ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට ඉතාමත් අසීරු ස්ථානය ශී‍්‍ර ලංකාවයි. ඊට හේතුව දැඩි අවු රශ්මිය පමණක් නොවේ. අධික දහදිය දැමීමත් එයට බලපානා විශාල හේතුවකි. පන්දුවට පහර දුන්නත්, පන්දු යැවුවත්, පන්දු රැකීමේ යෙදුණත් මේ තත්ත්වයෙන් ගැළවීමක් නැත. පන්දු ඕවර කිහිපයක් යැවීමෙන් පසුව පන්දු යවන්නන්ගේ කමිස දහදියෙන් පෙ`ගී යන අතර පන්දුවට පහර දෙන්නේ නම් සෑම විනාඩි 20 කට වරක්ම අත් ආවරණ මාරු කිරීමට සිදුවෙයි. මේ තත්ත්වය නිසා කී‍්‍රඩකයන් තමන්ට ගැලපෙන දියර වර්ග ශී‍්‍ර ලංකාවට රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයකි. දිනයේ කී‍්‍රඩාව ආරම්භයේදීද, සෑම පැය දෙකකට වරක්ද කී‍්‍රඩකයන්ගේ බර කිරා බැලෙන අතර ඔවුන්ගේ බර අඩුවීමක් වී ඇත්නම් ඒ වෙනුවට දියර වර්ග ගැනීමට උපදෙස් ලැබේ. ඇතැම් අවස්ථාවන්හිදී, පැය දෙකක කාලයක් තුළ, කී‍්‍රඩකයන්ගේ බර කිලෝ ග‍්‍රෑම් 3 ක් දක්වා අඩුවන අතර ඊට ප‍්‍රධානතම හේතුව අධික දහදිය දැමීම මිස අනෙකක් නොවේ. ‘කී‍්‍රඩකයන් සෑම අවස්ථාවකදීම නිසි ශාරීරික යෝග්‍යතාවකින් පසුවිය යුතුයි’ යයි කීම පහසු වුවත්, කී‍්‍රඩකයන් නිතරම නියමිත ජල ප‍්‍රමාණයෙන් සංතෘප්ත විය යුතු අතර සෞඛ්‍ය තත්ත්වයන් සමග අවදානමක් නොගත යුතුය. වේග පන්දු යවන්නන් එක දිගට පන්දු යවන්නේ ඕවර කිහිපයක් පමණි. එබැවින් ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර් සහ සමිත් පතෙල් (ඔහු කී‍්‍රඩා කරන්නේ නම්) වැනි දග පන්දු යවන්නන්හට වැඩි බරක් පැටවෙයි. කෙසේ වෙතත් වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ ආගන්තුක තත්ත්වයන්ට මුහුණ දීමට අපේ කී‍්‍රඩකයන් හැඩගැසීමයි. එය ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව හා බැඳී පවතින තත්ත්වයකි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි මාසයේදී එංගලන්තයේ කී‍්‍රඩා කරන්න පැමිණීමේදීත් මුහුණ දෙන්නේ මෙවැනිම තත්ත්වයකටය. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ දස්කම් මැන බැලීමක් පමණක් නොවේ. එය වටාපිටාව සහ දේශගුණික තත්ත්වයන් සමග ගනුදෙනු කරන ආකාරයේ සමත් කමත් මැන බැලීමකි. - බී. බී. සී. ඇසුරිනි (ඇලෙක් ස්ටුවර්ට් එංගලන්ත පිලේ හිටපු නායකයකු වන අතර වසර 2001 දී ශී‍්‍ර ලංකාවට පැමිණ 2-1 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත් විය)
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි
kk Wednesday, 04 April 2012 02:20 PM
හොඳ නැට්ටුවට ඕන පොලවක නටන්න පුළුවන් විය යුතුයි..
නිහාල් Tuesday, 03 April 2012 06:58 PM
මේ ප්‍රශ්නයට හොද නුවරඑළියේ ඉන්ටර්නැෂනල් පිට්ටනියක් හදන්න.
රන්පත් Friday, 06 April 2012 09:49 AM
මහින්දගේ සැලසුමක් නැති වැඩ
රන්පත් Friday, 06 April 2012 09:50 AM
මහින්දගේ සැලසුමක් නැති වැඩේ.