මහියංගනයේ සිට කොළඹට මහනුවර ඔස්සේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ වලින් මග රැක සිට ටිපරයකින් වැලි ගෝනි පහ බැගින් බලෙන් ගන්නා පිරිසක් මහයියාව අසල සිටී.
අද වෙළෙදපොලේ වැලි කියුබයක මිල රුපියල් 9000 කි.
දිනකට මහයියාව පසුකර යන ටිපර් රථ 100කින් පමණ වැලිගෝනි 500ක් පමණ මෙසේ බලෙන් රැගෙන යතියි වැලි ටිපර් කරුවෝ කියති.
මහනුවර ප්‍රදේශයේ දේශපාලන බලවතකු සහ ආරක්ෂක අංශයේ යැයි කියාගන්නා පුද්ගලයකු මේ මෙහෙයුම බාරව සිටිතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධියේ මංකොල්ලකෑම අද ලංකාවේ අරුමයක් නොවේ. උඩ සිට පහලටම නීතිය, බලය නිහීන ලෙස යොදාගෙන මේ වගේ දේ කරන්නේ.ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව, දුව කරනවාලු. ඇහුවොත් කියාවි "නෑ ලොරිකාරයෝ බලෙන් දීලා යනවා, අපි මේවා පුණ්‍ය කටයුත්තකට දෙනවා" කියලා. (නි)
තවත් දේශපාලුවෙක් මේක පිටි පස්සේ ඇති. රටකට ගිය කලක්.(ස)
ආශ්චර්යවත් කප්පම්. කෝ මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? (නි)
මහයියාව ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ.. මහයියාවට මේවා අලුත් දේවල් නෙවෙයි.(නදී)
දේශ පාලුවෙක්ගේ කපටි වැඩක් තමයි මේකත් (ස)
වෑලිටිකත් හොරකම් කරල බඩ පුරවගන්න අය බවට අපව පත්කල සියලු දෙනාට මගේ ප්‍රනාමය ! (ස)
ආසියාවේ ආශ්චර්ය !!!!!(ස)
ප්‍රභාකරන්? (ස)
කොන්ද පණ ඇති පොලෝසිය කෝ? (නි)
වැඩේ නම් හෙළුවැලි... (නි)
මොකක්හරි වැව් රවුමක ලොකු වැඩක් තියනවද දන්නෙ නැහැ? (නි)
කාර රේස් එක්කවත් ළඟ එනවද? (නි)
කමක් නැහැ. හොරමැරකම්, දුෂණ ලෝකේ ඕනෑම රටක වෙනවානේ. එහෙනම් ඉතින් මේවා නොදැක්කා සේ ඉන්න එක හොඳයි. (නි)
ශීලා, පොලිචිය ගිහින් නයි නළගන සම්බන්ධ රාජකාරි ප්‍රශ්නයකට. ඒ වැඩේ ඉවර වුණ ගමන් මේකට අත ගහවි (නි)
මෙය වැලි නුවර 18 තියන්න හදන කාර් රේස් එකටනේ..(ස)
මේවගේ දේවල් ඕන රටක වෙන්න පුළුවන්. මේවා ලොකු වැරදි නෙමේ.(ස)
මම එන්නේ ඔතනින් අනේ පව්. ඒ වගේ දේවල් වලක්වන්න වගකිව යුතු අය ක්‍රියා කරන්න. (ස)
මෙවෙනි අකටයුතුකම් හෙළි කිරීම මද්‍යයේ වගකීමක්. ලංකාදීපයට තුති! (ස)
අර නයිට් රේස් එකට, ඔන්න එලිපිට මංකොල්ල කාලම පටන්ගත්තා. විදුලීය, ව්‍යාපාර අඩපනවීම, රාජ්‍ය නිලධාරීන්, පොලීසිය හා හමුදා යොදාගැනීම වගේ ඒවා හැංගිලා කරන මංකොල්ල. (නදී)
වැලි ගන්නේ කාර් රේස් තියන්න නම් ඉස්සරහට දන්සැල් දෙන්නත් මේකම කරයිද දන්නේ නෑ? (ස)
ඉන්දුනීසියාවේ හැමතැනම මේ වගේ අය ඉන්නවා. මම වැඩකරපු සමාගම මේ අයට දෙන්න වෙනමම මුදල් වෙන්කරනවා.(නදී)
කොන්ද පන නැති විපක්ෂයක් සිටීමේ පලවිපාක.(නදී)
චායා රුපයෙන් පෙනෙන්නේ වැලි නම් නෙවෙයි වගෙයි. හාල් ගෝනි ගොඩ ගහල වගේ, මම හිතුවේ නුවර පැත්තේ ධානපතියෙක් වෙසක් එකට දුගී දුප්පත් ජනතාවට බෙදන්න ගෙනා සහල් ගෝනි ගොඩ ගහල කියල !(ස)
මේ තරම් ප්‍රසිදියේ මහපාරේ මේවා කරන්නේ අපේ රටේ පොලෝසි නැද්ද ? නෙත්නම් මේ ගෙන පැමිණිලි කරලා නැද්ද ?(ස)
නිල් බලකායේ අලුත්ම වැඩ. ප්‍රබාකරන් , වඩිනු මැන ශ්‍රී ලංකාවට.(නදී)..
දෑස රිදෙනවා පාර බලා ඉඳලා වැලි ලොරි එනකන්. (ස)
මන් හිතන්නේ ලබන සතියේ නුවර තියෙන කාර් රේස් එකට ද කොහෙද? (ස)
රටකට ගිය කලක්. ඇහුවොත් යන්නේ ආසියාවේ ආශ්චර්ය කරා. (ස)
සුවර් එකටම පොලීසිය මේවට සම්බන්ද ඇති කන ජරාව හැටියට වැලිත් කනව ඇති.(නදී)
මහාය්යාවේ නේද කනත්ත තියෙන්නේ? (ස)
අයියෝ සල්ලි.. (ස)
පොලිස් කාරයන්ගෙ අනුදැනුම ඇතිව තමා මට හිතෙන්නෙ වැඩේ කරගන යන්නේ. නැත්තන් මහ දවල් කොහොමද මෙහෙම මංකොල්ල කන්නෙ. මේකට අනිවාර්යයෙන්ම බුලත් කොලයක් සම්බන්ද ඇති. මෙහෙම ගියොත් රට ඉවරයි.(නදී)
අයියෝ කට්ටියට මේ මොකටද කියලවත් හිතාගන්න බැරිද ? හෙට අනිද්දට රටේ ලොක්කෙක්ගේ පුතෙක් ඔය පැත්තේ කාර් රේස් තියන හින්දා ඒකට වැලි ගෝනි එකතු කරන ක්‍රමයනේ මේ.(නදී)
ලඟදි නුවර කාර් රේස් තියෙනවා නේද? එකට අසරණ මිනිස්සුන්ගෙන් අසාදාරන ලෙස වැලි ගන්නවා වගේ. එතකොට වැලිත් නිකන් වගේ. (නදී)
මම මේ පිළිබද සොයා බැලුවා. මේ දැන් මට හිතවතෙක් කතා කර කිව්වා මේ රටේ නියෝජ්ජ්‍ය ඇමති කෙනෙක්ගේ උවමනාවට මෙය සිදුකරන බව. වගකිව යුතු අය සොයා බැලුව නම් හොද නැද්ද? (නදී)
මේ වැලි ගෝනි මේ මාසේ මහනුවර තියන කාර් රේස් එකට පාර දෙපැත්තට දාන්න තමා ෂුවර් එකටම. මේක පිටිපස්සේ ඉන්න දේශපාලකයා දන්නවනේ.(නදී)
කෝ සේනාව? (නි)
උඩ සිට පහලට කොල්ල කනවානම් කාට පවසම්ද මේ කොල්ලය .(නදී)
මේ අපේ රට කාගේ බුදලයක් කියල හිතාගෙනද සමහර අය ඉන්නේ? රට බෙර ගත්තා කියන්නේ මේකටද?(නදී)
නීතියක් නැති මේරට හදන්න පොන්සේකා මහත්තය බලය අරගෙන එයාගේ යටතේ හමුදා ආන්ඩුවක් එන්න ඕනා. එතකොට ඉන්දියාවත් අපට කොකා පෙන්නෙන එක නතරකරාවී.(නදී)
මට දුකයි ලංකාව ගැන. මේකද නිදහස මෙහෙම ගියොත් අපට රටක් නැතිවෙයිද? (නදී)
නියමයි තව කීප පලකම පටන්ගත්තම බඩුමිල තව ඉහල යයි.(නදී) .
එයාලට රේස් අපිට හුලන්.(නදී)
වාස් මහත්තයෝ අර වැලි තොගය කාගේද. දැන් ඉතින් ඔයාගේ ගෝලයෝ මොනවද කරන්නේ. අල්ලන්න යන්න කලින් අතුරුදන් වේවි.(නදී)
අපේ දැන උගත් රනිල් මහත්තයා රටේ විපක්ෂ නායකයා වෙලා ඉන්නකම් මම මේවා ගැන කතා කරන්නේ නැහැ අයෙත්. (නදී)
මේ හැමදේටම පිළිතුර නිල් පාට තොප්පියෙන් පේනවා නේද?(නදී)
කුමටද මේ වැලි? තියන්න කා(ර්) රැලි - කාටද මේ වැලි? අණකි ඇමති 'කෙළි' .(නදී)
ආණ්ඩුවේ ඇත්තෝ මේ වැලි තමයි දුප්පත් අපේ ඇස්වලට ගහනවා ඇත්තේ.(නදී)
මේවා ගන්නේ කාර් රේස් එකට වංගු වලට තියන්නලු. අනේද කියන්නේ? ආශ්චර්යයේ තරම. (නි)
පිටිගල දන්නේම නැද්ද මේ රට දැන් කොයි වගේද කියලා.ලංකාවට ආපුවහම හොඳට තේරෙයි. (නි)
අනේ කුඩප්පොචිචියේ, උඹේ කටෙත් වැලි ...මගේ කටෙත් වැලි...ගොඩෙත් වැලි....ටිපර් එකෙත් වැලි....අන්දරේ හිටියා නම් පෙරලි පෙරලි අඬාවි. (නි)
මම නම් අහලා තියෙන්නේ මාෆියා කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඉතාලිය වගේ රටවල් වල පමණයි කියලයි (නි)
මෙය නම් කාර් රේස් එකකටම විය යුතුයි.ඒ කරලා වැලි වලටත් බිල් දායිද දන්නෙ නැහැ. (නි)
කෝ අපේ පොලිස් මහත්තුරු? (නි)
හොදින් හෝ නරකින් ඔය පැත්ත බාරදෙන්න නියම සුදුස්සා තමයි නියෝජ්‍ය පොලිස්පති වාසස් ගුණවර්ධන මහතා. එහමත් බැරිනම් රටේ ජනතාව පාඩමක් උගන්න ඕනෑ. (නි)
ලංකාවේ වැලි ටිකටත් වැඩේ දෙන්නද හදන්නේ? (නි)
කෝ අපේ වෙඩි තියන පොලිසිය මෙන්න බඩුත් එක්කම හොරු ඉන්නවා..... (නි)
ආසියාවේ ආශ්චර්යය තමයි ඉතින්. (නි)
ආසියාවේ ආශ්චර්යය .ඔහොම යන්. (නි)
රේස් පදින්න ධාවන පථයක් හදා ගත්තා නම් ඉවරයිනේ පාරවල් වහලා අපට වද නොදී. මොකෝ දැන් හැම තැනම මොන මොනවා හරි හදන එකේ ඕකත් හද ගන්නකො.(නදී)
අපේ කට්ටියකුත් කැලිෆෝනියා ඉදලා ඊයේ ලාස් වෙගාස් ගියාලු. හෙට කොලරාඩෝ යනවලු.හරියට වැඩලු. එන දවසක් කියන්න අමාරුලු. (නි)
මහා ජරා ,වැලි මංකොල්ලයක්. නීතියක් නැති, රකින්න කෙනෙක් නැති රටක්... (නි)
කිසි කෙනෙක් දන්නේ නැහැ මොකටද ,මේ වැලි කොට්ට එකතු කරන්නේ කියලා. හොඳයි එහෙනම් කියමු බලන්න කවුද වැලි එකතු කරන කට්ටිය කියලා? (නි)
ඔහොම යමුකෝ. කවදාහරි දවසක් එයිනේ අපිටත්. (නි)
සිංහල මිනිස්සුන්ට දැන් ප්‍රබාකරන් හිටියා නම් හොඳයි කියලා හිතිලයි තියෙන්නේ (නි)
බේබිට සෙල්ලම් කරන්න නුවර තියන් රේස් එකට. වාස් මහත්තයෝ ඔබ දැක්කේ නැද්ද?(නදී)
ජාතිය ගොඩනැගීමේ වැලි බද්ද වෙන්න ඇති. ගණන් ගන්න එපා (නි)
මේ අය ළඟ පතොරොම් 20 ක් නැතුව ඇති. අනේ ලංකාවට ගිය කලක්.... (නි)
මේක යම්කිසි චින්තනයකට අදාල දෙයක් කියලා පොතේ පැහැදිලිවම කියලා තියෙන දෙයක් නේ. ඕක එච්චර ගණන් ගන්න එපා (නි)
ඕවට කවුද කතාකරන්නේ? (නි)
එතකොට මේ පාර අයිනේ වැලි කොට්ට ගොඩ ගහගෙන ඉන්නේ ඔය කියන මංකොල්ලකාරයෝ නේද? ඒ අය ඉන්නේ පොලිස් පාලනයෙන් මුක්ත කලාපයකද? (නි)
මේ කප්පම් වැඩ දේශපාලකයින්ගේ වැඩ.වැලි විතරක් නෙමෙයි සිමෙන්තිත් මේ විදියට එකතු කරන ප්‍රසිද්ධ දේශපාලුවෙක් ඉන්නවා අපි දන්න පැත්තක. රටට කලක් යයිද අප්පා... (නි)
පාදඩ දේශපාලනයට පාර කපා ඇති මනාප දේශපාලන ක්‍රමය ඉදිරියටත් රැකගන්න. ජාතියේ මුර දේවතවුන් අද දේශපාලන මුරදේවතාවුන් වීම ජාතියේ අවාසනාවකි. බල ලෝභී දේශපාලනය ඉදිරියේ අවංක රජයේ නිලධාරීන්ට කළ හැකි කිසිවක් නැත. (නි)
නුවර පොලිස් ලොක්කෝ අඳින්නේ මොන වගේ ඇදුම්ද දන්නෙ නැහැ (නි)
ආසියාවේ ආශ්චර්යය... (නි)
කෝ දැන් වාස් ගුණවර්ධනගේ පිස්තෝල පොලිස්. ගිහින් අල්ලනවා නම් ඉවරයිනේ.(නදී)
කවුද මේ උපුල්? අනිත් රටවල වෙන නරක දේමද ඕනෑ ඔහේලට? මේ වගේ අය ඉන්නකල් මේ රට හදන්න බැහැ. (නි)
අද උදේ 8.15 පමණ ලොරිවලින් වැලි බාගන්නවා මමත් දැක්කා. වංචාවට මැරකමට දූෂණයට ඉඩ දීලා නීතිය නිදාගෙන ඉන්නේ ඇයි?(ස)
එදා වැලි බංකර ගැහුවේ කොහෙද? යුද්ධයක් තියෙන තැන. අද ගහන්නේ කොහෙද? දළදා වහන්සේ වඩින තැන. ආශ්චර්යක්ම නොවැ!(ස)
පක්ෂ පාට අත හැරලා සියලූදෙනාම පාරට බහින්න කාලය ඇවිල්ලා වාගේ (ස)
මොකක්හරි රේස් එකකට පාර අයිනට තියන්න ද දන්නේ නැහැ (නි)
රකිත් ඔබ හරි කියලයි මගේ අදහස. මේ පවත්වන්නට නියමිත තරඟයට භික්ෂුන් වහන්සේලාත් මෙයට විරුද්ධ වුවා නේද? (ස)
අපි ඕවා වේවි කියලා කලින් කිවුවා. දැන් ඉතින් බලාගෙන ඉන්න (නි)
කොන්ද පන තියෙන්නේ ලංකාදීපයට. ඒ ගොල්ලන්ට නෙමෙයි.(නදී)
අපි ඡන්දය දුන්නේ මංකොල්ලකාරයන්ටද? (ත)
එයා ගන්නේ සියයට 10යි නේද? (ත)
උඩ සිට පහළටයි නියෝග ගලා යන්නේ.ඔන්න උඩින් දුන්න නියෝගය අහවල් දවසට අහවල් වැඩේ කියලා. ඊට පහල අය ඒකට වැලි වැඩේ බාර දීම, පාර සලකුණු කිරීම ආදිය කළ යුතුයි. ඊට පහළ අය වැලි සපයා දිය යුතුයි. ඊටත් පහළ අය ඉතින් වැලි ටිපර් මංකොල්ල කන්නේ නැතුව අතින් වියදම් කරන්නැයි? (නි)
මේ පාදඩ ක්‍රමයට ප්‍රහාරයක් එල්ල කරපු එකම සන්විධානය වන එල්.ටී.ටී.ඊ. යත් විනාහ වෙලා ඉවරයි. දැන් හිතුමතේ පිස්සු නටනවා (නි)
ඔය මහයියාවේ චන්ඩි ටිකවෙන්න ඇති (නි)
ඕක මොකක්හරි සුපර් ක්‍රොස් එකකටද දන්නෙ නැහැ (නි)
පාල, ඇයි අනේ ඔයා හරියට කෑගහන්නේ?මොකක් හරි අසනීපයක්වද්ද? (නි)
කන්න නැතත් කමක් නැහැ සාමය තියෙනවා නම් කියපු කටවල් වලින්ම දැන් සාමේ කන්නද කියලා අහන තරමට රට අගාදෙට ගිහිල්ලා. (නි)
මේ අඩුවෙන වැලි ටිකට අඩුවෙන් සල්ලි ගන්නේ නැහැ. මේකෙන් වැලි ගන්න අහිංසක මිනිස්සුන්ට අන්තිම පාඩුයි (නි)
මේවා මොන වැලිද? (නි)
මහියාවේ ඔයට වඩා දේවල් වෙනවා! (නි)
මේ කාර් රේස් මාසෙද? (නි)
පත්මා, මොකෝ මේ සේනාව හොයන්නේ? වැලි වැඩේට. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)
අපිට කන්න වෙන්නෙ පිදුරු තමයි මෙහෙම ගියොත් (නි)
මම හිතන්නේ මොකක්හරි රේස් එකකට වෙන්න ඈති (නි)
අහිංසක මිනිසුන්ටම තමයි හැමදේම වෙන්නේ (නි)