IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුණු කන්ද ළඟ කුණු වැඩක්

මීතොටමුල්ලේ කුණුකන්දට එරෙහිව විරෝධය පළ කළ පිරිස් පොලීසියෙන් ඉවත් කිරීමත් සමග මින් මද වේලාවකට පෙර කළබල කාරී තත්ත්වයක් ඇති විය.

සත්‍යග්‍රහ මඩු දෙක ඉවත් කළ පොලීසිය සැකපිට හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගැමියනට හිරිහැර නොකරන්නැයි හිමිකමක් පොලීසියට ආයාචනා කළේය.

විරෝධය පෑ කාන්තාවන් පොලීසිය ඇදගෙන ගිය අවස්ථාද දක්නට ලැබිණි.

 

 



අදහස් (0)

කුණු කන්ද ළඟ කුණු වැඩක්

සුරේෂ් Wednesday, 10 April 2013 09:14 PM

හොරා පොලිස්ද? පොලිස් හොරාද? මේ අයගේ පොලිස් කාර්යාලය කුණු ගොඩ උඩ පිහිටෙවුවනම් හරි.(නදී)

:       0       0

ජස්මි Tuesday, 09 April 2013 09:32 PM

ලංකාවේ කාන්තා පොලිස් නැද්ද (අ)

:       0       0

මොහොමඩ් Wednesday, 10 April 2013 03:12 PM

ප්‍රතිපලය මොනවා වේවිද? (ස)

:       0       0

හේරත් Tuesday, 09 April 2013 09:41 PM

අයියෝ රාළහාමි? (අ)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 09:51 PM

‍මේ රාලහාමීලා රාබීලා වගේ මේ අක්කට එළියෙදි මේ වගේ අඩන්තේට්ටහ් කළා නම් ඇතුලෙදි මොනවා නොකර ඉදීවිද නේද?(නදී)

:       0       0

ශාන්ත Wednesday, 10 April 2013 10:57 AM

ලබන අවුරුද්දෙ අපි ඔක්කොටම ජිනීවා වලට පැමිණිලි කරන්න වෙයි. (නි)

:       0       0

අමිල Tuesday, 09 April 2013 03:50 PM

ඔන්න කෙරුවාව ඔය කුනු පොලිසියටම දෙමු. රජය තනිකරම වැරදියි.(නදී)

:       0       0

වජිර Tuesday, 09 April 2013 03:44 PM

දැන් ආන්ඩුව රට පාලනය කරන්නේ කදුලු ගෑස් සහ උන්ඩවලින්.(නදී)

:       0       0

අමාන් Tuesday, 09 April 2013 10:03 PM

පුද්ගලයා පරිසරයට බද්ධ නොවීමත්, අන්තර් පුද්ගල සම්බන්ධතාවල පවතින අඩුවත් මෙතනින් පෙන්නුම් කෙරෙනවා. ඒකට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අසමර්ථතාවයි. (නි)

:       0       0

විමල් Tuesday, 09 April 2013 10:06 PM

දැන් ග‍ද ගහන්නේ කුණු ගොඩද ? පොලෝසියද????????? (ස)

:       0       0

දිසානායක Wednesday, 10 April 2013 03:49 PM

ලැජ්ජයි ලැජ්ජයි පොලිස්... (නි)

:       0       0

සේනානායක Tuesday, 09 April 2013 10:37 PM

මේ කුණු කන්ද අසල ජීවත්වන මහජනතාව මෙයට විරුද්ධව නැගීසිටීම නිවැරදියි. මොකද මේ කුණු කන්ද මේ අයගේ සෞඛ්‍යට මහා තර්ජනයක්. ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති අපේ වගේ රටවල පොලිසිය ක්‍රියා කරන්නේ මේ විදිහට තමා (නි)

:       0       0

සමන් Tuesday, 09 April 2013 10:50 PM

ලොකු අය හැමතැනම බේරෙනවා. පව් අහිංසකයෝ. (නි)

:       0       0

ගමාල් Wednesday, 10 April 2013 11:08 AM

කඩවල් කඩනකොට බලාගෙන ඉන්නවා මිනිස්සු තමන්ගේ ඉල්ලීම් ඉල්ලනකොට ඇදගෙන යනවා... (නි)

:       0       0

තරංග Tuesday, 09 April 2013 10:54 PM

මේකෙ තියෙන ප්‍රතිචාර බැලුවහම තමයි තේරෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම. මහජනතාව මීට වඩා උනන්දුවෙන් නැගී සිට කරන සමුහ ඉල්ලිමක් මීට වඩා ප්‍රායෝගිකයි. (නි)

:       0       0

ද සිල්වා- බෙර්ලින් Tuesday, 09 April 2013 04:15 PM

කුණු පිළිස්සීම සඳහා දහනාගාර ඇති කරන්න. මෙම ක්‍රම ලෝකයේ අනිත් රටවල ක්‍රියාත්මක වෙනවා , කුණු ගොඩගසා තැබීමෙන් ලෙඩ රෝග බෝ වෙනවා , අපේ රටේ නවීන පන්නයේ ගුවන්තොටුපළවල්,වරායවල්, අධිවේගී මාර්ග ඉදිකර තිබෙනවා. නොදිරන පොලිතින් , ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය පිළිස්සීමට දහනාගාරයක් ඉදිකිරිම සුලු දෙයක් . ඇයි මේ දෙය කරන්නේ නැතුව බලාගෙන ඉන්නේ?(නදී)

:       0       0

අනිල් Tuesday, 09 April 2013 10:55 PM

අයි ශාන්ට ප්‍රශ්නයක්ද? අපේ හාමුදුරුවන්ට කොතැනක වුණත් යන්න පුළුවන්. (නි)

:       0       0

උදය Tuesday, 09 April 2013 11:05 PM

කෝ දැන් අර කාන්තා හිංසනය ගැන කතා? (නි)

:       0       0

හේවගේ Wednesday, 10 April 2013 11:30 PM

අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරලා වැඩක් නැහැ. මීට නිසි පිළිතුරක් මහජනතාවට ලබාදෙන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 09 April 2013 11:11 PM

මීතොටමුල්ලේ කුණු ගොඩින් හම්බ කරගන්නේ පාතාලේ ලොක්කෝ ටික. ඇති යාන්තම් , ජීවිත කීයක් නම් බේරුනාද :) (නි)

:       0       0

රංග Monday, 15 April 2013 08:35 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේනේ. (නි)

:       0       0

ගමගේ Tuesday, 09 April 2013 11:25 PM

කලබල නොකර ඕකට හලාල් කියලා ගහන්න (නි)

:       0       0

ස්වර්ණ Tuesday, 09 April 2013 11:39 PM

මේ නීච ක්‍රියාවට අපේ හාමුදුරුවෝ ඇවිත් කළ දේ හරි. (නි)

:       0       0

පොලිසිය Tuesday, 16 April 2013 05:08 PM

අපි අල්ලන්නෙ කුණු කෙස්.(නදී)

:       0       0

සිසිර Tuesday, 09 April 2013 11:38 PM

පොලිසියට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 09 April 2013 04:34 PM

පහුගිය කලේ අධි ආරක්‍ෂිත පැති වලිත් මේවගේ ඒවා තිබුනා. පොලිසියෙන් ගැහුවේ නැහැනේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 04:44 PM

පොලිසියේ 10 ක් විතර කාන්තාවක් අල්ලන් දගලන හැටි මේවා කව්ද බලන්නේ පොලිස් කාන්තාවක් නැතිව මෙහෙම කරන්න නීතියෙන් අවසර තියෙන වාද?(නදී)

:       0       0

රිස්වාන් Tuesday, 09 April 2013 04:39 PM

ඔබ හරියට හරි රත්න.....අපේ සමහර කට්ටියට ඒවා පෙනෙන්නේ නැහැ. දුප්පත් මිනිස්සුන්ට තමයි හැම දෙයක්ම .. (ස)

:       0       0

සෙන්තිල් Wednesday, 10 April 2013 05:00 PM

ඇත්තනේ. පොලිසියට එහෙම අල්ලන්න බැහැ තමයි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 09 April 2013 04:51 PM

පොලිස් කාන්තා කාර්යන්සයක් තිබියදී රාළහාමි කරන හිංසාව තරයේ හෙලා දකිනවා! ඉතාමත් නින්දිත ක්‍රියාවක්! එක් අතකට රාළහාමි මොනවා කරන්නද? පිටිපස සිටින ඔටුන්න කියන දේනේ කරන්නේ!(නදී)

:       0       0

පෙරේරා Wednesday, 10 April 2013 12:01 AM

චිකේ ලැජ්ජා නැද්ද පොලිස්? (නි)

:       0       0

ශාන් Tuesday, 09 April 2013 05:01 PM

හාමුදුරුවන් මෙතනත් ඉන්නවනේ? (නි)

:       0       0

උපාලි Wednesday, 10 April 2013 12:02 AM

තමන්ගේම කුණු ටික සම්පතක් ලෙස යොදා ගෙන ජීව වායුව නිපදවා ගන්නා කුඩා ඒකක දැන් මේ රටෙත් නිපදවනවා. නගර සභාව ඒ වගේ ක්‍රම වලට සහනාධාර දීලා හරි මිනිස්සු යොමු කලොත් මේ තත්ත්වයට ලොකු පිලියමක් වෙනවා. සහනාධාර දෙන්න ඕනෑ ඒ වගේ දේවල් වලටයි (නි)

:       0       0

වසන්ත Wednesday, 10 April 2013 12:11 AM

මුළු නගරයේම කුණු ගෙනල්ලා, දුප්පතුන්ගේ ගෙවල් ගාව දාන එක සාධාරණද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 April 2013 05:02 PM

හාමුදුරුවෝ හැමදේටම අත දාන්න යන එක වැරදියි නේද? (නි)

:       0       0

දිලීප් Tuesday, 09 April 2013 04:55 PM

තමුන්ගේ ගේ ලඟ කුණු ගොඩක් තියාන කොහොමද ? මිනිස්සු ජීවත්වෙන්නේ මේවගේ පොඩි ප්‍රස්නයක්වත් විසඳන්න බලධාරීන්ට ඕන කමක් නැති බව මේවගෙන් පේනවා (ස)

:       0       0

තිසල් Tuesday, 09 April 2013 04:59 PM

හොද වැඩේ දුප්පත් වෙලා ඉපදුනාට. හයියක් නැතිව දුප්පත්ව ඉන්නකොට පොලිසිය ගහනවා, ඔලු පලනවා. හොරකම් කරලා හරි දියුණුවෙලා හිටියා නම් ලොකු ලොකු අය නියෝග දෙනවා ඔය මිනිස්සුන්ට අත තියන්න එපා කියලා. ඒත් කුණු ගොඩක් ළග ජීවත්වෙන පොඩි මිනිස්සු නිසා අනුන්ගේ කුණුත් තියාගෙන ගදත් ඉවසගෙන දුකම විදවිය යුතයි කියලා තමයි ඔය කියන්නේ මගේ හිතේ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 01:01 AM

‍මේ වගේ එඩිතර අක්කලා තමයි පොලිසියට හරියන්නේ. අර රාලහාමි අක්කත් ඒක්ක දගර නැටුමි නටන හැටි බලන්න. චිකේ පොලිස් ඇදුමටත් ඒක්ක ලැජ්ජයි.(නදී)

:       0       0

කොස්වත්තේ Tuesday, 09 April 2013 05:13 PM

අනේ මන්දා දැන් දැන් ලංකාවේ වෙන දේවල් දැක්කම හැමදාම පිටරටට වෙලා ඉන්න හිතෙකවා.(නදී)

:       0       0

සුමිත්‍රා ඉතාලි Wednesday, 10 April 2013 05:35 PM

අයුක්තිය රජ කරන්න ඉඩදෙන්න එපා. කනගාටුයි. (නි)

:       0       0

රුවන් Tuesday, 09 April 2013 05:21 PM

මීතොට මුල්ල කියන්නේ ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක්. මෙහෙමෙ කුනුදමීම තරයේම හෙළාදකිනවා. මෙම කාන්තාවට අවශ්‍යනම් මෙම පොලිස් නිලදරින්ට විරුද්දව නඩු කියන්න පුළුවන් .පිරිමියෙකුට බැහැ කාන්තාවකගේ අතින්වත් අල්ලන්න.(නදී)

:       0       0

රියාස් Wednesday, 10 April 2013 12:42 PM

පොලිසිය මෛත්‍රී කරන්නේ බොදු බල සේනාවට විතරද?..(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 April 2013 05:38 PM

පොලිසිය කුණු ගොඩවල් රැකීමට මොන තරම් දක්ෂද කියා ඉහත චායාරූප වලින් ඔප්පු වෙනවා.(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 05:47 PM

පරිසර දූෂණය නැති කිරීමේ අදහසින් සත්‍ය ග්‍රහ කල පුද්ගලයන් පිරිසක් ශ්‍රීලංකාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.(නදී)

:       0       0

ධම්මික Tuesday, 09 April 2013 05:41 PM

කෝ දැන් අර කාන්තා හිංසනය ගැන පහුගිය දවස්වල පෙළපාලි ගියපු කොළඹ හතේ නෝනලා ටික? මේ අහිංසක ගැහැණිය අද පිරිමි පොලිස් නිලදාරීන් අතින් මෙහෙම ගැරහුම් ලබන්නේ ඔය කොළඹ හතේ කුණු මීතොටමුල්ල ගිහින් දාන නිසා. අනික කාන්තා පොලිස් නිලදාරිනියක් නැතුව මෙහෙම කරන එක පොලිසියට විතරක් නෙවෙයි, පිරිමින්ටත් එක්ක නින්දා සහගත වැඩක්.(නදී)

:       0       0

සුපුන් Wednesday, 10 April 2013 12:47 PM

හැම දේටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා කියා ජප කරන්නේ නැතුව වෙන රටවල් කරන දෙයක් මේ කුණු ප්‍රශ්නෙට,එළවලු ප්‍රශ්නෙට, වී ප්‍රශ්නෙට, වෙළද පොළ මාෆියාවට කළොත් නරකද? (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 05:48 PM

කුණු කන්දට අපි තව තවත් කුණු දමමු කියා කියා සත්‍යග්‍රහ කළා නම් පොලිසියෙන් බේරෙන්නත් තිබුනා. (නි)

:       0       0

අබේරත්න Tuesday, 09 April 2013 06:01 PM

වරුණ ඔයා හරියට හරි. පොලිස් නිලදාරීන් (පිරිමි)කොහොමද කාන්තාවකගේ අතින් අල්ලන්නේ.?(නදී)

:       0       0

සරත් Tuesday, 09 April 2013 05:56 PM

කාන්ත හිංසනය ගැන කතාකරන කොළඹ රාජ්‍ය නොවන සංවිදහන වල ඉන්න නෝනලට මේවා පෙන්නේ නැද්ද. පිරිසිදු පරිසරයක ජීවත්වන්න ජනතාවට අයිතියක් තියෙනව නේද? කාන්තාවන්ට මේ වාගේ හිංසනයන් කරන්නට නීතියෙන් ඉඩක් තියෙනවද? (නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 12:52 PM

පොලිසියේ අය ඔක්කෝම එක කාන්තාවක් වටකරගෙන හු... හු.... දැන් මුලු ලෝකෙම මේක දැක්කා. (නි)

:       0       0

අනුර Wednesday, 10 April 2013 03:04 AM

අර පොලිස්කාරයා හාමුදුරුවන්ගේ උරෙන් නේද අදින්නේ ආගමක වටිනා කමක් නොදන්නා අය.(නදී)

:       0       0

රකිත් Wednesday, 10 April 2013 03:42 AM

මීතොටමුල්ලේ පිරිමි නැද්ද? මට පැරණි ජන කවියක පදයක් මතක් වුණා. "මෙච්චර මේ රටේ පිරිමි ඉඳිද්දීත් ගැහැණු හරක් බඳිතෙයි".(නදී)

:       0       0

බන්දුල Tuesday, 09 April 2013 06:01 PM

ඔයාලට අපි කුණු ගොඩේ දැයට කිරුළක් දාලා දෙන්නද?(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 10 April 2013 04:45 AM

ශ්‍රී ලංකාවේ පොලිසියේ ස්වරූපය ලෝකයටම පෙන්වා දෙනවා. නව සීලන්තයෙන් හා ඹ්ස්ට්‍රෙලියාවෙන් අපගේ බලවත් විරෝධය!!(ස)

:       0       0

යොහාන් Tuesday, 09 April 2013 06:15 PM

එහෙනම් පොලිසියේ නිලධාරිඅට තමන්ග බිරියගේ අතින් අල්ලන්න තනම්ද? (අ)

:       0       0

සුනිල් Thursday, 11 April 2013 02:38 PM

ඔයාල පැනල ඡන්දෙ දුන්නු කට්ටියම නේද අද ඔයාලට ඔහොම සලකන්නේ? උඩ පැනල පොස්ටේර් ගහල දුන්න නේද? දැන් මොකද කියන්නේ? කාන්තා වන් අත් අඩංගුවට ගන්න කාන්තා පොලිස් නිලදරිනියක්වත් යොදවන්න තරම් එයාල ඔයාලට ගරු කලේ නැහැ නේද?(නදී)

:       0       0

සුනිල් Thursday, 11 April 2013 02:46 PM

ඔයාල පැනල ඡන්දෙ දුන්නු කට්ටියම නේද අද ඔයාලට ඔහොම සළකන්නේ? උඩ පැනලා පෝස්ටරුත් ගහලා දුන්න නේද? දැන් මොකද කියන්නේ? කාන්තාවන් අත් අඩංගුවට ගන්න කාන්තා පොලිස් නිලධාරිනියක්වත් යොදවන්න තරම් එයාලා ඔයාලට ගරු කලේ නැහැ නේද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 11 April 2013 07:45 AM

පොලීසිය කරන මේ වැඩෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා කියලා එක්කෙනක් ලියලා තිබෙනවා මම දැක්කා.පොලීසිය ඔය වැඩ කරන්නේ ඉහළින් එන නියෝග හින්දා.අන්තිමට ඔය වැඩ කරන හින්දා පොලීසිය මහජනයා ඉදිරියේ අප්‍රසාදයට ලක්වෙන එකයි වෙන්නේ. (නි)

:       0       0

සෙනවි Wednesday, 10 April 2013 06:16 AM

රජයක් තිබුනට රටේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරන්නේ ඔවුන්ගේ බඩේ අවස්ශ්‍යතාවය පළමුව ඉටු කරලායි.(නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්තානය. Tuesday, 09 April 2013 06:32 PM

පළමුවෙන්ම අපි ලංකාදීපයට කැමැති උණුසුම් පුවත් අපිට දෙනඑකට. රට ඉන්න අපිට ලංකාදීපයෙන් පමණයි මේවා දකින්න ලැබන්නේ. රාළහාමි අතින් අදින එක හරි නැහැ, මානව හිමිකම් එකට යන්නත් පුළුවන්. (නි)

:       0       0

පාලිත මානවඩු Wednesday, 10 April 2013 06:37 AM

අනේ චන්ද්‍රා, පිට රට ඉදන් පිනට කකා අපේ පොලිසියට බනින්න එන්න එපා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 06:50 PM

අනේ පවු අර වයසක අම්මා. ඒත් කරන්න දෙයක්නෑ නරක වෑඩ වලට දඩුවම් කරන ආන්ඩු බලයේ ඉන්න රටවල්වල නීති තදයි. ලංකාව ඈතුලත නරක සහ වෑරදි වෑඩ කිරීම රජය විසින් සම්පූර්නයෙන්ම තහනම් කරල තියෙන්නෙ.(නදී)

:       0       0

වසන්ත-දෝහා Tuesday, 09 April 2013 06:52 PM

පොලිසිය සාමය ආරක්ෂා කරන්නේ මිනිසුන්ට වදහිංසා කරලද? (නදී)

:       0       0

සාලිය Wednesday, 10 April 2013 07:25 AM

කොළඹ හතේ අපි කුණු කන්දක් හදමුද? (නි)

:       0       0

රංග Tuesday, 09 April 2013 06:48 PM

පින්තූරේ බැලුවම පේන්නේ කාන්තාවගේ අතින් අදින්නේ වෙන වැඩකට වගේ. ප්‍රසිද්දියේ මෙහෙම නම් පොලීසියට ගෙනිච්චට පස්සේ මොනවා වුනාද දන්නෑ. අනිච්චේ සංසාරේ.(නදී)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 09 April 2013 06:53 PM

ඔය කුණු ප්‍රශ්ණය නිසා ඒ අවට ඉන්න මිනිස්සු අපා දුකක් විදින්නේ සමහර අය කමන්ට් දානවා කිසිම හරයක් නැතිව ඒ අයට මේ දේවල් විහිලු .(නදී)

:       0       0

ප්‍රියංක Wednesday, 10 April 2013 07:45 AM

වැදගත් රාජකාරි කරන නිලදාරීන්,ඔය වගේ වැඩ කරන්න යන්න එපා. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 01:19 PM

කුණු කේස් එකක් වගෙයි... (නි)

:       0       0

සීලවති Tuesday, 09 April 2013 06:55 PM

බොදු බල සෙන, රවන බලය, ඔබල කොහිද ?. මෙය වාගේ අවස්ථාවක දුප්පත් අයගේ ආධාරයට ඔබල ඉදිරිපත් වන්නේ නැද්ද ?. (අ)

:       0       0

විහග Wednesday, 10 April 2013 07:40 AM

මේ පැත්තට මේ කුණු ගොඩ නම් මහා හිසරදයක්. කොළඹ කුණුවල පව් ගෙවන්නේ මේ මිනිස්සු (නි)

:       0       0

අමිල Wednesday, 10 April 2013 07:52 AM

පොලිසියේ අවම බලය කාන්තාවකට පෙන්වීම... (නි)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 01:26 PM

කදුළු ගෑස් උණ්ඩ වලින් වැඩ කරන්න මෙයා හරි දස්සයිනේ. මතකනේ කටුනායක, මීගමුව, වැලිකඩ?(නදී)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 09 April 2013 07:11 PM

තියන කුණු මදිවාටද තවත් කුණු ගාගන්න හදන්නේ..?(නදී)

:       0       0

දයා Wednesday, 10 April 2013 01:32 PM

මේ පොලිසි වල රැකියාව කරන්නේ මනුස්සයෝද? මේවා මානව හිමිකම් උල්ලංගනය කරන අවස්ථා නොවේද? (නි)

:       0       0

ගීතාංජලී Tuesday, 09 April 2013 07:07 PM

මේකත් ජිනිව වලින් විසදන්න වෙයිද දන්නේ නෑ නේද?(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 01:37 PM

විරෝධය පලකරන්න මහජනයා එකතු වුනහම පොලිසියෙන් එලවන්නේ මොකද ? දවස් දෙක තුනක් විරෝධය පල කරලා ගෙදර යන්න යාවි.(නදී)

:       0       0

රිස්වාන් Tuesday, 09 April 2013 07:13 PM

මේවා සේනා වට පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

රත්න Tuesday, 09 April 2013 01:40 PM

සමච්චල් කරන්න එපා. මිනිස්සු වගේ හිතන්න. තමුන්ගේ ගෙදර කුණුටික , තමුන්ට කොයිතරම් කරදරයක්ද? මේ අය දාපු කුණු නෙමෙයි, අනුන්ගේ කුණු කඳු ගහලා ගෙදර අද්දරම. (නි)

:       0       0

එරංග Wednesday, 10 April 2013 08:15 AM

ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලා. දුප්පතාට හැම පැත්තෙන්ම බඩේ පාර. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Tuesday, 09 April 2013 07:15 PM

මේ කට්ටිය සටන් වදින්නේ පෟද්ගලික දෙයකට නොව සැම දෙනාගේම අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහා. රජයට මෙයට පිලියමක් දෙන්න බැරිද? (නදී)

:       0       0

දම්මි Wednesday, 10 April 2013 08:17 AM

පොලිසියේ ඉන්නේ මොන ව‍ගේ මිනිස්සුද කියලා මේ පින්තුර වලින් පෙනෙනවා (නි)

:       0       0

සමන් Wednesday, 10 April 2013 08:21 AM

පොලිසිය ඒ වුණාට ඇමතිවරුන්ට අත තියන්න යන්නෙ නැහැනේ... (නි)

:       0       0

සිසිලියා Wednesday, 10 April 2013 08:36 AM

කෝ මේ කාන්තා අධිකාරියේ පොලිස් නෝනලා? අපට නුගේගොඩදී තිබුන දේශනයේදී නම් කිව්වේ පිරිමියෙකුට ගැහැනියෙකුගේ අතින් ඇල්ලුවොත් කෙලින්ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා කියලා (නි)

:       0       0

සම්පත් Wednesday, 10 April 2013 02:02 PM

පොලිසියේ මේ වැඩ වලින් රජයත් අපහසුතාවයට ලක්වෙනවා. මේවා හිතාමතා කරන දේවල් වෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේවා ගැන මීට වැඩිය සොයන්න ඕනෑ. (නි)

:       0       0

අරුණ Tuesday, 09 April 2013 07:39 PM

අර කොන්ඩෙ මලකඩ කාපු පුතාව ඔහොම අරගෙන යන්න බැරි උනා. අහිංසක ගෑනියෙක්ව වට කරගෙන ඇදගෙන යනවා. යුනිෆොර්ම් එක ගලවල මෙහෙම කලානම් නංබුයි.(නදී).

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 April 2013 07:32 PM

වජිර ඔබ හරියටම හරි. ඒත් ඒක තේරුම් ගන්න බැරි අය ඉන්න රටක් ලංකාව කියන්නේ.(නදී)

:       0       0

සමිපත් Wednesday, 10 April 2013 02:12 PM

අධ්‍යාපනයක් නැති අය පොලිසියට බැදුනම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පැමිණිල්ලක් ලියාගන්න බැරි නිලදාරිත් පොලිසියේ ඉන්නේ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 April 2013 07:37 PM

අද ලංකාවේ පොලිසියට තියෙන ලොකුම රාජකාරිය තමියි ගණිකා මඩම් අල්ලන එකයි, මසාජ් කරන තැන් අල්ලන එකයි, අසරණ ගෑනුන්ට හිරි හැර කරන එකයි. සාමකාමී උද්ඝෝෂන වලට පැනල හිරිහැර කරන එකයි. අපි දැක්කනේ ඇමති පුතාල ඉදිරියේ දෙකට නැමෙන හැටි. (නදී)

:       0       0

අජිත් Wednesday, 10 April 2013 09:01 AM

අපොයි පොලිසියේ හැසිරීම නම් තිරිසනුන්ටත් අන්තයි. මහලොකු මහජනතාවගේ ආරක්ෂකයෝ. අර කාන්තාවට කරපු හිරිහැර පොලිසියේ ලොක්කෝ බලන්නේ නැතුව ඇති .අනේ රටකට ගිය කලක්. දුප්පත් මිනිස්සුන්ට විතරයි ඔය ලොකුකම්. ලොකු මිනිස්සුන්ගෙන් ගුටි කාලත් මතක නෑ කියල වලිගෙ අකුලගන්නවා.(නදී)

:       0       0

නිශාර්ඩ් Wednesday, 10 April 2013 02:11 PM

තනි ගැහැණියක වට කරගෙන බලය පෙන්නන්න පොලිස්කාරයන් ගැන මගේ අප්‍රසාදය.(නදී)

:       0       0

කමල් Tuesday, 09 April 2013 07:48 PM

ලොක්කන්ගේ පුත්තුන්ට ඇත තියන්න බැරි පොලිසිය අහිංසක ගහනිට දන පාර්ට් එක දැක්කද (අ)

:       0       0

බන්දුල Tuesday, 09 April 2013 07:59 PM

කන්තාවගේ අතින් අදින එක හරිම කැතයි.(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 09 April 2013 08:02 PM

මේ දේවල් සිද්ද වෙන රටකට එරෙහිව ජිනීවා වල යෝජනා සම්මත කරන එක පුදුමයක් යෑ (අ)

:       0       0

උපෙක්ෂා Tuesday, 09 April 2013 08:17 PM

කොන්දේ මලකඩ කපු පුතාට චාර් එකේ දොරත් ඇරලා දෙනෙව, නමුත් දුප්පත් කාන්තාවක් අතින් එලා පොලිසියේ බාරයට ගන්නවා. මොනවාද මෙය කතා.?. (අ)

:       0       0

අරුණ Tuesday, 09 April 2013 08:23 PM

පරිසරයට නීති පතා එකතුවන කසල අවම කර ගනිමින්, ප්‍රතිචක්රකර්ණ ක්‍රම වේද ප්‍රයෝගිකව සහ මහ ජනතාව ගෙයින් ගෙට ගොස් දැනුවත් කරමින් කසල බැහැර කීරීම අවම කිරීමේ වැදගත්කම දැනුවත් කළ යුතු අතරම ප්‍රයෝගිකව සොයා බැලිය යුතුම වෙනවා කසල විශ්ලේෂණය තුලින් හදුනා ගැනීමට පිළිවන් වී කොපමණ ප්‍රමාණයක් අනවශ්‍ය බහැර්කිරීමද කියලා (අ)

:       0       0

තුවාන් Wednesday, 10 April 2013 08:42 PM

කීයක් ඔට්ටු ද විසදුම් නැහැ කුනුම තමා.(නදී)

:       0       0

නිමල් ලියනගමගේ Tuesday, 09 April 2013 08:52 PM

කාන්තා හිංසනය යටතේ මේ නිළධාරීන් අත්‍ අඩංගුවට ගන්න. කාන්තා නිලධාරීන් නැතුව මෙහෙම කරන්න පොලිසියට උගන්නන්න වෙලා වගේ (අ)

:       0       0

සිල්වා Wednesday, 10 April 2013 10:06 AM

ලෝකයට මවා පාන, ජනතා මුදල් කාබාසිනියා කරන වැඩ නවතලා කුණු ප්‍රශ්නයට විසුදුමක් සොයා දෙන්න (නි)

:       0       0

විජේරත්න Tuesday, 09 April 2013 08:59 PM

නියමයි අරයාගේ පුතාව අරගෙන ගියෙත් මේ වගේමනේ. (අ)

:       0       0

ලංකා Wednesday, 10 April 2013 02:40 PM

සිංහල බෞද්ධ අපේ රටේ හාමුදුරුවන්ට අති විශාල බලයක් ඇති බව කරුණාවෙන් සලකන්න. රජ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි හෙටත් එහෙමයි.(ස)

:       0       0

බන්දුල Tuesday, 09 April 2013 09:02 PM

මෙහි සිටින තරුණ පොලිස් භටයා හැසිරෙන ආකාරයෙන් ගැලපෙන්නේ නෑ .කාන්තාවන්ගේ ඇඟෙන් අල්ලන්න පොලිස් කාන්තාවන් යොදා ගත යුතුය .(අ)

:       0       0

පෙරේරා Tuesday, 09 April 2013 03:12 PM

ලෝකයේ උසම කුණු කන්ද කියල රටට එන සුද්දන්ට පෙන්නලා ගානක් කපා ගන්න මේගොල්ලෝ දන්නේ නැහැ.(නදී)

:       0       0

සරත් Tuesday, 09 April 2013 09:03 PM

පොලිස්කාරයොත් තටුපුප්පන්නේ අහිංසක මිනුස්සුන්ට තමා. ඔක තමා ලංකාවේ දැනට පවතින නිතිය. (අ)

:       0       0

සහන් Tuesday, 09 April 2013 09:03 PM

යම්කිසි දෙයකට විරෝදය පල කිරීම මානවඅතියක්. නිතිය සාමය රකිම පොලිසියේ රාජකාරියක්. ජනතාවගේම සල්ලි වලින් නිතිය රකින්නම යොදවල ඉන්න යාම නම් නිතිය කඩ කරන්නේ එක ලොකුම වැරද්දක්. කාන්තාවකට ඇත තියන්න එක කෙනෙකුට බැහැ. කිසිම කෙනෙකුට පහර දෙන්න කාටවත්ම බැහැ. අමු අමුවේ නිතිය රකින යාම නිතිය කඩද්දි නිකම් බලාගෙන ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 68 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 5 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 381 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1335 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 429 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1260 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site