( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි.
මෙලෙස ඝාතනය වූයේ 49 හැවිරිදි කාන්තාවකි.
ගෙල තද කිරීම සඳහා යොදා ගත් වයරයක් පොලිසිය මගින් සොයාගෙන ඇත
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම කාන්තාව පැලද සිටි රන් මාලය සහ කරාබු යුගලය සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි .
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 June 2020 06:17 AM
හමුදාවෙන් පැනගොස් අපරාධ කරනා, එමෙන්ම කුඩුරජුන් හා එකතුවන, පාතාලයට බැඳෙන අපරාධ කරුවන්ට අවි පුහුණුව ලැබී ඇත්තේ හමුදා මගින්ම නොවේද? එහෙත්, එසේ පැනගිය වුන් අල්ලා ගැනීමේ සාර්ථක ක්‍රමවේදයක් රටපුරා ඇති කිරීමට හමුදා බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද යන්න මහා වීමතියට කරුණකි. මෙවැනි අපරාධ කරුවන්ට හමුදා මගින් පුහුණුව ලැබී තිබීම මහා ව්‍යසනයක් නේද?
ranaTuesday, 09 June 2020 06:31 AM
ඔය අපේ රණවිරු සංකල්පයේ අතුරු ඵලයක් නේද?
PrabhaTuesday, 09 June 2020 01:23 PM
හමුදාව අපරාද කිරීමට පුහුණු කිරීම නොව හමුදා පුහුණුව අපරාධ සඳහා යොදාගැනීමයි මේ සිද්ද වෙන්නේ. ලෝකයේ වෙනත් රටවලත් අපරාධ කල්ලිවලින් හිටපු සෙබලුන්ට තිබෙන ඉල්ලුම ගොඩක් ඉහළයි.
සපුමල්.Wednesday, 10 June 2020 06:15 AM
යමක් හරිහැටි කියවා තේරුම් ගන්න. නිකං ලියන්නන් වාලේ ලියා අදහස් විකෘති කරන්නට එපා. කව්ද කිව්වේ හමුදාව අපරාධ කිරීමට පුහුණු කරනවා කියා. ඒ නිසා නොතේරෙන දේ විග්‍රහ නොකර තමන්ගේ අදහස වෙනම දක්වන්න. උගන්වන්න කලින් තමන් කියවා වටහා ගන්න. එය ඉතා වැදගත්.
Gamage Tuesday, 09 June 2020 07:10 AM
අපේ විරුවන් මේ. රට, ජාතිය, ආගම බේරගත්ත විරුවන් මේ ඉන්නේ... අපේ ගම්මන්පිල මහත්තයා කිව්වා වගේ අපේ විරුවන්ට අත තියන්න එපා... අපි තමයි නියම දේශප්‍රේමියෝ. අපේ විරුවන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අපි දේශප්‍රේමියෝ...
SamanTuesday, 09 June 2020 08:34 AM
ඔයාගේ සිහි බුද්ධිය හොඳයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ...
බයියා Tuesday, 09 June 2020 07:56 AM
අපේ ආණ්ඩුව නිසා කැමති දෙයක් කළාට අවුලක් නෑ. හැබැයි යහපාලනේ කාලේ වගේ නම් රණවිරුවාට අත තියන්න දෙන්නේ නෑ. පාරට බැහැලා හැම මුස්ලිම් දෙමළ කඩටික කඩනවා. අපි එහෙමයි...