IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කෘමින් ආහාරයට ගන්නලූ

පෝෂණය ඉහළ නංවා ගැනීමට සහ පරිසර දූෂණය වළක්වා ගැනීමට ලෝක ප‍්‍රජාව තම ආහාර වේලට කෘමි සතුන් එක්කර ගත යුතුයයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2013 ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් උපදෙස් දෙයි.
ලෝකය පුරා දෙසිය කෝටියක් පමණ ජනතාවක් දැනටමත් ඔවුන්ගේ ආහාර වේල සඳහා කෘමි සතුන් එක්කර ගෙන ඇති බවත් එම වාර්තාව පවසයි.
බඹරුන්, කුරුමිණියන් සහ වෙනත් කෘමි සතුන් ආහාර සඳහා ඔව්හු ගනිති.
කෘමි සතුන් ඉතා ශීඝ‍්‍රයෙන් බෝවන හෙයින්  ඉහළ ධාරිතාවයක්ද සපයා ගත හැකි බවත් මෙම කෘමි සතුන් ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටින් ප‍්‍රමාණය බහුලව ලැබෙන බවත් කියති. එමෙන්ම මේදය සහ යකඩ අඩංගුය.
හෝටල්වල කෘමි සතුන් ආහාර සඳහා විශේෂ ක‍්‍රම වේදයක් සකස් කළ යුතු බවත් දකුණු අපි‍්‍රකාවේ සමහර දළඹුවන් යොදා සකස් කළ ආහාර සුඛෝපභෝගී මෙන්ම ඉහළ මිලක් ගෙන ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.
කෘමියන්ගෙන් ආහාර නිපදවීම සඳහා බහු ජාතික සමාගම් පෙළඹවිය යුතු බවද එම වාර්තාව පවසයි.

 



අදහස් (0)

කෘමින් ආහාරයට ගන්නලූ

පාල Tuesday, 14 May 2013 01:03 PM

මෙවැනි සත්තු කහ ආසියානු රටවල හැදින්වෙන්නේ "ඩෙලිකසි" ලෙස.සිංහල වචනෙයක් තියනවද ඒකට? මේවා හරිම ගණන්.ඇතැම් පණු වර්ග නිපදවන ගොවිපලවල් ඉතා විශාලයි.චීනේ ඉන්නවා මුහුදු ගොවියෝ කියා ගොවින් පිරිසක්.ඔවුන් මුහුද යටත් වගා කරනවා.මුහුදු පැලැටි සහ කෘමින් තමා වගා කරන්නේ. (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 14 May 2013 01:12 PM

කනවා නම් ඉතින් නගර සබාවෙන් පටන් ගත්හම කවුන්සලේට යනකම් ඉන්න තරමක් ඉන්නේ කෘමීන් නේන්නම් (නි)

:       0       0

අජිත් Tuesday, 14 May 2013 01:21 PM

අපේ රටේ කොස් දෙල් තියෙනවා. ඒවාට පොහොරත් කෘමි නාශකත් අවශ්‍ය නැත. ස්වබාවික කැලෙත් මේවා වැවෙනවා. දෙයියනේ අපි ඒවා වවාගෙන කමු . පරිසරයත් ආරක්ෂා වෙනවා බඩත් පිරෙනවා (නි)

:       0       0

සරත් Friday, 17 May 2013 10:29 AM

තව පරීක්ෂණයක් පවත්වලා අශූචි මොනතරම් ගුණද කියලා බලමුද? (නි)

:       0       2

අන්ජුලා Tuesday, 14 May 2013 01:44 PM

ඩෙලිකසි කියන්නේ ප්‍රනීත කියන ‍තේරුමයි. හ්ම්ම්... කටට කෙලත් උනනවා (නි)

:       0       1

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 01:54 PM

සුද්දන්ට හැම්,බේකන්. ආසියාවට ,ඇෆ්රිකාවට කෘමීන්. (නි)

:       0       0

අබරන් Tuesday, 14 May 2013 01:56 PM

ඇයි සමහර හොටෙල් වටලපුවම තියෙන්නේ මේවානේ... (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 May 2013 01:56 PM

හැබෑ නේන්නම්. මදුරුවන්ව කන්න ගත්තොත් අපිට ඩෙංගු , මැලේරියා වගේ ලෙඩත් සෑහෙන්න අඩුකරන්නත් පුළුවන් වෙයි. (නි)

:       0       0

වීරසිංහ Tuesday, 14 May 2013 01:58 PM

ඔය කියන මුදු ගොවියෝ ජපානෙත් ඉන්නවා.ඔක්සිජන් ටැංකියයි , ගොගල්ස් දෙකයි දාගන උදේ මුහුද යටට ගිහාම එන්නේ කන්නයි තේ බොන්නයි.රෑ වෙනකන් මුහුදු ගල් අස්සේ පහුරු ගගා වැඩ.අන්න එහෙමයි ඒ රටවල් නිෂ්පාදනේ වැඩි කරන්නේ. (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 02:03 PM

මේ අයට බැරිද අපේ ඩෙංගු මදුරුවාව කාලා ඉවර කරන්න? (නි)

:       0       0

නොව්ෆෙල් Tuesday, 14 May 2013 02:21 PM

සේනාව මොනවද කියන්නේ මේගැන ? ඔය වගේ තමයි මේ සේනාවත් අන්තිම කාලෙට බිහිවෙන ලෝක විනාසේ පෙර නිමිති.(නදී)

:       0       0

සරත් Tuesday, 14 May 2013 05:44 PM

ලංකාවේ හෝටල් වලින් කන අපිට කෘමින් නිතරම කැවෙන නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 May 2013 02:47 PM

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සැසි වාරයට මෙවැනි කෑම වේලක් මුලින්ම දීලා වැඩේ පටන් ගමු.(නදී)

:       0       0

අමල් Tuesday, 14 May 2013 11:01 AM

අපිත් ඉස්සෝ පොකිරිස්සෝ ඇදල අරිනවනේ. (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 11:02 AM

කැරපොත්තෝ සුප් එහෙමත් ඉස්සරහට එයි. (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 11:02 AM

වමනෙට එන්න වගේ. (ස)

:       0       0

සුසන්ත Tuesday, 14 May 2013 11:04 AM

කොහොමද කුරුමිනියෝ කර කර ගාල හැපෙනකොට. (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 11:05 AM

ඊයා ඔඑව කාල මොන ලෙඩ හැදෙයිද ? (ස)

:       0       0

සඳුනි Tuesday, 14 May 2013 11:06 AM

කොරියා..හොන් කොන් ..සින්ගපුර් වගේ රටවල මෙවැනි ආහාර තියෙනවා.එත් අපේ අයනම් බඩගින්නේ මලත් කන්නේ නෑ.(ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 14 May 2013 11:07 AM

අපි මදුරුවෝ කමු!(ස)

:       0       0

ගිහාන් Tuesday, 14 May 2013 11:09 AM

මේවා කන්න ගත්තනම් ජිවන වියදම අඩු කරන්න පුළුවන්. (ස)

:       0       0

සමන් Tuesday, 14 May 2013 11:15 AM

පොලවේ පසුත් පුළුවන් නම් කමු. (ස)

:       0       0

නිසාර් Tuesday, 14 May 2013 11:15 AM

කන්න කන්න ඕව ඔයගොල්ලන්ට හරාම් නැහැ.(ස)

:       0       0

සුජීව Tuesday, 14 May 2013 11:17 AM

දළඹුවෝ කාල කට කහන්න ගනීද ?(ස)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 14 May 2013 11:21 AM

කොහොමත් ඔය සුද්දෝ උන්ගේ කුණු කන්දල් තල්ලු කරන්නේ දුප්පත් අපි වගේ රටවලට නේ. අපේ කට්ටියත් පැනලම බාරගන්නවා. උන් හදන කෘමි නාශක බොරු කියලත් ඒවගෙන් වෙන අතුරු විපාක නිසාත් මෙවන් තවත් භයානක අදහස් ලෝකෙට මවා පානවා. උන්ටම කන්න කියන්න අපේ රටේ තියන ඔය කියන කෘමින්ව අපනයනය කලානම් හරි නොමිලේම.(නදී)

:       0       0

පාල Tuesday, 14 May 2013 11:22 AM

මේවා චීන්නු නම් නිතර කනවා මන් එහෙදි දැක්කා. එවරස්ට් වල ඉන්න ඉතා දුරලභයි කියපු පණු වර්ගයක්. එවැනි මැරුණු පොඩි පනුවන් කිහිප දෙනෙක් පොඩි පැකට් වල දාලා ඉතා ආරක්ෂා සහිතව රස කරලා තියනවා. ඇහුවම කිව්වා රත්තරන්වලට වඩා ගණන් කියලා. පුදුමයි.(නදී)

:       0       0

සුකිරි Tuesday, 14 May 2013 11:24 AM

අපේ රට වටේම මුහුද තියන්, රට ඇතුලෙත් හැම තැනම වගේ ගංගාවල් තියන් මාලු කෑල්ලක් කන්නේ කී දෙනාද. ප්‍රෝටීන් කියන දේ කබෝහයිඩ්‍රෙට් වලට වඩා වටිනවනේ. විශේෂවෙන් මේ තරම් දියවැඩියාව තියෙද්දී. මේවට ඊනියා අවිහිංසාවාදිනුත් වග කියන්න ඕනා.පාලකයෝ පමණක් නෙවේ.(නදී)

:       0       0

සජී Tuesday, 14 May 2013 11:28 AM

ඇමැති මන්ඩලෙත් ඉතා ශීඝ‍්‍රයෙන් බෝවෙනවා. ඒවුනාට අපිනම් හරක් මස් කන්නෙ නෑ.(නදී)

:       0       0

වරාජ් Tuesday, 14 May 2013 03:26 PM

අපේ හෝටල් වලට නම් ඕවා නුපුරුදු දේවල් නොවේ (නි)

:       0       0

සූකිරි Tuesday, 14 May 2013 11:37 AM

රට වටේම මුහුද තියන්, රට ඇතුලෙත් හැම තැනම ගංගාවල් තියන් මාළු කන්නේ කීදෙනාද. ලේසියෙන්ම ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්කම තියෙද්දී අපට කෘමින් කෑමේ අවශ්‍යතාවයක් දැන්ම එන්නේ නැහැ. රටේ 60% මන්දපෝෂනයෙන් පෙළෙනවා.(නදී)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 03:30 PM

නොට්ෆ්හෙල්, ඔයා ගියේ මැටි වැඩ උගන්නන පාසැලකටද? (නදී)

:       0       0

මුරුගන් Tuesday, 14 May 2013 11:42 AM

ලලිත් එස් එල්, මේ වගේ කෑම සුද්දෝ කන්නෙත් නැහැ. දන්නේ නැති නම් කාගෙන් හරි අහල දැනගන්න. මේ කෑම ප්‍රදාන ආහාරය විදියටම ගන්නේ කහ අසියනුවෝ. ඒ කියන්නේ ජපානේ,චිනේ,කොරියාව,ලාඕස්, කම්බෝජිය, තායිලන්ඩ්, ෆිලිපින්,මොන්ගෝලියා,බුරම,ඉන්දොනිසියා,වියට්නාම් සහ භූතන්.(නදී)

:       0       0

Thisal Tuesday, 14 May 2013 11:45 AM

මිනිස්සුන්ට පුරුදුකරමු කෘමින්ව කන්න මහ එවුන්ට කියලා දෙමු අපිව නොකන්න .....// (ස)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 14 May 2013 11:46 AM

තව ටික කාලෙකින් තව මොන මොනවා කන්න කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අරුණ Tuesday, 14 May 2013 12:20 PM

කෙටි ආහාර දාම භාවිතය තුලින් ලෝක ගැටලුවට පිළිතුරු සපයා ගන්නවා මිස මේ ම්ලේච්ච ක්‍රම හරියන්නේ නැහැ. උදා:- ධාන්‍ය--> මිනිසා (විශාල ප්‍රමානයකට ) නැතුව ධාන්‍ය----->හරකා--> මිනිසා ( කුඩා ප්‍රමානයකට ) (නි)

:       0       0

කුමාර Tuesday, 14 May 2013 09:25 PM

අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපිට ලැබුන බනිස් ගෙඩි වල හොඳට ගුල්ලෝ හිටියා.ඒ බනිස් හදලා තිබුණේ ඇමරිකාවෙන් නිකන් ලැබුණ පිටි වලින්.නමුත් අපි ඒවා කෑවා.ඒ කාපු ගුල්ලන්ගේ පවර් එකෙන් තමයි වයස අවුරුදු 60 ක් වෙලත් තවම කොල්ලා වගේ රන් එක දෙන්නේ.කෘමින් කන එක අපට නම් සිම්පල් මල්ලී .ගුල්ලෝ ගහපු පිටි අපට දීම සම්බන්ධව ඇමරිකාවට ස්තුති කළ යුතුයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 12:23 PM

මේ යන විදිහට ගියොත් ලයිට් බිල ගෙව්වහම අපිටත් කන්න වෙන්නෙ කෘමින්ව තමා.(ස)

:       0       0

සරත් Tuesday, 14 May 2013 09:41 PM

ජ.හේරත්, ඔයා හරි. ඉස්සරහට කන්න වෙන්නේ කෘමින් තමා මේ යන විදිහට . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 176 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 542 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 497 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 514 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1211 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 462 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site