IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කණ්ඩලම වැව් රක්ෂිතය අල්ලයි

කණ්ඩලම වැවේ ජල ගිල්ම ප‍්‍රදේශයේ පස් දමා ගොඩකැර ස්ථිර ගොඩනැගිලි සහ වැසිකිළි පද්ධතියක් ඉදිකැරගෙන යතියි ගොවි සංවිධාන සහ ධීවරයෝ පෙන්වාදෙති.

මහවැලි අධිකාරිය යටතේ මෙම වැව පවතින අතර මෙම ඉදිකිරීම් පිළිබඳව වැව භාර මහවැලි නිලධරයන් නොදනිතියි කියති.

කණ්ඩලම වැනි වැවක මීටර සියයක් රක්ෂිතයක් ලෙස සැලකේ.

කණ්ඩලම 40 කොටසේ මේ ඉදිකිරීම් නොපෙනෙන්නට ටකරන් ආවරණයක් සවිකැර ඇතැයි ද ධීවරයෝ කියති.
විශාල පස් කඳු ගොඩ ගසා ජල ගිල්ම සීමා කැර ඇති බවත් එම පස් ටිකෙන් ටික වැවට දියකැර යවන බවත් ඔවුහු කියති.
ඔරුවක නැගී ඉදිකිරීම් සිදුකරන අයුරු දැකගැනීමට අපට හැකිවිය.
ඔවුන් සඳහන් කළ පරිදි එම ඉදිකිරීම සිදුවන අයුරුත් වැව ඉස්මත්තේ විශාල පස් ගොඩ ගසා පුරවා ඇති අයුරුත් මේවා නොපෙනෙන සේ ටකරන් ආවරණය කැර ඇති අයුරුත් ගොඩගසා ඇති පස් වැවට සේදී ගොස් ඇති අයුරුත් දැකගත හැකිවිය.
අප මේ පිළිබඳව ජලාශ භාර ඉංජිනේරු එම්.එම්.එල්. හේරත් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ඉදිකිරීම් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. කඩිනමින් ඒ පිළිබඳව සොයා බලන බව හේ පැවසීය.
කණ්ඩලම අමායා ලේක් සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරී එස්. ගුණතිලක මහතා කියා සිටියේ පැරණි ඉදිකිරීම් අලූත්වැඩියාකිරීම් කරන බවයි. ”මේ ස්ථානයේ කැපූ පස් ගොඩගැසූ බව ඇත්ත. අපි ඒක ඉවත් කරන්න කටයුතු කරන්නම්.”

 

 



අදහස් (0)

කණ්ඩලම වැව් රක්ෂිතය අල්ලයි

සිවංක Saturday, 16 February 2013 09:16 AM

අතීතය වළ දමා හදන අනාගතය ?? (නි)

:       0       0

දුමින්ද Saturday, 16 February 2013 09:53 AM

පරිසරය වනසනවා කපටින් රජවෙනවා... (නි)

:       0       0

ලංකා Friday, 15 February 2013 12:13 PM

සුන්දරත්වය නිසා තමයි විදේශිකයෝ ලංකාවට එන්නේ (දී)

:       0       0

අජිත් Friday, 15 February 2013 06:17 PM

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමරුව.(නදී)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 12:19 PM

දැනට එන සංචාරකයින්ගේ ප්‍රමානය වැඩි නිසා හොටෙල් ඉදි කිරීම හොඳ වැඩක්. වැවට හා පරිසරයට අහිතකර නොවන පරිදි ඉදිකිරීම් කලා නම් තමා හොඳ (ස)

:       0       0

කරුණාරත්න Friday, 15 February 2013 06:40 PM

අමායා ලේක් හෝටලය පරිසරයට හිතකාමීව පවත්වාගෙන යන සංචාරක නිකේතනයක් බව බොහෝ දෙනා දන්නා කරුනකි. (නදී)

:       0       0

මංගල Saturday, 16 February 2013 11:44 PM

දැන් කෑගහලා වැඩක් නැහැ. එදා සුමංගල හිමියන් ඕකට විරුද්ද වුනේ ඔය ටිත දැක්ක නිසා. අපි උන්වහන්සේගේ අදහස් පිලිගෙන ගමයි, රටයි, වැවයි, දාගැබයි රැත ගනිමු.(නදී)

:       0       0

සුරංග Friday, 15 February 2013 12:46 PM

හෝටලය හදලා ඒකෙන් එන ආදායම අයිති කාරයාට විතරයි ගොවියන්ටයි ධිවරයින්ටයි දෙන්නේ නෑනේ ගාමිණි ඒක නිසා වැව බෙර ගත්තොත් ගොඩක් අයට ‍පයෝජනවත් වෙනවා ඒකෙන් පවුල් විශාල පමානයක් ජීවත් වෙනවා සංචාරකයින් එන එක හොදයි ඒත් දුප්පත් ගොවියො ගැනත් හිතන්න එයාලත් ජීවත් වෙන්න ඔනි ඔය වැවි දියෙන් තමයි (ස)

:       0       0

රංග Saturday, 16 February 2013 10:59 AM

ලංකාවේ සම්පත් විනාශ වෙන්න කලින් ආරක්ෂා කර ගන්න ඕනේ (දී)

:       0       0

මේනක Friday, 15 February 2013 07:20 PM

සුභපැතුම් (දී)

:       0       0

වරුණ Friday, 15 February 2013 01:09 PM

අලුත් වැඩියා කිය කියා වැව් තාවුල්ල ගොඩකරලා කබානා ගහනවා. දෙවියන්ටවත් පේන්නේ නෑනේ මේ විනාසේ (ස)

:       0       0

කීර්ති Friday, 15 February 2013 07:51 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ . මොනවා කරන්නද මන්දා.(නදී)

:       0       0

මාලක Friday, 15 February 2013 01:38 PM

රාජ්‍ය අනුග්‍රහය නැත්නම් මේවා කරන්න පුළුවන්ද? (ස)

:       0       0

අනුරුද්ධිකා Friday, 15 February 2013 08:01 PM

ඔය හෝටලය හින්ද මුළු ගමක් ජීවත් වෙනවා. ඔය වැවට ආදරේ ගොවියොත් අස්වැන්න විකුනන්නේ හෝටලයට.(නදී)

:       0       0

නිසල් Friday, 15 February 2013 08:26 PM

මේ වාරිමාර්ග ඉංජිනේරුවා විරුද්ද වෙන්නේ අමායා ලේක් එක අයිති කරුටද? මේක අනිවාර්යනේම අලුත් පැත්තක් ඉදිකරන්නේ. ලුප්පත් ගොවියන්ට කන්ඩලම වැව අගලෙන් අගල නැතිවෙනවා.(නදී)

:       0       0

ලලිත් Saturday, 16 February 2013 11:46 AM

අනවසර ඉදි කිරීම් සියල්ල ඉවත් කරන්න (දී)

:       0       0

ලාලනී Friday, 15 February 2013 02:08 PM

පරිසරය අපි රක ගනිමු (දී)

:       0       0

ලක්මාල් Friday, 15 February 2013 02:13 PM

හෝටල් හදලා සල්ලි හම්බුකරනවාට වඩා පරිසරය රැක ගැනීම වටිනවා (දී)

:       0       0

රිස්මි Friday, 15 February 2013 09:15 PM

ලංකාවේ ස්වභාවික ලස්සන විනාශ කරන්න දෙන්න එපා. (නි)

:       0       0

කමල් Friday, 15 February 2013 02:11 PM

පරිසරය රැක ගැනීම අපේ යුතුකමක් (දී)

:       0       0

චන්න Friday, 15 February 2013 02:16 PM

ලංකාව ලස්සන වෙලා තියෙන්නේ මේ පරිසර පද්දති නිසා ඒවා විනාස කරන්න එපා (දී)

:       0       0

සංජීව Friday, 15 February 2013 09:24 PM

හැබැයි අහිංසක දුප්පත් ගොවියෙක් ඔය හරියේ කෙසෙල් පැළයක් හිටෙවුවොත් විනාඩි පහක් යන්න කලින් ඒක නවත්තනවා. (නි)

:       0       0

සරත් Saturday, 16 February 2013 01:27 PM

එකක් හොද වෙද්දී දහයක් නරක් වේ නම් අපි දෙවරක් සිතිය යුතුයි. (නි)

:       0       0

දිනේෂ් Friday, 15 February 2013 02:20 PM

වැවක් ගොඩකරනවා කියන්නේ ජීවිත ගාණක් විනාශ කරනවා වගේ වැඩක්. මොකද වැවේ වතුරෙන් කීදෙනෙක් යැපෙනවද බලධාරීන් පුලුවන් ඉක්මනට මේක නවත්තන්න. (දී)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 03:00 PM

කන්න ඇතොත් බොන්න ඇතොත් රට උගසට තියාලා..!(නු)

:       0       0

ප්‍රසන්න Saturday, 16 February 2013 04:25 PM

පරිසරය රක ගැනීම අපේ වග කීමක් (දී)

:       0       0

ලලිත්-කටාර් Saturday, 16 February 2013 05:28 PM

ලංකාවේ සුන්දරත්වය බලන්න මෙරටට එන විදේශිකයෝ මේ රටේ සුන්දරත්වයට ලංකාවේ මිනිස්සු කරලා තියෙන විනාශය දැකලා හිනා වෙවී යනවා ඇති. (නි)

:       0       0

දිනූෂි Friday, 15 February 2013 03:51 PM

රට පාලනය කරන අයට ඕනෑ මේ රට විකුණලා හරි සල්ලි හොයන්නයි, බලයේ රැදෙන්නයි විතරයි. (නි)

:       0       0

වසන්ත Saturday, 16 February 2013 06:17 PM

අපේ රටේ ලස්සන නැති කරන්න ඉහළින් ආ සැළසුමක්. (නි)

:       0       0

ඇන්ටන් Friday, 15 February 2013 04:32 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ . මොනවා කරන්නද මන්දා.(නදී)

:       0       0

සුමිත් Saturday, 16 February 2013 07:26 AM

මොකද මේ වගකිවයුතු නිළධාරීන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

මංගල Friday, 15 February 2013 05:05 PM

මේවා කරන්නේ දේශපාලකයෝ, මේ හෝටලය හදන එක නවත්වන්න කාටවත් බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 5 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 54 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1319 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 582 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 994 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 291 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site