මිනිස් පාරිභොජනයට නුසුදුසු අර්තාපල් තොගයක් ගබඩා කැරගෙන හොද අල වලට කලවම්කර වෙළෙදපොළට යැවීමේ සිද්ධියක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධරයෝ අද (30) සොයාගත්හ.
මෙම ගබඩාව දඹුල්ල මාතලේ මාර්ගයේ කපුවත්ත මොරගල්ලෑවේ වී ගබඩාවක පවත්වාගෙන ගොස් තිබිණි.
පකිස්තානයෙන් ගෙන්වු කුණු අර්තාපල් කිලෝ 25000පමණ තිබු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසීය.
කම්කරුවන් 50 ක් පමණ යොදාගෙන කුණු අර්තාපල් තෝරා හොඳ අර්තාපල් සමඟ කලවම්කරමින් සිටියදී වැටලීම සිදු විය.
මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් මෙම අල ගෙන්වා තිබිණි. පසුව එම ව්‍යාපාරිකයා පාරිභෝගික අධිකාරියේ මාතලේ ප්‍රධානී ඒ.එම්.ජේ සමන්ත මහතාට දුරකතනයෙන් කතා කොට උදවිවක් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.එම ප්‍රධානියා එය ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු වැඩ, හොර වැඩ, බලු වැඩ, කතා වැඩ... අනේ අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච දෙයක්. (නි)
මිනිස්සුන්ට කුණු කවන වෙළෙඳුන්ට වෙනම අපායක් දෙනු මැනවි (නි)
අපේ සේනාව කෝ? (නි)
මුස්ලිම් කෙනෙකුගේ වැඩක් වෙනන් ඕනෑ අනිවාර්යෙන්ම (නි)
හරිනම් මේ කුණු අල ටික තම්බලා මෙයාලටම කවන්න තිබුනේ (නි)
මගේ මල්ලිත් නුවරඑළියේ අල බිස්නස් කරනවා. පුළුවන් තරම් හොද අල වෙළදපොලට දුන්නොත් තමා හොද ආදායමක් ලබන්න පුළුවන් කියලා කියන්නේ.මේ හොරුන්ට මේවා කවන්න ඕනෑ පණුවොත් එක්කලා. (නි)
අහුවෙන්නේ කීයෙන් කීයද? හොයන්න උනන්දු වෙන්නෙත් කීයෙන් කී දෙනාද? අතේ වැඩිපුර මුදල් නැති නිසා අපිත් ලාබෙට දෙනවා නම් ඕනෑ කුණුගොඩක් ගෙනත් කනවා. (නි)
කුණු කුණු කුණු අහන්නවෙන්නෙම කුණු කුණු කුණු වෙච්ච දේවල් (දී)
මම දකින්නේ මිනුස්සු ජිවත් කරවන අහරවෙලට මේවගේ දේවල් කිරීම මනුස්ස ඝාතනයට සමානය.දෙපා සත්තු ඔයවගේ මිනුස්සු පණපිටින් පනුවෝගහල මැරෙන්නේ? (දී)