IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කන්ද උඩරට ළදරුවන්ගේ සටන පල්ලෙකැලේදී

කන්ද උඩරට ළදරුවන්ගේ හටන නම් විරුදාවලිය ලත් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර 54 වැනි මහා ක‍්‍රිකට් තරගය අද සහ හෙට (16-17) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියේ දී පැවැත්වේ. දෙවිදුහල් අතර මෙතෙක් පැවැති මහා ක‍්‍රිකට් තරග 53න් තරග 14 ජය සිල්වෙස්තර විදුහල විසින් ද, තරග 3ක ජය විද්‍යාර්ථ විදුහල විසින් ද වර්තා කර තිබේ. සිල්වෙස්තර විදුහල අවසන් වරට ජය වාර්තා කර ඇත්තේ චානක කොළඹගේ ගේ නායකත්වයෙන් 2009 දී වන අතර විද්‍යාර්ථ විදුහල අවසන් වරට ජය වාර්තා කර ඇත්තේ 1967 වසරේදී ආර්.එම්. ලාෆීර් ගේ නායකත්වයෙන් යුතුවය. මෙම මහා ක‍්‍රිකට් තරගයේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන්නේ තුෂාර කොඩිකාරයි. ඔහු විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් 1984 දී නොදැවී ලකුණු 212ක් වාර්තා කළේය. හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ සිල්වෙස්තර විදුහල වෙනුවෙන් 1962 දී ක‍්‍රීඩා කළ සරත් බස්නායකයි. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 14කට කඩුලූ නවයක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 34 කඩුලූ පහක් ද බිඳ හෙළීය. එම තරගය සිල්වෙස්තර විදුහල ඉනිමකින් ජය ගත්තේය. සාන්ත සිල්වෙස්තර පිල මෙවර මෙහෙයවනු ලබන්නේ සිවුවැනි වසරේ වර්ණලාභියකු වන රුවන්ත ඒකනායකයි. මේ තරගවාරයේ සිල්වෙස්තර විදුහල අපරාජිතව පසුවන්නේ තරග 16කින් හතරක් ජය ගනිමිනි. සිල්වෙස්තර නායක රුවන් ඒකනායක මේ තරගවාරයේ ලකුණු 500 රැස් කරමින් පන්දු යැවීමෙන් කඩුලූද 40ක් ද බිඳ හෙළීමට සමත්ව සිටියි. උපනායක වරුන විජේසිංහ ද තුන් ඉරියව් දස්කම් දක්වන ක‍්‍රීඩකයකු ලෙස මේ තරග වාරයේ ලකුණු 500 සීමාව අභිබවමින් කඩුලූ 40 ක් ද ලබා තිබේ. හතරවැනි වසරේ වර්ණ ලාභියකු වන විද්‍යාර්ථ නායක නිලූක්ෂ ගලපිටගේ  ද මෙම තරග වාර්යේ ලකුණු 600 සීමාව අභිබවා ඇත. විද්‍යාර්ථ විදුහල මේ තරගවාරයේ තරග 17කට මුහුණ දී තරග හතරක ජය වාර්තා කර එක් තරගයක් පරාජයට පත්ව තිබේ. හතරවැනි වසරේ වර්ණලාභියකු වන තිලිණ රූපසේන කණ්ඩයමේ උපනායක ලෙස කටයුතු කරයි. ඔහු මෙම තරග වාරයේ ලකුණු 600 සම්පූර්ණ කර කඩුලූ 80 ද බිඳ හෙළමින් පන්දුවෙන්   දස්කම් දක්වා තිබේ. විද්‍යාර්ථ විදුහලේ ආරම්භක පිතිකරු රුවන් බණ්ඩාර ඔවුන්ගේ සාර්ථකම පිිතිකරු වෙමින් ශතක තුනක් ද සමගින් ලකුණු දහස සම්පූර්ණ කිරීමට සමත් විය. ඔහු ලකුණු දහස සම්පූර්ණ කළ ප‍්‍රථම විද්‍යාර්ථයා ද වේ. සාන්ත සිල්වෙස්තර පිලේ පුහුණුකරු ලෙස රෝලන් පෙරේරා මහතා ද විද්‍යාර්ථ පිලේ පුහුණුකරු ලෙස සුසන්ත බස්නායක මහතා ද කටයුතු කරති. සාන්ත සිල්වෙස්තර සංචිතය- රුවන් ඒකනායක (නායක), වරුණ විජේසිංහ (උපනායක), ෆයිස් අහමඞ්, දුශාන් මලලසේන, සුමේධ දිසානායක, නිමේෂ මෙන්ඩිස්, දනුජ් හෙට්ටිආරච්චි, හන්සමාල් පෙරේරා, දුලිප් මධුරංග, ඉඳුනිල් සමරනන්ද, හර්ෂ වෙඩිකාර, නිමේෂ පියරත්න, චන්දුල හසන්ත, ජනිත පෙරේරා, සන්දීප් සිං, උපෙන්ද්‍ර පාලමකුඹුර, චමෝද් සමරරත්න, ජේ. කුගප‍්‍රකාශන් විද්‍යාර්ථ විදුහලේ සංචිතය- නිලූක්ෂ ගලපිටගේ (නායක), තිලිණ රූපසේන (උපනායක), තරිඳු රණවීර, කේශාන් ගමගේ, සමිත අත්තනායක, ඉසුරු වීරසිංහ, මුදිත ඇල්පිටිය, රවිදු දිසානායක, නිපුන රණවීර, කසුන් නවරත්න, ෂෙරාඞ් බුද්ධික, චානක රත්නායක, දසුන් නවරත්න, චින්තන ලොකුකැටිය, සමීර වික‍්‍රමසිංහ, පැතුම් කොළඹගේ, සහන් අමරසිංහ. විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම සිල්වෙස්තර විදුහල් කණ්ඩායම  



අදහස් (0)

කන්ද උඩරට ළදරුවන්ගේ සටන පල්ලෙකැලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 89 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1613 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 176 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 518 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 2490 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 672 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 828 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 538 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site