හිරගෙදරදී යාළු වී හිරෙන් නිදහස් වී අඹු සැමියන් ලෙස ජීවත්වන දෙදෙනකු හෙරොයින් කුඩු පැකට් 800න් සමග පිටකෝට්ටේ මාදිවෙලදී අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ලත් තොරතුරු අනුව මහරගමදී තවත් පුද්ගලයකු ළඟ තිබී කුඩු පැකට් 400ක් සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ පරීක්ෂණ අංශය කියයි.
මහරගම පුද්ගලයා ද හිරෙන් නිදහස් වී ආ අයෙකි.
හිරෙන් නිදහස් වූ කතක වන ‘සුදු අක්කා‘ මේ කුඩු ජාවාරමේ ප්‍රධානියා බව පොලීසිය කියයි.
ඇය සොයා මෙහෙයුමක් ද අරඹා ඇත.
කුඩුවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ හයකි.
මාදිවෙලදී අත්අඩංගුවට ගත් කත මාස දෙකක ගැබිනියක් බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පොඩි හල්මෙස්සෝ අල්ලනවා තෝරු මෝරු එළියේ අර බාලසූරිය මහත්තයාගේ කලේ අල්ලපු අල කන්ටෙනරේ ආපු කුඩු වලට ඇල්ලුවේ කව්ද?දඩුවම් කලේ කාටද?ස්ප්‍රීතු නඩුවට මොකද උනේ?
තිතට කුඩු.....මතට එතනෝල් (නි)
කුඩු සිංහල රටට ගේන්නේ කවුද කියලා අපි දන්නවා සෙන්තිල්. (නි)
සියලු දෙනාම ජීවිතාන්තය දක්වා හිරේ දමන්න මම යෝජනා කරමි. (නි)
මේ කුඩු ගෙන්වන මහා පතාක යෝධයින්ව අල්ලලා ඉවරයක් කරනකල් කවමදාවත් මේක නතර කරන්න නම් වෙන්නෙ නැහැ (නි)
රුවන්, පාලිත, හා ඉෂාර. පළමුව ඔබල හැදෙන්න, අනිත් අය නිකම්ම හැදෙයි. හැම දේටම ජාතිය ගාවගන්න එපා. රට ගැන හිතන්න.(ස)
රුවන්, පාලිත, ඉෂාර කියන දේ සම්පුර්ණ ඇත්ත. කටුනායකදී අහුවෙන තරමක් අහුවෙන්නේ කවුද? ජාත්‍යන්තර කුඩු මොළ කාරයෝ කවුද? රුවන් කිව්වා වගේ එක වතාවක් කුඩු කිලෝ ගණනක් රස පරීක්ෂකට යැව්වහම කිව්වේ මොකක්ද? මේවා කුරක්කන් පිටි කියලා. රට වනසන දේශපාලකයොයි දුෂිත උසස් පොලිස් නිලධාරිනුයි මේක පවත්වාගෙන යනවා. (නි)
අපේ රටේ නිතිය හරියට ක්‍රියාත්මක නොවන නිසයි මේවගේ අපරාද දින දින වැඩි වන්නේ (ස)
අපේ සමහර දේශපාලකයන්ට මේ ආදායම් වලින් කොටස් එන නිසා සමාජයෙන් මත්ද්‍රව්‍ය අයින් කළ නොහැකි ඇති. (නි)
නියම නොම්මර එකේ මෝඩයෝ කවුද කියලා රුවන් , පාලිත , ඉෂාරලාගේ අදහස් වලින් හිතාගන්න පුළුවන්. (නි)
රුවන් හරි. සෙත්තිල් මහා මෝඩයෙක්. (නි)
මුස්ලිම් සිංහල භේද කරන අන්තර් ජාතික බලවේග වලට මිනිස්සු නිකන් අහුවෙනවා. (නි)
රුවන් සමඟ මමත් එකඟයි. පාලිතට කියන්න තියෙන්නේ නම් ඔය සෙන්තිල් වගේ අයට ලැජ්ජාවක් දැනෙන්නෙ නැති බවයි. එසේ දැනෙනවා නම් මේ විදිහට ඉතා විශාල ලෙස, දෙස් විදෙස් ලාංකිකයන් එකතු වෙන තැනක, දිස්වෙන පළමු ප්‍රතිචාරයම ඒ ආකාරයේ මෝඩ කතාවක් දමයිද? (නි)
තව තවත් මේ වගේ අපචාර වැඩ කොරපල්ලා සිංහලුනේ. කෝ දැන් බලමුකෝ අන්තවාදීන්ගේ ප්‍රතිචාර... (නි)
සමහරුන්ට නම් මේක හොද ඉල්ලමක්. ජනතාව විනාශවෙන එක ගැන හිතන්නේ නැහැ (නි)
බොදුබල සේනාවට ආඩපාලි කියන ඔලු දෙකේ නරි වැරදි හොයනවටත් බනිනවා / නොසොයනවා කියලත් බනිනවා. පුදුම සත්තු. (නි)
බලු වලිගෙ උණ පුරුකේ දැම්මාටවත් දිග හැරෙන්නේ නැත (නි)
රුවන්, ඔබ හරියටම හරි. සෙන්තිල්ට ලැජ්ජා හිතෙයි එයාගේ නූගත්කම නිසා වෙච්ච දේට.. (නි)
කොපමණවැරදි කළත් සල්ලි තියෙනවනම් එළියේ බව වැරදි කරන අය දන්නවා. (ස)
සෙන්තිල් - කෝ දැන් බලමුකෝ අන්තවාදීන්ගේ ප්‍රතිචාර// මේ ප්‍රශ්නෙට ඇයි ඔය වගේ ඒවා ගාව ගන්නෙ.. ලංකාවට ප්‍රධානම වශයෙන් කුඩු ගෙන්නන්නේ මුස්ලිම් අය. (පකිස්තානය වැනි රටවලින්).අනික මේ ජාවාරම්වලට ප්‍රධානම හේතුව අපේ රටේ ඇමතියන් කියාගන්නා කට්ටිය නිසා. ඒක නවත්තන්නත් පුලුවන්නම් ඔබ ඔය ඇගිල්ල දික් කරන පුද්ගලයන් ඒ දේවල් නවත්තන්න පියවර ගනී. අවුරුදු ගානක් කරගෙන ආපු ජඩ වැඩ ඔක්කොම විනාඩියෙන් නවත්තන්න බෑ..ඒක නිසා මේ වගේ නූගත් කොමෙන්ට් කරන්න එපා.. අදාල දේ පමණක් කතා කරන්න.. අනවශ්‍යය දේ කතා කිරිමෙන් ඔබ නූගත්කම ප්‍රදර්ශනය වීම පමනයි සිදු වන්නේ. (අ)
කුඩු ජෝදු වගේම දරුවනුත් මේ වැඩේට හවුල් කර ගන්නවා!දරුවෝ ජාත්‍යන්තර දමල ඉංග්‍රීසි කතා කරලා සුපිරි ව්‍යාපාර කරන්න යොදවා ගන්නවා! කොළඹ මේ ජාවාරම් නවත්වන්න තව අවුරුදු ගණනාවක් ගතවේවි (අ)
ලංකාවේ හිර ගෙවල් හරියට අපරාද උගන්වන විශ්වවිද්‍යාල වගෙයි , මේ වට යන සුළු අපරාධකාරයා නිදහස් වෙලා අවට පස්සේ කරන්නේ මිනීමැරුම් වැනි ලොකු අපරාධ , (අ)
දඩගහල එළියට දාන්න (අ)
මත්ද්‍රව්‍ය අපාරධයක් විදියට බලන්නේ නැතිව සෞඛ්‍ය උවදුරක් විදියට බැලුවොත් මේ ප්‍රශ්න මීට වඩා මඟ හරවාගන්න පුළුවන්. (නි)
ලංකාවේ කුඩු අහුවෙන්නෙ නැති දවසක් කියන්න බලන්න. පෝයටත් විකුණනවා, බොනවා. ලංකාවේ දුෂණ වලට මුල වන කුඩු කවදා නවතියිද දන්නේ නැහැ (නි)