අලුත් අවුරුදු දා සිට අද වන විට කතරගමට අඩු ගණනේ තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් වන්දනාවේ එන්නට ඇතැයි බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කියයි. විශ්‍රාම ශාලා පිරි ඉතිරි ගොස් ඇතැම් වන්දනාකරුවෝ වාහනවල ද, ගස් යට ද දෙටගමුව වැව අසල ද රැය පහන් කළහ. කතරගම දෙවොල දිවා රාත්‍රියේ විවෘත කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දෙවිදුන්ට පින් සිදු වේවා! (නි)
අනේ මෙහෙම මෝඩ මිනිස්සු.(නදී)
මම පත්තරේක දැක්කා කතරගම මේ දවස් වල කුකුල් මස්,අරක්කු,බිත්තර පෝලිම් තියනවා කියලා. (නි)
මේ පත්තරේ අදහස් දාන සමහර බෞද්ධ අය දේව සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. එහෙත් ඇයි මේ කතරගම යන්නේ පොලින් ගැහිලා. (නි)
මේ මහා පිරිසට " සරු දෙය ලබන්නත් නිසරු දෙය සරු දෙය වෙන් කරගන්නත්" මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ ප්‍රඥාව පහල වේවා !(නදී)
අපෝ හොද වෙලාවට හෝටලය කලින් වෙන් කලේ. නැත්නමි ඉතින් පේමන්ට් එකේ තමයි ඉන්න වෙන්නේ.(නදී)
අන්ධ භක්තිකයෝ රැලක්. (නදී)
අනිත් මිනිස්සුන්ගේ විශ්වාසයට ගරහන එක එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. මේ මිනිස්සු ඉතාමත් භක්තියෙන් මේකට සහභාගී වෙනවා පෙන්නේ නෙද්ද? ඔබට සුබ නව වසරක්.(නදී)
දේවාල භූමියේදී මට ඇහිලා තියෙනවා තම තමන්ගේ වටිනා බඩු මුට්ටු, මුදල් පසුම්බි සොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න කියනවා. තමන්ව වදින්න ආපු අයගේ දේවල් රැක දෙන්න බැරි දෙවියෝ ගැන කවර කතාද? අනිත් එක දෙවියන්ගේ පින් පෙට්ටිය හොරු කෙරුවම පොලිසි යනවා. අපේ දේවල් හොරා ගත්තම දෙවියෝ ලගට යනවා. (නි)
බුදු දහමේ හරය දන්නවනම් මේ වගේ අන්ද භක්තික දේවල් කරන්නේ නැහැ.(නදී).
මේ කට්ටිය ගමේ පන්සල් වලට යන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)
එක් එක් අයගේ ඇදහිලි විශ්වාස වලට හිනා වෙන්න එපා. ඒ අය කාටත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඒ කටයුතු සිදු කර ගන්නවා නම් ඔබ තමුන්නාසෙලා කලබෙල වෙන්න ඕනි නෑ. ඔයාලා ඒ මිනිස්සුන්ට මොඩයන් යැයි පවසනවා නම්, ඔබලාටද මොඩයන් යැයි කියා සිනා සීමට අයිතියක් ඔබලාට මෙන්ම ඔවුන්ටද ඇති බව සිහි තබා ගන්න.(නදී)
මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලාද? නැත්නම් කරදර වැඩි වෙලාද? කොහොම නමුත් අලුත් අවුරුදු පැතුම් ඉටු වේවා! (නි)
දෙවියන්ට දොස් කියන්න එපා ..මේ ආර්ථික ක්‍රමය තුල දෙවියන් සන්තක දේවලුත් ආරක්ෂා කර ගන්න එක දෙවියන්ටත් ප්‍රශ්නයක් වෙලා... තියෙන්නේ ඉතින් කොහොමද දේව භක්තික යන්ගේ දේවල් ආරක්ෂා කරලා දෙන්නේ (අ)