වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති බව ට ලෝක රතු දත්ත පොතේ නම් සඳහන්ව ඇති කැබැල්ලෑවෙකු ගාල්ල දෙවට සියඹලාගහවත්තේ නිවසකට පැමිණ බල්ලන් රැලකට මැදිව සිටියදී නිවැසියන් විසින් බේරාගෙන වනජීවී දෙපාර්තමේන්තුට භාරදී ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අතිශය ජනාකීර්ණ ස්ථානයකදී කැබැල්ලෑවකු දක්නට ලැබීම පුදුම සහගත සිදුවීමක් බවයි. කුහුඹුවන් ඇතුළු කුඩා කෘමීන් ආහාරයට ගන්නා කැබැල්ලෑවා ඉතාමත් අහිංසක සතෙකි. සතුරන්ගෙන් බේරීම සඳහා බියක් ඇතිවූ වහාම රෝල්වී සිය හිස ආරක්ෂාකැරගන්නා කැබැල්ලෑවා දිවා කාලයේ ඒ ආකාරයට පොළොව යට ගුල්වලට වී නිදා ගනී. රාත්‍රියේදී ආහාර සොයා ඇවිදින මොවුන් දිවියන් නරින් වැනි සතුන්ගේ ගොදුරු බවට පත්වේ.
ලෝකයේ රටවල් ගණනාවක කැබැල්ලෑ විශේෂ අටක් සිටිති. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය යන රටවල සිටින කැබැල්ලෑවා ඉන්දියන් පැන්ගොලින් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ද සත්ත්ව විද්‍යාත්මකව මානිස් ක්‍රැසික්‍යුඩාටා යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව ද හ
ඳුන්වයි.
බල්ලන්ගෙන් කැබැල්ලෑවා බේරාගත් රෝයි ජයනාත් මහතා (42) කැබැල්ලෑවා ආරක්ෂා සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට භාර දුන්නේය. ඉන් අනතුරුව කැබැල්ලෑවා හියාරේ වන රක්ෂිතයට මුදාහැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ සුසිල්. විද්‍යාව කියන දේ අමතක වුණ වැදි යුගයේ අයත් ඉන්නවා. දෙවියන් වහන්සේට බැරි වුණානේ මේ සතාට බල්ලන්ගෙන් බේරෙන්න හදලා දෙන්න (නි)
අහන්න ලෙබෙන දේවල් වල හැටියට පායලා පායලා පොද වැස්සක් වැටුන වගෙයි.. මේ අහිංසක සතා බේරාගත් උදවියට මගේ ප්‍රණාමය ! (ස)
ඉතාමත් හොද වැඩක් ! (ස)
පින් සිද්ද වෙන වැඩක් (ස)
සජිත් ඇත්තටම දෙවියෝ වෙන මොනවද දන්නෙ නැහැ නේද මැවුවේ. ඔය වගේ කතා කියන මෝඩයොත් දෙවියෝ මවලානේ. සොබාවධර්මය වෙන්න ඇති දෙවියන්ව මැවුවේ (නි)
ඇති ප්‍රාදේශීය සබා මන්ත්‍රීකෙනෙක් නොදැක්කා. (නි)
ලංකාදීපයට ස්තුතියි (අ)
ඉතාමත් උදාර වැඩක් කරලා තියෙන්නේ. අපේ වනජීවී එකට බැරිද මේවගේ තර්ජනයට ලක්වෙලා ඉන්න අපේ රටේ සත්තු බෝ කරන්න (අ)
ලහිරු නිකන් පිස්සු කතා කියන්න එපා දෙවියෝ ඉන්න බව දැන් සයන්ටිස්ට් ලත් විශ්වාස කරනවා, ගොඩේ කම පෙන්නන්න එපා (අ)
සජිත් අපිටත් කියනවද ලෝකේ කොයි විද්‍යාඥයද දෙවියන් වහන්සේ ඉන්නවා කියලා විද්‍යාත්මක විධික්‍රම ඔස්සේ ඔප්පු කරලා තියෙන්නේ කියලා. මොකද විද්‍යාඥයන්ගේ විස්වාශයන් සහ පිළිගැනීම් සියල්ල විද්‍යාත්මක සත්‍ය නොවෙයි.(නදී)
ගාල්ලේ මනුස්සකම පේනවද? (ස)
වෙරෝනා පැත්තේ ඉදලා හමුවුනා නම් ඉතින් අහන්න දෙයක් නැහැ බාබකිව් කරලා තමයි පස්ස බලන්නෙ. (නි)
මට මතක් වුණා ඉත්තෑවාගේ ගෙට කබැල්ලෑවා රිංගපු එක (නි)
ගිලීමලෙත් ඇත දත සුද්දෝ කිවුවලු (නි)
ඔව් සුසිල්, සතුන් කිව්වම ගහ කොලත් අයත් කියන එක දන්නවනේ. ඔයා ඉතින් කියන්නකෝ කී දාහක් මරනවද දවසකට, ඔයා ඉතාලි වල මොනවද අනේ කරන්නේ දැන්වත් ලෝකේ දිහා හොඳට බලන්න මෝඩ කතා කියන්නේ නැතුව (නි)
සුසිල් එහෙනම් විද්‍යාඥය නම් කරලා වැඩක් නැහැනේ. ඔයාම කියනවා විද්‍යාඥයා කියන දේවල් සත්‍ය නොවේ කියලා. ඔයා ටිකක් ඉන්ටෙර්නෙට් එක හොඳ දේවල් වලටත් යොදවන්න. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් දෙයියෝ නැහැ කියන්නේ මෝඩයෝ කියලා. ඒ වගේම දෙවියෙක් නැහැ කියන්නේ හොඳ අය නෙවේ. හේතුව ඔවුන්ට අවශ්‍යතාවය තියනවා ඒ දේ ප්‍රයෝජනයට අරන් වැරදී කරන්න. ලහිරු මේ සතා බල්ලන්ගෙන් බේරුනේ නැද්ද ?(නදී)
ගාල්ලේ සැමට ප්‍රණාමය! අහිංසක සතා බේරුවට සැමට පින්! (නි)
මේ අහිංසක සතාව බේරලා දුන් සියලුම දෙනාට අපගේ ස්තුතිය.(නදී)
ඉතාම හොඳ දෙයක්. හැමටම ස්තුතියි.(නදී)
නුවරගේ මහතා මගේ අදහස හරිහැටි වටහාගෙන නොමෑතිවීම ගෑන කණගාටු වෙමි. (ස)
කබර ගොයත් තලගොයා කරන රටක . මේ කරපු දේ මොහොම වටිනවා . ඉතාම දුර්ලබ සතෙකු උගේ ජීවිතය බේරාගැනීම බොහෝ සෙයින් අගය කරමි . (නදී)
මිනිසෙක්ට හමුවුන නිසා මේ සතා බේරුණා. තිරිසන් වර්ගයේ කෙනෙකුට හමුවුණා නම් මෙලහකටත් ලිපේ ඇතිලියක තමා. (ස)
ඉතාමත් අහිංසක වගේම ලස්සන සතෙක්. පුදුමයි ගාල්ලෙදි බේරිලා ඉන්නව ඔය පෑත්තෙ පංසලක හිටිය මුවෙකුත් මසට මෑරුවලු නේද පහුගිය කාලෙ.(ස)
ගාලු වැසියන්ට ස්තුතියි. (ස)
ලංකාදීපයට ස්තුති කරන්න ඕන මේ වගේ දුරුලබ ඝණයේ සතුන් අපිටත් දකින්න ඉඩ සැලැස්වීම ගැන.(ස)
ඔය චතුල කියන හාදයා ගාල්ලේ මිනිස්සු ගැන දන්නා තරම වෙන්න ඇති. තමුන් මොන පළාතේද කියල කව්ව නම් අපිටත් පුළුවනි, ඒ පළාතේ වෙච්ච හොඳ හොඳ වැඩ ටිකකුත් හොයල කියන්න. මිනිස්සු වගේම තිරිස්සන්නු ලංකාවේ හැම අස්සක් මුල්ලකම ඉන්න බව දන්නේ නැති මනුස්සයෙක්. (ස)
හෝඩි පොතේ ඈයා. (නි)
හොද වැඩක් එත් දම් පාට කමීසය ඇඳගෙන ඉන්න මාමා සතාගේ වලිගෙ පාගාගෙන ඉන්න එක අනුමත කරන්න බෑ. (ස)
බොහොම පින් එම සත්වයා බේරාගත් සැම හට (ස)
දුර්ලබම ,පළමු වතාවට දැකගන්නට ලැබුණු අවස්තාවක් ස්තුකියි. මොහුගේ පැමිණීම , වයාපතිය , පිලිබදව කව කව කරුණු සොයා බැලිය යුතුය.(නදී)
ඇත්තටම දෙවියන්ගේ අපුරු මැවීමක් (නි)
අහිංසක, ලස්සන සත්තු. දිවි බේරා නිසි අයුරින් ආරක්ෂිත ස්ථානයකට මුදා හැරීම පිළිබඳව සැමට තුති. (ස)
තව සතෙකුගේ පන බේරීම ලොකු පිනක් ! (ස)
සජිත්. ඔබේ ආගමික විශ්වාසය ඔබම අවතස්සේරු කරන්න එපා. හැම දෙයකටම ආගමික අර්ථ දෙන්න ගිහින්. ලෝකේ දවසකට මසට කොතරම් අහිංසක සතුන් මරණවද? එකත් දෙවියන්වහන්සේගේ අපූරු නිර්මාණයක්ද? මේක ජෛවී ලෝකයේ විවිදත්වය. අපේ පරිසරය හැම සතෙකුටම ජිවත් වෙන්න සුදුසු අනර්ඝ සම්පතක්. (ස)
ඉතාම අගය කලයුතු දෙයක් මේ අය කරලා තියෙන්නේ. මේ විදියට සතුන් ගැන හැමෝගෙම අනුකම්පාවක් තියනවා නම් කොයි තරම් දෙයක්ද? (ස)
තවත් චායා රුප තිබුනානම් ඉතා හොඳය........(ස)
හොඳයි. (ස)
දකින්න ලැබීමත් සතුටක්. සැමට සුතුතියි. (ස)