(ඩයනා උදයංගනී)
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
එම කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමේ උත්සවය කතානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පැවැත්විණි.
රජයේ ගිණුම් කාරක සභාව මීට වසර 96කට පෙර එනම් 1923 දී ආරම්භ වී ඇති අතර එය මාධ්‍ය වෙත විවෘත කෙරුණේ මුල්වරටය.
රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාවය සහ මූල්‍ය විනය සොයාබැලීම සඳහා 2015/2016 වසරවල ගිණුම් කටයුතු පරීක්ෂාව අද (21 )එහිදී සිදුවිය.
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) රැස්වීම් ද ඉකුත් සතියේ සිට මාධ්‍යයට විවෘත කෙරිණි.



( ඡායාරූප චතුර එස් කොඩිකාර)
2025 දෙසැම්බර් මස 04
779
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි
Bamunuarachchi Thursday, 22 August 2019 07:09 AM
"බදියුදීන්ට අත නොතබනු" මෙතනත් ඉන්නවනේ...
sharm warn Thursday, 22 August 2019 10:02 AM
මේ ගොල්ලෝ කාරක සභාවල වැඩේවත් හරියට කරනවද දන්නේ නැහැ. රටට නම් කරන මගුලක් නැහැ..