පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවකුගේ වම් අතේ සුළැඟිල්ල හෙදියකගේ නොසැළකිල්ලෙන් කතුරකින් කැපී වෙන් වී ඇත. ප්ලාස්ටරයක් කපද්දී එය සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ශල්‍ය වෛද්‍ය සමන්ත කිරිවත්තුඩුව ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම කෙළේය. එම සැත්කමේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන්ම කිව නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. ඇඟිල්ල කැපී ඇත්තේ බදාදාය. කුරුණෑගල ආර්.එම්. ජයසුන්දර මහතාගේ දරුවා මේ ඉරණමට ගොදුරු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් නර්ස්ලා......(ස)
වැරදීමකින් ඇගේ හැපුනත් උද්ඝෝෂණය කරල අසරණ රෝගීන්ගෙන් පළි ගන්න මෙයාල කරන මේ වගේ එක වරදයි මේ ප්‍රසිද්ධ නොවන තව කොපමණ නම් තියෙනවාද?(නු)
කිසිම හෙද නිලධාරිනියක් හිතාමතා ඇඟිල්ලක් කපන්නේ නෑ. එයා ඔයවගේ දරුවන් කීදෙනෙකුගේ ඇඟිලි සනීප කරන්න දායක වෙලා ඇත්ද ජීවිත කීයක් බේරාගෙන ඇත්ද ?(ස)
අපි කා අතිනුත් වැරදි වෙනවා මින් ඉදිරියට ඒ වැරදි හරිගස්සා ගන්න...(ස)
දැන් කවුද වර්ජනය කරන්නේ ,,,,,,ඇයි නර්ස්ලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ...(ස)
මේවට ඉහලම දඩුවම් දෙන්න ඕන .ප්ලාස්ටරයක් කපාගන්න බැරි අය .මේකට ස්ට්‍රයික් කරන්නේ කවුද ?(ස)
පළමුවෙන්ම මෙයාට කියලා දෙන්න ඕන කතුර අල්ලන්නේ කොහොමද කියලා..මෙයාල දන්නේ බෝඩ් අල්ලන්න විතරයි..(ස)
ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වේවා !!! (ස)
ළමයගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන් මේ වරද නිසා ...සමහරවිට අර ඒප්‍රන් එක අදින ඇටන්ඩන් නෝනා කෙනෙක්ට කිව්වනම් පරිස්සමට ප්ලාස්ටරය කපාවි..(ස)
හෙද සංගමේ මොකද කියන්නේ දැන් ????? (ස)
මේ නයිටිංගේල් ප්‍රතිඥාවක්ද? හොද හෙදියන්ටත් අවනම්බුවක්.. දරුවටත් දෙමව්පියන්ටත් මුළු ජීවිතේම දුක්වෙන්න සිදුවෙනවා නේද මේකෙන්...!(නු)
මේක හිතා මතා කරපු දෙයක් නෙවෙයි කියලා හිතෙන්නෙ.. ඒත් මේක ලොකු වරදක්.. මේ වගේ පොඩි පැටව් ඉන්න තැන්වලට දාන්නෙ ගොඩක්ම හොද හෙදියන් කියලයි මම අහලා තියෙන්නෙ.. අද ලංකාවෙ බොහෝ හෙදියන් කරුණාවන්ත නැහැ.. කොහොම උනත් මේ උන දෙයට වන්දියක් ලබා දිය යුතුයි.. මොකද මේ දරුවට ඇගිල්ල නැතිව සමහර වැඩ කරගන්න අපහසු වෙයි.. මේ වගේ දේවල් උනහම වෙන රටවල් වල රජයේ ඒ දරුවන්ට ගානක් ගෙවනවා..!!(නු)
පොඩි දරුවත් පව් නර්සුත් පව් ,මොකද ඒ වෙලාවේ කරන්ට් එක යන්න ඇති...(ස)
අනේ මෙහෙමත් නර්ස්ලා .පුංචිදේටත් වර්ජන .මේකට මොනවද කියන්නේ දන්නේ නෑ..?
හෙදියගෙත් ඒ ඇගිල්ල කපන්න ඕන...(ස)
හොඳ කරනකම් හොඳයි..වැරදුන දාට ඔහොම තමයි..(ස)
මගේ දරුවට එහෙම උනානම් මම කපනවා එයාගේ අත...(ස)
ලක්ෂ 50 ක් නර්ස්ගෙනුයි . තව ලක්ෂ 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් ළමයගේ අනාගතේ වෙනුවෙන් ළමයගේ ගිණුමේ තැන්පත්කර යුතුයි..නොසැලකිල්ල තමයි මූලික හේතුව.අහක බලන් කපන්න ඇති...(ස)
ලංකාවේ දරුවන්ට අපල කාලයක් ද කොහෙද ? කිරිකැටියා ඉක්මනින් සුව වේවා !!(ස)
මේ හෙදියන්ට පුළුවං උද්ඝෝෂණ කරන්නයි පඩි වැඩිකරගන්නයි තමයි.. කව්ද කිව්වේ මේ කට්ටියට රෝහල්වල වැඩ කරන්න පුළුවං කියලා.. සමහර ඇටන්ඩන්ට්ලා හොදයි මෙයාලට වැඩිය.. නයිටිංගේල්ටත් ලැජ්ජා කරනවා..!!(නු)
දැං නයිටිංගේල්ලට වඩා ඉන්නේ මනි මේකිං ගර්ල්ස්ලා.. (නු)
මෙහෙම නයිටිංගේල්ලා තමයි දැං ඉන්නෙ.. මේ කට්ටියට ඕන පඩිය වැඩිකරගන්නයි.. දීමනා වැඩි කරගන්නයි අතිකාල කරන්නයි විතරයි.. මෙයාගේ රාජකාරි තහනම් කර දරුවාට වන්දියක් ලබා දෙන්න..!!(නු)
මෙහෙමත් රටක්
ඔය හෙදියගේ ඇගිල්ලත් කපන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි
අද ඇගිල්ල හෙට...........
දෙයියනේ පොඩි දරුවා (දී)
මෙයා නස් කෙනෙක්ද? (දී)
මෙයාලට ඉතින් වෙන වෙන වැඩ තියනවනේ...රාජකාරියට අමතරව ..... (දී)
ඇඟ හිරිවටෙනවා
මෙන්න හෙදියෝ
පින් සිද්ධවෙයි දන්න දෙයක් කතාකරනවද ??(ස)
අත්වැරදීමක් උනත් ඒ පොඩි ළමයෙක්
මේ කිසිම දෙයක් නොතේරෙන කිරි කැටියාට සිදුවූ දේ ගැන හරිම කණගාටුයි..!!(නු)
ඔය නර්ස්ගේ ඇගිල්ලක් කපන්න දෙනවනම් මම කපනවා...(ස)
මොකුත් කියන්න බයයි, මොකද හෙට සිට අයෙත් වර්ජනය කරලා අසරණ ජනතාව අපහසුතාවයට පත් කරයි.මේක හෙදියගෙන් වුණ වැරදීමක්,මොකද මෙයාලට හරියට හිතට නිදහසක් නෑ,එයාලගේ යුනිෆෝම් එකේ ගැටළුවක් තියනවනේ එක ගැන තමයි නිතරම හිතන්නේ,බබාගේ ඇගිල්ල වගේද ඒක?.සමාවෙන්න මෙහම කියනවට.බබාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා.(ස)
දන්නේ නැතුව වැරදි බෙහෙත් දීලා කීදෙනෙක්නම් මැරිලා ඇද්ද ???(ස)
මේවාට රෝහල වග කියන්න ඕනේ
මේවාට අරාබි නීතිය අවශ්‍යයි (නි)
සමහර වැරදි වලට සමාවක් තියනවා ඇති .මේ වගේ වැරදි වලට සමාවෙන් ඇති වැඩක් නෑ...දරුවට වුණ අපරාධයට දඩුවමක් දෙන්න..වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා !(ස)
බබා දැන් ඔයා වටේ ඉන්න තව බබාල ටිකකුත් එකතුකරන් උද්ඝෝෂණය කරන්න..ඒ හෙදියට ගෙදර යන්න කියන්න..වන්දි ඉල්ලන්න බබෝ...(ස)
මෙය නොසෙලකිල්ලක්,අත්වැරදීමක් විය හැකි, , මෙම හෙදිය මෙය හිතා මතා කල දෙයක් නොවෙයි , අප කා අතිනුත් අපගේ රාජකාරීන් අතරතුර අත්වැරදීම වියහැක , නමුත් අප කරන කර්යයට අප වගකියුතුවේ , නමුත් මෙම සිද්දිය නිසා දරුවා සහ හෙදිය යන දෙදෙනාම අන්ත අසරණ තත්වයට පත්ව ඇත, මෙම දෙදෙනා කගේ හෝ අසරණ දරුවන්ය, එම අවසානවන්ත අනතුරට පත් වූ දරාවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි, එම සැත්කම සාර්ථක වෙවායි කියා දෙවියන් යදිමි, (ස)
ඕපදූප කතාකර කර විහිළු කර කර වැඩ කරාම ඔහොම වෙනවා....(ස)
නයනප්‍රියගේ කතාව ඇත්ත.. එත් පුහුණු නිලධාරිනියක් විදිහට ඇගිල්ල කැපෙනකම්ම එයාට තේරුණේ නැද්ද? හැම කිරිකැටියෙකුගෙම ජීවිතයක් වටිනවා..!!(නු)
සෑම දේටම වර්ජනය කරණ හෙදියන් මේවට මොනවද කියන්නෙ..(නු)
ප්ලාස්ටරයෙයි ඇගිල්ලෙයි වෙනස දන්නෙ නැති නර්ස්ලා? (නි)
කෝ නැද්ද වැඩ වර්ජනයක්? (නි)
හෙද සේවයේ අවසානයද? රටේ අවසානයද? (නි)
අන්තිමට දොස්තරලාගේම පිහිට තමයි. (නි)
පව් දෙයියනේ අහිංසක පොඩි දරුවා...(ස)
කෝ නැද්ද ඔය එක එක සංගම් වල උද්ඝෝෂණ, විරෝධතා එහෙම? (නි)
බෙල්ලේ ප්ලාස්ටරයක් තිබුණා නම් බෙල්ලත් කපාවිනේ. (නි)
හෙදියගේ වැඩ තහනම් කළ යුතුයි. (නි)
වර්ජන, උද්ඝෝෂණ කොපමණ කළත් හෙදියගේ වැඩ තහනම් කළ යුතුයි. (නි)
රට ආශ්චර්යයට නෙමෙයි අගාධයකට නම් යනවා (නි)
නර්ස් නෝනා හිටියේ බීලද? (නි)
දඩුවම් දෙන්න එපා. හෙට සිට වර්ජනය කරන්න..(ස)
දැං කවුද මේකට උද්ඡඝා්ෂණය කරන්නෙ.. (නු)
මීට වඩා සැළකිලිමත් විය යුතුයි.. පුංචි ළමයින්ගේ වැඩ කරන විට..!(නු)
අනේ මන්ද.කවුරුන් හෝ අත්වැරැද්කින් හරි ඔය දොස්තර මහත්තුරු,හෙදියන්,සාත්තු සේවකයින්ගේ ඇගේ හැපුනත් වැඩ වර්ජනය කරන කාලේ මෙවැනි බරපතල වැරැද්දකට වුවද ඒ අයට දඩුවම් කරීම හරිම භයානකයි.(නු)
වැරදීමකින් උවද දඩුවම් දිය යුතුයි.. නැවත මෙවැනි දේවල් නොකිරීමට මතක් වීම සදහා..!!(නු)
වෘතිය සමිති විරෝධතාවයක් පවත්වන්නෙ නැද්ද? මෙහෙම වැරදීම් වෙන්න බැහැ.. දඩුවම් දිය යුතුයි.. !!(නු)
මේ වගේ සිද්දි වලදී හෙදියගේ නම සදහන් කිරීම වඩා සුදුසුයි !!(නු)
අනේ අම්මෝ පව් පොඩිඑකා. (ස)
නොසැලකිල්ල වුනත් වැරදීමක් වෙන්න ඇති. කෙසේ වෙත් පව් ඒ දරුවන්. බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වේවා. !!!!!!!!(ස)
අනේ පවු දරුවා. මේවට ස්ට්‍රයික් කරන්නේ නැත්තේ ඇයි. වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගතයුතුයි. (ස)
රෝහල්වල ඉන්න සමහර නර්ස්ලගේ වැඩ දිහා බැලුවහම බෙල්ල කැපුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මේ සත්ගුණවත් ක්‍රියාව නිසා දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉක්මනටම දෙගුණයකින් විතර පඩි වැඩිකරන එකයි! (නි)
හොද ගුණයහපත් කාරුණික අය ගොඩක් ඉන්නවා.. ඒත් සමහර අය සාත්තු සේවයට නිගාවෙන වැඩ කරනවා.. ඔවුන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි..!(නු)
මේ දේ සිදදවූන දෙවැනි වර මේ.. කලින් වර මෙහෙම ඇගිල්ල කැපුනම් වෛද්‍යවරයා කිවේ ඒ ඇගිල්ලෙන් වැඩක් නැහැ කියා මෙයට ඉහලම දඩුවම් දෙන්න ඕනේ ....(නු)
මෙයා කොහෙන්ද දන්නේ නැහැ හෙදකම ඉගෙන ගත්තේ? (නි)
මීට කලිනුත් මෙවැනිම සිද්ධියක් වුණා නේද? (නි)
රිජ්වේ රොහලේදි දරුවෙකුගෙ ඇගිල්ලක් කපපු හෙදියට තාම දඩුවමක් ලැබුණෙ නැහැ නේද? (නු)
ප්ලාස්ටරෙයි, ඇගිල්ලෙයි වෙනස දන්නේ නැද්ද? (නි)
නොසැළිකිලිමත්කමට දඬුවමක් වශයෙන් අවුරුද්දකටවත් වැඩ තහනම් කරන්න ඕනෑ. (නි)
සමහර දොස්තරමහතුරුන් වගේම හෙදියනුත් හිතට අරගෙන ඉන්නවා හරියට.. නොසැළකිලිමත් කමට දියහැකි උපරිම දඩුවම ලබා දුන්නම ඕව හරියනවා.. (නු)
අනේ මෙහෙමත් මිනිස්සුු මේ රටේ ඉන්නවානේ.. මේලෝකේ ඕනෑම මනුස්සයෙක් අතින් වරදක් වෙන්න පුළුවං.. ඒකයි මනුස්සයෙක් කියන්නෙ.. ඉතිං මේ හෙදිය අතින් වරදක් වෙන්න ඇති.. පොඩි ළමයා පව්..ඒත් එහෙම තමයි හැම දෙයක්ම ඉතිං..!!(නු)
මේ හෙදියෝ හරියට පුහුණු වී නැද්ද? (නි)
මෙහෙමත් අපරාධ. ඔය නර්ස් ගෙනෙක්ගෙ ඇගේ හැපුනත් ස්ට්‍රයික් කරන ජාතියෙ අයනෙ හැබැයි ඒ ගොල්ලන්ගෙ රාජකාරිය කිරීම ඔහොමයි. දෙවියොවත් දඩුවම් දෙන්න ඔනැ.(ස)
මේ වගේ අපරාධයක් කළේ, මෙයාගේ ඇස් පෙනීම දුර්වල නිසාද දන්නේ නැහැ. (නි)
ඒ දරුවා වැරදි තැනක ඇගිල්ල තියාගෙන හිටියා කියලා වහාම හෙදියන් වැඩ වර්ජනයක් දියත් කළ යුතුයි. (නි)
මීට පෙරත් මේ වගේ සිද්ධියක් වුණා (නි)
දොස්තරලාට, හෙදියන්ට කිසි කෙනෙකුට ගාණක් නැහැනේ. (නි)
දැන් ඉතිං වෙන මොනවා කරන්නද? වන්දියක්වත් ඉල්ලන්න පොඩි දරුවාගේ අනාගතය වෙනුවෙන්. (නි)
සෞඛ්‍ය සේවයට කැළලක්. (නි)
ඔය නෝනලාගෙන් මට වුණූ අසාධාරණය ගැන ලියන්න පිටුවක් මදි. පවු අසරණයා. (නි)
හරිනම් හෙදියගේ ඡායාරූපයකුත් පළ කරන්න ඕනෑ, මුලු රටටම බලාගන්න. දරුවාට ඉක්මන් සුව ලැබේවා! (නි)
පාලනය හොද වුණහම තමයි සේවකයොත් හොද වෙන්නේ (නි)
උපත සිට මරණය දක්වා ඔය ස්ථානවල කොච්චර වැරදි වෙනවද? අන්තිමට ඒවා හැම එකක්ම අත්වැරදීම් වෙනවා. (නි)