හෙරොයින් මත්කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් රන්මලානේ ගැබිනි මවක ගල්කිස්ස පොලිස් සිරමැදිරියේදී විලිරුඳාව සෑදී කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව දරුවකු බිහි කළාය. ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය රෝහලට ගොස් ඇය ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් මව් පදවියට නිගරුවක්..
හොඳට හොයලා බලන්න මේ ගෑනිව පොලිසියෙන් ඇල්ලුවේ ඇත්තටම කුඩු ළඟ තියාගෙත ඉදලාද කියලා.නැතිනම් කුඩු දාලා ඇල්ලුවද කියලා. මොකද බොහෝ වෙලාවට පොලීසියෙක් කරන්නේ කුඩු දාලා බොරුවට අහිංසකයෙක්ව අල්ල ගන්න හදන එකනේ.අයුතු දෙයක් කරන්න ගිහින් වැරදුනාමත් පොලීසිය කරන්නේ බොහේවිට බොරු චෝදනාවක් ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරලා තමන් බේරෙන්න හදන එකයි.ඒ නිසා මෙහි දෙපැත්තක් ඇතිබව කමෙන්ට්ස් පළ කරන අය තේරුම් ගත්තොත් හොඳයි. ඒ වගේම මේකත් කියන්න ඕනේ.මෙකේ කමෙන්ට්ස් පළ කරන උදවිය මගේ ආචාර්ය උපාධිය ගැන නෙවෙයි කමෙන්න්ට්ස් පළ කරන්න ඕනේ මේ ප්‍රවෘත්තිය ගැන විතරක් බව හොඳින් සිහිතබා ගෙන කමෙන්ට්ස් පළ කරන්න මහන්සි ගන්න.මම මගේ උපාධි නාමය භාවිතා කරන්නේඅද ඊයේ ඉඳලා නෙවෙයි.ඒ වගේම විශ්වවිද්‍යාලයේදී මගේ උපදේශක මහාචාර්යවරු ඉදිරියේදීම මට එය භාවිතා කරලා තිබෙනවා.මට සිදුවූ අපහාසයට වන්දි ගෙවන්න මුදලක් ලෑස්ති කරගෙනම මට අපහාස කරන්න ලෑස්ති වෙන්න. මේක අනතුරු ඇඟවීමක්.
සමහර මනෝභාවයන් ඖෂධ නිසා වෙනස්වේ.සහන ඔසු (ට්රැං කිලයිසර් ; tranquillizers සහ LSD මෙන් ) ක්‍රියාකාරීත්වයේ එබඳු ආවේදන වෙනස්කම් නිර්මාණය කරගන්නා බව පෙනෙන්නට තිබේ. සහන ඔසුවක් වූ ච්ලෝප්රො මසින් (Chlopromazine) මඟින් සම්ප්‍රක සම්ප්‍රේෂණයේදී නොරෙපිනෙප්රිසන් (Nor epinephrine) නිදහස්වීම වළක්වනු ලැබේ.එමඟින් එය හරහා ඇතැම් පණිවුඩ ගමන්කිරීමට ඉඩහැරේ.LSD ඊට සමාන සංයුතියක් ඇති ස්නායු සම්ප්‍රේෂණ කාර්යයේදී සෙරටොනින් (Serotonin) නිකුත් කෙරෙන රසායනිකයකි. සෙරටොනින් මෙන් එහි ක්‍රියාකාරීවීමේ ලක්ෂණ පෙන්වීම සහ සෛල අධිකව උත්තේජනයවීම නිශ්චිතව මොළ සෛල තුළ LSD ක්රේමයෙන් වැඩිවීම එය හැඟීම්වලට බලපාන බව පෙන්වන වැදගත් සාධකයකි. මොළ ව්‍යුහයේ සංජානන වෙනස්වීම නිසා මෙබඳු ඖෂධ ගත්විට ඇතිවන දැනීම් අසාමාන්‍ය ස්වභාවයක් ගනී.එසේම මෙය වින්දනාත්මක තත්වයක් නොවෙතත්,ඇතැම් අය මෙබඳු මානසික පසුබිමක් තුළ ඇතිවන විකෘති සංජානන හා මනෝවිකෘතීන් වින්දනයක් සේ සලකා ඊට ඇබ්බැහි වෙති.මොළයේ සමතුලිතව පැවතිය යුතු රසායනික අසමතුලිතතාවයට පත්වීම නිසා මෙබඳු ඖෂධ වර්ගවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම තරමක් අසීරුය.සිහියෙන් සිටීමට වඩා විකෘති මානසික මට්ටමින් ආශ්වාදයක් ලැබීමට යොමුවීම හානිකරය.සිහියෙන් කටයුතු කිරීමට නම් පවතින යථාර්ථය පිළිබඳ අවබෝධය හා එම අවබෝධය දරාගෙන කටයුතු කිරීමට විශාල ධෛර්යක් අවශ්‍යමය.
අනේ මෙහෙමත් ගෑහැණු .....
ලැබෙන්න ඉන්න දරුවටත් නින්දාවක් මේ වගේ අම්මලා
මහේස්ත්රාත් තුමිය සානුකම්පිතව කටයුතු කරල තියනවා..
ඇය සිදුකර ඇති වරද ඉතා විශාලයි. දැන්වත් එවැනි වරදවල් නොකර තම ජීවිතය ගෙන යන්නේනම් ඉතාමත් හොදයි. මහේස්ත්‍රාත් තුමියගේ ක්‍රියාවද මානුෂික අයිතිවාසිකමි අනුව ඉතා ආදර්ශමත්ය.
මනුස්සකම දන්නා මහේස්ත‍්‍රාත් වරියක්
පවු දෙයියනේ.ලංකාවට වුණු නස්පැත්තියක තරම
අලිබබා මහතා හා පුෂ්පා මහත්මිය දක්වා ඇති අදහස් මමද අනුමත කරමි. මෙවැනි අවස්ථාවකදී නීතිය මෙන්ම මනුෂ්‍යත්වය කෙරෙහිද එක සමානව සලකා බැලූ ගරු මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මැතිතුමිය වෙත මගේ හෘදාංගම ගෞරවය පුද කරමි.මා සමඟ ත්‍රිපිටක පරීක්ෂණවලට පෙනී සිටි කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිපති පශ්චාත් උපාධි ලබා දැනට වැඩබලන මහේස්ත්‍රාත් තනතුර හොබවන මගේ කල්‍යාණ මිත්‍රයින්ද මේ සමඟ ඉතා ආදරයෙන් සිහිපත් කරමි.
ආචාර්ය තුමාගේ ඖෂද පිළිබඳ ලියල තියන එක ඔය කුඩු ලග තබාගත්ත සිද්දියත් අතර සම්බන්දය පැහැදිලි කරනවද? ආචාර්ය තුමෝ..........අනෙක දරුවෙක් ලැබෙන්න ඉන්න ගැහැනියකට මේ විදියෙ බොරුවක් කරල අත් අඩන්ගුවට ගන්න තරම් මෝඩයො නැහැ ආචාර්ය තුමෝ පොලීසියේ...ඔයා මේ විදියට පොලිසියට පොලිස් නිලදාරීන්ට අපහාස කරන්න එපා...
මේ ගෑනු කෙනා ඇත්තටම මේ වරද කලා නම් දඬුවමක් දෙන්නම ඕනි. හැබැයි අර අහිංසක දරුවට මව් කිරි බොන්න තියෙන අයිතිය නම් උදුරා ගන්න එපා. පරපුරක් වනසන්න අනුබල දීල කුඩු විකුනපු ගැනු කෙනෙක් තමාගේ ළමයට උනත් කිරි දෙයිද කියලත් සැකයක් තියෙනවා. අර විනිශ්වයකාර තුමියට අපේ ආචාරය.
ආචර්‍ය සහා මහාචාර්‍ය,,,, පිස්සු නෑත්තම් හොඳයි....
නිලූ, යන්නේ කොහෙද මල්ලේ පොල්නේ නේද?