ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (01) පෙරවරුවේ පැවැති පළමු විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 2 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
කොදෙව් පිල ලකුණු 87 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 20කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කළේය. ජයග‍්‍රහණය සදහා අවසන් පන්දුවේදී ලකුණු 2 ක් ලබාගැනීමට සිදුවූ අතර නායිකා මිරිස්සා අගුලෙයිරා හතරේ පහරකින් තරගය අවසන් කළාය.
කොදෙව් පිල 19 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ 7 ක් දැවී ලකුණු 83 ක් ලබා ජයග‍්‍රහණයට ලකුණු 5 ක් ඈතින් සිටියේය. අවසන් ඕවරය යැවූ චමනි සෙනෙවිරත්නගේ තෙවැනි පන්දුවේදී ටි‍්‍රමයිනි ස්මාර්ට් දුවද්දී දැවී යෑමත් සමග කොදෙව් පිල සසළ වුවද, ප‍්‍රබල කොදෙව් පිලෙන් ජයග‍්‍රහණය උදුරා ගැනීමට එය ප‍්‍රමාණවත් නොවීය.
කොදෙව් නායිකා මිරිස්සා අගුලෙයිරා පන්දු 39 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැුස් කරමින් ජයග‍්‍රහණයේ දැවැන්තම කොටස්කාරිය බවට පත්වූවාය.
ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ප‍්‍රසාදිනී වීරක්කොඩි මුඵ ලකුණු සංඛ්‍යාව 3 ක්ව තිබියදී දැවී ගියාය. කොදෙව් පන්දුයවන්නියෝ ඉනිම ආරම්භයේ සිට ශ‍්‍රී ලංකා පිතිකාරියන් පාලනය කිරීමට සමත් වීමෙන් ඉනිම ලකුණු 87 කට සීමාවිය.
ශ‍්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය වූ ඒෂානි ලොකුසූරිය පන්දු 22 කදී හයේ පහරක් සමගින් ලකුණු 25 ක් රැස්කිරීමට සමත් වූවාය.
දෙරට අතර දෙවැනි විස්සයි20 තරගය අනිද්දා (03) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පෙරවරු 10.00 සිට පැවැත්වේ.
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 87
(ඒෂානි ලොකුසූරිය 25, ඩිලානි මනෝදර නොදැවී 17, ශාකිරා සෙල්මන් 14/2)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 90
(ස්ටෙෆෙනි ටේලර් 25, මෙරිසා ඇගියුලේරා නොදැවී 34, ඒෂානි ලොකුසූරිය 18/3)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරගයට දොළවත්ත සෙල්ලම් නොකරන නිසා මම මේක බලන්නෙ නැහැ. (නි)
ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම හැමදාම පරාජය වුනාට කාන්තාවෝ රටට කීර්තියක් ගෙන දෙනවා.. (ස)
වරුණ මොකක්ද දොලවත්ත කියන්නේ එක් ක්‍රීඩිකාවක් විතරයි. විකාර (ස)
මේකේ තියෙන සමහර අදහස් දක්වන අය ගැන නම් හිතාගන්නවත් බැහැ. (නි)
නියමයි. අපේ කට්ටියට ජයවේවා (දී)
අපි නම් අපේ කෙල්ලන්ගේ වැඩ බලන්නේ අසාවෙන්. ජය වේවා! (නි)
ඔබ සැමට දීර්ඝ ගමනකට සුභ පැතුම්! (නි)
අපේ රටේ ක්‍රීඩාවන්ට උපරිම තාක්ෂණයක් ලබා දෙනවා නම් මීටවඩා උපරිම ප්‍රතිඵල ලබාගත හැකියි. (නි)
ඉෂානි ලොකුසූරියව දාමුද අපේ කොල්ලොන්ගේ ටීම් එකට තුන් ඉරියව්වෙන් දක්ෂනිසා (ස)