මෛත්‍රිපාල සිරිසේන ජනපති ගේ වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාල වයස්කරු සැප්තැම්බර් 02 වැනි දා තෙක් ළමා නිවාසයක රැඳවුම් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
මොරටුවේ ජනිත් මධුෂංක (26) සැප්තැම්බර් 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. ඔහු යකඩයා ෆෝරම් නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යමින් වෙබ් හැක් කිරීම වැනි කරුණු ගැන පළ කළ තොරතුරුවලින් එම සිසුවා දැනුවත් වී ඇති බව පෙනේයැයි පොලිසිය අධිකරණයට දැන්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හැක් කිරීමකට පරිගණක ගැන ඉතා ඉහළ මට්ටමේ දැනුමක් අවශ්‍ය නැතිලු. (නි)
හැක් කරන්න පුළුවන් වෙන්න වෙබ් සයිට් එක පාලනය කරපු අය ගැන බලන්න ලෝක මොළ දෙකක්මේ අයව වහාම නිදහස් කරන්න මේ දක්ෂයන්ගෙන් රටේ යහපතට හොඳට ප්‍රයෝජනයක් ගන්න (අ)
මේ අහිංසක දරුවාව අවවාද කර නිදහස් කරන්න (අ)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාල ඒවා පිටරටවල බැංකු පුරවපු ළමයින් කිසිම කරදරයක් නැතිව ඉන්නවා.ඒ නිසා රටක් වටිනා මේ දක්ෂ දරුවන් දෙන්නට ජනාධිපති සමාව දීල රජයේ උසස් රැකියාවක් කරන්න අත හිත දෙන්න. (අ)
කොල්ලව වරදට පොලම්බ වපු එක හිරේ දාල කොල්ලට හොඳට ඉගැන්නුවොත් එකත් එකටම මහාචාර්ය කෙනෙක් කරන්න පුළුවනි? සමහර ඉහළ පෙලේ විශ්වවිද්‍යාලවල වෙබ් අඩවි හැක් කිරීමේ හැකියාව ගැන තරංග පවා පවත්වනවා.(අ)
කාංචන කියන දේ හරි. මේ වගේ හැක් කිරීමකට පරිගණක ගැන ඉතා ඉහල මට්ටමේ දැනුමක් අවශ්‍ය නැහැ. මම හිතන හැටියට මේ ශිෂ්‍යයා කර ඇත්තේ දඩුවම් ලැබිය යුතු වරදක්. (අ)
ඇත්තටම ලජ්ජා වෙන්න ඕනි ජනාධිපතිගේ වෙබ් අඩවි කරන අය. ඒ අයට අභියෝග කරන්න මේ බාල වයසේ දරුවට පුළුවන් වුන එකගැන. එතැනින්ම පේනවනේ ඒ අයගේ කෙරුවාව. ජනාධිපතිතුමාට ඔය ටික මේ සිද්ධියෙන් වත් තේරුනොත් හොඳයි. අනික ඔය වෙබ් අඩවිවලින් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කවදාවත් උත්තර දෙන්නේ නැහැ. (අ)
වැඩේනම් කොහොමත් වැරදියි. ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියෙත් මේ ළමයටම කියලා ඔය රිංගායන්න පුළුවන් සිදුරු ටික වහගත්තොත් හොඳයි වගේ (නි)
මේ සිද්ධවෙන දේවල් වලින් පෙනෙන්නේ ඉක්මනින් බඩු මිල අඩු කළයුතු බව නේද? (නි)
මේ දරුවාගෙ දක්‍ෂකම් වලින් රටට වැඩක් ගන්‍න. නීතියට වඩා මානුෂික පැත්‍තෙන් මේ ළමයා දිහා බලන්‍න. මේ වේ දක්‍ෂයො බිහිවෙන්‍නෙ බොහොම කලාතුරකින්. මේ දරුවාගෙ දැනුම රටට සම්‍පතක් කර ගන්‍න. (නි)
හරි වැරැද්ද නොදන්නා කෙනාගේ දක්ෂතාවයකින් වැඩක් තියෙනවද? (නි)
එතකොට යකඩයා ෆෝරම් එක පවත්වාගෙන ගිය කෙනත් ඕවා දැනගන්න ඇත්තේ තවත් පිටරට වෙබ් අඩවියකින් වෙන්න ඇති. මට නම් හිතන්නේ අන්තර්ජාලය හදපු කෙනත් වැරැද්දක් කරලා තියන්නේ. මෙතන වරද කරලා තියන්නේ අර ශිෂ්‍යා මිසක් වෙබ් අඩවිය කරපු කෙනා වෙන්න බැහැ (නි)
මේකේ සමහරු ළමයා දක්ෂයෙක් කිවුවට, මේ වගේ අය ඕනෑතරම් ඉන්නවා. දඬුවම් ලැබියයුතු වරදක්. (නි)
මම පාසල් යන දවස්වල මට මතකයි පොඩි පන්තියක ළමයෙක් රුපියල් දෙකේ කොලයක් බලාගෙන ඒ විදියටම අැන්ඳා. පන්තිභාර ගුරුතුමිය ප්‍රින්සිපල්ට කියලා ළමයව පොලිසියට අරන් ගිහින්. පසුව ඒ ළමයට සියුම් දේවල් අඳින්න බැරිවෙන්න අතට ඉන්ජෙක්ෂන් එකක් ගහලා. දැන් එයාට ගොඩක් වයසයි. දැන් අකුරක්වත් ලියාගන්න බැහැ අත වෙව්ලනවා. චිත්‍ර ඇඳීමට පුදුම හැකියාවක් තිබුන ළමයෙක්. ලොකු මිනිසුන්ගේ මෝඩ තීරණ නිසා අනාගතයම අඳුරු වෙලා. මේ ළමයාත් දක්ෂයෙක් නිසා මොහුට හොඳ නරක කියාදී යහපත් පුරවැසියකු කළයුතුය (නි)
රටට වැඩක් ගන්න පුලුවන් දෙදෙනෙක් (නි)
දක්ෂයෙක් කියලා අනුන්ගේ ගෙවල් වලට හොරෙන් ඇතුළුවෙන්න කාටවත් අයිතියක් නැහැනේ. පවතින නීතිය හා ජනාධිපති තුමා ඒ ගැන නිසි පියවර ගනියි. එහෙම නැතිව මෙතන හැකර්ලව ප්‍රමෝට් කරන්න ගියොත් සිදුවෙන්නේ, ලංකාවේ සුපර් ස්ටාර්ල බිහි වුණා වගේ හැකර්ලා බිහිවෙන එකයි. හැබැයි මෙතන කවුරු හරි "බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න" උත්සහ කලාද කියලා හොයලා බලන එක නම් වඩාත් හොඳයි. (අ)
භද්‍රානි, මේ ළමයි කරලා තිබෙන්නේ තමන්ගේ හැකියාව උරගාබැලීමයි (නි)
මැටිපහන මොනවා කියවනවාද මන්දා (නි)
හැක් කිරීම අන්තර්ජාතික මට්ටමෙන් පිළිගත් අපරාධ ගණයේ වරදක්. වෙබ් අඩවියක් 100% ක් ආරක්ෂා කරන්න බැහැ. මෙවැනි දේ පහුගිය ආණ්ඩු කාලෙත් සිද්ධවුණා. නමුත් සිද්ධිය සුළුවෙන් තකන්න බැහැ. (නි)
රටේ නැවත මෙවැනි සයිබර් අපරාධ වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම දඬුවම් දෙන්න මොවුන්ට. (නි)
හැබැයි මෙයාලගෙන් අහගන්න පුළුවන් අර පහුගිය කාලේ කොම්පියුටර් ජිල්මාට් ගැන (නි)
කරුණාකර ජනාධිපතිතුමා හා අදාළ අංශ මේ ගැන සාධාරණ තීන්දුවක් ගන්න තෙක් අපි මේ තරුණයාට දොස් පවරමින් ප්‍රතිචාර දැමීමෙන් වළකිමුද ? දැනටමත් ඔහු අපි විසින්ම අපරාධ කාරයෙක් කරලා ඔහුගේ අනාගතය කොන් කරන්න එපා (ම)
මේ ළමයාගේ වටිනාකම හඳුනාගෙන ඔහුට ඔහුගේ තාක්ෂණ දැනුම වර්ධනය කර ගැනීමට අතදීම තමයි රජය කළ යුත්තේ. මේ දක්ෂයන්ගෙන් රටේ යහපතට හොඳට ප්‍රයෝජනයක් ගන්නට පුනරුත්තාපනය කරන්න. හිරේ දාල අනාගතය විනාශ කරන්න එපා! (ම)
වෙබ් අඩවිය ආක්‍රමණය කලේ කාගේ වරදින්ද ,එය පලනය කරන්නගේ දුර්වලකම නිසයි ,එමෙන්ම එම වෙබ් පිටුවේ දත්ත වල සුරක්ෂිත භාවය ඉතාම අවම මට්ටමක පැවතීම නිසයි. කොල්ල කරපු වැඩේ වැරදියි .එත් මම නම් කියන්නේ ඔය ජනාදිපති වෙබ් පිටුව බාරව ඉන්න කණ්ඩායම ඉන්දියාවට යවලා හැකර්ලාගෙන් තම දත්ත පද්ධතිය ආරක්ෂාව පිළිබඳව හොඳ පුහුණුවක් ලබාදෙන්න.(ම)
ඔහුට සමාව දෙන්න ජනපති තුමනි (ම)
අයියෝ ලංකාවේ වෙබ් සයිට් හැක් කරන්න එච්චර අමාරු නැහැ. පන්දමෙන් ආපු වැඩබැරි දාසල ඇඩ්මින්ල විදියට පත්කරන් ඉන්නේ. දියුණු රටකනම් මෙයාලට ඩීල් එකක් දෙනවා ආණ්ඩුවට වැඩ කරන්න කියල. මෙහෙම එළියේ මුහුණ පෙන්නන්නේ නැහැ. සී අයි ඩියට බඳවාගෙන වැදගත් වෙබ් සයිට්, ඩේටාබේස් ආරක්ෂා කරගන්න යොදාගන්න. (බ)
දෙයක් ගැන හිතන්නේ නැතුව අදහස් කීමට අපේ රටේ මිනිස්සු හරිම හපන්නු. ගොඩක් අය කියනවා මේකාට නිදහස දීල රටේ ඉහල පරිගණක අංශයේ හෝ ආරක්ෂාවට සම්බන්ධ පරිගණක අංශයක තනතුරකට පුහුණු කරන්න ඕන කියල. අපේ රටේ පරිගණක දැනුම මේවගේ සුළුකොට තකන්නේ නොදැනුවත්කම නිසා වෙන්න ඇති. අපේ රටේ පරිගණක කේෂ්ත්‍රයේ අසහාය මොලකාරයෝ ඉන්නවා. (බ)
මොහොමඩ් වුනත් අදහස වටිනවා .කොල්ලා සුපිරි වැඩකාරයෙක් (බ)
මෙවැනි ළමයින්ට අත දී ඔවුන්ගේ හැකියාව රටේ යහපතට හරවා ගත යුතුයි (ම)
තමන්ව මරන්න පැමිණි ත්‍රස්තවාදියට මෛත්‍රිය දක්වපු එතුමා මේ පොඩි ළමයට සමාව නොදෙනවා නම් අපට එතුමා ගැන මොනවද හිතා ගන්න තිබෙන්නේ . හිතන්න. තීරණය ඔබ අතේ.(රේ)
මෙි ඉන්නේ දරැවෙක්. ඹහු වරදක් කර ඇත්නමි ඉන් මුදවගමු.නමුත් ලොකු ප්‍රචාරදිලා ඹහු අපරාධ කාරයෙක් නොකරමු (ම)
ඕනෑම කෙනෙකුට හිරේ යන්න නම් ලොක්කෙකුට මොනවා හරි කරන්න ඕනේ. ලොක්කෝ මොනවා කලත් ඒ අය යන්නේ රෝහලට. (ර)
මොහුට හොඳ පුනරුත්තාපනයක් දිලා පස්සේ ඔහුගේ ඇති පරිගණක දැනුමෙන් රටට වැඩක් ලබා ගන්න (ම)
තමුන්ව මරණ්න ආපු කොටියට සමාව දීපු ජනාධිපතිතුමා මේ දෙන්නට සමාව දෙන එක සිකුරුයි .... (ර)
ජනාධිපතිතුමා තමන්ව මරන්න ආපු අයටත් සමාව දුන්න එකේ මේ දෙන්නටත් සමාව දේවි කියල හිතෙනවා. (ර)
මේ දක්ෂයන්ගෙන් රටේ යහපතට හොඳට ප්‍රයෝජනයක් ගන්නට පුනරුත්තාපනය කරන්න. හිරේ දාල අනාගතය විනාශ කරන්න එපා! (බ)
සොෆි, දේවි දේවි මෙන්න කියල ඒ සමාවල් හම්බවෙන්නේ මේ ළමය සුළු ජාතිකයෙක් වුනොත් විතරයි!! මතකනේ අර සීගිරියේ කැටපත් පවුර විනාශ කරපු සුළු ජාතික කාන්තාව! (බ)
ලෝක මොළ දෙකක්මේ අයව වහාම නිදහස් කරන්න රුසියාව වගේ රටකට ගියොත් මහා අපරාධයක් (බ)
මුළු රටම මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති සමාව අයදිනවා.එය එසේම සිදුවේවි යයි අප බලාපොරොත්තු වෙනවා. (බ)
මේ ළමයාගේ වටිනාකම හඳුනාගෙන ඔහුට ඔහුගේ තාක්ෂණ දැනුම වර්ධනය කර ගැනීමට අතදීම තමයි රජය කළ යුත්තේ. ඔහුට කරපු දේ ගැන ටිකක් අවවාදයක් දෙන්න. ඔහු හොඳ පුර වැසියෙක් වෙනවමයි (බ)
හැකර්ලා දෙවර්ගයක් ඉන්නවා - එතිකල් හැකර්ලා සහ ක්‍රිමිනල් හැකර්ලා කියල. එතිකල් හැකර්ලා අපිට ක්‍රිමිනල් හැකර්ලගෙන් බේරීම සඳහා උදව් කරනවා. මෙයාට ඔය දෙකේ වෙනස පෙන්වා දිය යුතුයි. ක්‍රිමිනල් හැකර්ලා අතිශය දරුණු අපරාධ කරන තත්වයටම පත් විය හැකියි. එතිකල් හැකර්ලා තමයි ක්‍රිමිනල් හැකර්ලව කොටු කර ගන්න ක්‍රම දන්නේ. මෙයාලව කොටු කරගන්න ආණ්ඩුවට උදව් කරන්න ඇත්තෙත් එතිකල් හැකර්ලා තමයි. (බ)
මේ හිරේ දන්නා ඕනි ළමයෙක් නෙවෙයි. මේ වගේ අය අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් යොදවාගන්න ඕනි. ඉස්සරහට එන්නේ ආයුධ අරන් කරන යුද්ද නෙවෙයි. (බ)
වසර 17 ක ළමයෙක් මෙහෙම කළා නම් පරිගණක පිළිබද මීට වඩා හොද දැනුමක් ඇති අය මේ වගේ අයගේ වෙබ් සයිට් වලට ගිහින් කොච්චර රහස් තොරතුරු ගන්නවා ඇද්ද (බ)
තමන්ගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න. දේශපාලනේට කඩේ යන්න හදන්න එපා. තමන්ට කරදරයක් වුනාම අවසානේ කවුරුත් නැහැ තමන්ට. අවසානේ දෙමාපියන්ගේ පිහිට විතරයි. මේවගේ දේවලින් කටත් උදාහරණයක් ගන්න. තමන්ගේ පිහිට පමණි තමාට. දැන්වත් තමන්ගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න. මඩ ගහන්න ඉගන ගන්නේ නැතිව. (ර)
ජනාධිපතිතුමාගේ මේ විෂය බාර නිලධාරිය ඉවත්කළ යුතුයි (බ)
ජනාදිපතිතුමනි මොහුන්ට සමාවදී, මෙයාලගෙන් රටට වැඩක් ගන්න. (ර)
හැක් කරන්න පුළුවන් වෙන්න වෙබ් සයිට් එක පාලනය කරපු අය ගැන බලන්න (ම)
දක්ෂ ළමයෙක් මෙයාව අනාගතේ හොද රජයේ වැඩකට රාජකාරි සදහා යොදවාගන්න , (ම)
මේ ළමයට මෙහෙම කරන්න නරකයි. දක්ෂ දරුවෙක්.. මේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න ඕන...රටට වැදගත් අවශ්‍ය ළමයෙක්. හැබැයි එයා කරපු වැඩේ බරපතලකම පෙන්නලා දීලා. මීට වඩා ඇතුලට යැවිය යුතු ළමයින් ලංකාවේ ඉන්නවා. (අ)
කොල්ලා, මිනියා ?? ලොක්කන්ට එතුමා (අ)
ඔව් මම කියන්නෙත් මේ ළමයි ගෙන් වැඩක් ගන්න. (අ)
ඔහු සැබැ දක්ෂ ළමයෙක් ,ඔහුගේ අනාගතය අදුරු නොකරන්න යහපාලනයේ ඩිජිටල් ඇමති කටයුතු කරාවී .මේ මල්ලිට අපි සමාව දීලා අපෙගේ රජයේ ආයතන සහ බැංකු වල පරිගණක පද්ධති ආරක්ෂා කරන්න මෘදුකාංග නිර්මාණය කරන්න ඔහුට දඩුවමක් වශයෙන් ලබාදෙන්න. (බ)
වෙබ් එකක ආරක්ෂක තත්ත්වයන් ඉතාමත් සුරක්ෂිතව තබා ගැනීම එම වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ගේ සහ පරිගණක තාක්ෂණය පරිපාලනය කරන්නන්ගේ වගකීමක්. තමන්ගේ ගෙදර වැට කඩුලු වසා තබා ගන්නේ නැත්නම්, නොදන්නා කෙනෙකුට එහි ඇතුල් වීමේ හැකියාව ගැන, අනුන්ට දොස් පවරන්නේ කෙසේද? (බ)
මේවා දෙමාපියන්ගේ වැරදි ,පොඩි කාලේ ඉඳල එක එක කපටි දේශපාලකයන්ට කඩේ යන්න පුරුදු කරලා .දැන් දරුවා අමාරුවේ වැටිලා (බ)
අයගෙන් ප්‍රයෝජන නැහැ.මොකද වෙබ් අඩවියක් හැක් කිරීම කෙටි දැනුමක් හා මෘදුකාංගයක් අන්තර්ජාලය න් ලබාගෙන කෙටි කලක් අධ්‍යනය කර කල හැකිය කියලයි මම කියන්නෙ.මේ තරුණය ගාව තියෙන්නෙ එම දැනුම මිස පරිගනකය මුහුකුරා ගිය දැනුමක් නෙවෙයි කියලයි මම හිතන්නෙ.අතුරුපාරවල් ගෙවල් දොරවල් නැති පටු මාර්ගයක් දිගේ දිගු දුරක් ගියා වගේ.සාමාන්‍යයෙන් රහස් ඔත්තු සේවයක් වුණත් වෙබ් අඩවියක් භද්ක් කරන ක්‍රමය දන්නව.ලංකාවෙ පරිගනක අපරාද අංශය වුණත් එවැනි දේ දන්නව.මං කිවුව වගේ මේ ළමය ගමන් කරල තියෙන්නෙ හුදකලා පටු මාර්ගක් දිගේ දෙවැනි සිල්පදය කඩන්න හිතාන (අ)
සමාව දෙවි කියල හිතන්න බැ. (අ)
අතිගරු ජනාධිපතිතුමනි කාගේ හරි වැරදි උපදේසයක් නිසා මොවුන් මෙසේ කරන්න ඇති. නමුත් මෙවැනි දෙයක් කරන්න මොවුන් දෙදෙනාට හොද පරිගණක දැනුමක් තියෙන්න ඕන. එනිසා ඔබතුමා මොවුන් දෙදෙනාට අනුකම්පා කරලා මොවුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කරලා සමාවක් දෙන්න. මොවුන්ගේ පරිගණක දැනුම හොද පැත්තට යොදාගෙන රටට ලොකු සේවයක් ගන්න පුළුවන් වේවි. ඔබතුමාව ඝාතනයට පැමිණි පුද්ගලයාවත් යහමගට ගත්තු ඔබතුමා මොවුන් දෙදෙනාවත් යහමගට ගන්නකම් මුළු රටම බලාගෙන ඉන්නවා.(අ)
මේ ළමයි ගේ මොළ වලට මේවගේ කාලකන්නි දේවල් දීන අයට කිසිම සමාවක් දෙන්න එපා. හම ගහන්න ඕනේ. (අ)
සාදාරන කැක්කුමක් ඇති නේද මේ ළමයට මෙහෙම වෙන්න. අද රටට වෙන දේවල් බැලුවම මේ ළමය සාධාරනයි.(අ)
තමන්ව මරන්න ආව කොටියට සමාව දුන්න එතුමා මේ ළමයට නිකම්ම සමාව දෙන බව මුළු රටම දන්නවා . අනික ඒ ළමය එතුමාගේ වෙබ් සයිට් එකට ඇතුල් වෙලා ඉල්ලීම් වගයක් ඉදිරිපත් කරලා විතරනේ තියෙන්නේ . මොකුත්ම වටිනා දෙයක් හොරකම් කරගෙන ගිහිනුත් නැහැනේ . (අ)