IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කපිල චන්ද්‍රසේන-බිරිඳ කොටුව අධිකරණයට

( ඉන්දිකා රාමනායක )

අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය  මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.

මොවුන් අද උදෑසන  (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ



අදහස් (14)

කපිල චන්ද්‍රසේන-බිරිඳ කොටුව අධිකරණයට

සීරා Thursday, 06 February 2020 10:57 AM

තවත් එක්තරා නාට්‍යයක්.

:       28       24

පිටිගල මිලානෝ Thursday, 06 February 2020 11:17 AM

හොඳ වැඩේ. ඉක්මනින්ම නඩු අහලා ජීවිතාන්තය දක්වාම දෙන්න. හේතුව පොඩි පොඩි අල්ලස් වලටම අවුරුදු දහයකට වඩා දෙන නිසා ඊට අනුපාතිකව බලලා ශතවර්ෂ දහයක්වත් දෙන්න.

:       26       118

හේරත් Thursday, 06 February 2020 11:17 AM

බොහෝම කණගාටුයි. ස්වාමිය සහ බිරිඳ මුහුනෙන් මුහුන බලාගෙන සිරගත වීම........මේ වගේ ඉහළ තනතුරක් ලැබිලත් ලැබුනු අවස්ථාවෙන් හොඳ ජීවිතයක් ගතකරන්න තිබුනා නේද ? කොච්චර සල්ලි තිබුනත් ආත්මගරුත්වය සල්ලි වලට ගන්න බෑ මේ තමයි ලංකාවේ ආයතනවල ඉහළම තනතුරු දරනකොට මුහුන දෙන්න සිදුවෙන‍ දේ.....

:       1       191

wijeThursday, 06 February 2020 11:48 AM

කරුමය කියන්නේ ඕක තමයි. ගිය ආත්ම වල ලොකු ලොකු හොරකම් කරපු දෙන්නෙක්.

:       0       184

samiraThursday, 06 February 2020 01:11 PM

අපේ කට්ටිය ගිය ආත්මේ කියන්නේ හරියට බලාගෙන හිටිය වගේ.

:       19       50

RaveendraThursday, 06 February 2020 02:12 PM

ඔබගේ අදහස් නිවැරදිය. මහජන මුදල් හොරා කනවා කියන්නේ මහා පාපකර්මයක් බව නොදැන මෙවන් සාපරාධි වැඩකරනවා කියල සිතීමට නම් අපහසුයි.

:       0       0

vijitha Friday, 07 February 2020 02:37 AM

කනගාටු වෙන්න එපා ඔය නාටකයේ තව නළුවෝ ගොඩක් ඉන්නවා . ඔය දෙන්නට මුකුත් වෙන්නේ නැහැ වැඩිම දඩුවම දින ගණනක් රිමාන්ඩ් එකේ ඉන්න වෙන එකයි ඒකට මොකද නිදහස් වෙලා එලියට ආවාම අර සල්ලි වලින් ජොලි කරන්න පුළුවන්.

:       0       128

විපරමා Thursday, 06 February 2020 11:48 AM

මීට වඩා නම් දරාපු ප්‍රසිද්ධ මහාපරිමාණයේ හොර දුෂිත දේශපාලුවෝ පවා අද නිදහසේ, සුවසේ ඉන්නවා.

:       0       132

Janaka Thursday, 06 February 2020 01:55 PM

ඉවක් බවක් නැතුව වස්තුව දේපල රැස් කරා. එත් අද ඒ මුහුණුවල තිබෙන බය සහ සන්ත්‍රාසය. තන්හා ජායතී සෝකෝ තන්හා ජායතී බයන්.

:       0       2

Kumar Thursday, 06 February 2020 03:55 PM

වරදකරු වුනොත් ඔවුන්ගේ දේපොළ රාජසන්තක නොකලොත් අනාගතයේදී මෙවැනිදේ නැවත සිදුවෙනවා. අල්ලස් ගන්න අයගෙයි මත් කුඩු මුදලාලිලාගෙයි සියලුම දේපොළ රාජසන්තක විය යුතුයි. ඇමෙරිකාවේ මත් කුඩු වෙළෙන්දෝ අත්අඩංගුවට ගත්ත ගමන් දේපොළ සහ මුදල් රාජසන්තක වෙනවා.

:       0       50

siri Thursday, 06 February 2020 05:01 PM

එයාර් ලංකා යානා ගැනීමේදී ‌ඩොලර් ලක්ෂ 20 අල්ලස් ගත් ‌දෙදෙනා රිමාන්ඩ් වුනද මිග් යානා ගැනීමේ දී ‌ඩොලර් ලක්ෂ 70 ක් ගසා කෑ කෙනාට අද මුක්තියද හිමි වෙලා කියලා කවුදෝ කියනවා ඇහුන. මොකද්ද අප්පා ඒ හරුපේ.

:       4       261

DUTUGAMUNU Thursday, 06 February 2020 10:46 PM

මාගේ මාතෘ භූමිය බේරා ගන්න සොඳුරු ආඥා දායකයෙක් බිහිවේවා!! මාගේ පරම පැතුම එයයි.

:       1       4

rihan Friday, 07 February 2020 04:32 AM

ලද දෙයින් සෑහීමට පත්වෙන්න පුරුදු වෙන්න ඕනි.

:       0       0

Rishan Friday, 07 February 2020 06:19 AM

නාටකය: එදාවේල ටුවර්ස් “ප්ලෙන් කතාව” මේ දක්වා කතාව: “එයාර් ලන්කා හිටපු විධායක බිරිඳගේ සමාගමක් හරහා අල්ලසක් ගනී. ඔවුන් දෙදෙනා ඇල්ලීමට වරෙන්තු. පොලිසියෙන් ගෙදරට යද්දී, වරෙන්තු කරුවන් දෙදෙනා ගෙදරින් පැන යයි. පොලොසිය හිස් අතින් එයි” අද: “රහස් පොලිසිය වරෙන්තු කරුවන් අල්ලාගනී” සුමානයකින්: “වරෙන්තු කරුවන් උසාවියට. උසාවියෙන් රිමාන්ඩ් භාරයට. හදිසි අසනීප තත්වයක් නිසා වරෙන්තු කරුවන් බන්ධනාගාර රෝහලට” මාසයකින්: “වරෙන්තු කරුවන්ට ඇප” මාස 3 කින්: “වරෙන්තු කරුවකුගේ අසනීප තත්වයක් නිසා රට යෑමට අවසර ඉල්ලයි” මාස 6 කින්: “ඔප්පු කල හැකි කරුණු නොමැති නිසා වරෙන්තු කරුවන් නිදහස්වේ” අවසානය: “කැමරාවලට, පොලිසියට, අධිකරණයට පුඛ පෙන්නා වරෙන්තු කරුවන් ප්ලේන් එකේ නැගී අලුතෙන් ගත් එන්ගලන්තයේ නිවසේ පදිංචියට ලංකාව හැර යයි” ප්‍රේක්ෂකයින් උඩ පැන බල්ටි ගසා විසිල් පිඹියි. කරුණාකරලා ඊලග නාටකය පෙන්වන්න......

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 349 0

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 180 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 403 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 396 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3783 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 645 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 741 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 361 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site