IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කතානායක උසාවි ඉල්ලීම ඉවත දමයි

දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත අභියාචනාධිකරණය  කළ දැනුම්දීම කතානායක චමල් රාජපක්ෂ මහතා අද ප‍්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තුව උත්තරීතර බව කී කතානායක අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු පූර්වතමයන්ගේ තීන්දු සිහිපත් කරමින් පැවැසූවේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව සුරකින බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය  නොයන බවත් කතානායකවරයා නිවේදනය කළේය. කතානායකටද දෝෂාභියෝග විභාග කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයනටද නොතීසි ලැබී තිබිණි. එය වරප‍්‍රසාද කඩවීමකියි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කතානායක හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියෙන් තමාට පැවැරී ඇති බලතල යටතේ තමා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කරන ලදැයි කී කතානායකවරයා, මෙම කාරක සභාව වගකිව යුත්තේ තමාට පමණකැයිද කීය. මේ නිසා තමාට හෝ මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ට හෝ කිසිදු නියෝගයක් නිකුත් කිරීමට පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ බලයක් නැතැයි කතානායකවරයා ප‍්‍රකාශ කළේය. මෙය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ බලාධිකාරියට යටත්වෙන කරුණක් බවත් මේ පිළිබඳ නීතිමය තත්ත්වය තමාගේ විශිෂ්ඨ පූර්වගාමියා වන දිවංගත අනුර බණ්ඩාරනායක මහතා 2001 ජූනි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙන ලද ඓතිහාසික නියෝගය මගින් විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය. මෙය මුළුමණින්ම පාර්ලිමේන්තුවට අයිති කරුණක් බවද ඊට මැදිහත්වීමට කිසිදු පිටස්තර ආයතනයකට බලයක් නොමැති අතර එවැනි මැදිහත්වීමක් ඇති වුවොත් එය පාර්ලිමේන්තුවේ බලතල සහ වගකීම් බාල්දු කිරීමක් ලෙස සලකා ඉවත දැමිය යුතු බවද හිටපු කතානායකවරයා ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. කතානායකවරයා මෙම ප‍්‍රකාශය කළේ කතානායකවරයාට සහ දෝෂාභියෝග චෝදනා පිරික්සීමේ විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ට අධිකරණයෙන් නොතීසි  නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක ඇමැති  නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ වරප‍්‍රසාද ප‍්‍රශ්නය පිළිබඳව සිය තීරණය ප‍්‍රකාශයට පත් කරමිනි.  



අදහස් (0)

කතානායක උසාවි ඉල්ලීම ඉවත දමයි

කිත්සිරි Friday, 30 November 2012 09:06 AM

මේ ඔක්කොම හරි කියමුකෝ. එතකොට ඔය පාර්ලිමේන්තුවට යන අයගේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද? මේවගේ ලොකු වැඩ කරන නිසා මීට පස්සේ නාම යෝජනා දීම සඳහා නීතිය පිලිබඳ පිළිගත් විභාගයක් සමත් වීම අනිවාර්‍යය කලයුතුයි නේද?(ස)

:       0       0

නිලන්ත Thursday, 29 November 2012 07:17 PM

මොකද්ද ඒ ගමන ප්‍රශ්නය (දී)

:       0       0

ජෝසප් Thursday, 29 November 2012 07:12 PM

මොකද්ද ඊට හේතුව (දී)

:       0       0

නිශාන්ත Friday, 30 November 2012 09:15 AM

එසේ කරන්න එතුමාට බලයක් තියෙනවා (දී)

:       0       0

නිශාන්ත Friday, 30 November 2012 09:15 AM

මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

හේවගේ Friday, 30 November 2012 03:09 PM

එතකොට එහෙම කලාම අධිකරණයට අගරු කළා නොවෙයිද (දී)

:       0       0

බුද්ධික Thursday, 29 November 2012 07:30 PM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුන‍ගේ (ස)

:       0       0

මධු Friday, 30 November 2012 09:48 PM

එහෙමවත් කියලා බලමු. (නි)

:       0       0

සන්ජීව Thursday, 29 November 2012 08:08 PM

මෙයාලට ගිය රට (ස)

:       0       0

නිලා Friday, 30 November 2012 09:59 AM

අයියෝ සල්ලි

:       0       0

ලසන්ත Thursday, 29 November 2012 08:27 PM

කතානායකට තරම් බලයක් තියනවාද (දී)

:       0       0

අසංක Friday, 30 November 2012 10:00 AM

මොකද්ද ඊට හේතුව

:       0       0

කුෂාන් Friday, 30 November 2012 09:57 AM

මොකද්ද උසාවි තීන්දුව (දී)

:       0       0

ග්‍රිෂාණි Thursday, 29 November 2012 09:03 PM

අධිකරණෙ ඉන්නෙත් මිනිස්සුනේ. පාර්ලිමේන්තුවේ ඉන්නේත් මිනිස්සුනේ. තමන්ගේ බලය අනෙකකුට යටවෙනවාට කවුද කැමති? (නි)

:       0       0

සුදත් Friday, 30 November 2012 10:13 AM

දෙයියෝ සාක්කි

:       0       0

සඳුනි Thursday, 29 November 2012 09:14 PM

එය එසේම විය යුතුයි (ස)

:       0       0

අභිසංක Friday, 30 November 2012 10:29 AM

මින් ඉදිරියට අධිකරණ නිතියට මිනිසුන් යටත් විය යුතු නැහැ. ජනතා නියෝජිතයින්ට ව්‍යවස්ථාකයෙන් විශේෂ වරප්‍රසාද හිමිවන්නේ නම් ඔවුන් පත්කර යැවූ මහජනතාව පරමාධිපත්‍යයි. එහෙයින් ජනතා පරමාධිපත්‍යට අධිකරණය යටත් වන්නේය. ඒ වරප්‍රසාදයට ජනතාවට අයිතිය. මහජන නියෝජිතයින්ට බලනොපාන අධිකරණ නීති මහජනතාව පිළිපදින්නේ මොන හේතුවකටද ? සියලු අධිකරණ වසා දමන්න. නීති හැදීමට සහ නීති ක්‍රියාත්මක කිරීමේ බලය ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට පවරගන්න. නිතීඥ වෘර්තිය අහෝසි කරන්න. දැන් 2/3 බලය ආණ්ඩුවට තිබෙන නිසා එයද පහසු කටයුත්තකි. (නි)

:       0       0

මුණසිංහ Thursday, 29 November 2012 09:35 PM

මොකද්ද අප්පේ ඒ බලය (දී)

:       0       0

සිසිර කුමාර Thursday, 29 November 2012 10:02 PM

එසේ කරන්නේ එතුමාට කිසිම බලයක් නැහැ (දී)

:       0       0

සනත් Friday, 30 November 2012 11:16 AM

එතුමාට එහෙම කරන්න බලයක් ඇති (දී)

:       0       0

අමිල Thursday, 29 November 2012 10:12 PM

එකත් එහෙමද (දී)

:       0       0

අජිත් Thursday, 29 November 2012 10:07 PM

එන පොට හොඳ නෑ . (ස)

:       0       0

අදිකාරි Friday, 30 November 2012 11:28 AM

මට හිතෙන්නේ කථානායක හරි. මොකද පෙනී යන හැටියට මෙහි වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා.(ස)

:       0       0

සංක Friday, 30 November 2012 11:37 AM

ඒ කල වැඩේ සාධාරණද අසාධාරනද (දී)

:       0       0

අපෝන්සු Thursday, 29 November 2012 11:01 PM

මමනම් විරුද්දයි ඒ වැඩේට (දී)

:       0       0

සිල්වා Friday, 30 November 2012 12:14 PM

මතු රැකෙනා ශිල්පයමයි උගතමනා (ස)

:       0       0

බිම්සර Friday, 30 November 2012 05:24 PM

නොදන්නා කමටයි අහන්නේ එහෙම කරන්න පුලුවන්ද (දී)

:       0       0

අපොන්සු Friday, 30 November 2012 12:18 PM

පාර්ලිමේන්තුවට ඉහලින් යන්ට ඔයාලට දෙයින්ගේ හාල් කැවිලද බොලව් (ස)

:       0       0

උදය Friday, 30 November 2012 12:42 PM

අයියෝ මොකද ඒ

:       0       0

වෙනුර Friday, 30 November 2012 01:05 AM

කඩේ යන අයට කඩේ යන්න ලෑස්ති වෙන්න කියලාද කියන්නේ..?(නු)

:       0       0

කීර්ති Friday, 30 November 2012 01:11 AM

රටේ තත්ත්වය අවධානම් සහිතයි වගේ..!(නු)

:       0       0

ලලිත් සෞදි Friday, 30 November 2012 01:20 AM

පක්ෂෙත් ඔයාලාගේ කතානායකත් ඔයාලාග් අර ඇමතිත් මේ ඇමතිත් ඔක්කොම ඔයාලාගේ ආණ්ඩුවත් ඔයාලාගේ රටත් ඔයාලාගේ සම්මානනීය මිනිසුන්ට මොනවත් නැහැ.. ඉතිං මොනවාද කරන්න බැරි..? (නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 30 November 2012 01:38 AM

ඉනුදුරු අනාගතයේදි අපිට නඩු අහන්න පාර්ලිමේන්තු යන්න වෙයිද දන්නෙ නෑ...නේද.?(නු)

:       0       0

බුද්ධික Friday, 30 November 2012 06:27 PM

අපහාස කළා නේ එතකොට අධිකරණයට (දී)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 30 November 2012 01:12 PM

ඔව් සිල්වා අපි මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමු (ස)

:       0       0

සමන්ත Friday, 30 November 2012 01:41 PM

කවුද දන්නේ මොනවා වෙයිද කියලා (දී)

:       0       0

සෝමා Friday, 30 November 2012 04:51 AM

එහෙමනම් මමත් උසාවියෙන් එන නියෝග පිලිපද්දීන්නේ නැ! මොකද අපිනේ දියවන්නාවට මේගොල්ලන්ව යැව්වෙ..!(නු)

:       0       0

මේනක Friday, 30 November 2012 06:01 AM

එතුමාට එසේ කරන්න බලයක් තියෙනවාද (දී)

:       0       0

ලුම්බිණි Friday, 30 November 2012 06:39 AM

මෙතන තිබෙන අවුල අධිකරණයට මේ අය කැඳවන්න බලයක් තිබෙනවද නැද්ද කියන එකට වඩා මේ කරන දෙයින් අධිකරණය හෑල්ලුවට පත්වීමේ අවධානමයි. මෙහෙම වුණාම රටේ මිනිසුන්ගේ අධිකරණය ගැන තිබෙන විශ්වාසය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අනතුරුදායක දෙයක්. අද රටේ හැම දෙයක්ම දේශපාලනීකරණයට යට වෙලා තිබෙන වෙලාවේ මේ වැඩෙන් අධිකරණයත් පහත් තත්වයකට පත් කිරීමෙන් මේ අය කරන්නේ විශාල අපරාධයක්. (නි)

:       0       0

දනුෂ්ක Friday, 30 November 2012 06:40 AM

මොනවා වෙන්න යනවාද මන්දන්නේ නැහැ (දී)

:       0       0

නන්දන Friday, 30 November 2012 07:22 PM

නොදන්න කමට අහන්නේ එහෙම පුලුවන්ද (දී)

:       0       0

ධර්මපාල Friday, 30 November 2012 07:11 AM

කථානායකතුමනි, වත්මන් රාජ පරම්පරාවේ මෙකල දහම් මග යමින් සත්‍යය තේරුම් ගෙන බොහෝම පිං රැස්කර ගන්නා සැබෑම පිංවතා ඔබමය. රට වැසියන්ට පෙනෙන හරි මග තේරුම් ගත් මැතිඳුනි, සැමට සෙත සළසන්න. (නි)

:       0       0

පහන් Friday, 30 November 2012 02:20 PM

ලංකාවේ නිතිය පුදුම දෙයක් (දී)

:       0       0

මාතර Friday, 30 November 2012 02:23 PM

අපි නම් නෙවෙයි ඔන්න කලේ (දී)

:       0       0

නිශා Friday, 30 November 2012 07:49 AM

කොහොමද එතුමාට තියෙන බලය (දී)

:       0       0

අරුණ Friday, 30 November 2012 07:53 AM

මොකද එසේ කරන්නේ (දී)

:       0       0

අජිත් Friday, 30 November 2012 07:48 AM

එසේ කරන්න එතුමාට බලයක් තියෙනවාද (දී)

:       0       0

ලහිරු Friday, 30 November 2012 07:59 AM

මෙය නිවැරදියි. ව්‍යවස්ථාදායකය ජනතාවට වග කියනවා. අධිකරණය වග කියන්නේ නැහැ. ඒක නිසා අධිකරණයට , ව්‍යවස්ථාදායකට බලපෑම් කළ නොහැකි විය යුතුයි. ගොඩක් අදහස් දාන අය හිතන්නේ අධිකරණය හරි සුද්දා හරි , කොටියා හරි කමක් නැහැ ආණ්ඩුව එලවන්න ඕනෑ කියලා. නමුත් ඒකෙන් වෙන බලපෑම හිතන්නේ නැහැ. (නි)

:       0       0

රිස්වාන් Friday, 30 November 2012 08:08 AM

ලලිත්, මොනවා කිවත් වැඩක් නැහැ. මොන ඡන්දයක් තිබ්බත් දිනන්නේ ඔය කියපු කට්ටියමයි (ස)

:       0       0

සරත් Friday, 30 November 2012 08:21 AM

ඒක කොහොමද වෙන්නේ

:       0       0

ඉන්ද්‍රානි Friday, 30 November 2012 08:18 AM

බලය කියන්නේ ඔන්න ඕකට තමයි

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 30 November 2012 08:23 AM

කොහොමත් එක දෙයක් නම් පැහැදිලියි. මේ රටේ දැන් විපක්ෂයක් කියලා එකක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 30 November 2012 08:26 AM

දැන් ඉතින් ත්‍රෛ නිකායික මහා සඟරුවනේ ඉල්ලීමත් අහකයි. .. ඔබ වහන්සේලාට ලැජ්ජාවක් තියේනම් ඊළඟ වතාවේ 'අපේ හාමුදුරුවනේ' කියාගෙන එනවිට රජකාලේ හිටපු එඩිතර හාමුදුරුවරු කළා වගේ පත්ත නික්ඛුන්ජන කම්මය පනවා වදාරන සේක්වා.(ස)

:       0       0

ප්‍රියන්ත Friday, 30 November 2012 08:46 AM

නීති හදන අය හා නීති ක්‍රියාත්මක කරන අය අතර කිසි අවබෝධයක් නෑ වගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 671 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1162 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 688 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 798 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site