ඉන්දියාවේ හා මැදපෙරදිග සිට ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් සංක්‍රමනියන් හැට දෙනකු රැගෙන යෑමට ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු ඩොමිනික් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.
යුරෝපයේ සිට හයිටි දක්වා රැගෙන යන සංක්‍රමණිකයන් එතැණින් ඩොමිනික් රාජ්‍යයට ගෙන යන බවත් එහි ප්‍රකාශකයෙක් කියයි.
කරුණානිධි නල්ලතම්බි (42) නම් කැනඩා ජාතිකයා මේ මිනිස් ජාවාරමේ ප්‍රධානියා බව ඩොමිනික් රාජ්‍යය කියයි.
සංක්‍රමණිකයන් ඩොමිනික් රාජ්‍යයට ගිය පසු නල්ලතම්බි ඔවුන් වෙනුවෙන් කැනඩා බලපත්‍ර ලබාගෙන පසුව වෙනස් කරන බවත් ඩොමිනික් රාජ්‍ය පවසයි.
මේ සංක්‍රමණිකයන්ගෙන් වැඩි දෙනා අපරාධ පසුබිමක් ඇති බවත්, ඔවුන් ඇමෙරිකාවට හා කැනඩාවට යෑමට පෙර දෙමාසයක් පමණ නල්ලතම්බිගේ නිවසේ සිටින බවත් කියති.
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් හිමි කොහුලන් සෙල්වරාසා හා ඩේවිට් ක්‍රිෂ්ටන් හා ශ්‍රිරාම් කන්නන් ජාවාරමේ සෙසු සාමාජිකයන් බව ද ඩොමිනික් රාජ්‍ය පවසයි. ඔවුන් දෙන්නා සතුව ඇත්තේ ව්‍යාජ කැනඩා ගමන් බලපත්‍ර බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ ගියාවේ (නි)
මොකද්ද අනේ ඒ
හොරු සමග හෙලුවෙන් වගේ කේස් එකක්. කැනඩාවෙ ආන්ඩුවට තව ඡන්ද ඕනා නම් කොටි හොය හොයා තව ගමන් බලපත්‍ර දෙන එකනෙ තියෙන්නෙ.(නදී)
එවන්න මෙයාලව ලංකාවට අපි බලා ගන්නම් ඉතුරු හරිය.(නදී)
ලංකාවට ගෙන්නලා හංගලා තියෙන ගමන් බලපත් හොයන්න ගෙනිච්චා නම් හොදයි. (නි)
මේ රටවල්වල ඉන්න බලධාරීන් ඇත්තටම දන්නේ නැද්ද මිනිස් ජාවාරම කොයි තරම් සංවිධානාත්මකව කෙරෙන දෙයක්ද කියලා. එක්කෝ ඒ රටවල ඉන්නේ මෝඩයෝ. නැත්නම් පගාවට යටවුනු නිලධාරීන්. එහෙමත් නැත්නම් ව්‍යාජ මානව හිමිකම් මායාවකට රැවටුණු දේශපාලකයෝ. විය හැකිම දේ නම් බලයට කෑදරකම නිසා කාගේ හරි චන්ද ගන්න බලන දේශපාලුවෝ. (නි)
කැනඩාව සහ නොර්වේ ස්වීඩෙන් රජයවල් කොටින්ව හොයා හොයා ගෙන්න ගන්නේ . මොකද ඒ රටවල වෙනත් මිනිසුන් නොකරන ඕනෙම දෙයක් රැකියාව හැටියට බාර ගන්න නිසා . ඒ රටවල ආර්ථිකයට වාසි ලැබෙන නිසා. අවම වැටුප් ගෙවලා මුදල් වෙනුවෙන් ඕනෙම ජරාවක් කරන ජාතියක් ඔය කොටි. හැම ද්‍රවිඩයම නෙමේ . (නදී)
ඔය අයට ඔය රටවල් වල හිරගෙවලුත් සැප ඇති එයාලගේ ගෙවල් වලට වඩා. (නදී)
මෙම පුද්ගලයාගේ බුද්ධිය හොඳයි, චේතනාව තමා වැරදි. මිනිසා සංවිධානය වූ කළ අති භයානකය (නි)