පෝෂණය ඉහළ නංවා ගැනීමට සහ පරිසර දූෂණය වළක්වා ගැනීමට ලෝක ප‍්‍රජාව තම ආහාර වේලට කෘමි සතුන් එක්කර ගත යුතුයයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2013 ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් උපදෙස් දෙයි.
ලෝකය පුරා දෙසිය කෝටියක් පමණ ජනතාවක් දැනටමත් ඔවුන්ගේ ආහාර වේල සඳහා කෘමි සතුන් එක්කර ගෙන ඇති බවත් එම වාර්තාව පවසයි.
බඹරුන්, කුරුමිණියන් සහ වෙනත් කෘමි සතුන් ආහාර සඳහා ඔව්හු ගනිති.
කෘමි සතුන් ඉතා ශීඝ‍්‍රයෙන් බෝවන හෙයින් ඉහළ ධාරිතාවයක්ද සපයා ගත හැකි බවත් මෙම කෘමි සතුන් ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටින් ප‍්‍රමාණය බහුලව ලැබෙන බවත් කියති. එමෙන්ම මේදය සහ යකඩ අඩංගුය.
හෝටල්වල කෘමි සතුන් ආහාර සඳහා විශේෂ ක‍්‍රම වේදයක් සකස් කළ යුතු බවත් දකුණු අපි‍්‍රකාවේ සමහර දළඹුවන් යොදා සකස් කළ ආහාර සුඛෝපභෝගී මෙන්ම ඉහළ මිලක් ගෙන ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.
කෘමියන්ගෙන් ආහාර නිපදවීම සඳහා බහු ජාතික සමාගම් පෙළඹවිය යුතු බවද එම වාර්තාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට බැරිද අපේ ඩෙංගු මදුරුවාව කාලා ඉවර කරන්න? (නි)
මේ යන විදිහට ගියොත් ලයිට් බිල ගෙව්වහම අපිටත් කන්න වෙන්නෙ කෘමින්ව තමා.(ස)
මෙවැනි සත්තු කහ ආසියානු රටවල හැදින්වෙන්නේ "ඩෙලිකසි" ලෙස.සිංහල වචනෙයක් තියනවද ඒකට? මේවා හරිම ගණන්.ඇතැම් පණු වර්ග නිපදවන ගොවිපලවල් ඉතා විශාලයි.චීනේ ඉන්නවා මුහුදු ගොවියෝ කියා ගොවින් පිරිසක්.ඔවුන් මුහුද යටත් වගා කරනවා.මුහුදු පැලැටි සහ කෘමින් තමා වගා කරන්නේ. (නි)
කනවා නම් ඉතින් නගර සබාවෙන් පටන් ගත්හම කවුන්සලේට යනකම් ඉන්න තරමක් ඉන්නේ කෘමීන් නේන්නම් (නි)
අපේ රටේ කොස් දෙල් තියෙනවා. ඒවාට පොහොරත් කෘමි නාශකත් අවශ්‍ය නැත. ස්වබාවික කැලෙත් මේවා වැවෙනවා. දෙයියනේ අපි ඒවා වවාගෙන කමු . පරිසරයත් ආරක්ෂා වෙනවා බඩත් පිරෙනවා (නි)
ඩෙලිකසි කියන්නේ ප්‍රනීත කියන තේරුමයි. හ්ම්ම්... කටට කෙලත් උනනවා (නි)
සුද්දන්ට හැම්,බේකන්. ආසියාවට ,ඇෆ්රිකාවට කෘමීන්. (නි)
ඇයි සමහර හොටෙල් වටලපුවම තියෙන්නේ මේවානේ... (නි)
හැබෑ නේන්නම්. මදුරුවන්ව කන්න ගත්තොත් අපිට ඩෙංගු , මැලේරියා වගේ ලෙඩත් සෑහෙන්න අඩුකරන්නත් පුළුවන් වෙයි. (නි)
ඔය කියන මුදු ගොවියෝ ජපානෙත් ඉන්නවා.ඔක්සිජන් ටැංකියයි , ගොගල්ස් දෙකයි දාගන උදේ මුහුද යටට ගිහාම එන්නේ කන්නයි තේ බොන්නයි.රෑ වෙනකන් මුහුදු ගල් අස්සේ පහුරු ගගා වැඩ.අන්න එහෙමයි ඒ රටවල් නිෂ්පාදනේ වැඩි කරන්නේ. (නි)
කෙටි ආහාර දාම භාවිතය තුලින් ලෝක ගැටලුවට පිළිතුරු සපයා ගන්නවා මිස මේ ම්ලේච්ච ක්‍රම හරියන්නේ නැහැ. උදා:- ධාන්‍ය--> මිනිසා (විශාල ප්‍රමානයකට ) නැතුව ධාන්‍ය----->හරකා--> මිනිසා ( කුඩා ප්‍රමානයකට ) (නි)
සේනාව මොනවද කියන්නේ මේගැන ? ඔය වගේ තමයි මේ සේනාවත් අන්තිම කාලෙට බිහිවෙන ලෝක විනාසේ පෙර නිමිති.(නදී)
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සැසි වාරයට මෙවැනි කෑම වේලක් මුලින්ම දීලා වැඩේ පටන් ගමු.(නදී)
අපේ හෝටල් වලට නම් ඕවා නුපුරුදු දේවල් නොවේ (නි)
නොට්ෆ්හෙල්, ඔයා ගියේ මැටි වැඩ උගන්නන පාසැලකටද? (නදී)
ලංකාවේ හෝටල් වලින් කන අපිට කෘමින් නිතරම කැවෙන නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)
අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපිට ලැබුන බනිස් ගෙඩි වල හොඳට ගුල්ලෝ හිටියා.ඒ බනිස් හදලා තිබුණේ ඇමරිකාවෙන් නිකන් ලැබුණ පිටි වලින්.නමුත් අපි ඒවා කෑවා.ඒ කාපු ගුල්ලන්ගේ පවර් එකෙන් තමයි වයස අවුරුදු 60 ක් වෙලත් තවම කොල්ලා වගේ රන් එක දෙන්නේ.කෘමින් කන එක අපට නම් සිම්පල් මල්ලී .ගුල්ලෝ ගහපු පිටි අපට දීම සම්බන්ධව ඇමරිකාවට ස්තුති කළ යුතුයි. (නි)
ජ.හේරත්, ඔයා හරි. ඉස්සරහට කන්න වෙන්නේ කෘමින් තමා මේ යන විදිහට . (නි)
තව පරීක්ෂණයක් පවත්වලා අශූචි මොනතරම් ගුණද කියලා බලමුද? (නි)
දළඹුවෝ කාල කට කහන්න ගනීද ?(ස)
කැරපොත්තෝ සුප් එහෙමත් ඉස්සරහට එයි. (ස)
වමනෙට එන්න වගේ. (ස)
කොහොමද කුරුමිනියෝ කර කර ගාල හැපෙනකොට. (ස)
ඊයා ඔඑව කාල මොන ලෙඩ හැදෙයිද ? (ස)
කොරියා..හොන් කොන් ..සින්ගපුර් වගේ රටවල මෙවැනි ආහාර තියෙනවා.එත් අපේ අයනම් බඩගින්නේ මලත් කන්නේ නෑ.(ස)
අපි මදුරුවෝ කමු!(ස)
මේවා කන්න ගත්තනම් ජිවන වියදම අඩු කරන්න පුළුවන්. (ස)
පොලවේ පසුත් පුළුවන් නම් කමු. (ස)
කන්න කන්න ඕව ඔයගොල්ලන්ට හරාම් නැහැ.(ස)
අපිත් ඉස්සෝ පොකිරිස්සෝ ඇදල අරිනවනේ. (ස)
කොහොමත් ඔය සුද්දෝ උන්ගේ කුණු කන්දල් තල්ලු කරන්නේ දුප්පත් අපි වගේ රටවලට නේ. අපේ කට්ටියත් පැනලම බාරගන්නවා. උන් හදන කෘමි නාශක බොරු කියලත් ඒවගෙන් වෙන අතුරු විපාක නිසාත් මෙවන් තවත් භයානක අදහස් ලෝකෙට මවා පානවා. උන්ටම කන්න කියන්න අපේ රටේ තියන ඔය කියන කෘමින්ව අපනයනය කලානම් හරි නොමිලේම.(නදී)
මේවා චීන්නු නම් නිතර කනවා මන් එහෙදි දැක්කා. එවරස්ට් වල ඉන්න ඉතා දුරලභයි කියපු පණු වර්ගයක්. එවැනි මැරුණු පොඩි පනුවන් කිහිප දෙනෙක් පොඩි පැකට් වල දාලා ඉතා ආරක්ෂා සහිතව රස කරලා තියනවා. ඇහුවම කිව්වා රත්තරන්වලට වඩා ගණන් කියලා. පුදුමයි.(නදී)
අපේ රට වටේම මුහුද තියන්, රට ඇතුලෙත් හැම තැනම වගේ ගංගාවල් තියන් මාලු කෑල්ලක් කන්නේ කී දෙනාද. ප්‍රෝටීන් කියන දේ කබෝහයිඩ්‍රෙට් වලට වඩා වටිනවනේ. විශේෂවෙන් මේ තරම් දියවැඩියාව තියෙද්දී. මේවට ඊනියා අවිහිංසාවාදිනුත් වග කියන්න ඕනා.පාලකයෝ පමණක් නෙවේ.(නදී)
ඇමැති මන්ඩලෙත් ඉතා ශීඝ‍්‍රයෙන් බෝවෙනවා. ඒවුනාට අපිනම් හරක් මස් කන්නෙ නෑ.(නදී)
රට වටේම මුහුද තියන්, රට ඇතුලෙත් හැම තැනම ගංගාවල් තියන් මාළු කන්නේ කීදෙනාද. ලේසියෙන්ම ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්කම තියෙද්දී අපට කෘමින් කෑමේ අවශ්‍යතාවයක් දැන්ම එන්නේ නැහැ. රටේ 60% මන්දපෝෂනයෙන් පෙළෙනවා.(නදී)
ලලිත් එස් එල්, මේ වගේ කෑම සුද්දෝ කන්නෙත් නැහැ. දන්නේ නැති නම් කාගෙන් හරි අහල දැනගන්න. මේ කෑම ප්‍රදාන ආහාරය විදියටම ගන්නේ කහ අසියනුවෝ. ඒ කියන්නේ ජපානේ,චිනේ,කොරියාව,ලාඕස්, කම්බෝජිය, තායිලන්ඩ්, ෆිලිපින්,මොන්ගෝලියා,බුරම,ඉන්දොනිසියා,වියට්නාම් සහ භූතන්.(නදී)
මිනිස්සුන්ට පුරුදුකරමු කෘමින්ව කන්න මහ එවුන්ට කියලා දෙමු අපිව නොකන්න .....// (ස)
තව ටික කාලෙකින් තව මොන මොනවා කන්න කියයිද දන්නෙ නැහැ. (නි)