”කොරෙක්ස්” නාමය යටතේ කැස්ස සඳහා වන සියලූ සිරප් වර්ග තහනම් කිරීමට රජය තීරණය කරයි. මත්වීම සඳහා තරුණ පිරිස මෙම සිරප් ඉවක් බවක් නැතිව පාවිච්චි කරතියි පැමිණිලි ලැබී තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තහනම් කරන්න මීට වඩා කොච්චර දේවල් තියෙනවද ? සියලුම මත්ද්‍රව්‍යත් නවත්තන්න පුළුවන් අපේ නායකයින්ට (ස)
කැස්සට බෙහෙත් තැබෑරුමේ තියෙනවද? (නි)
ගොඩාක් හොද තීරණයක්. මේ තීරණය ගන්න තිබුණේ මීට ගොඩාක් ඉහතදී. මොහොමඩ් ගේ අදහසට මමත් එකගයි. (නි)
කොච්චර තහනම් කළත් වැඩක් නැහැ.අපේ ළමයි හරි දක්ෂයි ආදේශක හොයා ගන්න. අනික ෆාමසි කාරයෝ අනිවාර්යයෙන් හොරෙන් ඕක විකුණනවා. (නි)
අපේ රටේ තියෙන්නෙ බොරු සෝබන නීති. තරුණ කාලයක් පසු නොකරපු අය තමයි තරුණයන් වෙනුවෙන් නීති හදන්නෙ. තරුණ කාලෙදි තමයි නොයකුත් අත්හදා බැලීම් කරන්නෙ. ඒක අද හුඟක් දුරට අවහිර කරලා. සිගරට් එකක් බොන්න අද තැනක් නැහැ. වහපු ස්ථාන වල බොන්න හොඳ නැහැ තමයි,නමුත් විවෘත තැනක බිවුවට මහා විනාශයක් වෙන්නෙ නැහැ. එහෙම නම් වාහන දුමෙන් කොයි තරම් විනාශයක් වෙනවද. අරක්කු ටිකක් බොන්න හොඳ නැත්නම් බියර් ටිකක්වත් බොන්න ඉඩ තියනවද. ඒකත් හැමදාම ගනන් යවනවා. මේවා සාමාන්‍ය දේවල්. ඔය වයසට හැම එකක්ම එපා කිවුවම වෙනත් අතුරු ක්‍රියා මර්ග වලට ඉබේම පෙළඹෙනවා. තරුණ වයස නීති වලින් බැඳ දාන්න බැහැ. (නි)
සිල්වලා බයවෙන්න උවමනා නැහැ තහනම් නොකල කොපමණ දේවල් තියෙනවාද?(නු)
අපේ මල්ලිලා ටික හෙට අනිද්දට ඕකට වෙන ආදේශකයක් හොයාගනීවි ඉක්මණටම. (නි)
ළිඳේ පැනලා මැරෙනවාත් වැඩියි. ළිං ටික වහන්නත් නීතියක් ගේමුද? .(ස)
යොහාන්: කැස්සට - කොස්ඇට වාතෙට - වම්බොටු උණට - කුරුම්බා මතකනේ අපේ සීයලගේ බෙහෙත් (ස)
ඉඳලා ඉඳලා මෙලේ ඇති වැඩක් කරා .ඔහොම යන් (ස)
අයියෝ අපරාදේ! (නි)
මිනිස්සු ලෙඩවෙලා මැරෙනවාට බයනම් දුම්වැටි සහ මත්පැන් තහනම් කරන්න ඕනෑ. කොරෙක්ස් නිසා සිදුවුණු රිය අනතුරු, අඬදබර, ගහමරාගැනීම්, සිරෝසිස්, පිළිකා ගැන අපි අහලා නැහැ. මේ පිළිතුර ප්‍රභාත් මහතා නැගු පැනයටයි. කොරෙක්ස් වල මත් වෙන්නේ ද්‍රාවකයේ තියෙන ඇල්කොහොල් වලට නොව එහි අඩංගු කොඩීන් නිසයි. එය පිළිගත් ඖෂධයක්. 'කොරෙක්ස් ඩී' වලදී නම් එහි ඩෙක්සාමෙතෝෆෑම් අඩංගුයි. මේ දෙකම කැස්ස වැළකීමෙහි ලා පිළිගත් ඖෂධ. මේ තීරණය ඉස්සර කනේරු ගස් කැපීමට ගත් බුද්ධිමත් තීරණයට හපන්. (නි)
ඖෂධ වෙළඳාම නියාමනය කරන්න ගිහින් ලෙඩ දාගන්නවාට වඩා හොදයි බෙහෙත් විකුණන එක තහනම් කරන එක. ඉස්සරහට හෙයා ජෙල් කාල මැරෙන අය ඉදියි. එත් කොරෙක්ස් බීල මැරෙන ය නැතිවෙයි නේ. මහදැන මුත්තත් මෙහෙමම වැඩක් කරාලුනේ අර එළුවෙක් මුට්ටියක් ඇතුලේ ඔලුව හිර කරගත්තම. (ස)
ඇත්තටම ලෙඩේක්ට වත් දැන් බෙහෙත් නැහැ ද (දී)
මීට වඩා මොනතරම් දේවල් තියෙනවද නවත්වන්න .(ස)
එළුවන් මුට්ටිවල ඔලු හිරකරගන්න නිසා මුට්ටි පාවිච්චිය තහනම් කලයුතුයි .(ස)
මේ දේ හොඳයි... කොරෙක්ස් ඩී බීලා මැරෙන නිසා ඒක තහනම් කළා.. හෙරොයින් නැතිනම් කුඩු, ගංජා, අරක්කු, සිගරට්, බීලා කොච්චර ජීවිත නැති වෙනවාද? ඇයි ඒවා ගෙන්වන එක තහනම් කරන්න බැරි... ආණ්ඩුව කුඩු නැවැත්තුවනාම් කොච්චර හොදද? කොරෙක්ස් ඩී වගේම මත්ද්‍රව්‍ය ලංකාවට ගෙන්වන එක නවත්වන්නන. එතකොට මතින් තොර ලංකාවක් හදන්න පුළුවන්..ජනාධිපතිතුමනි, ඔබට පුළුවන්නම් කුඩු ගෙන්වන අය, කුඩු නවත්තවන්න (ස)
අරාබි රටවල වැඩකරන බොහෝ දෙනා මහත්වෙන්න ඕවා බොනවා (ස)
ඒක නම් හොදයි
මහදැනමුත්තා තාමත් ඉන්නවද ?මේ වගේ නීති ගේන්නේ (ස)
මිළ වැඩකරලා බාර් එක විකුනන්න තියෙන්නේ.(නදී)
මේකනම් මහ කැත වැඩක් ....! (ස)
ආයුර්වේදයේ තියෙනවා අරිශ්ටයක්. ගත්තට පස්සේ බඹරා වගේ තමයි.අනේ, ඒකනම් නවත්වන්න එපා. (නි)
බොහොම හොදයි.. අපේ තරුණ ළමයි ඕක බොන්නෙ ඉවක් බවක් නැතිව.. ෆාමසියෙ අයත් විකුණනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සල්ලි නිසා.. එයාලටත් දඩ ගහන්න තියෙන්නේ..!(නු)
එහනම් කැස්සට මොනවද බොන්නේ ???ඒ කියන්නේ මිට පස්සේ කැස්සට කියල බෙහෙතක් නැ..කියන එකද ???(නු)
මේක තහනම් කරන්න තිබුනෙ මීට හුගක් ඉස්සරලා.. මොකද කොරෙක්ස් සිරප් එක බිව්ව ගොඩක් පාසල් ළමයි මේක ඇබ්බැහිවෙලා හිටියා කියලා ආරංචි උනා. හුගක් වෙලාවට බලධරීන් බොහොම හෙමින් තමයි තීරණ ගන්නේ.. මේක රටක දියුණුවට හොද නැහැ..!(නු)
මත්පැන්වලට වඩා රසායන ගොඩක් කොරෙක්ස්වල තියෙනවා... අධික මාත්‍රාවක් ගන්න එක භයානකයි.. පසුගිය දින වල කී දෙනෙක් මැරුණද? මත්පැන්වල හොදක් කියනවා නෙමෙයි..!(නු)
කැස්සට කොරෙක්ස් අවශ්‍ය නැහැ.. පස් පංගුව ටිකක් බොන්න..!(නු)
ෆාමසි අයිතිකරුවන් මත්ද්‍රව්‍ය සහිත බෙහෙත් විකුණනවා.. රජය මේ අයට දඩුවම් කළ යුතුයි..! (නු)
කැස්සට මීට පසු බොන්නේ මොනවාද?(නු)
මේක කැස්සට තයෙන බෙහෙතක් නේ.හැබැයි වැඩයෙන් බිව්වොත් මත්වෙනවා.(නු)
මේක ඖෂධයක්. ඉතිං ඇයි ලංකාවට බැරි ඇල්කොහොල් රහිත කොරෙක්ස් පැණි ආනයනය කරන්න? (නි)
මේ මෝඩ අදහස් දමන කට්ටිය මොහොමඩ් කිවුවා වගේ පස්පංගුවවත් බොන්න. (නි)
හයියෝ හයියෝ.. මොන මෝඩ වැඩක්ද කැස්සට පාවිච්චි කරන බෙහෙත් එක තහනම් කරනවට වඩා හොදයි තැබෑරුම් ඔක්කොම වහන එක... හරියට ඔලුවෙ කැක්කුමට කොට්ටය මාරු කළා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ..!(නු)
ෆිරෝ, ඔලුවේ කැක්කුමට කොට්ටය මාරු කළාට වැඩක් වෙන්නේ නැහැ. බොන්න ඕනෑ නම් බාර් එකෙන් අරන් බොනවා මිසක් ඒකට කොරෙක්ස් බීලා හරියන්නේ නැහැ. (නි)
මේක බොහොම හොද පියවරක්. ඖෂධ අධිකාරියට අපේ ස්තූතිය! (නි)
එකොට කැස්ස හැදුණහම බොන්නේ අරක්කුද? (නි)
කල්ගිහින් හරි ගත්ත තීරණය හොදයි. කැස්සට තව ඕනෑතරම් බෙහෙත් තියෙන්නේ. (නි)
එතකොට ඕක අනුමත කළ අය ඇස් පියාගෙනද අනුමත කරලා තියෙන්නේ? (නි)
කුඩු තහනම් නොකර සිරප් විතරක් තහනම් කරපු එක හොඳයි. (නි)
මත්වෙනවා නම් තහනම් කළයුතුයි. ඒක හොද දෙයක්. (නි)
එහෙනම් ෆාමසි වහන්න කියමුද? (නි)
එතකොට අරක්කු නිෂ්පාදනයත් නවත්වනවද? (නි)
සියලුම බෙහෙත් තහනම් කළා නම් බෙහෙත් වලට යන වියදම ඉතුරුයි. (නි)