IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවකුගේ වම් අතේ සුළැඟිල්ල හෙදියකගේ නොසැළකිල්ලෙන් කතුරකින් කැපී වෙන් වී ඇත. ප්ලාස්ටරයක් කපද්දී එය සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ශල්‍ය වෛද්‍ය සමන්ත කිරිවත්තුඩුව ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම කෙළේය. එම සැත්කමේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන්ම කිව නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. ඇඟිල්ල කැපී ඇත්තේ බදාදාය. කුරුණෑගල ආර්.එම්. ජයසුන්දර මහතාගේ දරුවා මේ ඉරණමට ගොදුරු විය.



අදහස් (0)

කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ

ලක්මාල් Saturday, 25 August 2012 07:37 AM

මෙයා කො‍හෙන්ද දන්නේ නැහැ හෙදකම ඉගෙන ගත්තේ? (නි)

:       0       0

බන්ඩාර Saturday, 25 August 2012 03:48 PM

පින් සිද්ධවෙයි දන්න දෙයක් කතාකරනවද ??(ස)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 25 August 2012 08:01 AM

මේ දේ සිදදවූන දෙවැනි වර මේ.. කලින් වර මෙහෙම ඇගිල්ල කැපුනම් වෛද්‍යවරයා කිවේ ඒ ඇගිල්ලෙන් වැඩක් නැහැ කියා මෙයට ඉහලම දඩුවම් දෙන්න ඕනේ ....(නු)

:       0       0

රවී Saturday, 25 August 2012 07:57 AM

හොද ගුණයහපත් කාරුණික අය ගොඩක් ඉන්නවා.. ඒත් සමහර අය සාත්තු සේවයට නිගාවෙන වැඩ කරනවා.. ඔවුන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 25 August 2012 08:09 AM

මේ කිසි‍ම දෙයක් නොතේරෙන කිරි කැටියාට සිදුවූ දේ ගැන හරිම කණගාටුයි..!!(නු)

:       0       0

වයි.බී. සමරකෝන් Saturday, 25 August 2012 08:30 AM

මෙහෙම නයිටිංගේල්ලා තමයි දැං ඉන්නෙ.. මේ කට්ටියට ඕන පඩිය වැඩිකරගන්නයි.. දීමනා වැඩි කරගන්නයි අතිකාල කරන්නයි විතරයි.. මෙයාගේ රාජකාරි තහනම් කර දරුවාට වන්දියක් ලබා දෙන්න..!!(නු)

:       0       0

නිමල් Saturday, 25 August 2012 08:47 AM

දැං නයිටිංගේල්ලට වඩා ඉන්නේ මනි මේකිං ගර්ල්ස්ලා.. (නු)

:       0       0

සුජීව Saturday, 25 August 2012 04:58 PM

මෙන්න හෙදියෝ

:       0       0

විභූෂණ Saturday, 25 August 2012 08:53 AM

මේ හෙදියන්ට පුළුවං උද්ඝෝෂණ කරන්නයි පඩි වැඩිකරගන්නයි තමයි.. කව්ද කිව්වේ මේ කට්ටියට රෝහල්වල වැඩ කරන්න පුළුවං කියලා.. සමහර ඇටන්ඩන්ට්ලා හොදයි මෙයාලට වැඩිය.. නයිටිංගේල්ටත් ලැජ්ජා කරනවා..!!(නු)

:       0       0

ආරිය Saturday, 25 August 2012 05:01 PM

ඇඟ හිරිවටෙනවා

:       0       0

සරත් Saturday, 25 August 2012 08:51 AM

ලංකාවේ දරුවන්ට අපල කාලයක් ද කොහෙද ? කිරිකැටියා ඉක්මනින් සුව වේවා !!(ස)

:       0       0

ගාමිණී Saturday, 25 August 2012 09:07 AM

ලක්ෂ 50 ක් නර්ස්ගෙනුයි . තව ලක්ෂ 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් ළමයගේ අනාගතේ වෙනුවෙන් ළමයගේ ගිණුමේ තැන්පත්කර යුතුයි..නොසැලකිල්ල තමයි මූලික හේතුව‍‍.අහක බලන් කපන්න ඇති‍‍...(ස)

:       0       0

මහේෂ් Saturday, 25 August 2012 09:04 AM

මගේ දරුවට එහෙම උනානම් මම කපනවා එයාගේ අත‍‍...(ස)

:       0       0

ලීඩඩ් Saturday, 25 August 2012 09:07 AM

හොඳ කරනකම් හොඳයි..වැරදුන දාට ඔහොම තමයි..(ස)

:       0       0

ජයන්ත Saturday, 25 August 2012 09:19 AM

හෙදියගෙත් ඒ ඇගිල්ල කපන්න ඕන...(ස)

:       0       0

ගුණේ Saturday, 25 August 2012 09:21 AM

අනේ මෙහෙමත් නර්ස්ලා .පුංචිදේටත් වර්ජන .මේකට මොනවද කියන්නේ දන්නේ නෑ..?

:       0       0

බන්දුල Saturday, 25 August 2012 09:22 AM

පොඩි දරුවත් පව් නර්සුත් පව් ,මොකද ඒ වෙලාවේ කරන්ට් එක යන්න ඇති‍‍...(ස)

:       0       0

සුමේද Saturday, 25 August 2012 09:33 AM

අනේ මෙහෙමත් නර්ස්ලා......(ස)

:       0       0

දයා සෞදි Saturday, 25 August 2012 09:41 AM

මේ නයිටිංගේල් ප්‍රතිඥාවක්ද? හොද හෙදියන්ටත් අවනම්බුවක්.. දරුවටත් දෙමව්පියන්ටත් මුළු ජීවිතේම දුක්වෙන්න සිදුවෙනවා නේද මේකෙන්...!(නු)

:       0       0

අසේල Saturday, 25 August 2012 09:38 AM

හෙද සංගමේ මොකද කියන්නේ දැන් ????? (ස)

:       0       0

ප්‍රවීන් Saturday, 25 August 2012 09:43 AM

ළමයගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන් මේ වරද නිසා ...සමහරවිට අර ඒප්‍රන් එක අදින ඇටන්ඩන් නෝනා කෙනෙක්ට කිව්වනම් පරිස්සමට ප්ලාස්ටරය කපාවි..(ස)

:       0       0

කොබේවත්ත Saturday, 25 August 2012 09:47 AM

ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වේවා !!! (ස)

:       0       0

හේමසිරි Saturday, 25 August 2012 09:51 AM

පළමුවෙන්ම මෙයාට කියලා දෙන්න ඕන කතුර අල්ලන්නේ කොහොමද කියලා‍‍..මෙයාල දන්නේ බෝඩ් අල්ලන්න විතරයි..(ස)

:       0       0

බර්ටි Saturday, 25 August 2012 09:47 AM

මේවට ඉහලම දඩුවම් දෙන්න ඕන .ප්ලාස්ටරයක් කපාගන්න බැරි අය .මේකට ස්ට්‍රයික් කරන්නේ කවුද ?(ස)

:       0       0

කුමාර Saturday, 25 August 2012 10:05 AM

දැන් කවුද වර්ජනය කරන්නේ ,,,,,,ඇයි නර්ස්ලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ...(ස)

:       0       0

උපුල් Saturday, 25 August 2012 10:04 AM

අපි කා අතිනුත් වැරදි වෙනවා මින් ඉදිරියට ඒ වැරදි හරිගස්සා ගන්න...(ස)

:       0       0

ඩොකා Saturday, 25 August 2012 05:45 PM

මෙයාලට ඉතින් වෙන වෙන වැඩ තියනවනේ...රාජකාරියට අමතරව ..... (දී)

:       0       0

නයනප්‍රය Saturday, 25 August 2012 10:22 AM

කිසිම හෙද නිලධාරිනියක් හිතාමතා ඇඟිල්ලක් කපන්නේ නෑ. එයා ඔයවගේ දරුවන් කීදෙනෙකුගේ ඇඟිලි සනීප කරන්න දායක වෙලා ඇත්ද ජීවිත කීයක් බේරාගෙන ඇත්ද ?(ස)

:       0       0

පූජිත Saturday, 25 August 2012 10:39 AM

වැරදීමකින් ඇගේ හැපුනත් උද්ඝෝෂණය කරල අසරණ රෝගීන්ගෙන් පළි ගන්න මෙයාල කරන මේ වගේ එක වරදයි මේ ප්‍රසිද්ධ නොවන තව කොපමණ නම් තියෙනවාද?(නු)

:       0       0

කෙවින් Saturday, 25 August 2012 10:46 AM

මේක හිතා මතා කරපු දෙයක් නෙවෙයි කියලා හිතෙන්නෙ.. ඒත් මේක ලොකු වරදක්.. මේ වගේ පොඩි පැටව් ඉන්න තැන්වලට දාන්නෙ ගොඩක්ම හොද හෙදියන් කියලයි මම අහලා තියෙන්නෙ.. අද ලංකාවෙ බොහෝ හෙදියන් කරුණාවන්ත නැහැ.. කොහොම උනත් මේ උන දෙයට වන්දියක් ලබා දිය යුතුයි.. මොකද මේ දරුවට ඇගිල්ල නැතිව සමහර වැඩ කරගන්න අපහසු වෙයි.. මේ වගේ දේවල් උනහම වෙන රටවල් වල රජයේ ඒ දරුවන්ට ගානක් ගෙවනවා..!!(නු)

:       0       0

සරත් Saturday, 25 August 2012 10:44 AM

නයනප්‍රියගේ කතාව ඇත්ත.. එත් පුහුණු නිලධාරිනියක් විදිහට ඇගිල්ල කැපෙනකම්ම එයාට තේරුණේ නැද්ද? හැම කිරිකැටියෙකුගෙම ජීවිතයක් වටිනවා..!!(නු)

:       0       0

මුන්දලම රව් Saturday, 25 August 2012 11:01 AM

ඕපදූප කතාකර කර විහිළු කර කර වැඩ කරාම ඔහොම වෙනවා....(ස)

:       0       0

රොබර්ට් Sunday, 26 August 2012 02:34 PM

ඔය හෙදියගේ ඇගිල්ලත් කපන්න ඕනෑ. (නි)

:       0       0

ශේරංක සිල්වා Saturday, 25 August 2012 11:32 AM

මෙය නොසෙලකිල්ලක්,අත්වැරදීමක් විය හැකි, , මෙම හෙදිය මෙය හිතා මතා කල දෙයක් නොවෙයි , අප කා අතිනුත් අපගේ රාජකාරීන් අතරතුර අත්වැරදීම වියහැක , නමුත් අප කරන කර්යයට අප වගකියුතුවේ , නමුත් මෙම සිද්දිය නිසා දරුවා සහ හෙදිය යන දෙදෙනාම අන්ත අසරණ තත්වයට පත්ව ඇත, මෙම දෙදෙනා කගේ හෝ අසරණ දරුවන්ය, එම අවසානවන්ත අනතුරට පත් වූ දරාවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි, එම සැත්කම සාර්ථක වෙවායි කියා දෙවියන් යදිමි, (ස)

:       0       0

බානුක Saturday, 25 August 2012 08:36 PM

මෙයා නස් කෙනෙක්ද? (දී)

:       0       0

සංජු Friday, 24 August 2012 09:25 PM

මෙහෙමත් අපරාධ. ඔය නර්ස් ගෙනෙක්ගෙ ඇගේ හැපුනත් ස්ට්‍රයික් කරන ජාතියෙ අයනෙ හැබැයි ඒ ගොල්ලන්ගෙ රාජකාරිය කිරීම ඔහොමයි. දෙවියොවත් දඩුවම් දෙන්න ඔනැ.(ස)

:       0       0

ශාමිලා Friday, 24 August 2012 09:21 PM

අනේ පවු දරුවා. මේවට ස්ට්‍රයික් කරන්නේ නැත්තේ ඇයි. වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගතයුතුයි. (ස)

:       0       0

සෙනෙහෙ Saturday, 25 August 2012 08:44 PM

දෙයියනේ පොඩි දරුවා (දී)

:       0       0

මොහොමඩ් රිස්වාන් සවුදි අරාබි Friday, 24 August 2012 09:22 PM

නොසැලකිල්ල වුනත් වැරදීමක් වෙන්න ඇති. කෙසේ වෙත් පව් ඒ දරුවන්. බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වේවා. !!!!!!!!(ස)

:       0       0

උපුල් Saturday, 25 August 2012 09:47 PM

අද ඇගිල්ල හෙට...........

:       0       0

සේසිංහ Friday, 24 August 2012 09:39 PM

අනේ අම්මෝ පව් පොඩිඑකා. (ස)

:       0       0

ප්‍රවීන් Saturday, 25 August 2012 12:10 PM

බබා දැන් ඔයා වටේ ඉන්න තව බබාල ටිකකුත් එකතුකරන් උද්ඝෝෂණය කරන්න..ඒ හෙදියට ගෙදර යන්න කියන්න..වන්දි ඉල්ලන්න බබෝ...(ස)

:       0       0

ජනක Saturday, 25 August 2012 12:11 PM

සමහර වැරදි වල‍ට සමාවක් තියනවා ඇති .මේ වගේ වැරදි වලට සමාවෙන් ඇති වැඩක් නෑ...දරුවට වුණ අපරාධයට දඩුවමක් දෙන්න..වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා !(ස)

:       0       0

බන්දුල Friday, 24 August 2012 10:13 PM

මේ වගේ සිද්දි වලදී හෙදියගේ නම සදහන් කිරීම වඩා සුදුසුයි !!(නු)

:       0       0

පී.එස්.කැටවල Friday, 24 August 2012 10:21 PM

වෘතිය සමිති විරෝධතාවයක් පවත්වන්නෙ නැද්ද? මෙහෙම වැරදීම් වෙන්න බැහැ.. දඩුවම් දිය යුතුයි.. !!(නු)

:       0       0

අමර Friday, 24 August 2012 10:17 PM

වැරදීමකින් උවද දඩුවම් දිය යුතුයි.. නැවත මෙවැනි දේවල් ‍නොකිරීමට මතක් වීම සදහා..!!(නු)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 24 August 2012 10:23 PM

අනේ මන්ද.කවුරුන් හෝ අත්වැරැද්කින් හරි ඔය දොස්තර මහත්තුරු,හෙදියන්,සාත්තු සේවකයින්ගේ ඇගේ හැපුනත් වැඩ වර්ජනය කරන කාලේ මෙවැනි බරපතල වැරැද්දකට වුවද ඒ අයට දඩුවම් කරීම හරිම භයානකයි.(නු)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 24 August 2012 10:28 PM

මීට වඩා සැළකිලිමත් විය යුතුයි.. ‍පුංචි ළමයින්ගේ වැඩ කරන විට..!(නු)

:       0       0

ලලිත් Saturday, 25 August 2012 01:16 PM

මේවාට අරාබි නීතිය අවශ්‍යයි (නි)

:       0       0

සිසිර Friday, 24 August 2012 10:40 PM

දැං කවුද මේකට උද්ඡඝා්ෂණය කරන්නෙ.. (නු)

:       0       0

යොහාන් Friday, 24 August 2012 10:49 PM

දඩුවම් දෙන්න එපා. හෙට සිට වර්ජනය කරන්න..(ස)

:       0       0

රත්නායක Saturday, 25 August 2012 01:29 PM

මේවාට රෝහල වග කියන්න ඕනේ

:       0       0

ප්‍රදීප්. Friday, 24 August 2012 10:57 PM

සෑම දේටම වර්ජනය කරණ හෙදියන් මේවට මොනවද කියන්නෙ..(නු)

:       0       0

රන්දි Saturday, 25 August 2012 01:38 PM

දන්නේ නැතුව වැරදි ‍බෙහෙත් දීලා කීදෙනෙක්නම් මැරිලා ඇද්ද ???(ස)

:       0       0

රන් Friday, 24 August 2012 11:16 PM

රට ආශ්චර්යයට නෙමෙයි අගාධයකට නම් යනවා (නි)

:       0       0

සිල්වා Friday, 24 August 2012 11:12 PM

වර්ජන, උද්ඝෝෂණ කොපමණ කළත් හෙදියගේ වැඩ තහනම් කළ යුතුයි. (නි)

:       0       0

කාන්ති Friday, 24 August 2012 11:13 PM

හෙදියගේ වැඩ තහනම් කළ යුතුයි. (නි)

:       0       0

‍හේමාලි Friday, 24 August 2012 11:22 PM

බෙල්ලේ ප්ලාස්ටරයක් තිබුණා නම් බෙල්ලත් කපාවිනේ. (නි)

:       0       0

සේනානායක Friday, 24 August 2012 11:24 PM

කෝ නැද්ද ඔය එක එක සංගම් වල උද්ඝෝෂණ, විරෝධතා එහෙම? (නි)

:       0       0

සේනානායක Friday, 24 August 2012 11:25 PM

පව් දෙයියනේ අහිංසක පොඩි දරුවා...(ස)

:       0       0

චරිත් Friday, 24 August 2012 11:23 PM

අන්තිමට දොස්තරලාගේම පිහිට තමයි. (නි)

:       0       0

රංජීව Friday, 24 August 2012 11:25 PM

හෙද සේවයේ අවසානයද? රටේ අවසානයද? (නි)

:       0       0

කුමාර Saturday, 25 August 2012 02:12 PM

මොකුත් කියන්න බයයි, මොකද හෙට සිට අයෙත් වර්ජනය කරලා අසරණ ජනතාව අපහසුතාවයට පත් කරයි.මේක හෙදියගෙන් වුණ වැරදීමක්,මොකද මෙයාලට හරියට හිතට නිදහසක් නෑ,එයාලගේ යුනිෆෝම් එකේ ගැටළුවක් තියනවනේ එක ගැන තමයි නිතරම හිතන්නේ,බබාගේ ඇගිල්ල වගේද ඒක?.සමාවෙන්න මෙහම කියනවට.බබාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා.(ස)

:       0       0

සතිස් Friday, 24 August 2012 11:53 PM

කෝ නැද්ද වැඩ වර්ජනයක්? (නි)

:       0       0

මංගල Saturday, 25 August 2012 12:05 AM

ප්ලාස්ටරයෙයි ඇගිල්ලෙයි වෙනස දන්නෙ නැති නර්ස්ලා? (නි)

:       0       0

කන්චුකී Saturday, 25 August 2012 02:18 PM

ඔය නර්ස්ගේ ඇගිල්ලක් කපන්න දෙනවනම් මම කපනවා...(ස)

:       0       0

තලගල Sunday, 26 August 2012 05:34 AM

අයියෝ සල්ලි

:       0       0

සෝමදාස Saturday, 25 August 2012 12:44 AM

නර්ස් නෝනා හිටියේ බීලද? (නි)

:       0       0

නිරෝෂණ Saturday, 25 August 2012 12:57 AM

උපත සිට මරණය දක්වා ඔය ස්ථානවල කොච්චර වැරදි වෙනවද? අන්තිමට ඒවා හැම එකක්ම අත්වැරදීම් වෙනවා. (නි)

:       0       0

පබානිස් Saturday, 25 August 2012 01:07 AM

පාලනය හොද වුණහම තමයි සේවකයොත් හොද වෙන්නේ (නි)

:       0       0

අනුර Saturday, 25 August 2012 01:08 AM

හරිනම් හෙදියගේ ඡායාරූපයකුත් පළ කරන්න ඕනෑ, මුලු රටටම බලාගන්න. දරුවාට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ප්‍රියා Saturday, 25 August 2012 01:33 AM

ඔය නෝනලාගෙන් මට වුණූ අසාධාරණය ගැන ලියන්න පිටුවක් මදි. පවු අසරණයා. (නි)

:       0       0

රංජීව Saturday, 25 August 2012 02:14 AM

සෞඛ්‍ය සේවයට කැළලක්. (නි)

:       0       0

නයනජිත් Saturday, 25 August 2012 02:41 AM

දැන් ඉතිං වෙන මොනවා කරන්නද? වන්දියක්වත් ඉල්ලන්න පොඩි දරුවාගේ අනාගතය වෙනුවෙන්. (නි)

:       0       0

ජයලාල් Saturday, 25 August 2012 03:01 AM

දොස්තරලාට, හෙදියන්ට කිසි කෙනෙකුට ගාණක් නැහැනේ. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 25 August 2012 03:20 AM

මීට පෙරත් මේ වගේ සිද්ධියක් වුණා (නි)

:       0       0

මනෝ Saturday, 25 August 2012 03:29 AM

ඒ දරුවා වැරදි තැනක ඇගිල්ල තියාගෙන හිටියා කියලා වහාම හෙදියන් වැඩ වර්ජනයක් දියත් කළ යුතුයි. (නි)

:       0       0

නදී Saturday, 25 August 2012 04:15 AM

මේ වගේ අපරාධයක් කළේ, මෙයාගේ ඇස් පෙනීම දුර්වල නිසාද දන්නේ නැහැ. (නි)

:       0       0

නිෂමනි Saturday, 25 August 2012 03:09 PM

මෙහෙමත් රටක්

:       0       0

සමන් කුමාර Saturday, 25 August 2012 04:32 AM

රෝහල්වල ඉන්න සමහර නර්ස්ලගේ වැඩ දිහා බැලුවහම බෙල්ල කැපුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මේ සත්ගුණවත් ක්‍රියාව නිසා දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉක්මනටම දෙගුණයකින් විතර පඩි වැඩිකරන එකයි! (නි)

:       0       0

සින්නා Saturday, 25 August 2012 04:38 AM

මේ හෙදියෝ හරියට පුහුණු වී නැද්ද? (නි)

:       0       0

සමන් කුමාර Saturday, 25 August 2012 05:27 AM

අනේ මෙහෙමත් මිනිස්සුු මේ ‍රටේ ඉන්නවානේ.. මේ‍ලෝකේ ඕනෑම මනුස්සයෙක් අතින් වරදක් වෙන්න පුළුවං.. ඒකයි මනුස්සයෙක් කියන්නෙ.. ඉතිං මේ හෙදිය අතින් වරදක් වෙන්න ඇති.. පොඩි ළමයා පව්..ඒත් එහෙම තමයි හැම දෙයක්ම ඉතිං..!!(නු)

:       0       0

ප්‍රභාත් Saturday, 25 August 2012 05:55 AM

සමහර දොස්තරමහතුරුන් වගේම හෙදියනුත් හිතට අරගෙන ඉන්නවා හරියට.. නොසැළකිලිමත් කමට දියහැකි උපරිම දඩුවම ලබා දුන්නම ඕව හරියනවා.. (නු)

:       0       0

හරිශ් Saturday, 25 August 2012 06:23 AM

නොසැළිකිලිමත්කමට දඬුවමක් වශයෙන් අවුරුද්දකටවත් වැඩ තහනම් කරන්න ඕනෑ. (නි)

:       0       0

අංජන Saturday, 25 August 2012 06:34 AM

ප්ලාස්ටරෙයි, ඇගිල්ලෙයි වෙනස දන්නේ නැද්ද? (නි)

:       0       0

පුන්සිරි Saturday, 25 August 2012 06:33 AM

‍රිජ්වේ රොහලේදි දරුවෙකුගෙ ඇගිල්ලක් කපපු හෙදියට තාම දඩුවමක් ලැබුණෙ නැහැ නේද? (නු)

:       0       0

බුද්ධික Saturday, 25 August 2012 03:23 PM

අත්වැරදීමක් උනත් ඒ පොඩි ළමයෙක්

:       0       0

අමිල කටුනායක Saturday, 25 August 2012 07:06 AM

මීට කලිනුත් මෙවැනිම සිද්ධියක් වුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 365 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site