හෙරොයින් ග්‍රෑම් දෙකයි දශම හතරක් ළඟ තබා ගත් සමරවීර ආරච්චිගේ සුරෝශ් කුමාරට කොළම මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.
බොරැල්ල සර්පන්ටයින්ම් පාරේ පදිංචි සුරේෂ් කුමාර් තීන්දුව දීමට පෙර පැවසූයේ තමා කුඩුවලට ඇබ්බැහි සිටින්නකු බවයි. කුඩු විකුණන්නකු නොවන බවත් එහෙයින් දඩුවම් ලිහිල් දඩුවමක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඔහුගේ පෞද්ගලික ආයාචනයට වඩා හෙරොයින් මත්කුඩුවලින් සමාජයට වන විනාශය සැලකිල්ලට ගැනීමේ අයිතියක් උසාවියට ඇතැයි ඔහුට මරණ දඩුවම නියම කරමින් විනිසුරු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න අපරාධයකට වඩා සෞඛ්‍යම ප්‍රශ්ණයක් විදියට බලනවා නම් හොඳයි. අපරාධයක් ලෙස සලකන්නේ නම් කුඩු ගහන පුද්ගලයාට කලින් කුඩු විකුණන තැනැත්තාත්, කුඩු විකුනන තැනැත්තාට කලින් ලංකාවට කුඩු ගේමේදී ඇල්ලීමට අපොහසත් වන රේගු අධිකාරිනුත් දඬුවම් ලැබිය යුතුයි.(නදී)
කුඩු ග්‍රෑම්ස් දෙකට මරණ දඩුවම වැඩි නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ වගේ දේවල් ලංකාවේ හදන්න නැහැනේ. ඉතින් කොහොමද ගේන්නේ? නොදන්නා නිසා අහන්නේ (නි)
මත් ද්‍රව්‍ය භාවිතය සහ වෙළඳාම පාලනයක් සහිතව නීතිගත කල යුතුයි. මෙය බරපතල වරඳක් කිරීම නිසා මිල ඉතා ඉහල ගොස් ඇත. එම නිසා ඉතා අධික මිලකට මේවා මිලදීගැනීමට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ට සිදුවී ඇත. රටේ බොහොමයක් සොරකම්, මිනීමැරුම්, අපරාද වලට හේතුව, මත් ලෝලීන් අවශ්‍ය අධික මුදල් කෙසේ හෝ සොයාගැනීමට උත්සාහ කිරීමයි . මේ අපරාධ රැල්ල නිසා මත් ලෝලීන්ටත් වඩා දුක් විඳින්නේ අපරාධවලට ගොදුරුවූ අහිංසක ජනතාවයි.(නදී)
සමාජයට හානියක් වෙන්නේ ගෙන්නන අයගෙන්ද? බොන අයගෙන්ද? (නි)
කිලෝ ගණන් ගෙන්නන අයත් ඉන්නවා. (නි)
මට මුකුත් මතක නැහැ. කවුද කුඩු ගෙනාවේ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට අර පහුගිය දිනවල අල්ලපු එතනෝල් කන්ටේනර් එකේ අතිකාරයට දෙන දඬුවම මොකක්ද? (නි)
තෝරු මෝරු එළියේ හාල්මැස්සො තිත්තයො ඇතුලේ... (නි)
ගහේ මුලට පොහොර දලා ඔය චුටි රිකිලි කපලා වැඩක් නැහැ කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා.[උරාගේ මස් උරාගේ පිටේ තියලා කපන්න අමාරුයිනේ.(නදී)
එතකොට එතනෝල් ලීටර් දහස් ගණනකට...??? (නි)
එල්ලන දවස ක්‍රියාත්මක කරන තෙක් දුන් තීන්දුව නම් හරිම වටිනවා! කුඩ්ඩන්ට පාඩමක්! (ත)
මරණ දඩුවම දෙන දවස අපිට දැනගන්නට් බැරිද දන්නේ නැහැ නේද?(නදී)
කුඩු කාරයො රෝහල්වල (ත)
දුමින්ද මහත්තයා සැපට නිදි රෝහලේ.(නදී)
පෞද්ගලික ආයාචනයට වඩා හෙරොයින් මත්කුඩුවලින් සමාජයට වන විනාශය සැලකිල්ලට ගැනීමේ අයිතියක් උසාවියට ඇතැයි ඔහුට මරණ දඩුවම නියම කරමින් විනිසුරු ප්‍රකාශ කළේය. හෙරොයින් කුඩු මහා පරිමාණයෙන් ගෙනවන අය නිදහස් වෙන්නේ කොහොමද?(නදී)
එතකොට ඇමති පුත්තු?? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
හෙරොයින් ග්‍රෑම් දෙකක් නිසා මරණ දඩුවම ,මිනි මරපු කහවත්ත දෙය්ස්පාලකයට නිදහස . ආසියාවෙ ආශ්චරිය. (නදී)
කුඩු ග්‍රෑම් 2 මරණ දඩුවම, කුඩු කිලෝග්‍රෑම් 2 සතියෙන් ගෙදර? කාට කියන්ඩද ?(නදී)
ගුවන්සේවිකාව රුපියල් 10000/- කට මතකද ඒවා...?(නදී)
පුදුමේ කියන්නේ ඔක්කොටම පෙනෙන්නේ දශම ගණන්නේ?? (නි)
මේවට තමා ආස්චර්ය කියන්නේ. කුඩු ගහන එකා මරනවා. ගෙන්නන එකාට සුර සැප.(නදී)
නියම තීන්දුවක්,මගේ ආචාරය ඔබලාට.(නදී)
කුඩු කිලෝ ගණන් අහුවෙන අයටත් මරණ දඩුවම් දෙන්න. (නි)
ඔන්න සරියා නීතිය බොහොම සන්තෝසයි.(නදී)
තෝරු, මෝරු අපුරුවට ඉන්නවා. හාල්මැස්සෝ තමයි අහුවෙන්නේ.(නදී)
අතීසාරයට අමුඩ ගැසීමක්.පළමුව මහා කුඩු හොරු එල්ලා මැරීය යුතුයි.(නදී)
ඔය කීවට නමට විතරයි මරණ දඩුවම.(නදී)