ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට හිඟව පවතින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක මුදලක් ක‍්‍රිකට් ආයතනයට ලබාදීමට ලංකා බැංකුව එකඟතාව පළ කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග කරන ලද සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මුදල ලබාදීමට එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර තිබේ. එම නිසා මෙම මස දක්වා වන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ හිඟ වැටුප් මෙම 28 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයි ද ක‍්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි. මෙම වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී පැවැත්වෙන ක‍්‍රිකට් තරගවලදී ඇමරිකානු ඩොලර් මිලියන 139 ක මුදලක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බවද කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදයේ සඳහන් වේ.
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ හිඟ වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් කෝටි 60 ක ණයක්