පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සාක්කි ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ කර්මාන්ත හා වාණිජ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට වෙනත් දිනයක් ලබා දීමට එම කාරක සභාව තීන්දු කළේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.
‘අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා ‘ යැයි කාරක සභාව හිටපු ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව සාක්කි ලබා ගැනීම සඳහා 28 වැනි දා සිකුරාදා සවස දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දුන්නේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාරක සභාවට පැමිණි රිෂාඩ් ආපසු යවයි
max Wednesday, 26 June 2019 12:43 PM
නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ..!
chandima Wednesday, 26 June 2019 02:59 PM
එකත් එකටම එන්න බැහැ කියන්න ඇති...
Duminda Wednesday, 26 June 2019 09:46 PM
චමින්ද වෙත, යමක් ප්‍රකාශ කරන්න කලින් අඩුම තරමේ විමසිල්ලෙන් ලිපිය කියවන්න, අදාල පින්තුර බලන්න. පින්තුර වල පසුබිම පෙර පින්තුර සමග සසදන්න. නිකන් නුගත් වාචාල විදිහට තමන්ගේ මතයේ අන්ද ලෙස එල්බගෙන තීරණ නොගන්න, අදහස් පල නොකරන්න. ඉන් පළමුව හානි වන්නේ තමන්ගේම ප්‍රතිරූපයටයි. මෙතන බදුර්දීන් කාරක සබාවට ලියකියවිලි හා ලිපි ලේඛන සමග පැමිණ සිටි බවට පැහැදිලි පින්තුරයක් තිබියදී ඔවැනි ප්‍රකාශ පලකිරීම ගැන අනුකම්පා කරමි. තමන්ගේ දෑසින් නිදහස්ව දකින්න, හිතන්න, තාර්කිකව දකින, කියවන, ඇසෙන දේ විශ්ලේෂණය කිරීමට උත්සහ කරමු. එවිට ලබන ආත්මයෙකවත් එවැනි තත්වයක් හිමි වනු ඇත .
katuvapitiye gamvasin Thursday, 27 June 2019 03:21 AM
මෙයාගෙන් අහන්නේ කටුවපිටිය බෝම්බය සාර්ථකව කල හැටිද? කමිටුවත් මෙයත් ආණ්ඩුවත් අපි ගෙදර යවනවා නුදුරු අනාගතයේදී, මිනීමරුවෝ අපිට එපා අපේ මුළු ගමක් මල ගමක් වෙලා..
Uditha - London Thursday, 27 June 2019 04:18 AM
ලස්සන මෙගා නාට්ටිය.. අපි හරි අසාවෙන් බලනවා. ඉක්මනට කතාව ඉවර කරන්න නම් එපා.. කුබියෝ නාට්ටිය වගේ අගක් මුලක් හිතා ගන්න බැහැ කතාව අවසන් වෙනකන්.. පිටපත කාගේද ?