ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර එළවළු ප්‍රවාහනය කළ ලොරි නවයකට අද (13) මාලිගාකන්ද අධිකරණය රුපියල් 7500 බැඟින් දඩ නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි. ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර පිටපළාත්වල සිට කොළඹට එළවළු ප්‍රවානහය කරමින් තිබූ මෙම ලොරි 9 අද (13) අලුයම පෑලියගොඩ පාලම අසල දී සෝදිසි කර නඩු පැවැරූ බව අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද එළවලු හට්ටි වල දාලා ගෙනල්ලා බෙදා හරින ක්‍රමයක් හැදුවොත්
අනේ ඉතිං, කිරිපණුවා ගෝනි වලට ආසයිනේ,සෙරෙප්පු නැතුව උණත්. කරවිල ගෙඩියක් වත් කූඩො දාමු නේද රජිතෝ
ජයවේවා කූඩ ඇමතිතුමෝ අපේ!
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් ගෙනාවනම් හරි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.
කීර්ති කියන කතාව හරි.ගොවියට කිසිම සහනයක් නෑ රජයෙන්.අඩුම ගාණේ වෙලාවට වතුර ටිකක්වත් දෙන්න උනන්දු නෑ.ඒත් ඵලදාව වෙලාවට ගෙන්න ගන්න නම්?????
රටේ එළවලු නිෂ්පාදනයට ආණ්ඩුවෙන් කිසිම සහනයක් නැහැ. හැම එකම සල්ලි .දැන් ප්ලාස්ටික් පෙට්ටි ඊළඟට ශීත කල වාහන පස්සේ එළවලු බදු. මේවා අයකළ කියල රටට ඇති සෙතක් නැහැ.කෝටි ගණන් වාහන ගේනවා බදු නැතුව, ඉන්දියාවෙන් නළු නිලියෝ ගේනවා, ලෝකේ රග්බි ක්‍රීඩකයෝ ගේනවා මිලියන ගණන් දීල. අසරණ අපිට තමා ඔක්කොම නීති. ලංකාවේ මිනිසුන්ගේ ඇස් ඇරෙන කොට ඔක්කොම වෙලා හමාරයි
මහජන මුදල් විශාල ලෙස වැය කරමින් මැති ඇමැතිවරු ග්‍රහ අපල දුරුකර ගන්න ඥාතීන් පිරිවරාගෙන විදේශවල සංචාරය කරනවා. එක ඇමැතිවරයෙක් ගෙවුණු මාස 6ට රටවල් 15ක ගිහින්
එක එක කතාකියන්නේ .....එතකොට කවුරුවත්ම කැමති නැද්ද අලුත් එළවඵ, පළතුරු කන්න....
කිරිපණූවෝ, පිස්සුද හලෝ? කකුලු දෙකක් නැති මිනිස්සු සද්ද නැතුව ඉදිද්දි ඔහේ සෙරෙප්පු නැතුව ඇවිදිනවා
හොරු සමග හෙලුවෙන්
මෙතන අපි මිනීමරාගෙන වැඩක් නෑ හෙළයෝ.පිටරටවල වගේ නවීන ක්‍රම වලට ගියොත් අපි දියුණු වෙයි
එලවලු මිල තවත් ඉහල යාවි සුබ අනාගතයක්
හැම දේටම ප්‍රමිතියක් හදන එක හොද වුණත් ලංකාවේ එය නියම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.පලිබෝධනාශක වල ආසනික් තියෙනවා කිවුවට දැන් කවුරුවත් ඒ ගැන කතා නෑ.මදුරු කොයිල් හදන කම්පැනි කැමති නෑ ලංකාවේ මදුරුවෝ විනාශ වෙනවට
කූඩ නීතිය හොදයි.නමුත් නැවත ප්‍රවාහනේදී කූඩ අකුලා ගත හැකි ලෙසට නිපදවන්න ලංකාව තුළත්.මේ ක්‍රමය යුරෝපයේ තියෙනවා
අමල් ඉන්නේ මොන ලෝකෙද ? තියන ලොරි වලට ඉන්ධන ගහන්නේම බොහොම අමාරුවෙන් ශීත කරපු ඒවාට දෙගුණයක් ගහන්න ඕනි ඕකවත් තේරෙන්නේ නැහැ. නිකන් දාන්නන් වාලේ ප්‍රතිචාර ගහනවා. රටේ එළවලු නිෂ්පාදනයට ආණ්ඩුවෙන් කිසිම සහනයක් නැහැ හැම එකම සල්ලි දැන් ප්ලාස්ටික් පෙට්ටි ඊළඟට ශීත කල වාහන පස්සේ එළවලු බදු මේවා අයකළ කියල රටට ඇති සෙතක් නැහැ.කෝටි ගණන් වාහන ගේනවා බදු නැතුව, ඉන්දියාවෙන් නළු නිලියෝ ගේනවා, ලෝකේ රග්බි ක්‍රීඩකයෝ ගේනවා මිලියන ගණන් දීල අසරණ අපිට තමා ඔක්කොම නීති. ලංකාවේ මිනිසුන්ගේ ඇස් ඇරෙන කොට මුන්ටික පවුල් පිටින් රට හූරන් කාල හමාරය්
මේ නීතිය හොදයි.පුලුවන්නම් ශීත කළ ලොරි වල එළවලු ප්‍රවාහනයට නීති හදන්න.විකුණද්දිත් ශීත කාමර වල විකුණන්න නීති හදන්න. ඇමතිතුමාට මිනිස්සුන්ගේ සහාය ලැබෙයි
එළවලු නාස්තිය අඩු වුණාම වාසිය හැමෝටම.කූඩ අවශ්‍යමයි
ආණ්ඩුවම නීති පනවන කොට ආණ්ඩුවේම සමහර දේශපාලකයෝ ජනතාව උසි ගන්නා ආන්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා.මේක තමයි ආසියාවේ ආශ්චර්යය
අනේ ආයිබොවන්ඩ දන්නැති කමට අහන්නේ? ඔය හොරට කිරන මුදලාලිලට, මිනිස්සුන්ට වස විස කවන හොර තක්කඩින්ට කවදද ඔය විදියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ? නීතියට අනුව නොගෙනාපු එක වැරදි බව ඇත්තයි. ඒත් ප්‍රසිදිධියේ මේ රටේ හොර මැරකම් වෙනවා. කප්පම් ගන්නවා. කෝ ඒවට නිතිය ක්‍රියාත්මක වෙනවාද. පොඩි අපි හැම පැත්තෙන්ම තැලෙනවා.
සුභ අනාගතයක්ක්ක්ක්ක්ක්ක්ක්...................
දැන්වත් මිනිස්සු එළවලු කයි.මෙච්චර කල් කෑවේ එළවලු සුප්නේ