(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැබිනට් සංශෝධනයක්
sam Monday, 23 October 2023 10:56 AM
අනේ අපොයි, සෞඛය කාපු කෙහෙලිය දැන් පරිසරයත් කාලම දායි. අනේ ගස්වලට දෙවියන්ගෙම පිහිටයි.
සමන් Monday, 23 October 2023 11:46 AM
පරසරෙත් නරකම නැහැ සද්දයක් නැතිව ගානක් හොයාගන්න. මොකද දොස්තරල, ලෙඩ්ඩු වගේ කැලෑව සද්දකරනවයැ නේද කෙහෙලිය...
Rata Perata Monday, 23 October 2023 11:55 AM
අසාර්ථක උන ඇමතියෙක් අයින්කරන්න වත් කොන්දක් නෑ මේ ජනපති ද .සෞඛ්‍ය කාපු කෙහෙළිය දැන් ඉඩම් ටික කාලා දායි
සුපුන් Monday, 23 October 2023 12:00 PM
2048 වෙනකම් ඉන්න ඕන නෑ. හෙට අනිද්දම රට සුරපුරේ වෙනවා
Ranil Monday, 23 October 2023 12:27 PM
ඉන්න තක්කඩි ටිකම එහාට මෙහාට මාරු කරනවා , එත් සිස්ටම් චේන්ජ් කරන්න කතාව
චන්දන Monday, 23 October 2023 12:49 PM
කරාපිටිය මාතෘ රෝහල දැන්වත් විවෘත කරයිද?
නුවන් Monday, 23 October 2023 12:56 PM
අපේ පවිත්‍ර ආච්චි නේද පරිසරේ බලා කියාගෙන හිටියෙ. එයැයිට මක්කද උනේ. හරි කඩිසර නෝනනෙ.
Nalin Monday, 23 October 2023 03:11 PM
ඔයා ඉන්නේ වෙනම ලෝකයක
අරවින්ද මොනරවිල Monday, 23 October 2023 02:32 PM
තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියාමයි බොල කොබෙයියා
පුරවැසියෙක්... Monday, 23 October 2023 03:41 PM
රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදීම , ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක් . රමේෂ් පතිරණ මහතා හොඳ පුද්ගලයෙක් නිසා සෞඛ්‍ය යේ පවතින දුෂණ ,වංචා සහ අක්‍රමිකතා තුරන් කිරීමට පියවර ගනු ඇතැයි සිතමි.
අබිලින් Monday, 23 October 2023 05:00 PM
රමේෂ් දොස්තර මහත්තයාට සුව ඇමැති හා කර්මාන්ත ඇමැති ලෙසට යමක් කරන්න අමාරුයි කියලා හිතෙනවා. මොකද දැනට ඔය දෙකම අඩාල වෙලා තියෙන්නේ කර්මාන්ත දෙදාහක් පමණ වැසීගොස් රැකියා අනතුරක් තියෙද්දී පූර්ණකාලීනව ඇමැති කෙනෙක් ඕනෑවෙනවා. ඒ වගේම තමයි අමරවීර ඇමැතිවරයාට සමාන්තරව වුණත් අමාත්‍යාංශය ඉතාමත් විශාල එකක් වෙනවා. ඒත් ඉතින් පාර්ලිමේන්තුවේ අනුමත කෙනෙක් ඉවත්කළා කියලා එක ලොක්කෙක් හොටු පෙරාගෙන නාහෙන් අඬනවා කියලා අහන්න ලැබුණා...