මන්නාරම සිලාවතුර මරිච්චිකට්ටියේ රජයේ ඉඩමක තාවකාලික නිවාස තනාගෙන සිටි මුස්ලිම් වැසියන්ගේ නිවාස හතකට සහ ප‍්‍රජා ශාලාවකට ඊයේ (3) සවස 7ට පමණ පැමිණි පිරිසක් ගිනිතබා ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි. ගින්නෙන් එම නිවාස මුළුමනින්ම දැවීගොස් ඇත. හැත්තෑවක පමණ පිරිසක් පැමිණ නිවෙස්වලට ගිනි තබා එම ගම්මානයේ පදිංචි පවුල් 15ක් බලහත්කාරයෙන් නිවාස වලින් එළියට ඇදදමා ඉඩම්වලින් ඉවත් වන ලෙසට තර්ජනය කර තිබේ. මරිච්චිකට්ටි ගම්මානයේ මුස්ලිම් පවුල් 150ක් පමණ ජීවත් වූ බවත් යුද සමයේ කොටි තර්ජන නිසා පුත්තලමේ පදිංචියට ගිය ඔවුන්ගෙන් පවුල් 40ක් යුද්ධයෙන් පසුව නැවත එම ගමට පැමිණ තාවකාලික නිවාස තනාගෙන පදිංචි වී සිටි බවත් එම වැසියෝ කියති. නිවාස ගිනි තැබීමෙන් පසුව එම ගම්මානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය මැදිහත් වී පිරිස සන්සුන් කොට තිබේ. ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි. අවතැන් වූවනට ප‍්‍රජා ශාලාවක නවාතැන් පහසුකම් සලසා ඇතැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ...(ස)
නීතිය හරියට තිබුණානම් මේවා වෙන්නෙ නැහැ..!(නු)
කියන්න කණගාටුයි..රටම අරාජික වෙන්න හදන්නේ...(ස)
ප්‍රභාකරන් මේ සියලු මැරකම් කරෙත් නීතියක් තිබියදී තමයි... දැං ඔය බලල් අත් දාගෙන දගලනවා වගෙයි මට නම් පේන්නෙ..!!(නු)
ජනාධිපතිතුමා හොයා බලා ඒ අසරණ අයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.....(ස)
අනේ දෙවියෙන් මට වුණ වියෝයා යන්නට තැනක් වත් මට දැන් නැතෝයා පොඩි දරු පැටවු වරුසාවට තෙමේයා ගෙයක් දුන් කෙනෙක් මතු බුදු වෙනෝයා.....(ස)
රජය අපහසුතාවයට පත්කරන්න කරපු දෙයක් මේක..!!(නු)
මෙහි අදහස් දක්වන අමිල කටුනායක වරුණ රෝසි සජී වගේ අයගේ අදහස් මධ්‍යස්ථයි..!!(නු)
දේශපාලන මැරයන්ගේ වැඩක් වෙන්න ඇති. පොලිසිය දැං ආරක්ෂාව දුන්නට වැඩක් නැහැ..!!(නු)
අනේ පව් ඒ මිනිස්සුන්ට කොපමණ හිතේ ගින්දරක් ඇතිද?(නු)
කවුරු අපහසුතාවයට පත්කරන්න කළත් රජයේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න සලස්වලා තිබුණනම් මේවා වෙන්නෙ නැහැ... මේ සියල්ලමට රජය වගකිවයුතුයි...!!(නු)
හැම හෙණයක්ම නැති බැරි අයටමයි. මේවා කරන අයත් ඒ පංතියේම වෙලා එයාලට හිතන්න බැරිද අපි මේ අපි වගේම අසරණයින්ටයි හිරිහැර කරන්නේ කියල. .(ස)
වහාම ඒ අයට සහනයක් සලසන්න.මීට පසු මෙවැනි දේවල් සිදු නොවන තැනට කටයුතු කරන්න.මෙය දුටු විට මා සිතේ දා ගින්දර ඇතිවිය.පව් අසරණ දරුවන්, වැඩිහිටියන් (ස)
අපේ අනුකම්පාව තමයි විනාශයට මුල වුණේ (නි)
ඔහොම යනකොට තව මොනවා වෙයිද? (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)