සම්බුදු තෙමඟුල සිහිකරනු වස් ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේදී 18 වැනි වතාවටත් වෙසක් උත්සවයක් සංවිධානය කරන ලදි.
විහාරාධිපති කොටපොල උපාලි හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම මත සංවිධානය කළ වෙසක් අසිරිය කුලින් මෙවර බැති ගී ගායනා, දේශිය නැටුම්,නාට්‍ය අනුසාරයෙන් චුල සෙට්ටි ජාතක කතාව, වෙසක් පහන් කූඩුව මෙන්ම සම්බුද තෙමඟුල සිහි කරන දර්ශණිය තොරණ දැක බලා ගැනීමට බොහෝ දෙනකුට අවස්ථාව උදා කර ඇත.
එම දහම්පාසල් ගුරු දෙමාපියන්ගේ කැපවීමෙන් සහ එම විහාරස්ථානයේ සැදැහැවත් දායක දායිකාවන්ටෙග් සහඪාගීත්වයෙන් මෙය සාර්ථකව පැවැත්වීමට හැක් වු බව විහාරාධපති හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි ඉතින්, 'කඨින පින්කම්, අවුරුදු උත්සව, වෙසක් උත්සව, පොසොන් උත්සව වැනි දේවල් ඇරුනහම මෙම පන්සල් වලින් මිනිසුන් 'සීල' 'සමාධි' 'ප්‍රඥා' හී පිහිටුවන්න මොනවද කරන්නේ? (නි)
මිලානෝ , මේ පන්සලේ ඉන්න ඇරැව්වල සුධම්ම පොඩි හාමුදුරුවෝ සතිපතා පවත්වන ත්‍රිපිටක සූත්‍ර පන්තිය බොහොම ප්‍රසිද්දයි. ලංකාවේ ඉන්න නමට බෞද්ධ අයට වඩා මෙහේ ඇත්තටම පන්සිල් රකින අය ගොඩක් ඉන්නවා. බොරුවට බෞද්ධ අයත් නැතුව නෙමේ. සමහර අය සමාජයේ කැපී පෙන්න ඕන නිසා පන්සලේ බෞද්ධ සංගමේට බැදෙනවා. එත් කවදාකවත් බණක් අහන්නේ නැහැ. (නදී)
තුසිත, සඳහන් කරලා තියෙන්නේ විශාල වැඩසටහන් ප්‍රමාණයකින් එක දෙයක් පමණි. අපි ඉතාලියේ හතු පිපෙනවා වගේ පන්සල් හද හදා කා කොටා ගන්නේ නැහැ. (නි)
පිටිගල මිලානෝ, ඉතාලියේ ඉන්න අයගෙත් බෞද්ධ චරියාව ගැන කියන්නකෝ (නි)
වැදගත් වන්නේ කුමන රටක සිටියත් සියලුදෙනා එකමුතුව වෙසක් සැමරීමයි. (නි)
කපිල මහත්මයෝ, ඉතාලියේ හෝ කැන්බරා හෝ බරණැස් නුවර හෝ සිටින සියලු බෞද්ධයන්ගේ චර්යාව එකමය. එනම් 'ආර්ය අෂ්ටාංගික මාර්ගයට' අනුකූලව හැඩගසාගත් චර්යාවයි. ඉන් පිටස්තර සියලු දෙනා අබෞද්ධයින්ය. (නි)
තුසිත මහතාණෙනි, ඉතාලියේ පන්සල් වල (එක පන්සලක හැර) සමස්තය මෙසේය. දායක මණ්ඩලයට පත් වීමට පොරකනවා, ඒ නිසාම පිල් බෙදෙනවා, තම පිලට හාමුදුරුවන්ව ගන්න උත්සහ කරනවා, බැරි වුන තැන හිමියන්ව පන්සලෙන් එලවන්න කටයුතු කරමින් අනුන්ටද පව් පුරවනවා. තවද සංසාරිකව සැරිසරන 'මගන්දියන්' 'දේවදත්තයන්',' නාලාගිරින්' ද සැරිසරනවා. මේ ලඟදි එක පන්සලකට 'අන්ගුලිමාලයන්' කීප දෙනෙක්ද පැමිණි බව 'ලංකාදීප' පුවතකින් දැනගන්න ලැබුනා. (නදී)
ප්‍රදීප් මහතාණෙනි, හතු පිපෙනවා වගේ පන්සල් බිහිවීම මෙරටේ නිර්ලෝභී ශ්‍රී ලාංකිකයන්ගේ උත්සාහයකි. එයට ඔබත් මාත් බෞද්ධයෝ හැටියට සතුටු විය යුතුය. කා කොටා ගන්නේද ඔබ මා වැනිම රට හැරදා ගිය ලාංකික කොටසක් බැවින් දුක් විය යුත්තේද අපමය. (නදී)
පිටිගල මැතිතුමෝ, මෙතන 'ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූල නොවන දෙයක් තියනවද. ආමිස පූජා 'ආර්ය අෂ්ටාංගික මාර්ගයට පටහැනිද. මෙයින් ප්‍රතිපත්ති පූජාවන්ට හානියක් වෙනවද? ඔය දෙකම සමබරව කිරීම නොවෙයිද අපේ සංස්කෘතිය? (නි)
පිටිගල මැතිතුමෝ, කැන්බරාවේ ඉන්න අයගේ 'සීල' 'සමාධි' 'ප්‍රඥා' ගැන කරදරනොවී තමන්ගේ 'සීල' 'සමාධි' 'ප්‍රඥා' ගැන බලාගත්තා නම් හොඳයි නේද? "අනුන් ගැන හොයන්න කලින් තමන් ගැන දැන ගන්න" කියලා බුදුන් දේශනා කළා නේද ? (නි)