බාල වයස්කාර දරු දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි 51 ක් තහනම් කිරීම සදහා කඩිනමින් නීතීපති උපදෙස් ලබාගෙන ලබන අප්‍රේල් 03 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස බත්තරමුල්ල ළමා අධිකරණ මහේස්ත්‍රාත් එම්.එම් ජයසේකර මහත්මිය අද (07) ජාතික ළමාආරක්ෂක අධිකාරියට නියෝග කළාය.
මෙම වෙබි අඩවි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙතියි සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචනයට පමණක් සීමා නොවේවා! (නි)
හේමසාර හිමි හරි... (ස)
මේවා කොහොම තහනම් කළත් ලක්ෂ ගණනින් මෙහෙම වෙබ් අඩවි තිබෙනවා. (නි)
කරන එක හරියට කරන්න ඕනි මේවායේ තියන කුණුහරුප පොඩි ළමයෙකුට තියා මහ අවටවත් බලන්න හොද නෑ ..පුලුවන්නම් ඒව කරගෙන යන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි ..නිකං බොරුවට පම්පෝරි ගහල වැඩක් නෑ (ස)
හරියටම මේ වැඩේ කරන්න ඕනෑ නම් මැද පෙරදිග චීනය වගේ රටවලින් තාක්ෂණික උපදෙස් ගන්න ඕනෑ. (නි)
කනගාටුවෙනවා,අද වෙනකොට තත්වය හරිම බරපතලයි. (නි)
ඕවා තහනම් කරාට වැඩක් නෑ . 51 ගිහාම තව 151 එලියට ඒවි (ස)
අන්තර්ජාලයෙන් තුනෙන් එකක් අසභ්‍ය වෙබ් අඩවියි. දිනපතා තවත් දහස් ගණන් එක් වෙනවා. පනහක් සීයක් තහනම් කලා කියලා වැඩක් නෑ. කළ යුත්තේ කුඩා කල සිටම දරුවන්ගේ සාරධර්ම වර්ධනය දෙමාපියන් සමීපව ඔවුන් පිළිබඳව සොයා බැලීමයි. නිවසේ සැමට පෙනන ස්ථානයක පරිගණකය තබන්න.අන්තර්ජාලය භාවිතය දරුවන්ට සීමා කරන්න. (ස)
වචනයකට පමණක් සීමා නොවේවා ! (ස)
හොද ආදර්ශමත් දැනුම්දීමක්..!(නු)
අනන්ත ගානක් තියෙන ප්‍රොක්සි මෘදුකාංගයත් තහනම් කරන්න වෙයි එහෙනම්. ඔය වැඩ ගඟට ඉනිකපනවා වගේ. තේරුමක් නැහැ. (නි)
ඕව තහනම් කළාට ඕනෑතැම් සීඩී, ඩීවීඩී වෙළදපොළේ තිබෙනවා. (නි)
කලිනුත් මේවා තහනම් කළා නේද. දැන් ආයිත් මොකක්ද තහනම් කරන්නේ? දැන් තියෙන්නේ හොයා බලලා නවත්වන එකනේ. මේක මාසෙකට දෙකකට විතර සැරයක් කරලා හරියන්නේ නැහැ. දිනපතාම අන්තර් ජාලය පරික්ෂා කරලා අලුතෙන් ආරම්භ කරන ඒවත් අවහිර කරන්න ඕනෑ. වෙන රටවල එහෙම කරනවා. එහෙම කළ හැකියි. අවුරුද්දකට පාරක් වෙබ් අඩවි පනහක් සියක් තහනම් කළා කිවුවට වැඩක් නැහැ. දිනපතා කළ යුතු කටයුත්තක් මේක. මම දන්නේ නැහැ පොලිසියේ හරි ළමා ආරක්ෂණ අධිකාරියේ හරි ඉන්න අයට මේක තේරෙන්නේ නැද්ද කියලා. (නි)
අනිවාර්යයෙන්ම මේවා තහනම් කළ යුතුයි. ළමා පරපුර විතරක් නෙමෙයි, වැඩිහිටි පරපුරත් මේකෙන් නරක් වෙනවා. (නි)
ඉතාම හොද වැඩක්. (නි)
ඕක ඉතින් එදා ඉදන්ම කරනවනේ... (නි)
ඉතා අනගි තීන්දුවක්. නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරුයි. (නි)
පුලුවන් නම් ෆේස් බුක් එකත් ලංකාවට පමණක් තහනම් කරන්න. (නි)