(සුජිත් හේවාජුලිගේ )
ත්‍රිවිධ හමුදාවේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට ගිය වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ත්‍රිවිධ හමුදාවේ හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් 314 දෙනකුටත් විශ්‍රාමික නිලධාරීන් 35 දෙනකුටත් තීරුබදු රහිත වාහනබලපත්‍ර මෙසේ නිකුත් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.
දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවටයි.
යුද හමුදාවේ නිලධාරීන් 171 දෙනකුට ඒ බලපත්‍ර නිකුත් කර ඇත.
ඊට පසු නාවික හමුදාවේ නිලධාරීන් 86 දෙනකුටත් ගුවන් හමුදාවේ ලිනධාරීන් 48 දෙනකුටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 9 දෙනකුටත් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මෙයට අමතරව යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් 22ටත් ගුවන් හමුදාවේ විශ්‍රාමික 8 දෙනකුටත් නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනකුටත් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබේ.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර
Chaminda Friday, 27 July 2018 11:03 AM
මෙව්වා දීලා තියෙන්නේ රටට වැඩකරන අයට හින්ද අපිට ගැටළුවක් නැහැ. මොකද මේ අය රට වෙනුවෙන් තමයි වැඩ කරලා තියෙන්නේ. ගැටළුව තියෙන්නේ සමාජ යහපතට කියල ආපු හොර පාලකයන්ටත් දෙන එකනේ. තීරුබදු රහිත වාහන බලපත් විතරක් නෙවෙයි නිකන් වාහනයි පෙන්ෂන් එකයි ඔක්කොම දෙනවා වැඩ කරන අයට මුකුත් නැහැ. අඩුගානේ පොඩි වාහනයක් වත් ජීවිත කාලයට පදින්න දුන්නනම් ගොඩක් වටිනවා .
BamunuarachchiSaturday, 28 July 2018 06:48 AM
ඒ ගොල්ලන්ට දෙන්න අපිට බදු ගහන්න. අපි අපට ලබුණු අර්ථසාධකය බැංකුවේ දමාගෙන එ් පොළියෙන් ජීවත්වෙන්නේ, බෙහෙත් ටික ගන්නේ... ඒ පොළියටත් බදු ගහන උඹලාට හෙනම වදීවි... මේ ගොල්ලෝ විතරක් නොවෙයි කවුරුත් වැඩ කරන්නේ රට වෙනුවෙන්. අනික් රටවලත් රටේ ත්‍රස්තවාදීන් සමග සටන් කරන හමුදාවට විශේෂ සැලකිලි තිබෙනවාද? දොස්තර ගොල්ලන්ට විශේෂ සැලකිලි තිබෙනවාද? ඇයි මේ අපේ රටේ විතරක්? සිංහලයාගේ නිවටකම... හැබැයි සමහරු මේ රට නොවේ ස්වීඩන් රටවලට සංසන්දනය කරන්නයි හදන්නේ...
gihan Friday, 27 July 2018 01:44 PM
ඒ මිනිස්සුන්ට දුන්නට කමක් නෑ. රටට වැඩක් තියෙන මිනිස්සුනෙ.
BamunuarachchiSaturday, 28 July 2018 06:53 AM
ඇයි රටේ අනික් වැඩකරන මිනිස්සු රටට වැඩ නොවෙයිද කරන්නේ? තමන් විසින් තමන්ව පහතට දාගන්න මේවගේ නිවට මිනිස්සු නිසා තමයි සමහර වෘත්තිකයෝ තමන් උසස් යැයි සමාජයේ සම්මත වෙන්න හදන්නේ...
NissankaSaturday, 28 July 2018 08:55 AM
මේවා දීල තියෙන්නේ අවම සුදුසුකම් නැති සයිටම් සිසුන් බඳවා ගන්නවට විරුද්ධ ආචාර්ය මහාචාර්යවරුන් බිලිබා ගන්න එහෙම නෙවෙයි ඔන්න.
thoradeniya Friday, 27 July 2018 06:34 PM
ඔය 314 දෙනාම සුදුසුකම් තියන අයද..? එසේ නම් මොනවද ඒ සුදුසුකම්?
sam Friday, 27 July 2018 10:03 PM
මේ පුවතේ ශීර්ෂ පාඨයේ තියෙන්නේ ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනෙකුට බලපත්‍ර දුන්නා කියලයි . නමුත් සත්‍ය වශයෙන්ම දීලා තියෙන්නේ 9 දෙනෙකුටයි .
rocky Friday, 27 July 2018 11:26 PM
සියලුම භික්ෂූන් වහන්සේලාටත් ඩියුටි ෆ්‍රී වාහන ලබාදීම සුදුසු බවත් කල්පනාවට ගත යුතුයි නේද?
V.warnakulasuriya Friday, 27 July 2018 11:33 PM
රටක එක එක පුද්ගලයාට විශේෂ සැළකිලි තිබිය යුතු නැත. කරන සේවයට නිසි වැටුපක් සහ විශ්‍රාම වැටුපක් පමණක් තිබිය යුතුය. දේශපාලකයන් අද ලබන වරප්‍රසාද රටට ප්‍රශ්නයක් වී ඇත. එම වරදම තවත් පැත්තකට යමින් පවතී. ණයට සහ විකුණගෙන කන අපිට මේ විදියට ඉදිරියට යන්න පෑගෙන ජනතාව තවත් අපහසු තත්වයට පත් කිරීම සිදුනොවන්නේද?
Nishanath Saturday, 28 July 2018 04:14 AM
ඒක හොඳයි.. මොකද මව්බිම ආරක්ෂා කරන්න කටයුතු කරන නිසා... නමුත් මේ දේශපාලකයන්ට ඇයි ඕවා දුන්නේ?
ලුම්බිණි Saturday, 28 July 2018 05:56 AM
මොන මිනිහෙකුටවත් තීරු බදු වාහන දෙන්න අවශ්‍ය නැහැ. එහෙම දෙනවා නම් රටේ සියලු දෙනාටම දෙන්න.
Manjula Saturday, 28 July 2018 06:03 AM
කිසිම ප්‍රශ්නයක් නැහැ. කොච්චර දුන්නත්... රටට වැඩක් කරන පිරිසක්....
Bamunuarachchi Saturday, 28 July 2018 06:57 AM
ලොකු නිලතල කරනවා නම් නිලවාහන ලැබෙනවා රාජකාරියට. ලොකු වැටුපක් ලැබෙනවා ලොකු නිලයට. ඉතින් ඒ වැටුපට වාහනයක් ගන්නකෝ. නැහැ මේ දේශපාලකයෝ මේ කරන්නේ තමන්ගේ පැවැත්මට රජයේ නිලධාරීන්ට සන්තෝසම් දීමක්. මම මගේ ළමයින්ට කියා තිබෙන්නේ සතයක් මේ රටට එවන්න එපා කියලා...
amila Saturday, 28 July 2018 08:00 AM
මේවා ලොකු නිවුස් නෙමේ. පිදිය යුත්තන් පුදන්න ඕනෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අර දියවන්නාවේ ඉන්න 225 ගැන තමයි.
BamunuarachchiSaturday, 28 July 2018 11:40 PM
ලෝකේ අනික් ජාතීන්ට නැති සිංහලයාට පමණක් ඇති නිවට නියාලු සිතිවිල්ලක්.
abaran Saturday, 28 July 2018 10:27 AM
මට පුදුම හිතෙන්නේ අපේ රටේ නීති රීති සකස් වෙන්නේ එක්තරා කොට්ඨාශයක් වෙනුවෙන් පමණයි. මෝඩ ජනයා හිතන්නේ ඒවා නිවැරදි කියලා... එක්කෝ දේශපාලකයින් නැතිනම් නිලධාරීන්.... අනේ මෙහෙමත් රටක්... ජනාධිපතිගේ පටන් හැමදෙනාම සමාන අයිතිවාසිකම් තියෙන පුරවැසියන් කියලා හිතෙන ගානට ජනතාව කවදා පත්වේවිද...?
MaheshSaturday, 28 July 2018 02:38 PM
අබරන් මේ අදහස නිවැරදියි. මේ රටේ හැමදේම දේශපාලකයින්ටයි, නිලධාරීන්ටයි විතරයි. ඇයි වැඩ කරන ජනයාට මේ වරප්‍රසාද හිමිවිය යුතු නැද්ද? කොතලාවල කියලා අමුතු තැනක්ද? ඕක ඇතුලේ සිදුවෙන දේවල් දන්නෝ දනිති. නිලඇඳුමක් ඇන්ද පලියට හැමෝම මහත්වරු වෙන්නේ නැහැ. හැම වරප්‍රසාදයම දේශපාලකයන්ටයි, නිලධාරීන්ටයි විතරක් නොදී පුද්ගලික අංශයේ සේවකයන්ගේ පටන් රටේ සියලු ජනතාවට භුක්ති විඳින්නට ඉඩසලස්වන්නේ නැත්තේ ඇයි? රැවටෙනවා කියලා දැනදැනම මේවට පිරිසක් ඉන්න නිසා තමයි මේ රටේ කිසිම දියුණුවක් නැතිව එකතැන පල්වෙන්නේ..
BamunuarachchiSunday, 29 July 2018 12:01 AM
කලබල වෙන්න එපා අබරන්... සිංහලයා කියන්නේ වෙනස් කළ නොහැකි ගතානුගතික අදහස් ඇති ජාතියක්. තාමත් පුටුවෙන් නැගිටින ජාතියක්. සර් කියා ගත්ත ගමන් ඉන්න ජාතියක්. පොඩිකාලේම ළමයින්ව පුරුදු කරන්නේ හතරට පහට නැමිලා වඳින්න. ඉතින් ළමයි පොඩිකාලේම මානසිකව වැටිලා. කොන්ද කෙලින් තියාගෙන ජීවත්වීම කුඩාකලම අඩපණ කරලා...
ran Saturday, 28 July 2018 11:11 AM
පත්තර කලාවේදීන් යැයි කියා ගන්නා අයට උගත්කමේ වටිනාකම නොතේරේ. හෙඩ් ලයින් එකක් ලෙස මෙය වැරැදියි කියන්නාසේ යොදන්නේ ඒකයි. අද පත්තර කලාවේදීන් ලිව්වේ මොනවාදැයි දැන ගැනීමට අතීතයේ පත්තර මොවුන් කියවනවා නම් හොදයි.
BamunuarachchiSunday, 29 July 2018 12:26 AM
පත්තර කලාවේදීන් විශේෂයෙන් සිංහල පත්තර කලාවේදීන් ප්‍රවෘත්තිය කියවන්නාට රසවත් වීමට නොයෙකුත් බොරු එකතු කිරීමයි. බස් එකක් හැපුණයි කීවොත් තුවාල වූ ගණන, මැරුණු ගණන පත්තරෙන් පත්තරේට වෙනස්.. ඉතින් පාඨකයාට ප්‍රවෘත්තියෙන් ගත හැක්කේ බසයක් හැපුණා කියන එක පමණයි.
latha Wednesday, 01 August 2018 04:03 AM
ඔක්කොම සැලකිලි එක කට්ටියකට විතරයි. පෞද්ගලික අංශයේ අපිට බදු විතරයි. ඒගොල්ලෝ විතරයි වැඩ කරන්නේ.