කෑමට නුසුදුසු අර්තාපල් කිලෝ 8500ක් හා කරවල කිලෝ 2000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා තබාගෙන සිටි පිටකොටුව හතරවැනි හරස් වීදියේ සමාගම් දෙකකට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය රුපියල් ලක්ෂයක හා රුපියල් දස දහසක දඩ නියම කළාය.
පිටකොටුව හතරවන හරස්වීදියේ ක්‍රිෂ්ණකුමාර හා සමාගමට ද එන්.කේ.පී රෝයි පෙරේරා හා සමාගමට ද එම දඩ නියම විය. ඊට අමතරව එහි අයිතිකරුවනට හය මාසයකට සිරදඬුවම් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය එය පස් වසරකට අත්හිටැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට අත්හිටවූ හිරදඩුවම් වුණාට දුප්පතාට කෙළින්ම හිරදඩුවම්නේ දෙන්නේ . (නි)
සුමනා, ඔබ හරි. පහත් තැනින් යයි ගලා ජලේ. (නි)
කුණු කරවල කිවුවාට බොම්බිලි කරවල වාගේ දෙයක්ද? (නි)
පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක්, දහදාහක් කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. (නි)
අනේ මන්දා මිනිස්සුන්‍ට දඩුවම් දුන්නා කියලා හැදෙන්නෑ..ආකල්ප වෙනස් නොවෙනවානම්..ඒත් දඩුවම් නොදුන්නොත් මීටත් වඩා පහතට වැටෙයි අපේ රට (ස)
ලක්ෂයක් කියන්නේ ඒ ගොල්ලන්ට ගාණක් නෑ (ස)