය යුතුය. (නි)
ටිකට් මොකටද ? 3000ක් කියන්නේ ලොකු හයියක්. ඔක්කොම නගින්නනේ තිබුනේ දුම්රියට. (නි)
ඕක තමා රටේ තත්වය. රාජ්‍ය පරිපාලනයේ දුර්වල කම්. පැය 24ම ඇරලා ගමන් පහසුකම් දිය යූතු දවසක්.(නදී)
දුෂිත දෙපාර්තමේන්තු වන්නේ ක්‍රිකට්, දුම්රිය, ලංගම. පුහුමානය දුම්රිය සේවකයන්ගේ තියෙන්නේ.(නදී)
ටිකට් දෙන කට්ටියත් වෙසක් බලලා දන්සැල් වැදලා ඇවිත් මහන්සියට ටිකක් නින්ද යන්න ඇති. ඕවා කා අතිනුත් වෙන වැරදි. පානදුරේ ස්ටේසන් එකේ මහත්තුරු නම් මේ ලගකදී පඩි දවසේ බූරු ගහලා අහු උනේ. අපි කව්රුත් පෘතග්ජන මිනිස්සුනේ.(නදී)
දුම්රිය සාමාන්‍යාධිකාරීතුමනි, මෙම සිද්ධිය පිලිබඳව ඔබතුමා ගන්නා පියවර පිළිබඳව මහජනයා ලෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඇමතිතුමනි, ඔබතුමා අදාළ බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇතැයි සිතමු.(නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු, කියන්නේ නිකන් නෙමේ.(නදී)
දැනට අවරුදු 10 පමණ පෙර මම දුම්රිය සේවකයකුගෙන් ඊලග දුම්රිය තියෙන්නේ කීයටද අහල මට කුණුහරපෙන් බැනල එලෙව්ව.( පිටකොටුව දුම්රිය පොලේ ).(නදී)
කියන්න කටට එන දේවල් නොකියා ඉන්න එක හොඳයි. කොහොම උනත් ඔය නිදාගැනීම අලුයම 3 ට පටන්ගත් එකක් නම් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ පැවතෙන නින්දක් ඒක. (නදී)
ජෝන් කොතලාවල අගමැති තුමා ඔහොම කෙනෙකුට කියල තියෙනවා කලිසම් ඔලුවෙන් ගලවනවා කියලා. ඔහුගේ චරිතාපදානය කියවන්න.(නදී)
අයි ඔය දුම්රිය වල කාලේ නාස්ති කරගන්නේ. යස අගේට යන්න අධිවේගයක් හදලාදීලා තියෙනවා නේද? (නි)
තවත් කොච්චි නැතුව වගෙයි. ඊ ළඟ එකේ යන්නකෝ. තව තොරණක් බලලා, දන්සැලකින් කෝපි කෝප්පයක් බීලා,.... ඔය කවුන්ටර් වල ඉන්නෙත් අපේම අයියලනේ. ඉවසන්න පුරුදු වෙන්න. ශාන්තිය වඩන්න. අදයි වෙසක් පෝය දවස. (නි)
ඇටි ටිකට් ගන්න මහන්‍සි වුණේ? ටික්කොත් රෑට නිදිනේ (නි)
ඔබගේ පැමිනිලි නිර්නාමික නම් වලින් නොව ඔබගේ නියම නමින් දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත යොමු කරන්න. (නි)
සිරි ලංකා ! සිරි ලංකා !(නදී)
මේ රටේ දුම්රිය සේවය ඔහොම තමා. ඒකේ ගොඩක් යන්නේ දුම්රිය සේවයේ වැඩ කරන අය. (නි)
ආනන්ද ආර්, ඔයාගෙ විමසිල්ල හොඳයි. ඒත් අද ලංකාවට ගැලපෙන්නෙ නැහැ. අපොන්සු ගැන නම් කතා කරල වැඩක් නැහැ (නි)
ඇමැතිතුමා කෝ? (නි)
ඕකට එකම විසදුම රටට හරියන පාලකයෙක් ගෙනෙන එකයි. සිංගප්පූරුව දියුණු උන විදිය කියවලා බලන්න. වැරදි කරපු මන්ත්‍රීලා ඇමතිලා හිරේට දැම්මා අලුත් අගමැති තුමා. සමහරු ඔහුගේ යාළුවො. අපේ රටේ මේ වගේ දෙයක් කිසිම දවසක බලාපොරොත්තු වෙන්න අමරුයිනේ.(නදී)
ඇමති තුමා ඔන්න ඔබගේ අවස්ථාව නිදසට කරුණු අහලා දඩුවම් කරන්න.(නදී)
ගිරිගෝරිස් උන්නැහේ, දැන් අධි වේගී හදලා දීලා. ගුවන්තොටුපොළවල් හදලා දීලා, පාරවල් කාර්පෙට් කරලා දීලා රට සංවර්ධනය කරලා දීල තියෙනවා නේද?(නදී)
අයියෝ සල්ලි
කෝ බලදරයෝ.(නදී)